කොහොමද ඉතින්; මේ සුපිරි ඇනිමේ කතාමාලාවේ 4වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන එන්නෙ. කාර්‍යබහුලව ගෙවීගිය දවස් කීපයක් නිසා මේ උපසිරසිය නම් සෑහෙන්න ප්‍රමාද උනා. ඒ වෙනුවෙන් මං සමාව ඉල්ලනවා. දැන් සමනය වෙලා තියෙන නිසා ඊළඟ එපි ටිකටත් හැකි විගසින් උපසිරසි ලබා දීලා ඔන්ගොයින් වීමට සමාන්තර කරන්නම්. ඔයාලගෙන් ලැබෙන…

කොහොමද ඉතින්; මේ සුපිරි ඇනිමේ කතාමාලාවේ 4වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන එන්නෙ. කාර්‍යබහුලව ගෙවීගිය දවස් කීපයක් නිසා මේ උපසිරසිය නම් සෑහෙන්න ප්‍රමාද උනා. ඒ වෙනුවෙන් මං සමාව ඉල්ලනවා. දැන් සමනය වෙලා තියෙන නිසා ඊළඟ එපි ටිකටත් හැකි විගසින් උපසිරසි ලබා දීලා ඔන්ගොයින් වීමට සමාන්තර කරන්නම්. ඔයාලගෙන් ලැබෙන ඉවසීම කියන දේ නම් මං ඉහලින් අගය කරනවා. 🙂
පසුගිය මතකයන් –
අමරණීයත්වය ලබාදෙන “සෙන්යකූ” සොයාගැනීමේ අරමුණින් ෂෝගුන් විසින්, ෂින්සෙන්කියෝ වෙත පිරිසක් පිටත් කරනවා. මේ පිරිස අපරාධකාරයො දහ දෙනෙකුගෙන් සහ ඔවුන්ට යුගල් කරපු යමදා අසයිමෝන් ඝාතකයින් දහ දෙනෙකුගෙන් සමන්විතයි. මුළු පිරිස විසිදෙනෙක්. මේ පිරිස අතරේ අපරාධකාරයින්ගෙ පාර්ශවයෙන් “ගබිමරු” සහ යමදා අසයිමොන් පාර්ශවයෙන් “සගිරි” එකතුවෙලා ඉන්නවා. ඉතින් කලින් එපිය ආරම්භ උනේ ගබිමරු සහ සගිරි මේ ෂින්සෙන්කියෝ කියන දූපතට පයගහපු අවස්ථාවෙන්. මෙතනදී ගබිමරු විශේෂ හෙළිදරව්වක් කළා. ගබිමරු හිටපු ඉවගකුරේ ගමේ, සතනෝ ඕසා ඇත්තටම අමරණීය කෙනෙක් බව ගබිමරු කියනවා. කොහොමහරි ඒ මිනිහත් මුහුද හරහා ගිහින් හම්බුණු දූපතකින් අරගත්ත කිසියම් ඖෂධයක් නිසා තමයි ඒ. ඒකට ඇතැමුන් “ෆුරෝෆුෂි නෝ සෙන්යකූ” කියනවා, එතකොට ගබිමරු ඒක හැඳින්වුවේ “තොකිජිකු නො කගුනොමි” යනුවෙන්. කොහොමහරි මේ කතාවෙන් මේ ඖෂධය ඇත්තටම තියෙනවා කියන එක තහවුරු වෙනවා වගේ. අපි ඉදිරියට බලමුකෝ. 🙂
අපරාධකරුවන්ගෙන් එකෙක් වුණු ඉගමිනො කේයුන් ගබිමරු එක්ක සටනකටත් ආවා. දකින්න ඇතිනේ ඒක. කොහොමහරි ගබිමරු අතින් මේ ඉගමිනෝ කේයුන් මැරුම් කනවා. කේයුන්ට යුගල් කරපු අසයිමෝන් ඝාතකයත් විශේෂ කරුණක් කියනවා. ඒ තමයි ෂෝගුන් ඉවගකුරේ එක්කත් ගිවිසුමකට ගිහිල්ලා කියන එක. ඉතින් මේ හේතුව නිසා ගබිමරුත් දැන් සෑහෙන්න බයවෙලා ඉන්නේ. මොකද නින්ජලා සෙට් එකක්ම මේ දූපතට ආවොත්, මේ සේරම කම්බස් වෙන නිසා. ඊට කලින් සෙන්යකූ හොයාගන්නයි ගබිමරු උත්සහ කළේ. ගබිමරු සහ සගිරි අතරත් අවි ගැටුමක් උනා මතක ඇතිනේ. කොහොමහරි ඒ සටනත් අවසන් උනේ ගබිමරු ජයග්‍රහණය කරමින්.
