Watch Trailer

His Dark Materials (2019-) [S01 : E02] Sinhala Subtitles | රහස් එළිදරව්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස. ඒ කියන්නෙ පළමු කොටස ගැන කතා කළොත් ම…

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

කලින් කොටස. ඒ කියන්නෙ පළමු කොටස ගැන කතා කළොත් මතකයිනේ ලයිරා කියන්නෙ අනාථ ළමයෙක්. ඔක්ස්ෆර්ඩ්වල ජෝර්ඩන් විද්‍යාලයේ තමයි මේ ළමයා හැදී වැඩෙන්නේ. අනාථයි කිව්වට ඥාතියෙක් ඉන්නවා, ඒ තමයි වංශාධිපති ඇස්රියෙල්. ඉතින් ලයිරා ජෝර්ඩන් විද්‍යාලයේ සතුටු සාමකාමී ජිවිතයක් ගත කරගෙන ඉන්න ළමයෙක්. නමුත් ලයිරාගේ ජීවිතයේ වෙනස්කම් ඇතිවෙන්න යන්නෙ එක් දිනක් විතරයි. එක දිනයක් සහ හේතු දෙකක්. එනම් ඇස්රියෙල් යම් සොයාගැනීමක් කරන එකත් ලයිරාගේ හොදම මිත්‍රයා රොජර්ගේ අතුරුදහන් වීමත්.

ඉතින් මේ ලයිරාගේ ලෝකය අපේ ලෝකයට සෑහෙන්න සමානයි, නමුත් යම් වෙනස්කම් තියෙනවා. ඇස්රියෙල් උතුරට ගිහිල්ලා සොයාගැනීමක් කරනවා දූවිලි කියලා පදාර්ථයක් ගැන. ඉතින් මේ පදාර්ථය හරහා සැගවුණු ලෝකයන් දකින්න පුළුවන්. නමුත් මේ ලයිරාගේ ලෝකයේ පාලක බලය මෙහෙයවන මහා සභාව ඒ දේවල් තහනම් කරලයි තියෙන්නෙ. කොටින්ම කියනවනම් ඒවා මිත්‍යාදෘෂ්ටික කතාබහ ලෙස නම් කරලා තියෙන්නෙ. ඉතින් මේවන් දේවල් සොයාගන්නෙත් බොහොම බයෙන්. නමුත් ඇස්රියෙල්ට හැකිවුනා ජෝර්ඩන් විද්‍යාලයේ මාස්ටර් සහ පිරිසට මේ ගැන පෙන්නලා විමර්ශනය කටයුතු සදහා මුදල් ලබාගෙන උතුරට යන්න.

ඉතින් ඇස්රියෙල් උතුරට යද්දි ලයිරාව එක්ක යන්නෙ නෑ. ඒ නිසා හිත රිදිලා ඉන්න ලයිරාට ජෝර්ඩන් විද්‍යාලයෙන් යන්න, උතුරට යන්න නව අපේක්‍ෂාවක් ලැබෙනවා. ඒ කෝල්ටර් නෝනාගේ මාර්ගයෙන්. ඉතින් මාස්ටර්ගේ අනුදැනුම යටතේ ලයිරා කෝල්ටර් නෝනා එක්ක යන්න කැමති වෙනවා. හැබැයි යන්න කලින් මාස්ටර් බොහොම වැදගත් දෙයක් ලයිරා අත තබනවා. ඒ තමයි සත්‍යමාපකය. ඉතින් මේ රහසත් එක්ක ලයිරා ලන්ඩනයට යන්න කියලා ඉන්න කොටම තමයි රොජර් අතුරුදහන් වෙන්නෙ. ඉතින් මේ ගොබ්ලර් කියන පිරිස ළමයි පැහැරගන්නවා කියලා තමයි කතාව යන්නෙ. කොහොමින් හෝ ලයිරා රොජර්ව ලන්ඩනයෙන් සොයාගැනීමේ අධිෂ්ඨානයෙන් කෝල්ටර් නෝනා එක්ක ලන්ඩනයට යන්න පිටත් උනා කියලා මතකනේ අන්තිමේට.

