හැමෝටම ආයුබොවන් කියලා කියනවා,ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිනී කතා මාලාවක උපසිරසි ඔයාලා වෙනුවෙන් අරගෙන එනයි සූදානම, වැඩි කතා නැතුව බලමු සීරීස් එක ගැන.කතා මාලාවෙ නම වෙන්නේ The Mist. මේ කතාව 2007 වර්ශයේ නිකුත් උන The Mist කියන චිත්‍රපටය ඇසුරින් නිර්මාණය උන කතා මාලාවක්. ඔබ…
හැමෝටම ආයුබොවන් කියලා කියනවා,ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිනී කතා මාලාවක උපසිරසි ඔයාලා වෙනුවෙන් අරගෙන එනයි සූදානම, වැඩි කතා නැතුව බලමු සීරීස් එක ගැන.කතා මාලාවෙ නම වෙන්නේ The Mist. මේ කතාව 2007 වර්ශයේ නිකුත් උන The Mist කියන චිත්‍රපටය ඇසුරින් නිර්මාණය උන කතා මාලාවක්. ඔබ චිත්‍රපට රසිකයෙක් නම් මේ චිත්‍රපටය අනිවාර්‍යයෙන් නැරඹිය යුතු එකක් විදිහට මම නිර්දේශ කරන්න කැමතියි. 1980 දී Stephen King නම් ලේඛකයෙක් අතින් ලියැවෙන මේ ග්‍රන්ථයක් ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිපද වෙන්නේ. ඒ වගේම රූපවාහිනී කථා මාලාවටත් පාදක වෙන්නේ මේ ග්‍රන්ථයම තමයි. චිත්‍රපටය ගැන කියනවානම් මම බලපු සුපිරිම චිත්‍රපට අතරේ තියන එක් චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකට එහා ගිය මනුශ්‍ය බැදීම් සහ හැසිරීම් මනාව නිරූපණය වෙන සිනමා සිත්තමක් තමයි මේ. ඒ වගේම චිත්‍රපටය සම්මාන හතරකට නිර්දේශ වෙලා තියනවා සහ IMDB දර්ශකයේ 7.4 ක අගයක් ගන්නත් සමත් වෙලා තියනවා. නමුත් කතා මාලාව නරඹන එකට චිත්‍රපටය නරඹා නොතිබීම කිසිම බාධාවක් වෙන්නේ නෑ. හරි, ඒ චිත්‍රපටය ගැනනේ..
රූපවාහිනී කතා මාලාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.බ්‍රිජ්විල් කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් අනූන, නාගරික පරිසරයෙන් මිදුන කුඩා ගම්මානයක්. මේකේ ඉන්න මිනිස්සුනුත් සාමකාමීව ජීවිතය ගතකරගෙන යනවා. කතාව ගලාගෙන යන්නේ කෙවින් ඔහුගේ බිරිඳ ඊව් සහ ඔවුන්ගේ දියණිය වෙන ඇලෙක්ස් වටා. ඇලෙක්ස්ගේ විවාහයට කලින් ජිවිතය ටිකක් කටුක එකක්. කෙවින් මුණගැසීම නිසා ඊව්ගේ ජිවිතයම වෙනස් වෙනවා. මේ දෙපලගේ දියණිය ට සාදයකදී මුහුණපාන්න වෙන සිදුවීමක් නිසාවෙන් මේ දෙන්නාගේ සාමකාමී ජීවිතය පොඩ්ඩක් අවුල් වෙලා යනවා. මේ සිදුවීම නිසා ඊව් තිරණය කරනවා, තමන්ගේ නැගණියගේ නිවසට ටික කාලයකට ගිහිල්ලා ඉන්න.ඔන්න ඊව් සහ ඇලෙක්ස් පිටත්ව යද්දී තමා විශේශම සිදුවීම වෙන්නේ. මුළු නගරයම වසාගෙන අද්භූත මීදුමක් එක වරම පැතිරෙන්න පටන් ගන්නවා. මේ මීදුමේ තියන විශේශත්වය තමයි මීදුම ඇතුලේ සිද්ධ වෙන අමුතු සිදුවීම්. මොකද මීදුමට වැඩි වේලාවක් නිරාවරණය වෙලා ඉන්න කෙනෙක් පණ පිටින් නම් ඉතුරු වෙන්නේ නෑ. මේ සිදුවීම වෙද්දී කෙවින් වෙනම තැනකත් ඇලෙක්ස් සහ ඊව් වෙනම තැනකත් සිර වෙනවා. මුළු නගරයම වෙලා ගන්න මේ මීදුම නිසා සියළු දෙනාගේම කටයුතු අඩාල වෙනවා. මීදුම පහ වෙලා යනකල් මිනිස්සුන්ට තමන් හිටි හිටි තැන් වලටම වෙලා ඉන්න වෙනවා. මෙන්න මේ සිද්ධි මාලාව තමයි කතාවට පාදක වෙන්නේ. මේවාට අමතරව තවත් සෑහෙන සිදුවීම් කතාව ඇතුලේ ගොඩනැගීගෙන යනවා. තවත් මම විස්තර කරන්න යන්නේ නෑ,මොකද ඒක කතාව රසවිඳින්න බාධාවක් වෙන නිසා. මේ මීදුම ඇත්තටම මොකක්ද, කාගේ වැඩක් නිසාද මෙහෙම උනේ, මීදුම ඇතුලේ සිරවුන අයට මොනවා වෙයිද, කෙවින්ට සහ් ඊව්ට මොකද වෙන්නේ. මීදුම නිසා වෙන සිදුවීම් මිනිස්සු කොහොමද දරාගන්නේ, ඔය වගේ ප්‍රශ්න වලට උත්තර කතාව බලන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ වගේම කුතුහලයෙන් පිරුණු නොහිතන විදිහේ අවසානයකුත් කතාව බලන ඔයාලට ලැබේවි.
