හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ…

හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ මට නොතේරෙන ගොඩක් තැන් මෙතනට මෙහෙම දාන්න මෙතනට මෙහෙම දාන්න කියල එයාල දෙන්න තමයි පැහැදිලි කරල දුන්නෙ. මමනම් කියන්නෙ මේක බලන්නම ඕනෙ සීරීස් එකක් කියල. මොකද මේකෙ හැම එපියක්ම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් මාරම කුතුහලයක් තියෙන්නෙ. අනික මේක අධික වියදමක් දරල නිර්මාණය කරපු HBO ටීවී සීරීස් එකක්. HBO කිවුවම ඉතින් ආයිත් කතා දෙකක් නැහැනෙ. එයාලගෙ ටිවී සීරීස් පට්ට කොලිටි කියල හැමෝම වගේ දන්නව. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසින්,
කට්ටියට මතක ඇතිනෙ කලින් කොටස් දෙකේ වුණ දේවල් මොනවද කියල. ඇස්‍රියල් විසින් මහා ජලගැල්ම අතරතුරදි ලයිරාව ජෝර්ඩන් විද්‍යාලයට ගෙනල්ල දෙනව. එහෙ ලයිරා හැදී වැඩෙන අතරතුර අහිකුණ්ඨකවාසී ළමයෙක් වන බිලී කොස්ටා අතුරුදහන් වෙනව. ඊට ටික දවසකට පස්සෙ ලයිරගෙ යාලුව වන ජෝර්ජ් වත් අතුරුදහන් වෙනව. ඔය අතරෙ කෝල්ටර් මහත්මිය ලයිරට එයාගෙ සහයිකාව වෙලා ලන්ඩන් වලට එන්න කියල ආරාධනා කරනව. ළමයින්ව පැහැරගන්නෙ ගොබ්ලර්ල විසින් කියලත් ඔවුන් ජීවත්වෙන්නෙ ලන්ඩන් වල සැගවිලා කියලත් කටකතා මගින් ලයිරට දැනගන්න ලැබෙනව. ඉතින් ජෝර්ජ්ව බේරගැනීම සදහාත් උතුර ගවේශනය කිවීමට ලයිරගෙ ඇති කැමැත්තත් නිසා ලයිර කෝල්ටර් මහත්මිය සමග ලංඩන් බලා පිටත් වෙනව.ඔය අතරෙ අහිකුණ්ඨකවාසීනුත් ඔවුන්ගේ නැතිවුණ ළමයින් සොයා ලංඩන් බලා පිටත් වෙනව. ටික දවසක් කොල්ටර් මහත්මිය එක්ක ජීවත් වෙන ලයිර දැනගන්නව ඇස්‍රියෙල් කියන්නෙ එයාගෙ මාම නෙමෙයි තාත්ත කියල. ඒවගේම කෝල්ටර් මහත්මියව විශ්වාස කරන්න බැහැ කියල දැනගන්න ලයිරා ඇයගෙන් බේරිලා පලා යනව. ඔය අතරෙදි තමයි ලයිරව ගොබ්ලර්ල විසින් පැහැරගන්නෙ. අද කතාව යන්නෙ එතන ඉදල.
අද කොටසින්,
කලින් කොටසින් ලයිරගෙ තාත්ත ගැන හෙලිදරව් වුණානෙ. අද කොටසින් තමයි ලයිරගෙ අම්ම ගැන හෙළිදරව් වෙන්නෙ. ඒවගේම ලයිරගෙ අතීතෙ ගැන ගොඩක් දේවල් මේ කොටසින් විස්තර කරනව. පැහැරගත්ත ළමයින්ව උතුරට අරගෙන යන බව අහිකුණ්ඨකවාසීන් දැනගන්නව. ඒත් ළමයින්ව අරගෙන යන්නෙ උතුරෙ කොහෙටද කියල අදහසක් ඔවුන්ට නැහැ. ගොබ්ලර්ල අතට පත් වුණ ලයිරට මොකද වෙන්නෙ? අහිකුණ්ඨකවාසීන් ළමයින් හොයාගෙන උතුරට යයිද? ලයිරගෙ අම්ම කවුද? සත්‍යමාපකය කියවන්නෙ කොහොමද? කෝල්ටර් මහත්මියට මහ සභාවත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මේ ටික දැනගන්න වෙන්නෙ අද එපිය බලල තමයි.
එහෙනම් ඊළග එපියෙන් හමුවෙමු. මම ගිහින් එන්නම්. බුදු සරණයි.
– THE TRUTH LIES BEYOND THE WORLD WE KNOW –
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,089 downloadsDownload His-Dark-Materials-2019-S01-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
29 comments
sachintha
Danushka Wickramaarachchi
Thanks Machanla Me karana Wadeta. Thanks
jeewantha
පට්ටම කථාවක්. මේ වගේ කථාවලට සබ් දෙන එක නම් පිංකමක්. ස්තුතියි.
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.....
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
geeganagamage
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට නියම කතාවක් මේක ඔන්න ගත්තා.
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa...........!!!!!!!!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Nilupul Madukapriya Perera
උපසිරසියට ස්තුතියි සහෝ
Pasindu16022
Thanks bor.
rockz2020
බොහොම ස්තූතියි සහෝ! ❤
ජය වේවා! ❤✌❤Ishan Madusha
ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :)
Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචංgeeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක් අනිවාර්යයෙන්ම බලනවා .
Stranger
thanks
Manuuu
Jayawee
Ayesh Prashan
Thank You
shevin
Thanks saho
nisalasewana
dropapk walin download karanne kohomada machnlaa?
Lahiru Kekulandara
උජැසිරසට ස්තූති.
ජය වේවා!Lahiru Kekulandara
සිංහල උජැසිරසට ස්තූති.
ජය වේවා!suranuwan
thanks...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rumesh dhanushka
Thanks dilhara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro............
MAALnath
Thanks .....................good luck .....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials (2019-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදන් වූවන් සොයා උතුරට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/His-Dark-Materials-1.0.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