ඉතින් අද ඔන්න ලයිරාට සෑහෙන්න වෙනස්කම්වලට හැඩ ගැහෙන්න වෙනවා. වෙනම නගරයක්,ගෙයක්, සංස්කෘතියක් තමයි කෝල්ටර් නෝනා ජීවත් වෙන්නෙ. ඉතින් අපි බලමු සතුටින් ඉන්න කියලා ආව ලයිරාට ඒ දේවල් හමබවෙයිද නැද්ද කියලා.

එසේනම් මම මෙච්චරයි කියන්නෙ. එහෙමනම් ලබන සතියේ ඉදලා වෙනත් සහෝදර උපසිරසිකරුවන් විසින් කලට වෙලාවට උපසිරසි රැගෙන ඒවි. මෙහි මගේ වැඩ කොටස මෙයින් අවසන්. ඔබට ජයෙන් ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,244 downloadsDownload His-Dark-Materials-2019-S01-E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,244 downloadsDownload Subtitles25 KB

36 comments

  1. Danushka Wickramaarachchi

    niyamai saho. thank u me sub karanna ganna kepakireemata. jayawewa

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට.. :)
    ජය වේවා.!

  3. geeganagamage

    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. Thushanga Piuminda

    Thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Pasindu16022

    Thanks aiye.

  8. Stranger

    thanks

  9. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    ඒ වගේම කට්ටිය කතාවට කැමති නෑ කියලා හිතන්න එපා.
    මං හිතන්නේ කට්ටිය දැනුවත් මදි.
    කොහොම වුනත් උපසිරැසි ගෙනාව එකට ස්තූතියි වගේම සහෝට ජය! ✌

    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance (2019) එකටත් බලන්න සහෝ.

    1. Shehan_senarathna

      කතාව නම් සුපිරිම එකක්... Thnks සබ් එකට
      අලුතෙන් අාපු Batwoman sereis එකටත් subtitle දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් bros..... වැඩේ දිගටම කරගෙන යන්න well done guys...

    2. Nilupul Madukapriya Perera

      මටනම් හැකියාවක් නෑ සහෝ..

    3. geeth madushan

      ela

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  11. Ayesh Prashan

    Thank You

  12. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!!

  13. samalkanthi

    කතාව බලන කට්ටිය අඩුයි කියලා හිතන්න එපා අයියා.දිගටම සබ් එක කරන්න . මමයි අපේ පව්ලේ කට්ටියයි පිස්සුවෙන් මේ කතාව බලන්නේ. Thank you for sub

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  15. Lahiru Kekulandara

    උපැසිරසට ස්තුති.
    ජය වේවා!

  16. Lahiru Kekulandara

    උපැසිරසට ස්තුති.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  17. jeewantha

    මධුකප්‍රිය පෙරේරා සබ් කරපු නිසා දෙපාරක් හිතුවේ නෑ series එකම භා ගත්තා. වෙනස්ම කථා තේමාවක්. ස්තුතියි සබ් වලට.

  18. Sandeepmadushan

    Thanx saho sub ekata..honda kathawak..

  19. suranuwan

    thanks bro..

  20. Manuuu

    Tnk saho .ikmnata anith sub tikath denna

  21. Ruchi Ranjana

    Patta kathawak.kaalakin me wage ekak dekke.mamanam balanna asama me wage katha.me wage katha balanna HED eka thiyenna o'ne

    thawa podi illimak thiyenawa puluwannam Stargate Atlantis kathawata sub dennako.

    OBA SEMATA BUDU SARANAI.

  22. shevin

    Thanks saho

  23. Shammiprabhashani

    Thanq sub walata

  24. Rumesh dhanushka

    බොහොම ස්තුතියි මධුකප්‍රිය...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Pramukmili

    Thanxx bro.........

  27. isuruperera

    bohoma isthuthi sub ekata...

  28. MAALnath

    Thanks ...................good luck .....................

  29. myhome

    thanks

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  31. chinthaka.max4

    thankx machan

  32. sameera

    මේ සබ් එක ගැලපෙන්නේ නෑ වැරදියි ...

  33. Anuhas

    Sub eka waradiyne