කොහොමද කට්ටියට? පහුගිය සතිය නම් සෑහෙන්න චමත්කාරජනක එකක් වුණා මතක ඇතිනෙ. බලන් ගියාම එකාට එකා කරන්නෙ හොර වැඩ. ඒවා අහුවෙන්නෙත් නියම වෙලාවල් වලට. අපි ටිකක් මතක් කරගමුකෝ. මුලින්ම ඔන්න අයාන් එයා ඉන්න තැනින් උස්සපු බේත් ටික කිරන්ගෙන් ආපහු ඉල්ලගන්න ගිහින් බලද්දි කිරන්ගේ තාත්තා ඒවට කරන්න ඕනා දේ කරලා. බේත් ඔ…

කොහොමද කට්ටියට? පහුගිය සතිය නම් සෑහෙන්න චමත්කාරජනක එකක් වුණා මතක ඇතිනෙ. බලන් ගියාම එකාට එකා කරන්නෙ හොර වැඩ. ඒවා අහුවෙන්නෙත් නියම වෙලාවල් වලට. අපි ටිකක් මතක් කරගමුකෝ.
මුලින්ම ඔන්න අයාන් එයා ඉන්න තැනින් උස්සපු බේත් ටික කිරන්ගෙන් ආපහු ඉල්ලගන්න ගිහින් බලද්දි කිරන්ගේ තාත්තා ඒවට කරන්න ඕනා දේ කරලා. බේත් ඔක්කොම විනාශ කරල විතරක් නෙවෙයි අයාන්ගේ විද්‍යාලයටත් කියල. ඒ හින්දා දැන් අයාන්ව ඒකෙන් නෙරපලා බේත් හොරකම් කරපු වැරැද්දට. කර කියාගන්න දෙයක් නැතුව අයාන් යනවා ජනමාධ්‍යවේදිණියක් කියලා හිතන කැරීව හම්බවෙන්න. ගිහින් කැරීගෙන් රුපියල් 80,000 ක් ඉල්ලනවා. කැරීට හේතුවක් කියන්නෙත් නෑ. හැබැයි කැරී ඒක දීලා අයාන්ට හොරෙන් පස්සෙන් යවනවා ෆාරාවයි, මැක්ස්වයි. අයාන් කෙළින්ම යන්නෙ රෝහලකට. පහුවදා පාන්දර අයාන් ගෙන් සල්ලි අරගෙන ඇතුළට ගිය හෙදියක් මල්ලක් අයාන්ට දෙනවා. ඊට පස්සෙ ෆාරාට අයාන් පස්සෙ පයින් ගිහින් හොයන්න වෙනවා.
මේ අතර ඇන්ඩිගේ රහස් මූලාශ්‍රය ගැන කැරීට එයාගේ ඉරිසියාකාර දෙවෙනියා එලිකරනවා. හැබැයි එයාගේ අනික් අයට ඒ ගැන නොදන්න බව අඟවනවා. අනික කැරී මොකාටද එන්නෙ කියලා බලන්න පස්සෙන් කට්ටියව යවනවා. කැරී එයාගේ රහස් කණ්ඩායම එකතු කරගෙන ඒ පාකිස්තාන බුද්ධි අංශයට කෙළින්ම සම්බන්ධ නැති මූලාශ්‍රය ඉන්න තැනට කැමරා හයි කරනවා. ඒ මදිවට ජංගම දුරකථනයත් ක්ලෝන කරනවා. ඊට පස්සෙ ආපහු යන්න කියපු සෝල් ලව්වා දෙබර කූඩෙත් අවුස්සනවා. ඒ ඇවිස්සිල්ලෙන් පස්සෙ අර මූලාශ්‍රය ඉන්න තැනෙන් පිටවෙන්න යද්දි එයාව අල්ල ගම්මු කියන අදහසට විරුද්ධ වෙච්ච කුයින් එක්ක වාදකර කර ඉන්න කොට මෙන්න ඇමතුමක් එනවා ෆාරාගෙන්.
