Watch Trailer

Homeland 🇺🇸 [5×12 – A False Glimmer] with Sinhala Subtitle | ඇයි, ඇයි, ඇයි මේ???? :( [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි අවසානෙටම ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕනා කලින් පාරවල් වල කළා වගේ කොපිය ආව දවසෙම උපසිරැසිය දෙන්න බැරි වෙච්ච එක ගැන. ඒත් මම නිකමට කියන්නම් මම මේවා ගෙනාවේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සබ් එක එනවා සඳුදා උදේ මම ඉන්න රටේ වෙලාවෙන් උදේ 6.30 ට වගේ. ඉතින් උදේ වැඩට යන්න කලින් ලයින් 200+ වගේ දාල […]

Homeland S5New

ඔන්න එහෙනම් අපි අවසානෙටම ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕනා කලින් පාරවල් වල කළා වගේ කොපිය ආව දවසෙම උපසිරැසිය දෙන්න බැරි වෙච්ච එක ගැන. ඒත් මම නිකමට කියන්නම් මම මේවා ගෙනාවේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සබ් එක එනවා සඳුදා උදේ මම ඉන්න රටේ වෙලාවෙන් උදේ 6.30 ට වගේ. ඉතින් උදේ වැඩට යන්න කලින් ලයින් 200+ වගේ දාල යනවා. ඊට පස්සේ බස් එකේ යන එන ගමන් ෆෝන් එකෙන් තව 150-200 ක් වගේ දානවා. ඒකෙන් දාන එක තමා කට්ට අමාරු. ඊට පස්සෙ ආපහු ගෙදර ඇවිල්ලා ෆෝන් එකෙන් දාපු ටික ඔරිජිනල් එකට අරගෙන, ලයින් එකතු කරන බෙදන ඒවා කරලා තව ටිකක් දාගන්නවා. ඊට පස්සෙ සබ් එකේ ලයින් ගාන අනුව සඳුදා රෑම (ලංකාවෙ නම් අඟහරුවාදා උදේ) හෝ අඟහරුවාදා රෑම දෙනවා. ඉතින් ඔහොම කරන්න වෙලාව ගිය හින්දා තමා වෙනදා වගේ සඳුදා හවස් වෙද්දිම දෙන්න බැරි වුණේ. ඉතින් කොහොමහරි ඔන්න ආසිරිගේ ඉල්ලීම පිට දෙන්න ගත්ත මේ අදියර අදින් නිම වෙනවා. මටම ජය වේවා!!!!

පහුගිය කොටස ගැන වැඩි දෙයක් කියන්න නෑනේ නේද? ඇලිසන්ට මුලින් මේ ප්‍රහාරය නවත්තලා ආපහු CIA එකේ උඩට යන්න ඕනා වුණාට, රුසියාවෙ අදහස නම් දැන් එයා වැඩකට නැති කෙනෙක් කියලයි. ඉතින් ඇමරිකාවේ ජනාධිපතිටම මතක් කිරීමක් කරන්න හින්දා රුසියාවෙන් හිතනවා මේ ගෑස් ප්‍රහාරය සිද්ධ වෙන්න ඕනා කියලා. ඒ හින්දා ඇලිසන්ට බල කරනවා අන්තිම පැවරුම විදියට ඒක වෙන තැනට වග බලාගන්න. දකින්න ඇතිනේ ඒක කරපු හැටි. අන්තිමේ කැරී ඇරෙන්න වෙන කාටවත් බැරි වෙනවා මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න. කුයිනුත් මෙදාපාර ක්‍රියාදාම වලින් පිට තමා ඉන්න වෙන්නේ. සෝල්ට නම් එපාම වෙලා ඇති ඇලිසන් අන්තිම මොහොතෙත් ඇඟිලි වලින් ලිස්සපු එක ගැන.

එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාරයි. නොහිතපු දෙයක් සිදු වෙයි. (ආසිරි උඹ නම් අද කොටස බලන්න එපා. 🙁 ) එහෙනම් හයවෙනි අදියර ගැන මට මෙහෙම, ඒ කාලෙට කතාකරන්න ලැබේවා කියලා පතාගෙන මම සමුගන්නවා. එහෙනම් සුබ නත්තලක් හා අලුත් අවුරුද්දකට බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ආසිරි පතන්නත් දැන් අවස්ථාවක් කරගන්නවා. ජය෴෴405

Homeland S05 E12 promo

Homeland (2011) on IMDb

 

 

181 MB කොපිය මෙතනින් බාගන්න

2A72609B027D2EBB0C3954E55A95ABC8A155E04D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,060 downloadsDownload Homeland.s05.e12.Sinhala.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,060 downloadsDownload Subtitles105 KB

41 comments

  1. sunilakalanka

    thanks රොයිලි jaya wewa!! :D

  2. හර්ෂණ

    බානෝ.... හුරේ

  3. සජීවි

    කොහොම කොහොම හරි සීසන් 5 ටත් සබ් දුන්නට ගොඩක්ම ස්තූතියි.
    ඊලඟ සීසන් එකටත් රොයිලි සහෝගෙන්ම සබ් ලැබේවා!!!!!
    කතාව නම් අපිව පිස්සු වට්ටන්නමයි ලියලා තියෙන්නේ.
    මේක එපා වෙන්නෙම නැහැනි.

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      එපා වෙන්නේ නැත්තේ මොකෝ, මෙලෝ රහක් නෑ..
      හොදටම එපා වුනා..

    2. Sajeevi

      Asiri mallige hitha nam godak ridila wage...

  4. Keshan Wasala

    මේ විගහට ආවේ මේ කොටස අරගෙන යන්න. ගිය සතියේ කොටස නං අවසන් ටික හුස්ම හොදටම හිරකරලා තමා නතරකරේ :D මේ සීසන් එකේදී නං කිව්වා වගේ කුයින්ගේ වැඩ කෑලි ගොඩක් අඩුවෙන් තමා තිබ්බේ.බලමු එහෙනං අවසානේ කොහෙන් ඉවර වෙයිද කියලා .. බොහොම ස්තුතියි අයියේ මේ සීසන් එකත් අපිට අරං ආවට &gt;&gt;හෝව් හෝව්&lt;&lt; මේක විතරක් නෙමේ ලබන අවුරුද්දේ එන සීසන් 6 ත් ඕනේ අනිවා..එහෙනං අයියටත් බයිස්කෝප් වාසි සියලු දෙනාටමත් ලබන්නාවූ නත්තල සුබම සුබ නත්තලක් වේවා !! කියලත් ප්‍රර්ථනා කාරනව. ජය වේවා !!

  5. බුල්ලා

    හම්මේ ඇති යන්තම්.....මන් මේක බලන්න ගත්තෙ ලගදි ඉඳන්.1 සීරිස් එකේ ඉඳන් එක හුස්මට බැලුවා.කොහොමින් කොහොම හරි 5 අන්තිම කොටසෙ සබ් එක දෙන දවසෙම ගන්න පුලුවන් උනා.හෙට අනිද්ද රිසාල්ට් එන නිසාත් ආයෙමත් උ.පෙ කරන නිසායි ගෙදරට හොරෙන් හෙන ගේමක් දීල බලන්න උනේ.මොකද ඒ තරමටම මේක පට්ට් ඈ.තෑන්ක්ස් රොයිලි අය්යෙ සබ් වලට.ඔන්න හොඳේ 1 සීරිස් එකේ ඉඳන් 5 සීරිස් එක වෙනකන් ගත්ත සබ් 60 ටම මාගේ හද පිරි ස්තූතිය පුද කරා ඇ.6 සීසන් එකත් අනිවාරෙන්ම දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
    ජය වේවා!!!!!!! ☺☺☺

  6. darshi

    ස්තුතියි, ඔබගේ උත්සහායට මාගේ ප්‍රණාමය සහෝ

  7. FreelaZer

    thanks bro..

