Watch Trailer

Marvels Luke Cage [S01 : E09] with Sinhala Subtitles | ලූක්ව හොදකරන්න පුළුවන් වේවිද? [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ ඩයමන්බැක් කාරයා මුලින් ලූක්ගේ බඩට වෙඩිතිබ්බා. ඒ උණ්ඩයට පුළුවන් ලූක්ව විනාශ කරන්න. මොකද ඒ උණ්ඩය වැදුනට පස්සේ ඇතුලේ පුපුරන්න ගන්න නිසා. ඒ වැදුණු පාරත් එක්ක පොර නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ ඉන්නේ. එයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ආපු ඇම්බියුලන්ස් එකටත් ඩයමන්බැක් පහරදීලා විනාශ කරපු නි…

Marvels-Luke-Cage

කලින් කොටසේ මතක ඇතිනේ ඩයමන්බැක් කාරයා මුලින් ලූක්ගේ බඩට වෙඩිතිබ්බා. ඒ උණ්ඩයට පුළුවන් ලූක්ව විනාශ කරන්න. මොකද ඒ උණ්ඩය වැදුනට පස්සේ ඇතුලේ පුපුරන්න ගන්න නිසා. ඒ වැදුණු පාරත් එක්ක පොර නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ ඉන්නේ. එයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ආපු ඇම්බියුලන්ස් එකටත් ඩයමන්බැක් පහරදීලා විනාශ කරපු නිසා. කොට්න්මවුත්ව මරායා මැරුවට පස්සේ හා(ර්)ලම් නිකන් පිස්සු විකාරයක් වීගෙන එන්නේ. මේ අස්සේ මරායා නැතිවෙන්න පුලුවන් අන්තිමට බිංදුවට වැටෙනවා. නමුත් ඒ ගෑනි කොට්න්මවුත්ව තියා කිසි කෙනෙක්ව ඇල්ලුවේවත් නැති ගානට ඉදලා කොට්න්මවුත්ව මරපු එකට ලූක්ව අහු කරනවා. සැලුන් එකේ තිබිලා සාක්ෂි අහු උනාට පස්සේ පොලිසියෙන් හැම තැනම දාලා ලූක් ව හොයන්න පටන් අරගෙන. මේ අස්සේ මිස්ටි නයිට් පරීක්ෂකවරිය යනවා තනියෙන් ලූක්ව අල්ලගන්න. ඒ යන අතරේ එතනට ඩයමන්බැක් ඇවිල්ලා මිස්ටිට හොද දෙකක් නෙලලා දානවා. එයා හිතුවේ නම් එයාව මරයි කියලා. නමුත් මිස්ටි ටිකක් නිර්භීතව හිටිය නිසාද මන්දා ඩයමන්බැක් එයාව මැරුවේ නෑ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ මිස්ටි ඉන්නේ ලොකු කම්පනයට ලක්වෙලා වගේ. මොකද එයාට එතනදී වුන පාලනයක් නැති වෙච්ච එක නිසා එයා කරන හැමදේම හරිම කලබලෙන් කරන්නේ. කතාව ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා ඩයමන්බැක් ආයේ ලූක්ව හොයාගෙන තවත් පාරක් උරජිස හරියට වෙන්න වෙඩිතියලා දානවා.

නයිට්ගේ මේ පාලනය නැතිකම නිසා එයාව ආයේ හිටිය තත්වයට පත්කරන පුංචි පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක්මත් නෙවෙයි. එයා එක්ක කතා කරලා සැහැල්ලු කරන්නයි හදන්නේ. මේ අතරේ ලූක් යනවා ක්ලේයර්ව හොයාගෙන. මෙයාට එයාව හොයාගෙන යන අතරේ පොලිස් නිලධාරියෝ දෙන්නෙක්ට පහරදෙන්නත් වෙනවා. මොකද ඒ දෙන්නා ලූක්ව අදුනගෙන අත්අඩංගුවට ගත්ත නිසා. රීවා මැරෙන්න කලින් ක්ලේයර්ට පෙන් එකක් දීලා තියෙනවා. ඒකෙ තියෙන්නේ මේ පරීක්ෂණ හැම එකකම විස්තර. මතක ඇතිනේ ලූක් හිරගෙදර ඉන්න කාලේ එයාව පරීක්ෂණයට ලක් කරපු ඩොකාව. එයා තමයි මේකේ තියරිය දන්නේ. ඒ හන්දා ලූක් හා ක්ලේයර් යනවා ඒ ඩොකාච හොයාගෙන. හොයාගෙන ලූක්ගේ ඇගේ තියෙන උණ්ඩ කෑලි අයින් කරලා ලූක්ව සනීප කරගන්න පුළුවන් කමක් ලැබෙයිද? බලලම ඉන්නකෝ.

එහෙනම් ඔන්න අදින් මගේ වැඩේ අහවරයි! පහුගිය වතාවේ වගේ මේ පාරත් මාවල්ලගේ “ලූක් කේජ්” සීරිස් එකට මාවත් එකතු කරගෙන මටත් කොටස් දෙකක් බාර දුන්නට ගොඩක් ස්තුතියි විමෝ. ඉතිරි කොටස් ටිකත් මග එනවා. ඒ නිසා රැදිලා ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය කිව්වා.

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E09.720p.WEBRiP.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,315 downloadsDownload Marvels.Luke_.Cage_.S01E09.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,315 downloadsDownload Subtitles33 KB

20 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  3. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  6. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ
    එලම...

  8. පැතුම් අතුකෝරල

    නියමයි කොල්ලෝ
    අනෙක් කොටස් වලත් සබ් ඉක්මනට දාමු

  9. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් චාමර සබට

  10. මිතුල් ලක්ශිත

    නියම්යි කොල්ලෝ
    තෑන්ක්ස්

  11. කනිශ්ක ලක්මාල්

    මැක්සා බ්‍රෝ
    10 ත් ඉක්මනට දාමු

  12. මලිත් සංදීප

    ස්තූතියි සහෝ
    10 වෙනි කොටසෙන් හමු වෙමු

  13. Dinesh

    Thanks dude!

  14. shashi

    ela ela

  15. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  16. Tharindu

    බොහොම ස්තූතියි...

  17. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  18. Rohana Chaminda Bandara

    Thanks bro........

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  20. Bimbisha Adithya

    ✨️ චාමර සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජය ♥️