ෆාරා කියනවා අයාන් ගිහින් හම්බවුණේ, මුලම මේ හැම දේකටම මුල් වෙච්ච විවාහ උත්සවයට මුල් වෙච්ච ප්‍රහාරයෙන් මියගියා කියල හිතපු හකානිවයි කියලා. ඉතින් කැරී තේරුම් ගන්නවා අර මූලාශ්‍රය පස්සෙන් එලවනවා වෙනුවට ආපහු අයාන්ගෙන් ගේම ගෙනියන්න. ඒ හින්දා ආපහු කොයි වෙලාවෙ හරි අයාන් ආවහම එක්කගෙන එන්න කියනවා. එහෙම එක්කගෙන ආවහම කැරී අයාන්ව වසඟ කරගන්නවා දකින්න ඇතිනේ.
මේ අතර දැන් ඉන්න තානාපතිනියගේ මහත්තයා තමා සැන්ඩිට විකුණන්න රහස් තොරතුරු පිටකරලා තියෙන්නෙ. එයගේ මහත්මයා උගන්වන විශ්වවිද්‍යාලයට යන කාන්තාවක් ඒ බව දන්න එක එළිකරලා දිගටම එහෙම කරන්න කියලා කියනවා. වැඩේ ගැස්සුණා කියලා දැනගෙන ආපහු ඇමරිකාවට යන්න පොටක් පාදගෙන ඉන්න කොට පහුවදා බලෙන්ම මෙයාව පැහර ගන්නවා අර කාන්තාව. ගිහින් තර්ජනය කරනවා ඔහු කියන විදියට නොකළොත් පරණ උස්සපු ඔක්කොම එළි කරලා ඔහුව හිරේටත්, තම බිරිඳගේ වෘත්තීය ජීවිතය නාස්ති කරලා දාන බවටත් තර්ජනය කරනවා.
හොඳයි අද එහෙනම් බලමු මේ සිද්ධි ඔක්කොම මොන අතකට පෙරළෙයිද කියලා. එහෙනම් ඔන්න මම කැපුනා. ජය෴෴330
b531de5c1cd850c617a52d211d017d56e0b9f4c0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,064 downloadsDownload Homeland.S04E05.sinhala.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
25 comments
gayan
me
Thanks
DilanH
ගොඩක් ස්තුතියි අයියා මේක දෙනකම්ම හිටියේ ජයවේවා :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
thnq :)
ප්‍රදීප් ඉරේෂ්
එල එල..මම මේ බැළුවේ මොකද පරක්කු කියලා..
Anushka
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ මෙන්න බානවා :D
harsha
ම්ම්ම් කියලා වැඩක්නෑ කතාව සුපිරියට යනවා. එහෙනම් සහෝ ස්තූතියි ඔන්න පටන් ගත්තා බෑම
Panchi
thanx aiye
sajeevi
thanks
ujitha
thankiu saho,,,, elama thamae
ampath
-
බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට.............චන්දිම අමරසිංහ
නියමයි සහෝ ..
සුභපැතුම්
ඉදිරියටම යමු ජයවේවා..!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
samadhi
බොහොම ස්තූතියි උපසිරසියට………….
Kulanjana Maduranga
Thanks ROYLI Aiye....sub ekata..digatama sub demu.jaya wewa……
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කියල වැඩක් නැහැ රොයිලි අයියේ..
ඔක්කොමත් හරි කැරී එයාගේ නමින්ම කරපු වැඩේ ගැන නම් හරි දුකයි..
අර නොයිඳුල් අහිංසක කොල්ලා පව් අප්පා..
මම කිව්වා නේ මුලිනම් යාන් එන්නේ හොඳකට නෙවි කියලා..
දැන් නම් ගේම යසට නැගලා යනවා නේ..
ඔන්න එහනම් දැන් බාලා දැන්ම බලනවා..
ජය වේවා...
අපිත් කැපුනා...Rashmika
THANKS LOT SAHO!!!!!!!!!
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.............ශාන් විමුක්ති [විමා]
මෙන්න සබ් එක ගන්නවා රොයිලි අයියේ
හම්මේ ඉතින් නේ
මටනම් හිතුනා පොර මලේ නැහැ කියල
කතාවේ අනාගතේ ගැන කියන්නට බැරි හන්දා බොරුවට චාටර් නොවී සද්ද නැතුව හිටියත් ඒ දේ කලින් කියන්න තිබ්බ කියල හිතෙනවා අෆ්ෆා
ගිහින් එන්නම් ඈGayan Sampath
ela ela
Thanks saho....වරුණ රංගජිත් (වරූ)
නියමයි රොයිලි අයියා නියමයි..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!Sajith Akalanka
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට මග බල බල හිටියෙ අයියා