2012 අවුරුද්දෙ අග බාගේදි මම රූපවාහිනි කතා මාලාවක් හෙව්වා උපසිරැසි දාන්න. ඒ වෙලාවෙදි යන්තමින් දෙවන අදියරේ අවසාන කොටස අවසාන කරලා තිබ්බ මේ කතාමාලාවට IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 කුත් Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලබා ගන්න…

2012 අවුරුද්දෙ අග බාගේදි මම රූපවාහිනි කතා මාලාවක් හෙව්වා උපසිරැසි දාන්න. ඒ වෙලාවෙදි යන්තමින් දෙවන අදියරේ අවසාන කොටස අවසාන කරලා තිබ්බ මේ කතාමාලාවට IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 කුත් Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලබා ගන්න සමත් වෙලා තිබ්බ (අද වෙද්දි ඒ ගාන නිර්දේශ වීම් 70 ක් හා දිනූ සම්මාන ගණන 31 ක්) මේ කතාමාලාව ගැන වාසල සහෝ මට ඔත්තුව දුන්නා. ඉතින් මෙච්චර සුපිරි කතාමාලාවක් ලේසියෙන් නොබල ඉන්න පුළුවන්ද? ඒ හින්දම තමා මම උපසිරැසි දාන්න මේ කතා මාලාව තෝරගත්තෙ. 2013 ජනවාරි පළවෙනිදා ඉඳන් අද වෙනකම්ම ඔන්න මම මේක ගෙනාවා. කලින් කොටස් දෙකේදී ආසිරි ආඩපාලි කිව්ව හින්දම මෙන්න මම කතාව ටිකක් මුල ඉඳන් මතක් කරලා දෙන්නම්.
කැරී මැතිසන් කියන්නෙ ද්වී ධ්‍රැව තත්වය කියන මානසික ආබාධයකින් පෙළෙන, ඒත් ඒ බව හංගපු CIA නියෝජිතවරියක්. ඒ වගේම ඇය හිතුවොත් හිතපු දේ කරන්න පසුබට නොවෙන කෙනෙක්. ඇයට ඉරාකයෙදි අනවසර ප්‍රශ්න කිරීමකින් ඔත්තුවක් ලැබෙනවා. ඒ තමා අල්-ක්වයිඩා සංවිධානය විසින් අල්ලා ගත් ඇමරිකානු හමුදා භටයෙක්ව මොළශෝධනයක් කරලා තස්ත්‍රවාදීන් පැත්තට නම්මගෙන කියලා. හැබැයි ඔය ඔත්තුව ගැන කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. මේ අතර පස්සෙන් පහු කාලෙක අවුරුදු 8 ක් තිස්සෙ අතුරුදහන් වෙලා උන්න ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් වෙච්ච නිකලස් බ්‍රෝඩිව හදිසියේම කරන ඉරාක තස්ත්‍රවාදී කඳවුරක් වැටලීමකදි අත් අඩංගුවේ සිටියදී බේරගන්නවා. දැන් ඔය කාලෙ ඉරාක යුද්ධය ගැන ඇමරිකානු ජනතාවගේ තිබ්බ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කරනවා.