කලින් එපියේ වැඩි ඉඩක් වෙන් කරලා තිබ්බේ ගබිමරු සහ සගිරි අතර එකිනෙකා කෙරෙහි පවතින හැඟීම් දැනීම් වෙනුවෙන්. අපරාධකරු සහ ඝාතකයා විදිහට ආපූ මේ දෙදෙනගෙ බැඳීම දැන් ක්‍රමයෙන් වෙනම අතකට කැරකෙනවා ඔයාලත් දකින්න ඇති. උපන්දා සිට මිනීමරන්න ඉගෙනගත්, හිත්පිත් නැති අමුනුස්සයෙක් කියපු ගබිමරු ඔහුගේ බිරිඳ නිසා දැන් වෙනස්ම පුද්ගලයෙක් වෙලා තියෙනවා නැතිනම් වෙමින් පවතිනවා ඔයාලා දකින්න ඇති. ඉතින් මේ ආකාරයේ එකිනෙකා කෙරෙහි පවතින සිතුවිලි පිළිබඳ විමසීමකට තමා කලින් එපියෙ මූලිකත්වය දීලා තිබ්බේ.
දැන් මෙයාලා මේ ඇවිත් ඉන්න දූපත පාරාදීසයක් කියලනෙ කියන්නෙ. මේක ඇත්තටම පාරාදීසයක්ද නැතිනම් එලෙස වෙස්ගත් මිහිපිට නිරයක්ද කියල ඉදිරියට අපිට දකින්න ලැබෙයි. පෙරනොවූ විරු ආගන්තුක සතුන්වගයක් එකපාරම මේ දූපතින් මතුවෙලා. මිනිස් මූණක් තියෙන සමනලයා; උගෙ දෂ්ඨයෙන් තමයි මිනිසුන් මල් බවට පත්වෙන්නෙ කියල දැක්කනේ. තවත් අපරාධකරුවෙක් වුණු තමියා ගන්තෙත්සුසායීට වම් අතත් අහිමි වුණා, එලෙස වුණු දෂ්ඨනයකින් ආරක්ෂා වෙන්න ගිහින්. ඔහුත් දැන් යෝධයෙක් වැනි ජීවියෙක් හා මුහුණට මුහුණ බලාගෙන ඉන්නේ. මේ අතර ගබිමරු සහ සගිරිත් එවැනි අස්වාභාවික ජීවියෙක් හා සටනට සැරසෙනවා. ඉතින් මොනවයින් මොනා වෙයිද? මේ එපිය බලලා එතනින් පසුවට මොකද වෙන්නෙ කියල දැනගන්න. ඊළඟ එපියෙන් හමුවෙමු එහෙනම්. 🙂
අද කතාංගය – Hell and Paradise
Imdb අගය – 8.2
අධ්‍යක්ෂණය – Tetsuya Wakano
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 22
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,140 downloadsDownload Jigokuraku-04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Anonymous
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E04] Sinhala Subtitles | සතුරන් මිතුරන් වී…! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



Extract කරාම සබ් එක නෑනෙ