කොහොමද ඉතින්; මේ සුපිරි ඇනිමේ කතා මාලාවේ තුන්වෙනි එපියට තමා මේ උපසිරසි අරගෙන ආවේ. තරමක ප්‍රමාදයක් එක්ක තමා මේ එපියත් අරගෙන ආවේ. ඉතින් හේතු දක්වන්න යන්නෙ නෑ මං. වචනය දීලා තියෙනවා වගේ අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. ඉවසීමෙන් සහයෝගය ලබා දෙන හැමදෙනාටම හෘදයාංගම ස්තූතිය! පසුගිය මතකයන් – පුරාවෘතගත දූපතක් ප…

කොහොමද ඉතින්; මේ සුපිරි ඇනිමේ කතා මාලාවේ තුන්වෙනි එපියට තමා මේ උපසිරසි අරගෙන ආවේ. තරමක ප්‍රමාදයක් එක්ක තමා මේ එපියත් අරගෙන ආවේ. ඉතින් හේතු දක්වන්න යන්නෙ නෑ මං. වචනය දීලා තියෙනවා වගේ අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. ඉවසීමෙන් සහයෝගය ලබා දෙන හැමදෙනාටම හෘදයාංගම ස්තූතිය!
පසුගිය මතකයන් –
පුරාවෘතගත දූපතක් පවතිනවා “ෂින්සෙන්කියෝ” යනුවෙන් හඳුන්වන. මේ දූපතෙන් අමරණීයත්වය ලබාදෙන “සෙන්යකූ” ( The Elixir of life ) නම් ඖෂධයක් සොයාගත හැකි බවට විශ්වාසයක් පවතිනවා. ඉතින් මේක සොයාගැනීමේ අරමුණින් ෂෝගුන් පිරික්සුම් කණ්ඩායම් පිටත් කළා. නමුත් එලෙස ගිය කවුරුත් නැවත යහතින් පැමිණියේ නෑ. ඒ අනුව, මීළඟ පිරික්සුම් කණ්ඩායම විදිහට මුළු රට පුරාම සිටින, මරණ දණ්ඩනය නියම වී ඇති අපරාධකරුවන්ව එක්කහු කරනවා. මේ අනුව තමා සගිරි, ගබිමරුව හමුවෙන්න එන්නේ.
දැන් අසයිමොන්වරු මේ විදිහට අපරාධකරුවන්ව එදෝවලට රැගෙන ඇවිල්ලා. අපි දැක්කා මේ අපරාධකරුවන් හා ෂෝගුන්වරයා සම්මුඛ වෙන විදිහ. ඔවුන්ව රැගෙන ආපූ කාර්යය මොකක්ද, මොනවගේ දෙයක් ද ෂෝගුන් අපේක්ෂා කරන්නේ, සහ මේ අභිරහස් දූපත මොනවගේද යන්න මෙතනදි අපරාධකරුවන්ට පැහැදිලි කරනවා. හැබැයි සමහර අපරාධකරුවන් මේකට එතරම් කැමැත්තෙන් නෙමේ හිටියේ. එහෙම කියලා මේ කාටවත් මේකෙන් අහක් වෙන්න බෑ. එහෙම අහක් වුණොත් එතනදිම මරලා දානවා. මතක ඇතිනේ එහෙම අයින්වෙන්න ගිය එකෙක්ට වෙච්ච දේ?