හැබැයි කැරී මැතිසන් විතරක් හිතනවා මේ තමා අර පැති මාරු කරපු කෙනා කියලා. එහෙම හිතුවට මදිනෙ. ඒක ඔප්පු කරන්නත් එපෑයෑ. හැබැයි මුළු දේශපාලන බලාධිකාරයටම වීරයෙක් කරන්න ඕනා කෙනෙක්ව එහෙම තස්ත්‍රවාදියෙක් කරන්න පුළුවන්යෑ. ඉතින් මෙයා ඒක ඔප්පු කරගන්න නොකරන දෙයක් නෑ. ඇයගෙ පැත්තට පොඩ්ඩක් හරි උදව්වට ඉන්නෙ සෝල් බෙරන්සන් කියන ඇයගේ ඉහළ නිලධාරීයා පමණයි. කොටින්ම අපිටත් වෙලාවකට හිතාගන්න බෑ ඇත්තටම බ්‍රෝඩි තස්ත්‍රවාදියෙක්ද නැත්තම් කැරීට පිස්සු තද වෙලාද කියලා. කොහොම හරි පළවෙනි කතා සමය අවසානයේදී ඔප්පු වෙනවා බ්‍රෝඩි තස්ත්‍රවාදියෙක් කියලා. හැබැයි මේ වෙද්දි කැරීත් හිතනවා තමුන්ට පිස්සු කියලා. ඒ වගේම ඇය හොර අල්ලන්න ගිහින් අන්තිමේ බ්‍රෝඩි එක්කත් ඕනාවට වඩා සමීප සම්බන්ධයකට යනවා. ඒ වගේම බ්‍රෝඩ්ත් අසමත් වෙනවා තමුන්ට පැවරෙන වැඩේ ඉවර කරන්න.
දෙවෙනි කතා සමයෙදි බ්‍රෝඩි දේශපාලනයට ගිහින්. හැබැයි මේ වෙද්දි සාක්ෂි හම්බවෙනවා කැරී මුල ඉඳන්ම හරි කියලා. ඊට පස්සෙ මෙහෙයුමක් දියත් වෙනවා බ්‍රෝඩි මඟින් අල් ක්වයිඩා ප්‍රධාන තස්ත්‍රවාදියව කොටු කරගන්න. මේ වෙද්දි කැරී එක්ක බ්‍රෝඩිගේ සම්බන්ධතාවය බොහොම දුරදිග යනවා. අන්තිමේ බ්‍රෝඩි ප්‍රධාන තස්ත්‍රවාදියව ඇමරිකාවෙදිම කොටු කරලා දෙන්න සමත් වුණත් බ්‍රෝඩි කලින් තස්ත්‍රවාදියෙක් විදියට උන්න කෙනෙක් කියලා මුළු රටටම ඔප්පු වෙනවා. කොටින්ම ඔහු සම්බන්ධ නොවිච්ච CIA සංවිධානයේ බෝම්බ පිපිරීමකටත් බ්‍රෝඩිව ඈඳෙනවා. ඊට පස්සෙ කැරීම තමා බ්‍රෝඩිව රටෙන් පන්නන්නෙ.
තුන්වෙනි කතා සමය නම් රසිකයන්ගෙ බලාපොරොත්තු කඩා දැම්ම එකක් වුණා. හැබැයි ඒකෙදි වෙනදා තරම්ම කතාමාලාවේ තිබ්බ රසය රඳවගන්නත් නිර්මාපකයෝ අසමත් වුණා කිව්වොත් වඩා නිවැරදියි. මොකද දැන් ලෝකයම බ්‍රෝඩි තස්ත්‍රවාදියෙක් කියලා සැකකරනකොට තවත් ඒ චරිතය පස්සෙ හැංගිමුත්තන් කරපු රසය ගිලිහුණා. ඉතින් අවසානයේ බ්‍රෝඩි හෙවත් කතාවෙ ප්‍රධානම චරිතයක් මරලා දන්න නිර්මාපකයෝ තීරණය කරනවා. ඒ වගේම ඒක වෙන්නෙ ඇමරිකාව වෙනුවෙන්ම තවත් සතුරෙක් මරන්න එයාව යවලා තියෙනවකොටයි. ඒ වගේම බ්‍රෝඩිගෙ අවසන් සතුට විදියට එයාට ලැබෙන්නෙ එයාට දාව කැරීට ළමයෙක් ලැබෙන්න ඉන්න එකයි. හැබැයි තම දෑස් ඉස්සරහ පිටම බ්‍රෝඩිව එල්ලලා මරනවා දකින්නත් කැරී පව් කරලා තිබ්බා.
