Watch Trailer

Mr. Robot [S04 : E08] Sinhala Subtitles | මට තවත් මේක කරන්න බැහැ!! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වේරාට ඕන කරපු දේ ඒ විදිහටම කරගන්න එයාට අවස්තාව ලැබුනා ක්‍රිස්ටා හරහා. ඒවගේම අපිට දැනගන්න ලැබුනා එලියට්ගෙ තාත්තා එලියට්ට ලිංගිකව අඩම්තේට්ටම් කරලා තියෙනවා කියලා. මේ විත්තිය දැනගත්ත එලියට් තමයි එදා අර විදිහට ජනේලෙන් එලියට පැනලා තියෙන්නෙ එයාගෙ තාත්තාගෙන් බේරෙන්න කියලා හිතාගෙන. මිස්ටර්. ර…

පසුගිය කොටසින්

වේරාට ඕන කරපු දේ ඒ විදිහටම කරගන්න එයාට අවස්තාව ලැබුනා ක්‍රිස්ටා හරහා. ඒවගේම අපිට දැනගන්න ලැබුනා එලියට්ගෙ තාත්තා එලියට්ට ලිංගිකව අඩම්තේට්ටම් කරලා තියෙනවා කියලා. මේ විත්තිය දැනගත්ත එලියට් තමයි එදා අර විදිහට ජනේලෙන් එලියට පැනලා තියෙන්නෙ එයාගෙ තාත්තාගෙන් බේරෙන්න කියලා හිතාගෙන. මිස්ටර්. රොබට් මේ දේවල් ගැන එලියට්ගෙන් සෑහෙන කාලයක් තිස්සෙ හංගන් ඉදලා තියෙනවා. මෙතනදීම ප්‍රශ්නයක් මතු වෙනවා ඇයි එදා ඩාර්ලීන් එලිටට්ට වෙන විදිහක කතාවක් කිව්වේ කියලා. එදා ඩාර්ලීන් කිව්වේ බොරුවක්ද? එහෙම නැත්තම් මිස්ටර්. රොබට් මොකක් හරි විදිහකින් ඩාර්ලීන්ටත් බොරු කියන්න කියලා නම්මාගෙනද?

මෙතන පටලවගන්න එපා මිස්ටර් රොබට් වගේම එලියට්ගෙ තාත්තා ගැන. මොකද දැන් ඉන්න මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගෙ තාත්තම නෙවෙයි. එලියට් විසින් නිර්මාණය කරගත්ත දෙයක්. එදා අර විදිහට එලියට්ට අඩම්තේට්ටම් කරපු කෙනා තමයි ලෙඩ වෙලා මැරිලා ගියෙ. කොහොමහරි වේරාගෙ තර්ජනය නම් කෙළවර වුනා කියලා හිතන්න පුලුවන් ක්‍රිස්ටා වේරාගෙ පිටට පිහියෙන් ඇනලා මරලා දැම්මට පස්සෙ. මේ දේවල් වෙද්දීත් එලියට් තාමත් ඉන්නෙ කවුරු, කාව විශ්වාස කරන්නදෝ කියන අදහසින්.

අද කොටසින්

වේරා මැරුණු නිසා ක්‍රිස්ටා කරන්නෙ එලියට්වත් අරගෙන එතනින් පිටවෙලා යන එකයි. ඒ වගේම වේරාගෙ සහයට හිටිය දෙන්නා ආපහු එද්දී වේරාට වෙච්ච දේ දැනගන්නවා. ඒ දෙන්නා ක්‍රිස්ටාට හො එලියට්ට මොකක් හරි කරදරයක් කරාවිද? හයවෙනි කොටසෙදී ජැනිස්ට අහුවෙච්ච ඩොම් වගේම ඩාර්ලීන් තාමත් ඉන්නෙ. මේ දෙන්නට මොනවා වෙයිද කියලත් අද කොටසින් දැකගන්න ලැබෙයි.

මම හිතාගෙන හිටියෙ මේ වතාවේ අවසන් කතාසමය කොටස් 10 කින් අහවර වෙයි කියලා. හැබැයි සති දෙකකට විතර කලින් හොයලා බලද්දී තමයි දැනගන්න ලැබුනෙ අවසන් කතාසමය කොටස් 13 කින් සමන්විත වෙනවා කියලා. ඒ කියන්නෙ තවත් කොටස් 05 ක්ම මට කර ගහන්න වෙනවා.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,460 downloadsDownload Mr.-Robot-S04-E08.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,460 downloadsDownload Subtitles40 KB

9 comments

  1. charuni

    thank you eelaga ekath ikmanata demu

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  6. LimeGreenSoda

    Thanks Bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Xxxxx

    Thank you very much for subtitles brother

  9. Shehan Kavinda

    That Last Episode was a killer broh❤️