Watch Trailer

Inhumans [S01 : E01:E02] with Sinhala Subtitles | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: තිසර නියෝ අයියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණ…

ලිපිය: තිසර නියෝ

අයියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans කියන්නේ. මාර්වල් ඉන්හියුමන් හෙවත් සරලම විදියට ඉන්හියුමන් ලෙස හඳුන්වන මේ කතා මාලාව ඉන්හියුමන් නමින්ම නිකුත් වූ කොමික් මාලාවන් පදනම් කරගෙන සුපුරුදු විදියට ABC නාලිකාව මගින් තමයි නිර්මාණය කරන්නේ. මුලින්ම මේක MCU තුන්වන අදියෙරේ 2019 එන ෆිල්ම් එකක් විදියට තමයි ඉදිරිපත් උනේ. ඒ නිසාම Marvel’s Agents of S.H.I.E.L.D කතාමාලාව තුලින් ඉන්හියුමන්ලා හඳුන්වාදීම පවා සිදුවිය. නමුත් පසුව මේ සිනමාපටය 2016 අප්‍රේල් මාසයේදී MCU තෙවන අදියරෙන් ඉවත් කල අතර පසුව 2016 නොවැම්බර් වලදී මාර්වල් ස්ටූඩියෝව ඉන්හියුමන් කතා මාලාවක් ලෙස නිර්මාණය කරන බව දැනුම් දුන්නා.

මෙලෙස නිර්මාණය වන ඉන්හියුමන් කතා මාලාව 2017 මාර්තු සිට ජූනි දක්වා රූගත කිරීම් වල යෙදුනා. විශේෂත්වය තමයි මේ කතා මාලාව මාර්වල් සහ IMAX Entertainment හි නිර්මාණයක් වීම. ප්‍රථම වරට තමයි රූපවාහිනී කතා මාලාවක් IMAX සමඟ එක්ව IMAX කැමරා මගින් රූගත කිරීම් වල යෙදුනේ. IMAX මගින් නිමවුණු සිනමාපටයක් IMAX සිනමා ශාලාවක නරඹපු අය දන්නවා ඇතිනේ එහි වීඩියෝ වල ගුණාත්මක තාවය.. ඉතින් මේ කතා මාලාවක් ඒ තරම්ම ගුණාත්මක ලෙස නිර්මාණයට මාර්වල් සහ අයිමැක්ස් එකමුතු වෙලා තියෙනවා. මෙලෙස නිර්මණය වුනු ඉන්හියුමන් කතා මාලාවේ පළමු කතාංගය 2017 සැප්තැම්බර් 01 අයිමැක්ස් සිනමාශාලා වල තිරගත වුනා. ඉතිහාසයේ පළමු වතාවට තමයි live-action රූපවාහිනී කතා මාලාවක් අයිමැක්ස් සිනමාශාලාවල තිරගත වුනේ. සැප්තැම්බර් 01 සිනමා ශාලාවල තිරගත වුනත් ABC නාලිකාවේ විකාශය ආරම්භ වුනේ මේ 29 වෙනිදා..

ඉන්හියුමන්ලා මුලින්ම හඳුන්වා දුන්නේ 1965 දෙසැම්බර් Fantastic Four #45 කලාපය තුලින්. මාර්වල් කොමික් හි දැවැන්තයින් දෙදෙනා වන ස්ටෑන් ලී සහ ජැක් කර්බි තමයි මෙහි නිර්මාතෘ වරුන් වන්නේ. Thor #146 (1967 නොවැම්බර්) සිට #152 (1968 මැයි) දක්වාත් Silver Surfer #18 (1970 සැප්තැම්බර්), Amazing Adventures #1 (1970 අගෝස්තු) සිට #10 (1972 ජනවාරි) දක්වා ලෙසින් විවිධ කොමික් වලින් පසුව පැමිණි ඉන්හියුමන් 1975 දී තමන්ගේම කියා කොටස් 12 කින් යුතු කොමික් මාලාවක් හිමිකරගන්නවා.