මේ සියලුම අපරාධකරුවන් දරුණු විදිහෙ මිනීමැරුම් හෝ සමාජ ව්‍යාකූලතා ඇති කරපු අය. ඒ නිසා තමා මරණ දණ්ඩනය මොවුන්ට නියම වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන දූපතට ගියත් ඒ දඬුවම එසේම පවතිනවා. ඒ නිසා තමා මේ අපරාධකරුවන්ව අධීක්ෂණය කරන්න ඔවුන් සමඟ යමදා අසයිමොන් ඝාතකයන් පැමිණෙන්නේ. දූපතේදිත් නොහොබිනා වැඩ කළොත්, එවෙලෙම මරණය! ඉතින් කොන්දේසි කිහිපයක් එක්ක තමා මොවුන් මේ ගවේෂණයට එකතු වෙන්නේ. කලින් එපිය බලපු අයට ඒ ගැන මතක ඇතිනේ? කොහොමහරි මේ ගවේෂණයට අපරාධකරුවන් දහ දෙනෙක් තෝරගන්නවා. ඒ ෂෝගුන්ගෙ අණ පරිදි මේ සියල්ලෝටම එක පොදියට ගහ මරාගන්න බල කරලා. ඒ වගේම දැක්කනේ ගබිමරු මොනවගේද මිනීමරන්නෙ කියල. ගරන්නෝ ගබිමරු කියන්නෙ නිකන් නෙමේ. කොහොම උනත් ඔහුගෙ බිරිඳ නිසා, දැන් ඔහු වෙනස් පුද්ගලයෙක් වෙලා. මේ කරන හැම මිනීමැරීමක්ම දැන් ගබිමරුට කලකිරීමක් තමා දෙන්නේ, සහ අපිට සගිරිගෙත් ළමා කාලය මොනවගේද කියලත් දකින්න ලැබුණා. ඉතින් මේ ගහමරා ගැනිල්ලෙන් තෝරාගත් අපරාධකාරයො නම්,
• සොකු-ඕ ( The Bandit King ) ආසා චොබෙයි
• කෙන්රියු ( The Blade Dragon ) නැතිනම් හස්ෂු මුසෝ ( Unparalleled in Eight Provinces ) ලෙස හඳුන්වන තමියා ගන්තෙත්සුසායී
• ෂප්පොන්ගරි ( The Hunter of One Hundred ) ඉගමි නෝ කේයුන් ( Twisted Keiun )
• සංඛා හි නුරුගායී ( Nurugai of the Sanka)
• කොරෝෂි නෙන්බුට්සු ( The Killing Prayer ) හෝරුබෝ
• ගරන්නෝ ගබිමරු ( Gabimaru The Hollow )
• හිතො කුයි ඔයිරන් ( The Cannibal Courtesan ) අකාගීනූ
• කුනොයිචි, කියේෂු හී යුසුරිහා ( Kunoichi, Yuzuriha of Keishu )
• කොරොබි බැතෙරෙන් ( The Apostate ) මොරො මකියා
• බිසෙන් නෝ දයිදරබොච්චි ( The Giant of Bizen) රොකුරෝතා
මෙන්න මේ අපරාධකරුවන් දහදෙනා තමා ගවේෂණයට එකතු වුණේ. ඒ වගේම මේ දහදෙනාට අසයිමොන් ඝාතකයෙක් බැගින් යුගල් කරනවා. ඉතින් මෙන්න මේ පිරිස තමා දැන් මේ අමරණීයත්වය සොයා ගැනීමේ අරමුණින් ෂින්සෙන්කියෝ වෙත යන්නේ. ඉතින් මේ දූවේ මේ පිරිස මොනවගේ අත්දැකීමකට මුහුණ දෙයිද? මොනවගෙ විපත් අත් වෙයිද? මෙතැන් පටන් කතාව ගලාගෙන යන්නෙ කොහොමද කියල මේ කොටසින් බලාගන්න. එහෙනම් හතරවෙනි එපියෙන් හමුවෙමු.
අද කතාංගය – Weakness and Strength
Imdb අගය – 8.6
අධ්‍යක්ෂණය – Kayona Yamada
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 15
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,309 downloadsDownload Jigokuraku-S01E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
podda
Livinda
Sajith ruvindra Premarathna
මේ සතියෙවත් e4 සබ් දෙන්ඩෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E03] Sinhala Subtitles | පාරාදීසෙක වෙස්ගත්, මිහිපිට නිරයක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



supiri supiri