ක්‍රිස් මැක්නියල් කියන්නේ ඇන්ජෙලා, එහෙමත් නැත්තම් රෙගල් මැක්නියල්ගේ අම්මා. ක්‍රිස් එක පාරටම ඇන්ජෙලාගේ ගෙදරට එනවා දැකගන්න ලැබුණා පස්වැනි කොටසින්. කොහොමහරි ක්‍රිස් හිටියේ ඇන්ජෙලාගේ ගෙදර. මිට පෙර ඇන්ජෙලා කිව්වා එයාගේ අම්මා ඇයව මාධ්‍ය හරහා එයාව විකුණගෙන කෑවා කියලා. ඇන්ජෙලා වුනු සිද්දීන් එක්ක. ඒ කිව්වේ…

ක්‍රිස් මැක්නියල් කියන්නේ ඇන්ජෙලා, එහෙමත් නැත්තම් රෙගල් මැක්නියල්ගේ අම්මා. ක්‍රිස් එක පාරටම ඇන්ජෙලාගේ ගෙදරට එනවා දැකගන්න ලැබුණා පස්වැනි කොටසින්. කොහොමහරි ක්‍රිස් හිටියේ ඇන්ජෙලාගේ ගෙදර. මිට පෙර ඇන්ජෙලා කිව්වා එයාගේ අම්මා ඇයව මාධ්‍ය හරහා එයාව විකුණගෙන කෑවා කියලා. ඇන්ජෙලා වුනු සිද්දීන් එක්ක. ඒ කිව්වේ ඇන්ජෙලා නම් අපිට කිව්වේ එයාටත් පොඩි කාලේ මනකල්පිත යාළුවෙක් හිටියා කියලා. සුපර්නැචුරල් බලපු අයට නම් හොදටම මතක ඇති මනකල්පිත යාළුවෙක් කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ ගොඩක්ම මේ මනකල්පිත යාළුවෝ ඉන්නේ තනිවුන උදවිය එක්ක. ඒ අයගේ තනිකම මකන්න වගේම ඒ කෙනාට විතරක් පේන අන් අයට නොපෙනන අදෘශ්‍යමාන චරිතයක් තමයි ඔය මනකල්පිත යාළුවෙක් කියන්නේ. ඇන්ජෙලාට එහෙම කෙනෙක් ඉදලා තියෙනවා. එයාට ඒ කෙනා උදව් වෙලත් තියෙනවා. පස්සේ ඇන්ජෙලාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදපු කතාවක් කිව්වා ඒ හැටි විස්තර නොකර. ඇන්ජෙලා හිතුවේ මේ මනකල්පිත යාළුවා තමයි කේසී පස්සෙනුත් ඇවිත් තියෙන්නේ කියලා. අපිට තාම නම් ඒ කෙනාව දැකගන්න ලැබුණේ නෑ. ක්‍රිස් මේ දේවල් මුදල් පරමාර්ථයක් කරගෙන පොත් මුද්‍රණය කරලා, නොයෙක් ආකාරයේ වැඩසටහන් සදහා අවස්ථාවක් කරගෙන තිබිලා තියෙනවා. ඒ නිසයි පස්සේ කලෙක ඇය ක්‍රිස්ගෙන් පැනලා ඇවිත් වෙනම ජීවිතයක් ගත කලේ අළුත් අනන්‍යතාවයකින්ම. කොහොම නමුත් ඇන්ජෙලාගේ නම් පොඩි හරි කැමැත්තක් තිබුණේ නෑ එයාගේ අම්මා ඇවිත් එහෙ නතර වුනාට.