 පසුව විවිධ කොමික් කතා තුලින් සහ ස්වකීය කොමික් කිහිපයකින්ම ඉන්හියුමන් ලා පැමිණෙනවා. ප්‍රධාන චරිහා විදියට පැමිණෙන්නේ ඉන්හියුමන් රාජකීය පවුල හෙවත් Inhuman Royal Family එකයි. අමජිකයන් විදියට Black Bolt, Medusa, Karnak, Gorgon, Triton, Crystal, Lockjaw, Maximus the Mad, The Unspoken වැන්නවුන් දැකගන්න පුළුවන්. මීට අමතරව තව ප්‍රධාන චරිත රාශියකින් සමන්විතයි.

ඉන්හියුමන් ලා ගැන පොඩි සරල හැඳින්වීමක් කරන්නම්… වසර දහස් ගණනකට පෙර ක්‍රී (Kree) සහ ස්ක්‍රල් (Skrull) අතර යුද්ධයක් ඇතිවෙනවා. මේ අතරතුරේ ක්‍රී වරු ඔවුන්ගේ බලකොටුවක් පිහිටුවනවා යුරේනස් වල. මේ කාලයේ පෘතුවියේ මානව පරිණාමනය වෙමින් පැවතුනේ. ක්‍රී වරු දකිනවා මිනිසාගේ පරිණාමනය සහ ඔවුන්ව වැඩිදියුණු කරන්නට හැකි බව. මේ නිසා ක්‍රී වරු ස්ක්‍රල් වරුන් සමඟ පවතී යුද්දය සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීම සඳහා මනුශ්‍යන්ගෙන් පර්යේෂණ කරනවා. කලකදී ක්‍රී වරුන්ට යුරේනස් අතහැර යන්න සිදුවෙනවා. ඒ නිසා මිනිසා සමඟ කල පර්යේෂනයද අතහැර යන්නට සිදුවෙනවා. මෙලෙස මිනිසාගෙන් ක්‍රී වරු කල පර්යේෂණ වල ප්‍රතිඵලය විදියට තමයි ඉන්හියුමන්ලා බිහිවෙන්නේ. මෑතක් වෙනතුරුම ඉන්හියුමන්ලා මානව පරිණාමනයට බලපෑමක් නොකර වෙනමම ජීවී කණ්ඩායමක් විදියට රහසේ වාසය කරනවා. ඉන්හියුමන්ලාගේ ප්‍රධාන නගරය Attilan. මේක කාලෙන් කාලෙට විවිධ තැන වල ස්ථාපනය කරනවා සෙසු ලෝකයාගෙන් වෙන් වෙලා පවතින්න ඕනි නිසා. උතුරු අත්ලාන්තික් මුහුදේ දූපතක මුලින්ම තිබුණු මේක ඇන්ඩිස් කඳු වැටියේ, හඳේ නොපෙනෙන පැත්තේ වගේම නිව්යෝක් නගරයට ඉහලින් මේ නගරය ස්ථාපනය කරලා තියෙනවා විවිධ කාල වල.

ඉන්හියුමන්ලා එක්ක පවතින තවත් දෙයක් තමයි Terrigenisis ක්‍රියාවලිය. මේක සිදුකරන්නේ Terrigen Mist කියන වාෂ්පයෙන්. හඳේ අඳුරු පැත්තේ තිබිල හමුවුණු Terrigen පලිඟු වලින් තමයි මේ වාෂ්පය නිර්මාණය කරන්නේ. මේකෙන් පුළුවන් ඉන්හියුමන් ජාන තියෙන අයගේ වෙනස්වීම් සිදුකරන්න. මේක විශේෂ බලයන් ලබාදීමක් හෝ ස්වරුපයේ වෙනස්වීමක් වෙන්නට පුළුවන්. නැතිනම් ස්වරුපයේ වෙනස්වීමක් සමඟම බලයන් ලැබීමක් සිදුවන්න පුළුවන්. Agents of S.H.I.E.L.D බලපු අයටනම් මේ කියපුව අපූරුවට දකින්න පුළුවන් උනා. ටෙරිජන් පලිඟු, ටෙරිජෙනසිස් ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් Agents of S.H.I.E.L.D තුලින් ඉදිරිපත් කළා. වර්තමානයේ ඉන්හියුමන් නායකයා තමයි බ්ලැක් බෝල්ට්. බ්ලැක් බෝල්ට් වගේම ඔහුගේ බිරිඳ මෙඩුසා, සහෝදරයා මැක්සිමස් වගේ චරිත තම අපිට මේ tv සීරියස් එකේදී දකින්න ලැබෙන්නෙත්.

