Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, මේ අරගෙන ආවේ හීරාමණ්ඩි කතාමාලාවේ හයවැනි කතාංගයයි. පහුගිය කොටසේ අන්තිමට ආලම්ගේ අනන්‍යතාවය තාජ්ධාර් පවුලට හෙළි වීමත් එක්ක ඇතිවන බහින්බස් වීමෙන් පස්සේ තජ්ධාර්ව බලෝච් මන්දිරයෙන් පිටමං කෙරෙනවා, ආලම් එක්කම. මෙතැනින් ඔවුන් දෙන්නා කොහේ…
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, මේ අරගෙන ආවේ හීරාමණ්ඩි කතාමාලාවේ හයවැනි කතාංගයයි. පහුගිය කොටසේ අන්තිමට ආලම්ගේ අනන්‍යතාවය තාජ්ධාර් පවුලට හෙළි වීමත් එක්ක ඇතිවන බහින්බස් වීමෙන් පස්සේ තජ්ධාර්ව බලෝච් මන්දිරයෙන් පිටමං කෙරෙනවා, ආලම් එක්කම. මෙතැනින් ඔවුන් දෙන්නා කොහේ යාවිද? අද කතාවෙන් බලමු.
අද පළ වන කතාංගය ගැන:
හයවැනි කොටස – “Tajdar & Alamzeb: Nation vs. Love” – “තාජ්ධාර් සහ ආලම්ෂේබ්: ජාතියද? ප්‍රේමයද?”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 6.8/10

අද කොටසේ කතාවේ මොකද වෙන්නේ? ගෙදරින් එළියට දාපු තාජ්ධාර් ආලම්ෂේබ් එක්ක එන්නේ, තාජ්ධර්ගේ මියගිය අම්මා තජ්ධාර්ට පවරපු අම්රුද් මන්දිරයටයි. එතැනදී තාජ්ධාර්ගේ ඥාතීන්ගෙන් ආලම්ට ලැබෙන ප්‍රතිචාරය මොකක් වෙයිද? මේ අතර මානසික විඩාව නිවාගන්න සුල්ෆිකාර්ගේ ඇරයුමින් මරේ වෙත යන මල්ලිකාජාන්ට ෆරීදන්ගේ අතීතය ගැන පුදුමාකාර තොරතුරක් දැනගන්න ලැබෙනවා. ඒ මොකක්ද? ඇය ඒක ෆරීදන්ට එරෙහිව යොදාගන්නේ කොහොමද?
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesමේ අතර වහීදා රාජමහලෙන් සොරකම් කළ ලිපිගොනුව ෆරීදන්ට ගෙනත් දෙන්නේ මල්ලිකාජාන්ගේ විනාශය සිදු කරවීමේ අරමුණින්. ෆරීදන් එසැණින්ම කාට්රයිට් වෙත ඒ ලිපිගොනුව දෙන්න සූදානම් වෙනවා. ඒත් ඔහු බැහැරක ගොස් ඇති නිසා දින පහළොවක් බලාසිටින්නට සිදු වන බව ඇය දැනගන්නවා. ෆරීදන්ගේ අභියෝගය මල්ලිකාජාන් කෙළෙස අභියෝගයට ලක් කරයිද? මේ අතර තාජ්ධාර්ගෙන් ආලම්ට විවාහ යෝජනාවක් එනවා. ඇය එයට එකඟ වීමත් සමඟ ඔවුන්ගේ විවාහයට සූදානම් වෙනවා. ඔවුන්ගේ විවාහය කරන්නට හැකිවෙයිද? තාජ්ධාර් ආදරයත් විප්ලවයත් යන දෙලොව අතර දෝලනය වෙනවා. මේ අතර බිබ්බෝජාන් ලබාදෙන ඔත්තුවක් අනුව කැරළි කරුවන් සමඟ ඉංග්‍රීසින්ගේ ආයුධ ගබඩාවක් මංකොල්ල කෑමට යන තාජ්ධාර්ට ඒ අභියෝගය ජයගන්නට හැකි වෙයිද? මේ හැලහැප්පීම් එක්ක ආලම් තාජ්ධාර් ආදර කතාවට කුමක් වෙයිද? අද කතාවෙන් බලලා දැනගන්න.

මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E06.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [702 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,715 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E06-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Abhishek Deswal
- #Aditi Rao Hydari
- #Anuj Sharma
- #Astha Mittal
- #Fardeen Khan
- #Heeramandi: The Diamond Bazaar
- #Heeramandi: The Diamond Bazaar S01
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Sub
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
- #Indresh Malik
- #Jason Shah
- #Jayati Bhatia
- #Manisha Koirala
- #Nivedita Bhargava
- #Richa Chadha
- #Sanjeeda Sheikh
- #Sharmin Segal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonakshi Sinha
- #Subs
- #Taha Shah Badussha
- #TV
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Anonymous
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Dimuthu
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.
Gihan
උපසිරැසියට ස්තුතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Yakshini telugu web series ekatath sub eka ona