  8. Sadu..

    රෝය්ලි සහෝ බොහොම ස්තුති සබ එකට.මේ සිඉසන් එක ඉවරවෙන එක ගැනනම් ගොඩක් දුකය්.ඔයාගේ සබ නිසා තමය් මේ ලස්සන කතාව බලන්න අපිට අවස්ථාවක් හම්බ උනේ.ගොඩක් පින් බ්‍රෝ.ඒ වගේම 6වෙනි සිඉසන් එකත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා සහෝ.රෝය්ලි සහෝ ජය වේවා.baiscopelk අඩවියටත් බොහොම තුති......
    සහෝ බුදුසරණය්!!!

  9. shine

    thanks sahoo...godak watinawa

  10. “චූටී මල්ලි”

    aniwa season 6th denna oni oyamayi
    tnx

  11. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.............
    ඔබටත් සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  12. Dimuthu

    Thank you!

  13. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
    obatath subama suba naththalak wgema,suba aluth awruddak wewa......

  14. Piyumal

    ස්තුතියි, සහෝ

  15. නිරෝෂ්

    බොහොමත්ම ස්තුතියි රොයිලි සහෝ මේ කරන කැපකිරීමට.හයවෙනි සීසන් එකත් ඔබෙන්ම බලාපොරොත්තු වෙනවා.ජයෙන් ජයම වේවා.!

  16. Jeewantha

    තමන්ගේ යුතුකමක් රාජකාරියක් විදියට අපේ රසාස්වාදය වෙනුවෙන් මේ කරන උතුම් කැපකිරීමට මගේ හෘදයාංගම ස්තුතිය. ඔබට ජයෙන් ජය.

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දැන් මේ මම බලන්න කියලා හැදුවේ..
    කොහොමත් දැනුත් රෝගාතුරව ඉන්නේ.
    එහෙම අයහපත් දෙයක් වෙන එකක් නෑ නේද?
    කුයින් ගැන තමා බය.
    නොබලා ඉන්නේ කොහොමද දෙයියෝ.
    ආසධ්ය තත්ත්වයේ ඉදන් බලල මට දරාගන්න බැරිව කෙලවිලා යයිද?
    අපෞඔ, අවුලක් නෑ, බලලම දානවා.
    දැන්, බලලා ආයේ එන්නම්ko පණපිටින් හිටියොත්.

  18. indika

    ස්තුති.... ජය....

  19. rajith

    thanks saho me season eaka digatama sub dunnata.
    api wenuwen karana kepakirimata bokkenma thanks.
    6 weni season eakatath oya vidihatama sub genna saho.
    kathawa nam patta.. iwara una eakatanam dukai.
    jaya wewa saho...

  20. නිර්මාණි

    මම ආය හෝම්ලෑන්ඩ් බලන්නෙ නෑ :'( උපසිරසියට තුති අය්යො :/

  21. බුල්ලා

    අනෙ අනෙ,ඒ මොකද්ද අප්ප ඒ වුනේ?..
    ෂික් එහෙම දෙයක් නම් වෙන්න එපා අයියෝ......
    මෙච්චර ආසාවෙන් බලපු ටීවී සීරිස් එක.

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වෙනද නම් කිව්වද කොහෙද ඊළඟ සීසන් එකට අනිවා සබ් ඕනේ කියලා.
    අවුලක් නෑ රොයිලි අයියේ, ඔයාටත් වැඩ රාජකාරි තියේ නේ.
    ඊළඟ එකේ සබ් ඕනේ නැහැ.
    ඔයා නෙවි, වෙන එකෙක්වත් සබ් කරන්න ඕනේ නෑ,
    මේ වගේ කතා නම් වැඩක් නෑ.
    මාසයක්, අඩුම සති දෙකක් ඉඩපන්කෝ,
    රෙද්ද ආදරෙයි කියලා ඔයතරම් ආදරයක්. දවස් හරරෙන් එකී කොහොමද එහෙම තීරණය කරන්නේ?
    එකී අල්ලාහ් ද? කැරී, බැල්ලි....(කැරී කිව්වේ නමක්)
    වැඩක් නෑ අප්පා, ආයේ නම් සබ් ඕනේ නෑ.
    අනික කාසීම්, බ්‍රොඩි, මොන රෙද්දක්ද?
    චික්...
    ජය වේවා කියන්නෙත් නෑ.