හැබැයි මෙහෙම කෙටියෙන් කිව්වට මේක බලන්නම ඕනා මේකේ රසය හරියට විඳගන්න නම්. ඒක විස්තර කරන්න අමාරු රසයක් කිව්වොත් වඩා නිවැරදියි. නාට්‍යමය පැත්තට බරයි කියලා හිතුවට ඒක එහෙම්ම නෑ කියලා කතාව බලාගෙන යද්දි තේරේවි.
ඉතින් ඉන් පස්සෙ තමා මේ කතා මාලාවෙදි ඔවුන් අලුත්ම ආරම්භයක් ගත්තා. ඔයාල කලින් කොටස් දෙක බැළුවනම් පෙනෙන්න ඇති නේ ඒ බව. දැන් කැරී ඇෆ්ගනිස්ථානයෙ ඉඳන් මෙහෙයවන ප්‍රහාරයකින් තස්ත්‍රවාදී ඉලක්කය එක්කම තවත් අහිංසක වැසියනුත් බර ගාණක් මැරෙනවා. ඒ ඔත්තුව දීපු පාකිස්තාන CIA ස්ථාන භාර ප්‍රධානියත් කැරී හා කුයින් ඉදිරිපිටම ගුටි කාලම මැරෙනවා. හැබැයි කැරී දැනගන්නවා මේ නිලධාරියා ඒ තොරතුරු වෙනුවෙන් තමුන්ගේ බුද්ධි අංශ තොරතුරුත් විකුණලා කියලා. කැරීව ආපහු ඇමරිකාවට කැඳෙව්වත් ඇයට බ්‍රෝඩිට දාව හම්බවුණ දරුවා එක්ක ඉන්න ඕනා එකට තියෙන අකමැත්ත මතම ඇය ආපහු පාකිස්තානයට යනවා. ඇයගේ අරමුණ තමා මියගිය නිලධාරියා ගනුදෙනු කළේ කවුරු එක්කද කියලා හොයාගන්න එක. හැබැයි ඇය කියින්ගෙනුත් එන්න කියලා ඉල්ලන ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. මේ වෙද්දි සෝලුත් පෞද්ගලික අංශයේ රැකියාව කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි. බලමුකො අද කොටස කොහොම වෙයිද කියලා.327
1a804966c00e78f0f80359c3965676177345240e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,135 downloadsDownload Homeland-S04.E0.3.sinhala.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
36 comments
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි, බොලේ මේක කියවපල්ලා හොඳේ..
මම ගොඩක් ලියලා.. නැත්නම් මට හරි නැහැ නේ...නැද්ද මම අහන්නේ?tharindu
meka mula idalama asawen baluwa kathawak.man baluwa elama tv series eka meka.sirawatama meka baluwe nathnam e kenagen wadak nathi tharam.e wagema digatama sub dunnata thankz.patta pata pata
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
අන්‍න අන්‍න, ආසිරි අයියා ආයෙත් වැඩට බැහැලා. ඇඩෙන්‍නම කතාව මතක් කරලා දුන්‍නු එකට. එයා කියනවටත් එක්‍ක මාත් දැඩි තීරනයක් ගන්‍නවා, මේක බලන්‍න. ඒත් පොඩි ප්‍ර්ශ්‍නයක්. පලමු එක බලලා කෙලින්‍ම 4 වෙනි සීසන් එකට පැන්‍නොත් බරටම අවුල් යයිද කියන එක.
Deepananda
එල..... මුළු සීරිස් එකම එක හුස්මට මතක් කරලා තියෙන්නේ ඔය..... මම හිතන්නේ බයිස්කෝප් එකේ දිගම කොමෙන්ටුව මේකයි. සිංහල සබටත් බොහොම ස්තුතියි රොයිලි සහෝ.........!
ඉසු ඩිපි (Isu DP)
GOT සිසන් 4ට ගිහින් බලන්න දිගම කොමෙන්ටුව.