කොමික් පැත්ත ගැන ලාවට වගේ කිව්වා ඇති කියල හිතෙනවා.. බලමු කතා මාලාව දිගා. මේක Action|Adventure|Science fiction|Superhero|Drama ගණයට අයත් වෙනවා. Scott Buck විසින් ABC නාලිකාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එමෙන්ම රංගනයෙන්,
Anson Mount – බ්ලැක් බෝල්ට්
Serinda Swan – මෙඩුසා
Ken Leung – කාර්නක්
Eme Ikwuakor – ගොර්ගන්
Isabelle Cornish – ක්‍රිස්ටල්
Ellen Woglom – ලොයිස්
Iwan Rheon – මැක්සිමස් ලෙසින් දායක වනවා..

මේ කතා මාලාව කොටස් 8 කින් යුතු මිනි සීරියස් එකක්. නමුත් කාරනාව තමයි අයිමැක්ස් ශාලාවල තිරගත වුනු පළමු කොටසින්ම මේ කතා මාලාව විචාරකයන්ට ආසාර්ථක කතමාලාවක් බවට පත්වීමක්යි. කුණු තක්කාලි දර්ශකයේ විකාශය වූ දින 0% අගයක් ද ABC හි විකාශය ඇරඹීමට පෙර මේ වන විට 6% ක අගයක්ද ලබා තියෙනවා. දැනට ලැබෙන ආරංචි අනුව මාර්වල් සමගම විසින් රූපවහිනී විකාශය ඇරඹීමට පෙරම පළමු අදියරෙන් කතා මාලව අත්හිටුවා තියෙනවා. නමුත් විකාශය වූ පසුව ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මේ තීරණය වෙනස් වෙන්නද ඉඩ නැතුව නෙවෙයි. ලිපිය ලියන කොටනම් එක කොටසක්වත් විකාශය වෙලා නැති නිසා මමනම් දන්නේ නැහැ කතාව කොහොමද කියල. අපි බලමුකෝ ඉතින් 😛 …. කතාව ගැනනම් කියන්න අදහසක් නැහැ තවම බලලා නැති නිසා.. පයිලට් එක ගැනත් නොකිය ඉන්නම්… ඉතින් බලලම රස විඳින්නකෝ.. ලහිරු මලයා හැකි විගස කොටස් 8 ම සබ් ඔයාලට අරගෙන ඒවි. ඉතින් ඒ හැම එකකටම කමෙන්ට් එකක් දාල උදව්වක් වෙන්න… එහෙනම් මම ගියා..
#Hail_Hydra

ලිපිය:ලහිරු ප්‍රසාද්

හරි ඉතින් කට්ටිය පුල පුලා බලන් හිටපු කතාවක් තමා අරගෙන ආවෙ. ටිකක් විතර පමා වුනා වැඩේ කරගන්න. සෑහෙන කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා ටිකක් වේගය අඩුවෙලා ගිහින් වගේ. කියන්න ඕන සේරම තිසර අයියා කියලා තියෙනවානෙ. මටත් පුංචි දේවල් ටිකක් කියන්න තියෙනවා. ඇත්තටම මේ කතා මලාව කරන්න උන්නෙ ශාන් විමුක්ති[විමා]. පස්සෙ මමත් ඇහුවා, ඉතින් කොටස් ටික බෙදාන කරන්න හිටියත් අන්තිමෙ සේරම ටික මට කරන්න ලැබුනා. ඉතින් මේක හින්දා මාස ගානක් තිස්සෙ විමාට වද දුන්නා. ඇණයක් වුනානම් සොරි හොදේ.

