ඔන්න එහෙනම් මේ පාර උපසිරැසි අරන් ආවෙ අලුතෙන්ම ආපු ඇනිමේශන් සීරිස් එකකට. ඇත්තටම ඇනිමේශන් සීරිස් එකකට සබ් කරන්න ආසාවක් තිබ්බා. හිතන් හිටියේ ඇනිම් එකක් ගේන්න, ඒත් නිකන් ටොප් රේටඩ් ඇනිමේශන් සීරිස් එකක් හොයද්දි දැක්කා ආකේන් කියල සීරිස් එකක් බලද්දි IMDb රේට් එක 9.4ක්. එහෙම වෙලත් සීරිස් එක ගැන වැඩි කතා බහ…

ඔන්න එහෙනම් මේ පාර උපසිරැසි අරන් ආවෙ අලුතෙන්ම ආපු ඇනිමේශන් සීරිස් එකකට. ඇත්තටම ඇනිමේශන් සීරිස් එකකට සබ් කරන්න ආසාවක් තිබ්බා. හිතන් හිටියේ ඇනිම් එකක් ගේන්න, ඒත් නිකන් ටොප් රේටඩ් ඇනිමේශන් සීරිස් එකක් හොයද්දි දැක්කා ආකේන් කියල සීරිස් එකක් බලද්දි IMDb රේට් එක 9.4ක්. එහෙම වෙලත් සීරිස් එක ගැන වැඩි කතා බහක් නැත්තෙ මොකද කියල බලද්දී දැක්කෙ තාම එපිසෝඩ් තුනයි ඇවිත් තියෙන්නේ සහ ඒක එන්නේ දවස් තුනකට, පලවෙනි කොටස් තුන ආවේ නොවැම්බර් 7 වෙනිදා, තව කොටස් 3ක් ආව නොවැම්බර් 13 වෙනිදා, වගේම අන්තිම කොටස් තුන ආවා නොවැම්බර් 20 වෙනිදා. ඉතින් දැං පලවෙනි සීසන් එක සම්පූර්ණ වෙලා තියෙන්නෙ, ඒ විතරක් නෙවේ එන්න එන්න කට්ටිය අතර කතා බහට ලක්වෙමින් තියෙනවා, ඒවගේම විශේශම දේ තමා මේක බලපු කවුරුත් මේකෙ නරකක් අඩුවක් දකින්නෑ, මොකද මේක හැම අතින්ම පරිපූර්ණ ඇනිමේශන් සීරිස් එකක් නිසා.
ඒ ගැන තවත් කියනවා නම්, IMDb දර්ශකේ මේ වෙනනොට 77,000+ මනාප සංඛ්‍යාවකින් 9.3ක ඉතාම ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ මේ සීරිස් එකේ පලවෙනි එපිසෝඩ් එකට හැර අනික් හැම එපිසෝඩ් එකක්ම 9+ රේටින් තියෙයි. ඒ වගේම පලවෙනි එපිසෝඩ් එකට, ඒ කියන්නේ මේ එපිසෝඩ් එකට 8.9 අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේ සීරිස් එකේ තරම. ඊට අමතරව Rotten Tomatoes අගය 100%ක් ගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් තව මොන කතාද නේ?
ඉතින් මේ සීරිස් එක මෙච්චර ඇගයීමකට ලක් වෙලා තියෙන්නේ, මේකෙ තියෙන ඇක්ශන්, සංගීතය, ඇනිමේශන් ත්‍රිමාන ගතිය වෙනමම මට්ටමක තියෙන තිසා. හරිම සජීවී බවක් තියෙනවා. ඒ විතරක් නෙවේ මේකෙ මෙයාල කතා කරන ආකාරය පවා වෙනස් වගේම ලස්සන ශෛලියකට කතා කරනවා. ඊටත් අමතරව මේකෙ තියෙන කතා තේමාවත් මේ සීරිස් එකේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් කතාව ගැන පැහැදිලි කිරීම් ටිකක් මං මේ ලිපියෙදි කියන්නම්, මොකද නැත්තම් ඔයාලට සමහර ඒව තේරෙන්නැති වෙයි. ඉතින් මං කතාව ස්පොයිල් නොකර කියන්නම් මොකද මේක බලද්දි මේ ටික වැදගත් නිසා.
