Watch Trailer

His Dark Materials (2019-) [S02 : E02] Sinhala Subtitles | අදුරු පදාර්ථ! [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම සමාවෙන්න ඕන උපසිරැසිය ගෙන්න පමාවීම සම්බන්ධව. තරමක කාර්යබහුලත්වය නිසාම ආපු දවසෙම උපසිරැසිය දෙන්න අමාරු වෙයි, ඉතින් කට්ටිය පොඩ්ඩක් සති අන්තේ වගේ ඉවසන්න, පුළුවන් උනොත් ඉක්මණට දෙන්නම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් දැක්කා ඇස්රියෙල් හදපු කවුළුව හරහා ගිය ලය…

ඉස්සෙල්ලම සමාවෙන්න ඕන උපසිරැසිය ගෙන්න පමාවීම සම්බන්ධව. තරමක කාර්යබහුලත්වය නිසාම ආපු දවසෙම උපසිරැසිය දෙන්න අමාරු වෙයි, ඉතින් කට්ටිය පොඩ්ඩක් සති අන්තේ වගේ ඉවසන්න, පුළුවන් උනොත් ඉක්මණට දෙන්නම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටසින් දැක්කා ඇස්රියෙල් හදපු කවුළුව හරහා ගිය ලයිරා ඉන්නෙ වෙනම ලෝකෙක, චිටගස් කියලා නගරෙක. මේ නගරෙ බැලූ බැල්මට හොල්මන් නගරයක් වගේනෙ පෙනුනෙ. ඉතින් එහා ලෝකේ ඉදලා ආව විල් ඉන්නෙත් මේ නගරෙ. ඉරණම් සහගත විදිහට මේ දෙන්නා මුණ ගැහෙනවා. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා වැඩ කරන්න තීරණය කරනවා. නගරෙ මිනිස්සුන්ට අවාසනාවන්ත ඉරණමක් අත් වෙන බවත් දැක්කනෙ.

ඉතින් ලයිරා වෙනමම ලෝකෙක ඉන්න අතරෙ ලයිරාගෙ ලෝකයේ ලොකුම කලබලයක්. ඇස්රියෙල් කළ දේ නිසා අහසෙ තිබ්බ නගරය දැන් හැමෝටම පේන්න අරන්. මේ නිසාම මහා සභාවේ බලාධිකාරයට එල්ල වෙන තර්ජන මැඩ පවත්වාගන්න මහා සභාව විසින් මායාකාරියන් සංහාරයක් පටන් අරන් වගේම ඔවුන්ට විරුද්ධ වෙන හැමෝටම එරෙහිව මර්දනය දියත් කරනවා. ඉතින් සිරගතව ඉන්න මායාකාරියකගෙන් අනාවැකියක් ගැන අහගන්න ලයිරාගේ අම්මා වෙන කෝල්ටර් මහත්මිය සමත් වුනා. හැබැයි අනාවැකියට පදනම් වෙන කෙල්ල ගැන දැනගන්න කලින් රූටා ස්කාඩි ඇවිත් එම මායාකාරීව මරලා කාඩිනල්වත් මරලා ගියා මතකනෙ.

හොදයි එහෙමනම් ගිය සතියෙ වෙච්ච අනපේක්ෂිත, කුතුහලය දනවන සිදුවීම්මාලාව අද කොයි විදිහට විසදෙවිද කියලා ඔයාලම බලලා දැනගන්න. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,192 downloadsDownload His-Dark-Materials-2019-S02-E02.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,192 downloadsDownload Subtitles28 KB

13 comments

  1. R_deshan

    පරක්කු උනත් කමක් නෑ පිලිවෙලට සබ් එක දෙන නිසා...සබ් එකට තෑන්ක්ස් සහෝ.

  2. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. geeganagamage

    කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  6. kavi

    thnks broo anith epiyath ada awa ikmanta sub eka denna jaya wewa

    1. Kavi

      E3 ekatath sub eka denna thanks

  7. Hashan Wijesinghe

    thank you !

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kashmitha

    episode 3 idala ithuru tika kooooooo.......................

  10. Dewadithya

    Thanks for sub!

  11. MAALNATH

    Thanks. ..............good luck. ................

  12. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.