දැන් ඉතින් පිරිසක් ඉන්නවා කට ඇරගෙන මේක IMAX පෙන්නපු නිසා කාලා ඉන්න බැරි. දැන් අහයි කෝ මහ ලොකුවට IMAX පෙන්නුවට ආදායම් වාර්තා කියලා. අමුතුම සත්ව කොට්ටාසයක් තමා ඉතින්, ඔය කතාව අහන්න කලින් දැනන් ඉන්න ඕන මේක රූපවාහිනි කතා මාලාවක් විත්තිය. මොන මට්ටමේ කෙනෙකුට වුනත් තේරෙනවා චිත්‍රපටියක් වගේ නෙවෙයි රූපවාහිනි කතා මාලාවක් කියලා. මුල් කොටස් දෙක තමා IMAX වල පෙන්නුවෙ. ඒ ඒ කොටස් දෙක වෙනුවෙන් සම්පූර්ණ වියදම IMAX entertainment මගින් දරපු නිසා. තව දෙයක් තමා මේ කතා මාලාව මේ සීසන් එකෙන්ම කැන්සල් වුන එක. හේතුව මම දන්නෙ නැ. හැබැයි කතාව ෆේල් කියන එක බොරු.“දිලිසෙන සියල්ල රත්තරං නොවේ” වගේ තමා “කැන්සල් සියල්ල ෆේල් නොවේ.” මොකෙක් හරි ගින්න පත්තු කලාම අනික් උනුත් ඉතිං ගිනි ගන්නෙ මොනවද නොබලා පිදුරු දානවා. අන්තිමේ වුනේ මොනවද කියලා දන්නෙ නැ. දැන් ඔය කතාව අජූතයි, ෆේල් කියන උන්ගෙන් ඇහුවොත් ඇයි ඒ කියලා, මොලෝ දෙයක් දන්නෙ නැ. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ. මාවල්ලට බනින ඈයොන්ට කාලා ඉන්න බැරි එකම හේතුව මාවල්ලා යට කලිසම උඩින් ඇන්දෙ නැති එක. කතා මාලවක් ෆේල් නම් ඒක පිලිගෙන නතර කරලා දාන්නත් හයියක් තියෙන්න ඕන.නවත්තන්න ඕන සිගිති කතා තියෙද්දි….. කියලා තේරුමක් නෑ. එහෙනං කතාව ගැන කියන්න අදහසක් නෑ. ඔයාලම බලලා තීරණය කරන්න හොද්ද නැද්ද කියලා. එක කොටසකින් කතාව හොදද නැද්ද කියලා කියන්න අමාරුයි. අපි ඉස්සරහට බලමු. එහෙනං මම ගියා.

ජය වේවා!

 

Inhumans on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,603 downloadsDownload Inhumans-S01E01.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

8,603 downloadsDownload Subtitles33 KB

57 comments

  1. Kasun Widusha

    Tnx mcho.............Seal Team ekata sub den nethi weida bn

  2. Toni Stark

    Fatta talk eka bn.. යට කලිසම් එක නම්........ඇඩෙන්නම දීලා ela hodee...thankss mchn sabata..

  3. Silent$

    thnxxxxxxxxxxxxx

  4. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  5. කවිඳු නුවන් දේශික

    සබ් එක එනකන් හිටියෙ ස්තුතියි සහෝ

  6. Udara Damith B/K

    සබට තැන්ක්ස්
    "
    කැන්සල් සියල්ල ෆේල් නොවේ.” මොකෙක් හරි ගින්න පත්තු කලාම අනික් උනුත් ඉතිං ගිනි ගන්නෙ මොනවද නොබලා පිදුරු දානවා. අන්තිමේ වුනේ මොනවද කියලා දන්නෙ නැ. දැන් ඔය කතාව අජූතයි, ෆේල් කියන උන්ගෙන් ඇහුවොත් ඇයි ඒ කියලා, මොලෝ දෙයක් දන්නෙ නැ. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ. මාවල්ලට බනින ඈයොන්ට කාලා ඉන්න බැරි එකම හේතුව මාවල්ලා යට කලිසම උඩින් ඇන්දෙ නැති එක"

