ගිය සතියෙ කොටස ගැන කිව්වොත්, නිස්කා ජීවත් වෙන්න වෙනම ප්‍රදේශයකට යනවා. එහෙදි එයා ළඟ තිබ්බ විඥානය ලබා දෙන කෝඩ් එක එයා ලෝකය පුරා හැම සින්ත් එක්නෙක්ට මුදා හරිනවා. නමුත් හැම සින්ත් කෙනෙක්ටම විඥානය ලැබෙන්නෙ නෑ. අතරින් පතර කිහිප දෙනෙක්ට විටින් විට මේ විඥානය ලැබෙනවා. ටෙන් සහ හෙස්ටර් කියන්නෙ විඥානය ලැබුන දෙ…

ගිය සතියෙ කොටස ගැන කිව්වොත්, නිස්කා ජීවත් වෙන්න වෙනම ප්‍රදේශයකට යනවා. එහෙදි එයා ළඟ තිබ්බ විඥානය ලබා දෙන කෝඩ් එක එයා ලෝකය පුරා හැම සින්ත් එක්නෙක්ට මුදා හරිනවා. නමුත් හැම සින්ත් කෙනෙක්ටම විඥානය ලැබෙන්නෙ නෑ. අතරින් පතර කිහිප දෙනෙක්ට විටින් විට මේ විඥානය ලැබෙනවා. ටෙන් සහ හෙස්ටර් කියන්නෙ විඥානය ලැබුන දෙන්නෙක්. මේ දෙන්න හිතන්නෙ මේක දෝෂයක් කියල. ඒ නිසා මෙයාලව හදන්න පුළුවන් කෙනෙක් හොයාගෙන යද්දි මෙයාලට හම්බෙනවා ලියෝ සහ මැක්ස්ව. හැබැයි හෙස්ටර් පස්සෙන් එයාව අල්ලන්න මිනිස්සු එනවා එයා වැඩ කරපු තැන අය. එයාල හිතන්නෙ මේක සින්ත්ගෙ දෝෂයක් කියල. මෙතනදී ටෙන් මැරෙනවා. හැබැයි ලියෝ සහ මැක්ස් දෙන්න හෙස්ටර් එක්ක වාහනේක පැනගන්නවා. මේ වාහනේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා. කොහොමහරි මේ මිනිහව අරගෙන ගිහින් ලියෝ ඉන්න තැන හිර කරලා තියාගන්නවා. හැබැයි මේක මියා දන්නෙ නෑ. මියාට මේ ගැන කියන්නෙත් නෑ. මොකද මියා මේ වගේ වැඩ වලට අකමැති නිසා. හෙස්ටර් මේ මනුස්සයට වද දීල අනිත් සින්ත්ල හිර කරලා ඉන්න තැන ගැන විස්තර වගයක් අහගන්නවා. ඒ තැනට කියන්නෙ සයිලෝ කියල.
ඒ වගේම මේ අතරේ ඇනීට(මියා), මැක්ස්, ලියෝ ජීවත් වෙන්නෙ වෙනම ප්‍රදේශයක සැඟවිලා. එහෙදි මියා සින්ත් කෙනෙක් විදිහට කඩේක වැඩ කරනවා. මොකද මියාට ඕන කරන්නෙ මිනිස්සුත් එක්ක හොඳින් එකට ජීවත් වෙන්න.
මේ අතරේ අලුත් කෙනෙක් කතාවට සම්බන්ධ වෙනවා. ඒ තමා ඩොක්ට මෝරෝ. එයත් සින්ත්ල ගැන ගොඩක් පරීක්ෂණ කරන කෙනෙක්. මෙයා දැනට වැඩ කරන තැනින් එයාව කොලියා කියල ආයතනයක වැඩට ගන්නවා. හැබැයි මේ ඒකෙ අයිතිකාරයට වැඩිය කැමති නැහැ. ඩොක්ටර් මෝරෝට බාර දෙන වැඩේ තමයි මේ අලුතෙන් විඥානය ලැබෙන සින්ත්ලට එහෙම ලැබුණේ කොහොමද කියල හොයාගන්න එක.
ඒ වගේම හෝකින්ස් පවුල ගැන කිව්වොත් ජෝට තමන්ගේ රස්සාව නැති වෙනවා. දැන් පවුල නඩත්තු කරන වැඩේ සම්පූර්ණයෙන්ම පැටවෙන්නේ ලෝරාගේ කරට. ඒවගේම මෙහෙම ඉද්දි නිස්කා ආපහු මේ හෝකින්ස්ලව හොයාගෙන එනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි සින්ත්ලට මිනිස්සුන්ට තියන අයිතිවාසිකම් ගන්න උදවු කරන්න කියල ලෝරාට කියන්න. එහෙනම් අද කොටසින් බලමු මොකද වෙන්නෙ කියල. උදවු ලැබෙයිද කියල. ඊළඟ එපියෙන් හම්බෙමු. වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු වුණා. සමාවෙන්න ඕන ඒකට. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
humans.s02e02.hdtv.x264-tla
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
569 downloadsDownload humans.s02e02.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
13 comments
harsha
D H S S Anuradha
Ela ela enakam thamai balagena unne
Onna ehenam bagaththaරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Preiz
Thank you sahoo sub 1ta.. tikak parakkui thamayi.. eelaga 1 ikmaninma denna labewa.jaya...!!
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති අචින්ත සහෝ
මිතුල් ලක්ශිත
නියමයි කොලෝ
තෑන්ක්ස්උදාර දිල්ශාන්
මැක්සා බ්‍රෝ
3 ත් ආපු ගමන් සබ් දාමුමලිත් සංදීප
ස්තූතියි සහෝ
03 වෙනි කොටසෙන් හමු වෙමුඩිලාන් හසිත
තෑන්ක්ස් සබට අචින්ත
#ජයNirosha Dilshan
saba hodata denawata thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි අචින්ත සබට ඔන්න ගත්තා ජයවේවා