Watch Trailer

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛ…

මෙය වෙනත් ලෝකයක කතාවකි.
එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි.
මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා,
එය ඩීමන් නමින් හදුන්වනවා.
මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි.
සියවස් ගණනාවක් මෙම ලෝකය
පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්.
නමුත් ඈත උතුරුකරයේ
මායාකරුවන් අනාවැකියක් පළකළා.
ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි
දරුවෙකු ගැන අනාවැකියක්.
මහා ජලගැල්ම ඇති වූ සමයෙ
එම දරුවා ඔක්ස්ෆර්ඩ් වෙත රැගෙන ආවා.

His Dark Materials කතාමාලාව HBO සහ BBC ONE නාළිකාවන්හි නිෂ්පාදනය වන්නෙ සුප්‍රසිද්ධ නව කතා රචකයෙකු වන Philip Pullmanගෙ තුන්ඈදුතු නව කතාවන් වන Northern Lights (1995) (මෙය උතුරු ඇමරිකාවේ Golden Compass යන නමින් ප්‍රකාශයට පත් විය), The Subtle Knife (1997), and The Amber Spyglass (2000) යන පොත් ත්‍රිත්වය ඇසුරින්. එසේම මේ වන විට IMDB දර්ශකයේ 8.6ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ පවා 83%ක් වැනි අගයක් ලබාගන්න මෙම කතාව සමත්ව තිබෙනවා.

2007 වර්ෂයේ NEW LINE CINEMA විසින් The Golden Compass යන නමින් සිනමාපටයක්ද නිකුත් කොට තිබෙනවා.

ඉතින් එයින් පසුව වර්ෂ 2019 HBO සහ BBC නාළිකාවල සම අනුග්‍රහයෙන් නිපද වූ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතයන් සදහා LOGAN සිනමාපටයේ ලෝරාගෙ චරිතය රග පෑ Dafne Keen විසින් මෙහි ප්‍රධාන චරිතය වන ලයිරා බ්ලැකුවාගෙ චරිතයට පණ පොවනවා. එසේම X MEN සිනමාපට මාලාවේම චාල්ස් සේවියර් චරිතය පණ දුන් James McAvoy විසින්ද මෙහි ප්‍රධාන චරිතයක් නිරුපණය කරනවා. සෙසු චරිත සදහාද සිනමාපට මෙන්ම ටීවී කතාමාලාවල ඔබට බොහොම හුරුපුරුදු පිරිසක් විසින් රංගන දායකත්වය සපයා තිබෙනවා. එසේම මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නෙ BBC නාලිකාව විසින් වැඩිම පිරිවැයක් දරා නිපදවූ ටීවී කතාමාලාව මෙය වීමත් පළමු කතාමාලාව තිරගත වීමට මත්තෙන්ම මෙහි දෙවැනි කතාමාලාවක් නිපදවෙන බවට ප්‍රකාශ වීමත් ය.

ඉතින් කතාව මෙන්න මෙහෙමයි, ලයිරා කියලා අනාථ ගෑණු ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ගෑණු ළමයාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් විසින් ළමයාව කුඩා කාලයෙම ජෝර්ඩන් විද්‍යාලය ගෙනවිත් බාර දෙනවා හදාගන්න කියලා. ඉතින් වසර දොළහක කාලයක් ලයිරා හැදී වැඩෙන්නේ ජෝර්ඩන් විද්‍යාලයීය සෙවණේ සිප්සතර හදාරමින්. නමුත් ඉහතින් සදහන් කළාක් මෙන් ශ්‍රේෂ්ඨ දෛවයකට හිමිකම් කියන ලයිරාට සිද්ධ වෙනවා තමන්ගෙ ඉරණම් කතාව ලියන්න විද්‍යාලයෙන් පිටව යන්න. ඒ වගේම ලයිරාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් සොයා ගන්නා ලද දෙයක් හේතුවෙන් ලයිරාගෙ ලෝකය පාලනය කරන්නා වූ මහා සභාව විසින් ඇස්රියෙල්ව සහ ලයිරාව හොයන්න යන එකත් එක හේතුවක් වෙනවා.

ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබ ෆැන්ටසි කතාවලට කැමති අයෙක්නම් ඔබ මේ කතාවට ඇබ්බැහි වනවා නොඅනුමානයි. මා විසින්ම උපසිරසි ගෙනා The Shannara Chronicles නරබා ඇත්නම් ඔබට කියන්නෙ මේක බැලුවා කියලත් ඔබේ කාලය අපතේ ගියා කියලා දුක් නොවේවි. ඒ වගෙම මේ කතාමාලාව උපසිරසි ගැන්වීමේ වගකීම මා ඇතුළු කීපදෙනෙක් බාරගෙන ඉන්නෙ. කොටින්ම මම මේක කරන්න හිටිය එකකුත් නෙවේ. අපේ රවිදු රුක්ෂාන් සහෝදරයාගෙන් බේරෙන්න බැරිම තැන තමා මේ කළේ. ඉතින් මෙහි පූර්න වගකීම රවිදු මළයාගෙ.

