Watch Trailer

Heeramandi: The Diamond Bazaar [S01 : E05] Sinhala Subtitles | “තාජ්ධාර්: ආදරවන්තයාගේ උභතෝකෝටිකය” [සිංහල උපසිරැසි සමඟ]

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, මේ අරගෙන ආවේ හීරාමණ්ඩි කතාමාලාවේ පස්වැනි කතාංගයයි. ෆරීදන් දීපු ව්‍යාජ පෙම්හසුනට රැවටිලා මල්ලිකාජාන්ගේ රාජමහලෙන් පැනලා ආපු ආලම්ෂේබ්ට මොකද වෙන්නේ? වහීදාජාන් ෆරීදන් එක්ක එකතු වෙලා, මල්ලිකාජාන්ගෙන් පළිය ගනීවිද? අද කොටසින් බලමු. අද…

Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesHeeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, මේ අරගෙන ආවේ හීරාමණ්ඩි කතාමාලාවේ පස්වැනි කතාංගයයි. ෆරීදන් දීපු ව්‍යාජ පෙම්හසුනට රැවටිලා මල්ලිකාජාන්ගේ රාජමහලෙන් පැනලා ආපු ආලම්ෂේබ්ට මොකද වෙන්නේ? වහීදාජාන් ෆරීදන් එක්ක එකතු වෙලා, මල්ලිකාජාන්ගෙන් පළිය ගනීවිද? අද කොටසින් බලමු.

අද පළ වන කතාංගය ගැන:

 

පස්වැනි කොටස – “Tajdar: The Lover’s Dilemma” –  “තාජ්ධාර්: ආදරවන්තයාගේ උභතෝකෝටිකය”

අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි

මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 මැයි 01

IMDb Ratings –  7.0/10

Heeramandi: The Diamond Bazaar

අද කොටසේ කතාවේ මොකද වෙන්නේ? හීරාමණ්ඩියෙන් පැනලා ආපු ආලම්ට තාජ්ධාර්ව ඔහුගේ නිවසේදී හමුවෙනවා. හැබැයි එහෙම එන්න ලැබුණු ඇරයුම තාජ්ධාර්ගෙන් ලැබුණු එකක් නෙවෙයි කියල තාජ්ධාර් කියනවා. මෙතැනදී තමයි ආලම් දැනගන්නේ ෆරීදන් තමන්ට බොරු ලියුමක් දීලා ආලම්ෂේබ්ව රාජමහලෙන් පලා යන්නට සැලසුව බව.  ටජ්දාර් ඇගේ තරාතිරම දැනගෙන, තමන්ව රැවටීමට ලක්වුණා කියල හිත්වේදනාවක් ඇතිවෙලා ඇයව පිළිගැනීම ප්‍රතික්ෂේප කරලා, තමන්ගේ ගෙදරින් ඇයට පිටවෙන ලෙස කියනවා. ඒත් ආලම් කියන්නේ තාජ්ගේ ආදරය. පස්සේ ඔහු තමන්ගේ ක්‍රියාව ගැන පසුතැවිලි වෙලා ඇයව රැගෙන යමින් මිතුරෙකුගේ සහෝදරියක් කියල තම පවුලට හඳුන්වා දෙනවා.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

ආලම්ෂේබ්ගේ පලායාමෙන් මල්ලිකාජාන් දැඩි කම්පනයට පත්වෙලා ඉන්න අතරේ, සිහින මැඳුරේ ඉන්න ෆරීදාන් මල්ලිකාට සමච්චල් කරන්න නවාබ්වරුන් සහ ඉංග්‍රීසින් පිරිසක් එක්ක සරාගී සාදයක් පවත්වනවා. බලෝච් නිවහනේදී, ආලම් තාජ්ධාර් එක්ක ඇයගේ සම්බන්ධය නැවත පණගන්වන අතර, තාජ්ගේ ආච්චි වන කුඩ්සියා බේගම්ගේ හිත දිනාගන්නට ආලම්ෂේබ් සමත් වෙනවා. කුඩ්සියා කල්පනා කරන්නේ මේ අපූරු යුවතිය ආලම් තමන්ගේ පවුලට අපූරු ලේලියක් වෙයි කියලා. මේකට හැමදෙයක්ම සැක  කරන තාජ්ධාර්ගේ තාත්තා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?  මේ අතර වහීදා හෙන්ඩර්සන්ව ඇගේ අනුග්‍රාහකයා කර ගැනීමට උත්සාහ කරන්නේ ඔහු එක්ක එංගලන්තයට පැනලා යන්නයි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

ඒත් ඇයගේ කුරුමානම වැරදිලා අන්තිමට ඇය දැනගන්නවා බිබ්බෝජාන් තමන්ට කලින්ම හෙන්ඩර්සන්ව වසඟ කරගෙන බව. හැබැයි ඒ වෙනස්ම අරමුණකින්. කෝපයෙන් වියරු වැටෙන ඇය ෆරීදන් හමුවෙන්නේ මල්ලිකාජන්වත් ඇයගේ දුව බිබ්බෝජාන්වත් විනාශ කරන්න හිතාගෙන. ෆරීදන් එක්ක එකතු වෙන වහීදගේ උත්සාහය සාර්ථක වෙයිද? තාජ්ධාර්ගේ පවුලේ අය ආලම්ගේ අනන්‍යතාවය දැනගනිද? මල්ලිකාජාන්ට ආල්ම්ව හොයාගන්න හැකිවෙයිද? අපූරු සිදුවීම් රැසක් එක්ක දිවෙන කතාවේ අද කොටසත් බලලම මේ දේවල් දැනගන්න එහෙනම්.

Heeramandi: The Diamond Bazaar

මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E05.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [684 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්! 

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,505 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E05-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,505 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට...........

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Dimuthu

    ස්තූතියි සහෝ සබ් එකට.

  4. Gihan

    උපසිරැසියට ස්තුතියි!