ශාන් විමුක්ති [විමා]
මම ඇරෝ බලන්නේ වෙනමම වින්දනයකට වන අතර වොකින් ඩේඩ් බලන්නේ ඊට වෙනස්ම වෙච්ච වින්දනයකට
මේක බලන්නේ ඊටත් එහා ගිය වින්දනයක් ලබනු පිණිසය. මම බලන කතා මාලාවෙන් කතා මාලාවට වින්දන පරාසය වෙනස් වෙනවා. මේකෙන් ලබන දේ ඇරෝ එකෙන් කවදාවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින්. මූ මටම මඩ ගහන නිසා කිවේ ඔන්න. මුත් එක්ක හරියන්නේ නැහැ දැන්,
මාත් දෙයක් කියන්නම්, ප්‍රිසන් බ්‍රේක් බලපු කෙනෙක් ඉන්නවද, අන්න ඒ කෙනා අනිවා මේකත් බලන්න!
නියමයි හෙවෝ කමෙන්ට් එකනම්
Sisira Hegoda
Thanks.
harsha
නියමයි. රොයිලි සහ ආසිරි උඹලා දෙන්න මාර බඩු දෙකක් තමයි සිසන් තුනක් සම්පූර්ණයෙන්ම මතක් කරලා දුන්නා. ආසිරියෝ රොයිලීයො උඹලට ස්තූතියි
යශෝධ
මේ මොහොතේ මං දැඩි තීරණයක් ගත්තා, මේ කතාව නරඹන බවට.. බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට.. ඒ වගේම බොහෝම ස්තූතිියි ආසිරි අයියේ, ලිපි කොමෙන්ටුවටත්........ ජයම වේවා...! එලස්ස්ස්...... :-D
ඉසු ඩිපි (Isu DP)
නියමයි රොයිලි අයියේ...
අදනම් ලිපිය ලස්සනට තියෙනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Keshan Wasala
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ.. ඒ වගේම ආසිරි අයියටත් ස්තුතියි කමෙන්ට් එකට සුපිරි කතාවක් තමයි මමත් මුල් හරියේ කම්මැලි කමෙන් බැලුවට ටික ටික යද්දී තමා කතාවේ සුපිරි කම තේරුනේ ඊට පස්සේ නොබලා ඉන්න බැරි කමටම සතියකින් ඔක්කොම බලල ඉවර කරා ... ටීවී සිරිස් බලන කෙනෙක් මේක නොබලනවා කියන්නේ හෙන අපරාදයක් !! ඔන්න එහෙනම් මමත් සබ ගත්තා ගොඩක් ස්තුතියි නැවතත් :D
samadhi
නියමයි රොයිලි අයියේ…
සබට තුති..
ජය වේවාස්තූතිියි ආසිරි ස හො
sajeevi
thanks.
lipi dekama kiyewwa.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි. එක හුස්මට බලපු කතා මාලාවක්. හතරවන අදියර එනවා කියල දැකපු දවසේ ඉඳන් මග බලාගෙන හිටියේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)krish
Great.... digatama dennnoo... thank you...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ නෙබල කොහොමද මේක ඔන්න බැවා සුභපැතුම්...
දිගටම කරගෙනයමු...
ස්තුතියි.. ජයවේවා...$me
Thanks
isuru feat
maxxxaaaa
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
රොයිලි අයියාගේ සබක් නොබලා කොහොමද?
ඔයා සබ් ගේන ඕනම රූපවාහීනී කතා මාලාවක් අනිවා බලනවා අයියේ.
ඒ වගේම THE 100 එක ගේනකම් බලාගෙන ඉන්‍නේ.