  7. kelum chathuganga abeysekara

    thanks

  8. lahiru ruchiran

    thank you very much bro

  9. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    අම්මෝ සහෝ..ලිපියේ අන්තිම ටිකනම් සැරටම කියලා.. ෆේල් ද නැද්ද කියන එක මටනම් අදාලම නෑ සහෝ! උබලා සබ් දෙම ඔනි එකක් මං බලනව..විශේෂයෙන්ම ටී.වී සිරිස්... අර කියුවත් වගේ "කැන්සල් සියල්ල ෆේල් නොවේ". දිගටම සබ් එක දෙමු සහෝ. ජය වේවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  10. එල්.සී . දමැල්

    හහා ස්තුතියි සබ් එකට...
    කැන්සල් වෙන්න සුදුසු දෙයක්ද කියන්න බලලා ඉන්න එපැයි
    බලමු එහෙමනම්

  11. Krishan Madusanka

    ඉතා ඉක්මනින් මෙය රසවිදීම උදෙසා මහන්සියෙන් සබ් එක දුන් ඔබට තුති

  12. asitha

    elama saho thanks balamu aragenama

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Nirodhauthpala

    Thx for sub digatama demu obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  16. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    Dc එවුන්ට රිදෙන්න ටෝක් එක දීලා තියෙනවා...
    03 වෙනි කොටසෙන් ලබන සතියේ හමු වෙමු
    #ජය වේවා

  17. රයන් ද සිල්වා

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ඊලග කොටසත් ආපු ගමන් දෙන්න ට්‍රයි ඒකක දෙමූ
    එලම

  18. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    බුදු සරණයි - දෙවි පිහිටයි.

  19. Indika

    සිරා කතව සහෝ.........,ස්තුතියි උපසිරැසියට...............!

  20. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  21. Thisal Lakpura

    ස්තුතියි

  22. Ramesh Kavinda

    thada mcn

  23. MALINDU

    THANKS FOR SUB

  24. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සාහෝ
    කස්ටිය මේකට බැන්නට මීට වඩා සවුත්තු ඒවා මම බලලා තියනවා ඒක නිසා ගානක් නෑ...
    කොටස් 8 යිනේ ගින්දර වගේ සබ් දෙමු යාලුවා...
    එලම

  25. ඩිලාන් හසිත

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ

  26. Sachintha

    Thanks

  27. මලිත් සංදීප

    සබට තෑන්ක්ස් සහො
    ඊලග කොටසත් ආපු සැනින් සබ් එක අරන් අඩවිය පැත්තේ ගොඩ වෙමු

  28. Wimukthi Sagara Silva

    good job bro:

  29. මධුකප්‍රිය පෙරේරා

    ඈ මේක නේද බොලේ අර මහා ලොකු විශ්වයේ කට්ටියගේ අලුතින්ම ආපු කතාව.
    හම්මේ ඉතින් ආයේ ලේසිපාසු නෑ නොවෑ. අයිමැක්ස් එක්ක එකතුවෙලාලු
    ගහලා තියෙන්නේ. වැඩේ සුපිරියට කරලලු. හැබැයි කතාව ටෙලිවිෂන් එකේ යන්නත් කලින්
    කැන්සල් වෙලත්ලු. ඒ තරම් සුපිරිනේ. අර යට කලිසම උඩින් අදින සැට් එක ඔහොම සුපිරි නෑ ඉතින්.
    මේ විශ්වයේ කට්ටියම තමයි අර යට කලිසම උඩින් අදින අයගේ සීරිස්/ෆිල්ම් එහෙම එද්දී
    කුණු තක්කාලි දර්ශකයේ රේටින් අරහේ මෙහෙ තියෙන දේවල් බලබලා කියවන්නේ හපොයි රේටින් නෑ,
    එන්නත් කලින්ම උබලගේ කතාව ෆේල් කියලා. හැබැයි තමන්ට එහෙමවෙද්දී කියනවා ඒවා අදාළ නැතිලු. කැන්සල් සියල්ල ෆේල් නෙවෙයිලු. කාගේ ලොජික්ද අප්පා මෙව්වා? ඔය මහත්තුරුත් අනිත් කට්ටියගේ කතා ෆේල් කියන්නේ සියල් කරුණු කාරනා දනගෙනද මහත්තයෝ?
    ඔහෙලා ඔය කියන සිගිති කතාවලට ෆෑන්බේස් එකක්වත් තියෙනවා. නැත්නම් ඔය මිනිස්සුන්ට පිස්සුද සල්ලි වියදම් කරගෙන මොකෙක්වත් නොබලන කතා හදන්න. මහත්තියෝ මෙන්න මේකයි කියන්න තියෙන්නේ මීට පස්සෙවත් විදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න යන්නෙපා.