කේසීගේ අතුරුදහන් වීමත් එක්ක මුළු චිකාගෝ පොලිසිය ඇතුළුව ගොඩක් දෙනා ඇයව හොයමින් හිටියේ. තෝමස් වෙනත් තැනක තියෙන තැනකට කට්ටිය ගෙන්නලා පෝස්ටර් මුද්‍රණය කලා, හදිසි ඒකකයක් හැදුවා, ඒවගේම මේ රෑන්ස් පවුලේ කට්ටියම නගරේ එක තැනකට ගෙන්නලා ලොකු මාධ්‍ය ප්‍රචාරයක් දුන්නා. මේක කඩාකප්පල් කරන්න මිනිස්සු වගයකුත් ආවා. ඒ අර කලින් අවයව ගලවාගෙන ගියේ කවුදෝ මන්දා මිනිස්සු වගයක් ඇවිල්ලා. ඒ මැරිච්ච අය වෙනුවෙන් හඩාවැලපිගෙන ආපු මිනිස්සු පස්සේ මාධ්‍ය රෑන්ස් පවුල ගැන ප්‍රචාරය කරනවා වෙනුවට බලෙන් ම වගේ හරවාගෙන එයාලගේ දුක කියන්න ගත්තා. තෝමස් ජෙසිකා එක්ක ඇයිහොදෑයියක් තිබුනා ගොඩක් එහා ගියපු. ජෙසිකාගේ කසාදෙ කැඩිලා ගිහින්. ඒ නිසා එයා වෙනම නවාතැනකට ඇවිත්. තෝමස්ට කිව්වා එහෙට එන්නයි කියලා යතුරකුත් දුන්නා. මුලින් නම් බැහැ කියලා පස්සේ ගියා. හැබැයි එහෙම වැරදි වැඩක් ආයේ නම් ගිය කොටසේ වුනේ නෑ. 😛 මේ ඔක්කොමත් හරි ගියසතියේ කොටසේ තමයි මරුම සිද්දිය වුනේ. අර මරීයා වොලටර්ස්ලා කරගෙන යන්නේ පුණ්‍යාධාර සම්බන්ධ වැඩ. නමුත් ඒක යටින් වෙන්නේ හොර වැඩ. ටැටර්සල් කියන්නේ මරීයා වොල්ටර්ස් නෝනගේ මහත්තයාගේ සමාගම. හැබැයි දැනට අවුරුදු දෙකකට කලින් වොල්ටර්ස්ලා මේ සමගම සල්ලි දීලා අරගෙන තියෙන්නේ. නමුත් මේක හරියටම 2002 දී බුන්වත් වෙලා වහලා දාලා තියෙනවා. අනික මේ අය ව්‍යාපාරික බලපත්‍රය අළුත් කරලත් නෑ. ඒ ටැටර්සල්ලගේ වෑන් එකකින් ඇවිත් තමයි අර යක්ෂයො වැහිච්ච මිනිස්සු ඇවිල්ලා තවත් මිනිස්සු වගයක් මරලා දාලා අවයව අරගෙන ගියේ. මේ අවයව අරං ගිහින් පුච්චලා අළු කරනවා. පස්සේ මේක උත්සවයක් හැටියට සමරනවා. මේකට කියන්නේ “අළු මංගල්‍ය” කියලයි. තෝමස්ට හදිසියෙන් දැනගන්න ලැබුණු ලැබුණු බල්ලෝ නැති වුන කතාව මාකස් ට කිව්වම තමයි උතුරු උමං මාර්ගය පැත්තට ගිහින් බලන්නේ. එතකොට දැකගන්න ලැබුණු යක්ෂයෝ ආවේස වුනු මිනිස්සු බුරුතු පිටින් ඉන්නවා. ඒ අතරේ කේසීත් හිටියා. නමුත් ඇය පැනලා ගියා. මේ අතරේ අර මරීයාලගේ උත්සවය ඉවරවෙලා වෙනින් මොකක්දෝ වැඩසටහනක් වෙන්නයි යන්නේ. අහ්හ් කියන්න අමතක වුනානේ. මේ උත්සවයට තමයි මරීයා ඇවිල්ලා තෝමස්ට කිව්වේ සහභාගී වෙන්න කියලා. මේ කට්ටියට තමයි ෆ්‍රයස්ලා කියන්නේ. තවත් පියතුමෙක් අර කට්ටියගේ අළු අරං ඇවිත් පිබලා උඩ විසිරෙව්වම ඒ අළු වෙනත් ආත්මයක් (බොහෝදුරට