HOMELAND එකට, GOT වගේ බරටම ලිපි ලියයිදෝ දන්‍නේ නෑ :-D
ඔයාගෙනුත් අර ප්‍ර්ශ්‍නෙම අහන්‍න වෙනවා,
"පලමු එක බලලා කෙලින්‍ම 4 වෙනි සීසන් එකට පැන්‍නොත් බරටම අවුල් යයිද කියන එක. "
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා..!!!!!!!!!!!!!!!!ශාන් විමුක්ති [විමා]
ඔව් ඔව්
එකේ ඉඳන් පිළිවෙලට බලාගෙන වරෙන්
ඔය සමහරු වගේ මැදින් පටන්ගනේ නැතුව
Ishan
Meka nam patta kathawak... mama nam kiyanne meka mula idalama blana eka thama hnda...meke season ekakata ekak sambandai... S04 gena nam danne ne.
indika
thnq :)
Kulanjana Maduranga
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ASIRI aiyatath thanks meka naggala gn krn mahansiyata...........
රජිත් පෙරේරා
ඇතටම කියනවා නම් හෝම් ලෑන්ඩ් කියන්නේ සුපිරිම ටි වී සීරියස් එකක් මේ කතාවේ මටනම් එක චරිතයක් විශේෂ කරන්න බැ..කතාව මෙච්චර ඉන්ටෙරස්ට් වෙන්නේ නැ.ඉන්ටෙරස්ට් වෙන්න හේතුව තමා හැම ඇකටර් කෙනෙක්ම සුපිරිම ගේමක් ගහන්නනේ .බලන්න අපි අද බ්‍රෝඩ් නැතුව උනත් කතාව දිගට බලන්නේ පුදුම ආසාවකින් ...කොහොම උනත් රොයිලි උබේ සබ් එක නැත්නම් මේක පරිප්පු නැතුව පාන් කනවා වගේ වැඩක්...ජය වේවා....
Sanka
oya thiyenne............. supiriyatama....
matanam therana widiyata danata idagena meka balanna unata.... anthima ewa balanna wenne hitagena thamai.........lihini
24 nathhe ayi
චතුර
මේ වගේ කතාවක් නම් ජීවිතේට බලල ත් නෑ, ආයෙත් කවදාවත් දකින්න ලැබෙයිද කියන්නත් අමාරුයි. ඒ තරම් තාත්විකයි. සුපිරියි, නියම වැඩක් සහෝ .....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Gayan Sampath
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට
මමත් මේක ගොඩාක් ආසාවෙන් බලන කතාවක්
ජය වේවා....!!!!!“චූටී මල්ලි”
අදනම් දෙන්නෙක්ගෙන්ම හොද විස්තරයක් ලැබිලා තියෙ
සබට තුති
ඔබට ජය.........ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
මෙන්න ගන්නවා!sumeth nandana
sha niyami
praveen
broady nathuwa balala wadal na bn supiri tv series eka afarade
Sajith Akalanka
thanks....
Dodanchama
Thanks for sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මමත් ජුන්ගක් කියන්නම් හොඳේ මට තේරෙන විදියට..
පලවෙනි සීසන් එකේ අන්තිම වෙනකම්ම අපිට හිතාගන්න බැහැ මේ බ්‍රොඩි කියන හාදය කාගේ පැත්තේද, සි. අයි. ඒ. එකේ කැරී පිස්සු කෙලිනවද කියලා..ඒ වගේම තස්ත්‍රවාදී නායකයෙක් වෙන අබු නසීර් කියන කෙනා මොලශෝදනය කරපු බ්‍රොඩි ව එවන්නේ ඇමරිකාවේ සුපිරි නායකයෝ(මට මතක නැහැ කවුද කියලා, මයේ හිතේ ඇමරිකාවේ උප ජනාධිපති ඇතුළු සෙට් එකකට ගේම දෙන්න) සෙට් එකක් එක්කම මරාගෙන මැරෙන සීන් එකකට.
ඒත් පලවෙනි සීසන් එකේ අන්තිමට බ්‍රොඩි ඇතුළු තස්ත්‍රවාදී අයගේ සැලැස්ම සාර්ථක වෙන්න ගියත් බෝම්බෙ අවුලක් නිසා වැඩේ ගැස්සෙනවා.