ඉතින් ලයිරාගේ ශ්‍රේෂ්ඨ දෛවය සම්පූර්ණ කිරීම උදෙසා ඈ යන සංචාරයේ කොටස්කරුවෙකු වන්නයැයි ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,608 downloadsDownload His-Dark-Materials-2019-S01-E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

9,608 downloadsDownload Subtitles30 KB

53 comments

  1. Shansenarathne

    Tnx

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  3. Sahan Sulakkhana

    mekath nikan okkoma goldan compass eka wagemayine, kisima wenask naha wage ne....!!!????

  4. shanakam

    sub ekata thanks bro godak asama kathwak meeka

  5. waruna23

    Download link plz

  6. Lahiru Kekulandara

    හොද අැති නේ කතාව
    ස්තූති
    ජය වේවා!

  7. Lahiru Kekulandara

    The Dark Crystal: Age of Resistance ඒකට Sub ඒක දෙන්න බැයිද?

  8. Thushanga Pium

    enakan balan hitiye thanks

  9. Hashan M. Priyadarshana

    * For All Mankind
    * Watchmen
    මේ tv series දෙකටත් සබ් දෙනවද :)

  10. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  11. rockz2020

    The Dark Crystal: Age of Resistance (2019)

    එකටත් කව්රු හරි සබ් දෙයි
    කියලා බලන ඉන්නේ.✌

  12. geeganagamage

    බොහොම ස්තුතියි සබ් එක හොදට ඇති කියලා හිතනවා .

  13. Subhash13

    ස්තූතියි මචන්.පුළුවන් නම් HDTV නැතුව web rip එකට කරානම් හොදයි

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි

  15. Dulan Randika

    බොහොම ස්තූතියි .ඔයාගෙ සබ් එකක් නම් ඉතින් ආයෙ නම්බර් වන් තමා.shannara choronicle බල බල ඉදල අතර මග සීසන් එකම කැන්සල් කරපු හින්දා පලු යන්න,බැන බැන හිටපු අපිට මේ සීරීස් එක නිකං සුයිප් එකක් ඇදුනා වගේ.එක හුස්මට බැලිල්ලක් තමා තියෙන්නෙ.

    ඇත්තම කියනවනම් මේ සීරීස් එක භාරගන්න මං මේල් එකක් දැම්මා.රිප්ලයි එක එන්න කලින් කෝකටත් කියල ලයින් 300 විතර ගහල තිබ්බෙ..පස්සෙ තමා දන්නෙ ඔයා බාර අරන් කියලා.හිතුනොත් සුපර්ගර්ල් එක බාරගන්නවා.

    1. සනිඳු ලක්ඛිත

      Supergirl එක කරන්න පුලුවන්නම් හොදා සහෝ. මං හොදට දන්නවා සබ් කරලා තේරුමක් නැති සීරිස් එකක් කියලා. හැබැයි ඒක තාම බලන සෑහෙන්න පිරිසක් ඉන්නවා..සලකා බලන්න ඒක නිසා

    2. jerrydissanayake98

      ou eka apith super girl blnw eka kiyna thrm aulk na eka bara gnnko

    3. Dulan Randika

      සබ් එක කරන්න .පුලුවන් හැබැයි මට වෙලාවට දෙන්න බැරි වෙයි.මොකද දැනට හොස්පිටල් එකක් වැඩ ඒනිසා ලැබෙන වෙලාව අනුව තමා සබ් එක කරන්න වෙන්නෙ. දැනට කොටස් 6 ඇවිල්ලා හින්දා පරක්කු වෙයි සබ් එක දෙන්න

    4. Wijitha A.

      Late unata kamak ne. Supergirl sub eka denna.

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...සිරාවටම මේකට සබ් දෙයි කියලා හිතුවෙම නෑ. කොහොම උනත් මේක සුපිරියක්. දිගටම උපසිරස දෙමු. ජය වේවා...බුදුසරණයි..!

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  18. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වගේ...
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  19. madhawa_max

    thanks brother

  20. Kanchana

    Thanx saho

  21. Dananjaya Madusanka

    Thanx Sub Ekata

  22. Dananjaya Madusanka

    Emergence Ekatath Sub Denna Puluvanda

  23. Pasindu16022

    Thanks aiye

  24. සචින්ත කල්හාර බෙනට්

    ela

  25. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....

  26. sandazz

    Thank you

  27. Ayesh Prashan

    Thank You

  28. Stranger

    thanks

  29. Sumudu Nuwan

  30. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  31. Udara Damith Dissanayaka

    elame

  32. thathsaragayan

    Thank bro

  33. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa...............!!!!!!!!!!!!!

  34. suranuwan

    thank you...

  35. Udara Damith Dissanayaka

    elaaaaaa

  36. Rumesh dhanushka

    Thanks madhukapriya

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  39. Pramukmili

    Thanxx bro...........

  40. Dilshan Awranga

    Webrip එපියටත් සබ් එක්ඩ් දෙන්නකො මෙකෙ

  41. baiscopeshanukap

    Thanks bokka

  42. shinejay

    thank you bro

  43. MAALnath

    Thanks .......................good luck .....................

  44. myhome

    ela

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  46. Anonymous

    Locke & key. Ekatath sub diyanko

  47. chinthaka.max4

    thankx machan

  48. nuwan

    Season 3 eka denne nadda

  49. Dulan

    Elamaa thankzz broo