ඒ නම් යක්ෂයෙක්, දේවදූතයෙක් වෙන්න බෑ) සමග එකතු වෙලා එතන ඉන්න කෙනෙක්ව තොරගන්නවා. ඒ තමයි පොලිස් අධ්‍යක්‍ෂක. දැක්කනේ ඒ අළු එක්ක එකතු වුනු ආත්මය ඒ කෙනාගේ ඇගට ඇතුල් වෙලා ඇහැ ඇතුලේ අක්ෂි ගෝලය ඇතුලේ තවත් එකක් මතුවුණා. කොහොම නමුත් මරීයා දුක්වුණා එයාට ඒක නොලැබුණු නිසා. මේ මරීයා පල්ලිය හා සම්බන්ධ වෙලා කරන්නේ ඒ හැටි හොද වැඩක් නම් නෙවෙයි. අන්තිමේදී මාකස් කේසීව හොයාගන්නවා වැවක් ලගදි කොකේව අමු අමුවෙන් කකා ඉද්දි. එතනදී ඔයාලට අරුම පුදුම දෙයක් දැකගන්නත් පුළුවන් වුණා. මාකස් එවෙලේ කරපු කන්නලව්වෙන් වැවේ වතුර උඩට විදලා හිටිය මාළු ටිකත් මැරිලා උඩට මතුවෙන්න ගත්තා. කේසීව සුළු මොහොතකට ලබා ගත්තා. ඒ ලැබුණු මොහොතේදී කිව්වේ “ඔහු ආයේ එනවා” කියලා. අනික මරීයාට ඕනි වුණා කේසීව අනිත් කාටවත් කලින් හොයාගන්න.
අද කොටසේදී කේසීව කන්‍යාරාමය එක්ක යනවා බේරන්ඩෙට් මව්තුමියගෙන් උදව් ඉල්ලන්න කියලා හිතාගෙන. හැබැයි තත්වය හුගක් බරපතලයි. කේසී ඉන්න තැන දන්නේ මාකස්, තෝමස් හා කන්‍යාරාමයෙ ඉන්න අනෙක් අයයි. කලින් කේසීගේ ගෙදරට කියලා වැඩේ කරගන්න නොලැබුණු නිසා වගේම මේ ඩීමන් අවුරුදු ගානක තරහක් පිරිමන නිසයි මේ ගැන කේසීගේ පවුලේ අයට කියන්න එපා කියලා මාකස් තෝමස්ගෙන් බලකරලා ඉල්ලුවා. අදත් කතාවේ ගොඩක් රසබර දේවල් හොයාගන්න පුළුවන්. අනික හොදම කොටස ලබන සතියේ. මගහරින්න නම් එපා. තවත් කොටස් තුනයි තියෙන්නේ මේ කතාමාලාව ඉවර වෙන්න.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E07.HDTV.x264-LOL
The.Exorcist.S01E07.HDTV.XviD-FUM
The.Exorcist.S01E07.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
850 downloadsDownload The.Exorcist.S01E07.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
6 comments
yumal
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
බාගත කිරීම් 603 කොමෙන්ට් 3යි..
කට්ටිය දැන් කොමෙන්ටුවක්වත් දාන්නේ නැති පාටයිනේ..
බොහොම ස්තුතියි චාමරයෝHashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. :) කමෙන්ට්ස් නම් අඩුයි තමයි මචං :( ඒත් season 02ටත් සබ් එක දෙනව නම් ලොකු දෙයක් මචං
Dula95
thank u bro season 2 dennako loku deyak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankzzzzzzzzzzz bro!!!!!!!!!!!