බ්‍රොඩි මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට යන්නේ ඒකට හේතුව කියලා වීඩියෝ එකකුත් පටිගත කරලා. ඒත් වැඩේ ගැස්සෙනවා.
කොහොම හරි දෙවෙනි සීසන් එකේදී බ්‍රොඩි ගේ වැඩ මාට්ටු වෙනවා..ඒ නිසා බ්‍රොඩිව බලෙන්ම කැමති කරවගන්නවා තස්ත්‍රවාදී නායක අබු නසීර්ව අල්ලගන්න උදව් කරවගන්න. ඒ වෙනුවට රටට ද්‍රෝහී වීම වෙනුවෙන් බ්‍රොඩිගේ සිරදඩුවම අඩු කරනවා කියන පොරොන්දුව මත. ඒත් ඒ අස්සේ වෙනම ප්ලෑන් එකක් යනවා අබු නසීර් අල්ලගත්තු ගමන් බ්‍රොඩිවත් මරලා දාන්න. එකත් සි. අයි. ඒ. පොරවල්ගේම කුමන්ත්‍රණයක්. ඒත් අපේ පීටර් කුයින් කියන එළ ඩයල් එක නිසා ඒක වැළකෙනවා. කොහොමහරි දෙවෙනි සීසන් එකේ අන්තිමදී බ්‍රොඩි ගේ උදව්වෙන් අබු නසීර් කියන තස්ත්‍රවාදියට ෂොට් එක හම්බෙනවා ඒ වගේම ඊට කලින් ද කොහෙද උප ජනාධිපතිටත් බ්‍රොඩි ගේම දීලා ඒක පොරගේ සෞඛ්‍ය තත්ත්වයේ අවුලක් නිසා උන මරණයක් විදියට පෙන්වනවා. බ්‍රොඩිටත් අවුලක් වෙන්නේ නැහැ. ඊටපස්සේ උප ජනාධිපතිගේ අනුස්මරණ උත්සවේදී හිටපු ගමන් මහා විශාල බෝම්බයක් පුපුරනවා. ඒ ප්‍රහාරයෙන් උප ජනාධිපතිගේ බිරිඳ, දරුවා, සි අයි. ඒ. ප්‍රධාන නිලධාරීන් ඇතුළු 300 + පිරිසක්ද කොහෙද මැරෙනවා.
ඒ එක්කම මම කලින් කිව්ව බ්‍රොඩි සැලසුම් කරපු කලින් ප්‍රහාරයට කලින් ගතපු වීඩියෝ එක මාධ්‍යට නිකුත් වෙනවා. ඔන්න කෙලියා ඉතිං.
ඊට පස්සේ ඉතිං කැරී මොකද කරන්නේ, බ්‍රොඩිව රටින් පිටත් කරනවා හොර රහසේම. දෙවෙනි සීසන් එක ඉවරවෙන්නේ ඔන්න ඔහොමයි.