මේ කතාව යන්නේ නගර දෙකක් වටා, එකක් පිල්ටෝවර් නොහොත් ටොප්සයිඩ් එක, අනික අන්ඩර්සිටි එක. ඉතින් අන්ඩර්සිටි එක ගැන කිව්වොත් ඒක තියෙන්නේ පොළව යට. ප්‍රධාන ටවුන් එක ලේන්ස්. අන්ඩර්සිටි එකේ පාලනය ගිනියන්නේ වැන්ඩර් කියල සාමකාමී පොරක්. ඒත් මිනිහා ඉස්සර නම් එහෙම නෑ, ටොප්සයිඩ් එක එක්ක යුද්ධ කරල බැට කාපු කෙනෙක්. ඉතින් යුද්ධය ගැන අද්දැකීම් තියේ. ඉතින් අන්ඩර්සිටි එකේ ඉන්නෙ දුප්පත්, පීඩිත ජනතාව. ඒ අන්ඩර්සිටි එකේ වාතය ඝනයි මිනිස්සු දුක් විදිනවා. ඒත් වැන්ඩර් ටොප්සයිඩ් එක එක්ක සාමකාමීව ඉන්නෙ මොකද යුද්ධ කළොත් ඊට වඩා කරදරේක මිනිස්සු වැටෙන නිසා. ඒත් හැමෝම එහෙම ටොප්සයිඩ් එකට විරුද්ධව කටපියන් ඉන්න කැමති වුන්නෑ. එහෙම කෙනෙක් තමා සිල්කො කියන්නේ. සිල්කො ෂිමර් කියල රසායනික ද්‍රව්‍යක් හදනවා. ඒකෙනු මිනිස්සුන්ට නොහිතන විදිහේ ශක්තියක් ලැබෙනවා. ඉතින් සිල්කො හදන්නෙ ඒක පාවිච්චි කරලා ටොප්සයිඩ් එකට විරුද්ධව සටන් කරල අන්ඩර්සිටි එක නිදහස් තැනක් කරන්න. හැබැයි ඒ යුද්ධ කරලා.
ඉතින් ඒ යුද්ධය කොහොම වෙයිද, වැන්ඩර් ඒකට මොනව කරයිද, මේ කතාව කොතනින් කෙල වර වෙයිද කියල දැන ගන්න මුලු සීරිස් එකම බලන්න වෙනවා. ඉතින් ටොප්සයිඩ් එකේ මූලික තොරතුරු ගැන දෙවෙනි එපිසෝඩ් එකේ ලිපියෙදි කියන්නම්. මොකද ඒකෙ ඉදන් තමා එයාලගෙ තාක්ෂණය ගැන කතා කරන්න ගන්නෙ
අන්තිම වශයෙන්, මාව විශ්වාස කරලා මට මේ සීරිස් එක කරන්න බාර දුන්න හසන්ත අයියටයි, චාමර සම්පත් අයියටයි ස්තූති කරනවා. ඉතින් මේක බාරගත්තේ සීසන් කීයක් ආවත් අත්තරින්නේ නැතිව සබ් කරනවා කියන පොරොන්දුව පිට. ඉතින් ඒක කඩ නොකර දිගටම සබ් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,738 downloadsDownload Arcane-S01-E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Arcane
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Hailee Steinfeld
- #Harry Lloyd
- #Jason Spisak
- #JB Blanc
- #Kevin Alejandro
- #League of Legends
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Toks Olagundoye
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
19 comments
Supun Kaushalya
Sameera Chandrasekara
මේක base වෙලා තියෙන්නේ league of legends game එක උඩ
Bimsara Yashan(ඔලිව)
ඔව්. ඒක ලිපියෙදි මතක් කරන්න බැරි වුනා. ස්තූතියි ඔයාගෙ මතක් කිරීමට සහෝ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Pahasara
Supiri... ThankZ
Anonymous
sda
Anonymous
good job
Sahan Prabhasara
පහරක්
Ktboy
Never have i ever series ekata sub dennako
lol ghana un ko
lol ghana un ko
gihan
lol ghana un ko
Sudesh Bandara
මේ ඉන්නෙ
Udara Damith
rlaaaa
udan
parakkui habai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ.
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Advertisement


තෑන්ක්ස් සබ් එකට සහෝ