Watch Trailer

His Dark Materials (2019-) [S02 : E03] Sinhala Subtitles | විෂම මිත්‍රකම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඩාක් මැටිරියල් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්වත් කැමති කරගෙන විල්ගෙ ලෝකෙට යනවා ශාස්ත්‍රඥයෙක්ව හොයා ගෙන එයාගෙන් දූවිල්ල ගැන අහගන්න. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා ලයිරා පුරුද්දට වගේ දුවන්නෙ එයාගෙ…

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඩාක් මැටිරියල් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්වත් කැමති කරගෙන විල්ගෙ ලෝකෙට යනවා ශාස්ත්‍රඥයෙක්ව හොයා ගෙන එයාගෙන් දූවිල්ල ගැන අහගන්න. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා ලයිරා පුරුද්දට වගේ දුවන්නෙ එයාගෙ ලෝකේ ජෝර්ඩන් විද්‍යාලය තිබ්බ තැනට. හැබැයි විල්ගෙ ලෝකේ ජෝර්ඩන් විද්‍යාලයක් නෑ. ඒ නිසාම ශාස්ත්‍රඥයෙක්ව හොයාගන්න ලයිරා සත්‍යමාපකයේ උදව් ලබාගෙන මේරි මැලෝන් කියලා කෙනෙක්ව හොයා ගන්නවා. කොහොමින් හරි මේ මේරිත් දූවිල්ල එහෙමත් නැත්නම් විල්ගෙ ලෝකේ කියන විදිහට අදුරු පදාර්ථ අධ්‍යනය කරන කෙනෙක්. ඉතින් ලයිරා කොහොමින් හරි මේ මේරිගෙ විශ්වාසය දිනා ගෙන මේරි කරගෙන යන පර්යේෂණය ගැන දැන ගන්නවා වගේම ලයිරාට හැකි වෙනවා දූවිල්ල හසුරුවන්නත්.

ඔය අතරෙ විල් යනවා තමන්ගෙ අම්මව හොයා ගෙන, පොලිසිය ඇහැ ගහගෙන ඉන්න නිසා ගෙදරට නොයන විල් යන්නෙ තමන්ගෙ අම්මගෙ නීතිඥවරිය ළගට. ඇය ළගට යන විල්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ තාත්තාගෙ දෙමව්පියො දෙන්නා ඔක්ස්ෆර්ඩ්වලම ජීවත් වෙනවා කියලා. ඉතින් විල් ඒ අයව හම්බ වෙන්න ගියාම විල්ගෙ සීයා ඒ බව DI වෝල්ටර්ස්ට දැනුම් දෙන නිසා විල් එතනින් පැන ගන්නවා.

ඔය අතරෙ ලයිරාගෙ ලෝකයෙ මහා සභාව විසින් මායාකාරීයන්ට විරුද්ධව යුද්ධයක් ආරම්භ කරනවා. කාඩිනල් පදවිය අපේක්‍ෂාවෙන් ඉන්න මැක්ෆේල් පියතුමා තමන්ගෙ බලය පෙන්වීමේ ක්‍රමෝපායක් ලෙස මායාකාරියන් වෙසෙන එනාරා විල් තෙරට බෝම්බ හෙළන්නෙ කෝල්ටර් මහත්මියගෙ පෙළඹවීමෙන්.

ඉතින් ගිය සතියෙ ඔය ආකාරයට සිදුවීම් වෙන කොට අද දැක බලාගන්න පුළුවන් ලයිරාට දූවිල්ල ගැන වැඩි විස්තර හොයා ගන්න ලැබෙයිද වගේම අලුතින් මූහුණ දෙන්න වන කරදර මොනාද කියලත්. එහෙමනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,134 downloadsDownload His-Dark-Materials-2019-S02-E03.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,134 downloadsDownload Subtitles50 KB

21 comments

  1. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. sanath indika

    උපසිරසියට ස්තූතිය සහෝ.

    කතාව නිකුත්වෙලා දවසක් වගේ ඇතුලත සබ් 1 දෙන්න හැකිනම් ගොඩක් හොදයි සහෝ.

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Hansika

      Sub එක ගැලපෙන්නේ බ්‍රෝ video එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Malaka prasad

    Thanx bro sub ekata. Ape athal eka wenuwen ubala karana sewaya hamadamath agaya karanawa..... jaya wewa baiscope... ❤

  7. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ!!

  8. Anonymous

    කලින් සබ් එකක් තියෙන්නෙ.

  9. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  10. Anonymous

    sub eka kalin ekak

    1. මධුකප්‍රිය පෙරේරා

      ලබා දී ඇති උපසිරසිය තුන්වැනි කතාංගය සදහා අදාළ වන අතර ධාවන කාලය 49.40 පිටපත සදහා අදාලයි... නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙතින් ලබාගන්න

    2. Krishanxxi

      Baiscopedownload eke dila tiyana link ekai sub ekai match wenne nane saho...?

  11. Hemal

    Thank you

  12. Pramukmili

    Thanxxxx bro...............

  13. Krishxxi

    සබ් එකට ගැලපෙන්න ලින්ක් එක හරි ලින්ක් එකට ගැලපෙන සබ් එකක් හරි දෙන්න පුලුවන්ද පීස්.....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

  16. Anonymous

    thank you

  17. MAALNATH

    Thanks. ................good luck. ..........

  18. chinthaka.max4

    thankx machan