නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් ස…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ 5වෙනි කොටසත් එක්කයි. කලින් කොටස මතක් කරගෙන ඉමු.
වැම්පයර් සංගමයට අලුතින්ම එකතු වුණු සාමාජිකයා වුණේ බාද්ෂාහ්. මතකනේ කලින් කොටසෙදි රෝහලේදි කාර්තික්ට පහර දෙන්න යද්දි ඕරා ඇවිදින් ඒක නැවැත්තුවා. අන්තිමට බාද්ෂාහ් නැවතුනේ පල්ලෙහා ලෝකේ. කට්ටිය දැන් එයාව අඳුනගන්න ගමන්. ඔය අතරේ රෝයිගේ අම්මා තාත්තා දෙන්නා මිනිහට මංගල්‍ය හොයනවා තාමත්. බැරිම තැන රෝයි කිව්වා එයාට කෙනෙක් ඉන්නවයි කියලා. ඊට පස්සේ අම්මලාගේ පෙරැත්තය වුණේ ඒ කෙල්ලව තමන්ට අඳුන්වල දෙන්න කියලයි. සීසීටීවී දර්ශන අනූව කාර්තික් යනවා ලූනාව මුණගැහෙන්න. එතැනදී කාර්තික්ගේ තාත්තට සම්බන්ධ අතීත වැම්පයර් කතාවත් ඔයාලා දැනගන්න ඇති. පල්ලෙහා ලෝකේ බාද්ෂාහ් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියෙනවා ඕරා විසින්. තමන්ගේ ලේ බිව්වේ කවුද කියලා බාද්ෂාහ් වැම්පයර්ලා එකින් එකා දිහා බලාගෙන ගියා. රූමි හිටියෙත් ඒ පෝලිමේ කෙලවර. එයාව දැක්කම බාද්ෂාහ් පෙන්නුවේ මොන වගේ ප්‍රතිචාරයක්ද කියලා දකින්නත් ඇති. රූමි තමන්ගේ දතේ ප්‍රශ්නෙත් හරිගස්සගත්තා ශ්‍රීලාගේ දතට පින් සිද්ධ වෙන්න. එතැනදී වෙච්ච අමුතු සිදුවීම ඩොක් රෝයිව පුදුමෙට පත් කරත් මිනිහා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ. මේ අතර කාර්තික් හිතන් හිටියේ රෝයි කියන්නේ වැම්පයර් කෙනෙක් කියලයි. එයාගෙන් රූමිව බේරගන්න එකයි කාර්තික්ගේ එකම අරමුණ වුණේ. හැබෑම සිද්ධිය ඒකෙ අනිත් පැත්තය කියලා කවුරුත් හිතුවේ නම් නැහැ. කාර්තික් රෝයිව හම්බෙන්න ආවා කියලා දකින්න ඇතිනේ. ඒ හමුවීමේ සිද්ධි සහ රූමිගේ සිද්ධි ගැලපුවාම රෝයිට රූමි ගැන ලොකු සැකයක් ඇති වුණා. ඒ සැකය තහවුරු කරගන්න එයා ගාව තිබ්බේ වෙනම සැලැස්මක්. මතකනේ එයාගේ පෙම්වතිය විදිහට රූමි එයාගේ දෙමව්පියන්ව හම්බෙන්න ආවා. එතැනදී සුදු ළූණු සහ රිදී මාලේ පාවිච්චි කරලා රෝයි රූමිව පරික්ෂා කරා. ඒත් රූමි ඒ හැම එකකටම කොහොමහරි මූණ දුන්නා. ඒත් මෙට්‍රෝ ස්ටේෂන් එකේදී රෝයි තීරණාත්මක සොයාගැනීමක් කරනවා.
දැන් එතන ඉඳන්…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,008 downloadsDownload Tooth-Pari-When-Love-Bites-2023-S01E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika Lakmal (laKMal)
Lakindu
ස්තුති කියලා මදි..ඒත් ඉන්න අමාරුයි අනෙක් කොටස් දානකන්..ඒතරම් ආසාවෙන් බැලුවේ කතාව...ජය.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tooth Pari: When Love Bites [S01 : E05] Sinhala Subtitles | ලේ හීතල කළ හෙළිදරව්ව.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