    1. Chämàrá Sâmpáth

      බොලා කියන්න ඕන ඔක්කොම කියලනේ.
      ඒත් ඇයි මෙහ්හ් යට කලිසමක් ඇදගත්ත එකාව හැම එකටම ඉස්සර කරගන්නේ. අහ්හ්හ් දැන් නෙහ් මතක් උනේ.
      DCEU එක පටන් ගත්තේ යට කලිසම උඩින් අදින කෙනාගේ MOS එකෙන් නිසා. ඒත් MCU එක පටන් ගත්ත ටින් මෑන් නොහොත් අයන් මෑන්ට ඉන්නම බැරි උනා නෙහ් යට කලිසම උඩින් ඇදගත්ත කෙනා හිටිය ෆිල්ම් එක ටින් මෑන්ගේ එකට වඩා ඩොලර් මිලියන 82.8 කින් වැඩි උන එකට, MCU එක අවුරුදු ගානට කලින් පටන් ගත්තත්.
      කලින් හැදුවද පස්සේ හැදුවද කියන එක අදාලම නැහැ. කවුරුත් කිව්වේ නැහැනේ තියෙන තණ්හාවට කලින් හදන් යන්න. දන ගගා ඇවිදින්නේ නැතුව එක සැරේ ඇවිදින්න ගියාම ඔහොම වෙනවා සහෝ.

      IMAX වලින් නෙවෙයි කළු සුදු වලින් හැදුවත් ෆේල් නම් ෆේල්. ඕකට ලැබිලා තියෙන ක්‍රිටික්ස් දිහා බැලුවහම ඒක පේනවා. සුපර්ගර්ල් ෆේල් උනා තමයි ඒත් පොඩි එවුන්ගේ ඉදන් ඒකට ෆෑන් බේස් එකක් හදුනා සහෝ. පස්සේ පස්සේ සීරිස් එකට පෙළක් අය හොද කිව්වා. ටින් චොයිස් වලින්ම සම්මාන කීයක් නම් ලැබුනද. හොද රේට් පවා ලැබුණා.
      උඩ දාගෙන ලෙදර් කෑලි බස්සපු රෝයල් පවුලට ඒකවත් නැහැ. මොකද මේකේ තියෙන්නේ weak script එකකුයි, low-budget costume ටිකකුයි, ටැලන්ට් එකක් නැති නළුවෝ ටිකක් විතරයි. (කටක් ඇරලා කියන්න පුලුවන් සුපිරි නළුවෙක්ට කියලා ඉන්නේ Iwan Rheon විතරයි. මොනා නැතත් මේකෙත් විලන්ගේ චරිතේ සුපිරියට කරනවා) අයන් ෆිස්ට් හදලා ක්‍රිටික්ස් චා කරගෙන රේට් කා ගත්ත ස්කොට් බක්ම තමයි ඉන්හියුමන් වලට අත ගහලා තියෙන්නෙත්. ඉතින් මේකත් නා ගත්ත එක අහන්නත් දෙයක්ද. එහෙනම් ඉතින් ABC වලින් කැන්සල් කලාම සිගිති ඩිස්නිලා මැද්දට පැනලා පස්වෙනි සීසන් එක පෙන්නන්න ඕන කියලා බල කරපු නිසා ඊලග සීසන් ඇදන් යන්නේ? ඒවා හොදයි එතකොට. -_-