  23. තිසර නියෝ

    යන්තම් මේ අදියරනම් ඉවර උනා..
    දැන් ඉතින් 6 එනකල් බලන් ඉන්න එක තමා එපා වෙන්නෙම...
    මොනා උනත් මේ අදියරනම් සුපිරි....
    උපසිරැසියට තුති රොයිලි අයියේ…
    ඉක්මනටම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    අනිවා 06 අදියරත් ඔයගෙන්ම සබ් ඕනා...
    ඔබට ජය

    #Hail_Hydra

  24. Thanura

    thanks for the sub

  25. නලින්

    එලස්ස්! රොයිලි අයියා...

    ජය වේවා!

  26. harsha

    ස්තූතියි මචෝ ඔන්න එහෙනම් බාගන්නවා. හෙට ඉඳලා දවස් කීපයක නිවාඩුවක් තියනවානේ එක හුස්මට ගොඩගැහිලා තියන කොටස් ටික බළලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ජයවේවා

  27. හේමාල්

    බොහොම පිං මහත්තයො

  28. Dasu

    බෙහොම ස්තුතියි රොයිල !

    සුපිරි කථාමාලාවක් සුපිරියටම අපට ගෙනත් දුන්නට........
    එහෙනම් 6වන කථාමාලාවෙන් නැවත හමුවෙමු.

  29. neranja

    thanks yaluwa. mama asawenama balapu pattama kathawak.. obata jayama wewa.. thawa thawath hoda nirmana aragena enna' api balan innawa.. god bless you

  30. විමා

    බොහොම ස්තුතියි රොයිලි අයියේ කට්ට කාගෙන අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට
    ඒ වගේම සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පමා උනාට
    ඊයේ රෑ තම මේක බැලුවේ ඔන්න
    හැබැයි ඉතිං හේවා වැලපිලා තිබ්බ වගේ දෙයක් නම් උනා කියල මට පෙන්නේ නම් නෑ
    කුයින් අඳුරට යන්න ඕන කියල කිව්වට එතන ජනේලෙන් එන්නේ ආලෝකයක්
    ඊලග සීසන් එක වෙනකොට මැතිසන්ගේ හිත වෙනස් වෙලා කුයින් අබාධිත තත්වයෙන් ඉදල ගොඩ එන්න පුළුවන්කමක් තියනවා
    කුයින් මලා කියන්නේ මැතිසන්ට දකුණු අත අහිමිවෙනවා වගේ
    කතාවට ගොඩක් බලපාවි එහෙම උනොත් නම්
    මං ඉතාන්නේ නෑ නිෂ්පාදකයින් එහෙම කරවී කියල
    එයාල කැමති වෙන එකක් නෑ විවර්ස්ලා ගාන අඩුකරගන්න
    එහෙමනම් රොයිලි අයියේ ඊගාව සීසන් එකෙන් නැවත හමුවෙමු
    අයිය කියල තියනවා වගේම, මටම ජය වේවා :D

  31. chamila

    thanx bro..

  32. me

    Thanks

  33. Rajitha

    අන් අයගේ රසවින්දනය උදෙසා ඔබගේ කැපවීම මහත් අගය කොට සලකමු. ඔබට සදා ජය රොයිලි සහෝ ...!!

  34. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

  35. Gibbs

    Thanks......... Excellent work....

  36. GAS GAMAGE

    aluth episode eka thama natte ai????season 5 *13??????????????

  37. Thanujaya Bandara

    නියමයි නියමයි සහෝ...........
    සුපිරි කතාවක්............
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
    ජයෙන් ජයම වේවා !!!!

  38. Thanujaya Bandara

    බොහොම ස්තුතියි
    ඒ වගේම සමාවෙන්න ඕනා,
    කමෙන්ට් එකක් දාන්න පමා උනාට.............

  39. kasun@rko

    Supiriiiii