තුන්වෙනි සීසන් එක පටන් ගද්දි බ්‍රොඩි කියන්නේ ඇමරිකාවට අවශ්‍යම කරන තස්ත්රවාදියා වෙලා. මාධ්‍ය වල, පෝස්ටර් වල. බ්‍රොඩි පණපිටින් හෝ නැතිව අල්ලලා දෙන කෙනෙකුට ආරිකානු රජයෙන් තෑගිත් දෙනවා කියලා. ඒ උනත් තුන්වෙනි සීසන් එකේ අගක් වෙනකම් බ්‍රොඩි ගැන ආරංචියක් ඇත්තෙම නැහැ. ඒ වගේම අර බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ, නඩු විභාග කරනවා. (ඔන්න ඔයටික නිසා තමයි තුන්වෙනි සීසන් එක කට්ටියට අවුල් කියන්නේ. ඒත් මම නම් කියන්නේ ඒවත් තියෙන්න ඕනේ. මොකද එහෙම තමයි දේවල් වෙන්නේ ලෝකේ). ඔහොම යද්දී තුන්වෙනි සීසන් එකේ ටික දුරක් යද්දී බ්‍රොඩි ව පෙන්වනවා හිරකරගෙන ඉන්නවා කොහෙද රටක. හොදටම ජරාජීර්ණ වෙලා, මතට ඇබ්බැහි වෙලා, මරණය පතමින් ඉන්න කෙනෙක් විදියට. කොහොම හරි අන්තිමේදී සි අයි ඒ. එකේ උන් බ්‍රොඩි ව හොයාගෙන බ්‍රොඩි ව යවනවා ඉරාකයට. මොකද ඒ වෙද්දී ඉරාකයේ මිනිස්සු හිතනවා බ්‍රොඩි වීරයෙක් කියලා. අර බෝම්බ ප්‍රහාරය කලේ පොර නිසා. ඒත් සි අයි ඒ. එකෙන් බ්‍රොඩි ව එහෙට යවන්නේ ඉරාකයේ ඉන්න තස්ත්රවාදියෙක්ට ගේම දෙන්න වැඩේ දුන්නු ගමන් සි අයි ඒ. එකෙන් ඇවිත් පොරව බේරාගන්නවා කියලා.. කොහොමහරි බ්‍රොඩි අසාර්ථක උත්සහයනුත් එක්කම වැඩේ කරනවා. ඒ එක්කම වගේ බ්‍රොඩි ඉරාක හමුදාවට මාට්ටු වෙනවා. ඒත් බ්‍රොඩි ව බේරගන්න හොඳටම පුළුවන් කම තිබ්බත් සි අයි ඒ එකේ ඉහල නිලධාරීන් සහ දේශපාලුවෝ ඒක කරන්නේ නැහැ. මොකද ඇමරිකාවට අනුව බ්‍රොඩි කියන්නේ තස්ත්‍රවාදීක් නිසා. ඊටපස්සේ තුන්වෙනි සීසන් එකේ අන්තිමේදී, ඉරාකයේ උන් බ්‍රොඩිව අමු අමුවේම, ප්‍රසිද්ධියේ බ්‍රොඩි ව එල්ලලා මරනවා. ඒ ටික බලද්දී නම් මම ගල් ගැහිලා හිටියේ. (කතාවේ ප්‍රධාන වගේම අපි ආසම කරන චරිතේ මැරෙනවා, මොකද එහෙම තමයි දේවල් වෙන්නේ, කතාවේ ඇති තාත්වික ස්වභාවය තමයි ඒ). ඔන්න ඔය විදියට තමයි තුවෙනි සීසන් එක ඉවර වෙන්නේ.
මම මේ ගොඩක් කෙටියෙන් කිව්වේ, ඔය කියපුවගේ අස්සේ තවත් හොඳ හොද දේවල් තියනවා. අනික මතක හැටියට කිව්වෙත්. කියපු සමහරක් වැරදි වෙන්නත් පුළුවන්.
හතරවෙනි සීසන් එකේ ඉතිං තාම නම් බ්‍රොඩි ගැන සදහනක් නැහැ. වෙනමම මෙහෙයුමක් යන්නේ, ඒකත් ආයේ සුපිරි. ඔයාලම බලන්නකෝ..
මම මේ මෙච්චර කියන්නේ මොකද ඒ තරම්ම මේක සුපිරි කතාවක් නිසා. කතා බලන රසිකයෙක් නම් අනිවා බලන්න ඕනේ නිසා. ඔය ඇරෝ, වොකින් dead වගේ බොරු වැඩ බලන අයටනම් මේක හරියන එකක් නැහැ. මෙච්චර මේ කියනවටවත් පොඩ්ඩක් බලන්නලා..
පලවෙනි සීසන් එකේ එපි තුන හතරක් යනකම් බොරින් වෙයි. ඒත් ඊටපස්සේ නම් කියලා වැඩක් නැහැ.
එහෙනම් අපි ගියා..
ජය වේවා!!!