      අර ඇටිකෙහෙල් ගිලපු උගුදුවෝ ටිකට තේරුනාද නැද්ද කියලා නම් මං දන්නේ නැහැ. ඒත් මං නම් මේකේ ප්‍රොමෝ පික් එක දැක්කම තේරුනා සබන් නැතුවම නා ගැනිල්ලක් කියලා.
      ස්කොට් බක් සීසන් තුනකට සැලසුම් හැදුවට ෆේල් නම් ෆේල් බං. ආයේ ගැසට් එකක් ගහලා තියෙන්නේ නැහැ ෆේල් කියලා. ඒ හන්දා දවල් හීන දකින්න එපා. කිසිම ඵලක් නැහැ. ශීල්ඩ් එකට බේරගන්න බලහං ඒකෙත් සීසන් පහෙන් පස්සේ නවත්තලා දාන්නලු යන්නේ. :v
      මේවා කියන්න අවස්ථාවක් වෙන එන්නේ නෑ. ඒ නිසයි කියලා දැම්මේ.

      සබට තුති හොදේ.

    2. Udara Damith B/K

      ඇයි අනේ අපිට මෙහෙම කරන්නේ

  30. Dinuka Jayasekara

    තැන්ක්ස් මචෝ සබ් එකට......පුලුවන් නම් star trek discovery එකටත් සබ් දියන්කෝ.

  31. Tharaka Lahiru

    Tnq

  32. Ravindu Rukshan

    Thx

  33. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ෆේල් උනත් නැතත් මාර්වල් බලනවා....
    අම්මෝ අර අන්තිමට කියල තියෙන ටිකනම් සුපිරි....

  34. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  35. Akila

    Kalin apu tv series mokakatawath sambandada me series aka.

    1. ලහිරු ප්‍රසාද්

      ශීල්ඩ් එක එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා

  36. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි !

  37. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. Sohan Harshana

    නියමයි සහෝ.
    එපි 8ටම සබ් දෙන්න. කව්රු මොනව කිව්වත් අපිනම් බලනව.
    DC ලට ගහපු හින්ට් එකට ඇරෙන්න කියපු අනිත්වටනම් එකඟයි. S2ක් එන්න කියල පතමු.
    ජයවේවා!!!

  39. Hiroon Salgado

    machan meka s1 e2 da? e1 da? ehenam e1 eka ko?

    1. ලහිරු ප්‍රසාද්

      දෙකම

  40. Tharindu lakmal

    E2 kawadda enne naththam awethda kiyala danuwath karaallako

    1. ලහිරු ප්‍රසාද්

      එපිසෝඩ් 1,2
      දෙකටම තමා ඔය උපසිරැසිය දීලා තියෙන්නෙ.

  41. Krishan Rangana

    සබ් එකට තෑන්ක්ස් බන්..ඒත් ඉතින් අනිත් උන්ගෙ යට කලිසම් ගැන හොයන මහවල් fan boy ලට උන්ගෙ චරිත වලින් 99% ක්ම හදල තියෙන්නෙ අර යට කලිසම් ඇදපු උන්ව copy කරල කියල අමතක එක නම් පට්ට පජාතයි බන්.

  42. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ෆේල්ද නැද්ද කියන එකනම් අදාලම නෑ.. කොමික් ගෑවිලා තියෙන්නේ මොකක්ද බලනවා... ජය වේවා...

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. sandun

    ela. puluwannam ghost wars kiyana ekatath sub denna..

  45. විමා

    කතාව කලින්ම බැලුව, තුන්වෙනි එපියත් බෑවා සබ දීපන් සනික :D
    ෆේල් කියන උන් නොබලපුවාවේ

  46. Bhagya

    Thanks

  47. Aruna

    ඔන්න මමත් සබ එක බෑවා,බොහොම ස්තුතියි.

  48. Neer

    Ane ai mata witharak 2 eke sub enne natte

  49. Anton Perera

    sabata thanks saho.. ane eth ban api me americawe samagam dekaka aathal walata kulal kaaganna ona na bolaw.. man nam comic ekk nam balanawa.. marvel ho dc. deke eka eka films tv series wala ewata adaala prashna tiyenawa.. namuth ewata api maraganna ona nahane sahola.. :D

  50. subhash

    මේකෙ 2වෙනි එපියට සබ් එක නෑනේ??????

Load more comments