Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 09] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

මින් ක්යු ආජී 3 ට කියනවා එයාගේ මාලේ කොච්චරක් වටිනවද එයාට කොහොමද ඒක හම්බුණේ කියලා. ඇත්තටම ඒක ඔහුගේ අම්මට අයිති දෙයක්. ඒ නිසා ඒක ගොඩක් ඔහුට වටිනවා. විශේෂයෙන්ම ඔහු අම්මාවත් තාත්තවත් නැතිව තනිවම හැදී වැඩුන නිසා. ඒ අතරේදීම මින් ක්යු ආජී 3 ගෙන් ඔහුගේ ගැටළුවක් ගැන අහනවා. මොකක්ද ඒ ගැටළුව? ඔහුට අවශ්‍යයි යී…

 

මින් ක්යු ආජී 3 ට කියනවා එයාගේ මාලේ කොච්චරක් වටිනවද එයාට කොහොමද ඒක හම්බුණේ කියලා. ඇත්තටම ඒක ඔහුගේ අම්මට අයිති දෙයක්. ඒ නිසා ඒක ගොඩක් ඔහුට වටිනවා. විශේෂයෙන්ම ඔහු අම්මාවත් තාත්තවත් නැතිව තනිවම හැදී වැඩුන නිසා. ඒ අතරේදීම මින් ක්යු ආජී 3 ගෙන් ඔහුගේ ගැටළුවක් ගැන අහනවා. මොකක්ද ඒ ගැටළුව? ඔහුට අවශ්‍යයි යී රී සමඟ පෙම් හමුවකට යන්න, නමුත් ඔහුගේ ආසාත්මිකතාව ඊට හරස් වෙනවා. ඒ නිසා තමන්ගේ මේ ගැටළුව තමන්ගේ යාළුවෙකුට ඇති ගැටළුවක් මෙන් අඟවමින් ඔහු ආජී 3 ගෙන් එයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව මින් ක්යු සහ ආජී 3 දෙදෙනා කෑමක් හදනවා. ඒ කකුළු ව්‍යාංජනයක්. ඉතින් ආජී 3, නැත්නම් අපේ ජි ආ එයාගේ සගයන් ගැන කල්පනා කරමින් ඔවුන්ටත් කකුළුවන් යවන ලෙස ඉල්ලනවා. නමුත් සිදුවන්නේ කලබැගෑනියක්. සියළුම කකුළුවන් පරීක්ෂණාගාරය ආක්‍රමණය කරනවා.

ඉතින් අවසානයේදී මින් ක්යු ආජී 3 වත් රැගෙන යී රී හමුවන්න සහ ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන අදහසින් ගෙදරින් පිටත් වෙනවා. ඇය කුඩා කළ පටන් ආසා කරන දේවල් සියල්ල කිම් මින් ක්යු විසින් සූදානම් කරනවා. අවසානයේදී යී රී පැමිණෙනවා. නමුත් සිදුවන්නේ නොසිතූ දෙයක්. ඇය කුඩා කළ ආශා කළ කිසිම දෙයකට දැන් ඇය කැමති නැහැ. මේ නිසා මින් ක්යු සූදානම් කළ සියල්ල නිෂ්ඵල වෙනවා. අවසානයේ ඔහු ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කරන්න ආවත්, කියන්නේ ඇය සමඟ විවාහ වීමට නොහැකි බව. ඒ දැනගන්නා යී රී ඔහුට සුබ පතමින් එතනින් පිට වෙලා යනවා. යී රී සමඟ අතට අත දුන් නිසා මින් ක්යුට නැවතත් ආසාත්මිකතාවය හටගන්නවා. නමුත් ඔහු ගැනම ඔහුට කළකිරෙන නිසා මෙවර එන්නත ලබාගැනීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. එන්නත නොමැතිව ඔහුට කුමක් වේවිද?

එහෙනම් කතාව නැරඹීම ඔබට බාරයි. මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,873 downloadsDownload Im-Not-a-Robot-E09.zip14 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,873 downloadsDownload Subtitles14 KB

16 comments

  1. sachintha

    Sub ekata thanks
    Jaya

  2. kaveesha kavinda

    ඔක්කොම එපි ටික බාගෙන ඉන්ඩෙ සබ් එනකල්...බොහොම ස්තූතියි...ලස්සන කතාවක්..දිගටම සබ් දෙමු..ජයවේවා! අක්කෙ..

  3. geeganagamage

    බොහොම ස්තුතියි නංගි ඔයා මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ ඊයෙත් සැරින් සැරේට ඇවිත් බැලුවා

  4. sumith madusanka

    Sub ekata thanks

  5. rawidu

    Thanks akke sub ek dunnat. Ilaga sub ekath ikmanata danna

  6. udayakumari

    || නියමයි ||

    | |

    උපසිරැසියට තුති…….

  7. lushan...thusi

    godaak sthuthy

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith Dissanayaka

    ................උපසිරැසියට බොහෝම ස්තුතියි........................

  10. pubuduchamara

    Thanks.
    puluwan ikmanata ithuru tikath dennaa.

  11. Anujaya chathuranga

    thanks

  12. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..

  13. Naduni

    ****** Thank You ******

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. TharakaWAS

    subata thanks

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!