IMDB දර්ශයයේ 5.4 ක් ලබාගෙන තියන මේ කතා මාලාව walking dead වගේ කතා මාලා නරඹන්න ආසා අයට නම් බලන්න කියලා ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියන Drama ගතියත් බොහෝම විශිෂ්ඨයි. මිනිස්සුන්ගේ හැඟීම්, සිතුවිලි, ආපදාවකදී ඔවුන් හැසිරෙන විදිහ බොහෝම සියුම්ව නිරූපණය කරලා තියනවා. කතා මාලාවේ චරිත වලට
° Morgan Spector – Kevin Copeland
° Alyssa Sutherland – Eve Copeland
° Gus Birney – Alex Copeland
° Danica Curcic – Mia Lambert
° Okezie Morro – Bryan Hunt
° Luke Cosgrove – Jay Heisel
° Darren Pettie – Connor Heisel
° Russell Posner – Adrian Garff
° Frances Conroy – Nathalie Raven
යන අය රංගනයෙන් දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරලා බැලුවට නම් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ කියන එක.ඒවගේම සබ් එක නිර්මාණය කරන්න උදව් උන රවිඳු රුක්ශාන් මලයා සහ ඉසුරු සම්පත් සිරිසේන අයියත් මේ වෙලාවේ මතක් කරන්නම ඕන. මොකද එයාලා නැත්නම් මෙච්චර ඉක්මනට උපසිරැසිය ලබලා දෙන්න වෙන්නේ නෑ. ඒවගේම උපසිරැසිය බාර දුන්න සහෝදර ඇඩ්මින්වරුන්වත් මේ වෙලාවේ මතක් නොකරම බෑ.හරි එහෙනම් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු.
හැමෝටම ජය වේවා…!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,894 downloadsDownload The-Mist-S01E01-Updated.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
35 comments
Gathsara Umesh Kumara
Udara Cooray
Thankz
OIsuru
Thanks denakan balan hitiye ithuru kotas tikath ikmanata demu
thilina jayarathna
ammoooooooooooooo ela thx bn .denakm hitye ituru tikath ikmnta demu .ane machan WEB rip ekath ekkama sub dipan kollo plz
KAVINDA GAMAGE
thank you
බොබී
නියමයි සහෝ. මේ කතාව under the dome ලිව්ව කෙනාමයි ලියලා තියෙන්නේ. නියම කතාවක් වෙයි. ඉතිරි සබ් ටිකත් ඉක්මනින් දෙන්න. ස්තූතියි.
අසිත
ELAMA SAHO THANKS
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...ඉතුරු එපි ටිකටත් සබ් එක දෙමු...
sumed
supiri bro.thanks sub ekata
දිල්ශාන් සචින්ත
අඩෝ එල අහ්. සබට තෑන්කූ.
Thisal Lakpura
තැන්ක්ස්
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKasun Widusha
Tnx mchooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Kavinda Aiya Jaya Wewa!!!!!!
pawan
patta machan
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Dulan randika
Thanx mchan web rip valatath denna puluwannam loku deyak saho
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Udara Damith B/K
අඩෝ නියම කතාවක්
එලav
oka cancelled neh bn wyonna erip deñna thibbe kohoma unath thanx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සබ දානකම් බලම් හිටපු සීරිස් එකක් සහෝ. ගොඩක් අයනම් කියුවේ වැඩක් නෑ කියලා. අනික පලවෙනි සීසන් එකෙන්ම කැන්සල් කරලත් එක්කලුනේ! ඒවා අදාලම නෑ අපිට.. දිගටම සබ් එක දෙමු සහො..ජය වේවා!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Sajith Anthony
මේක දානකල් හිටියේ බලන්න
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lakshan
Thanks for sub
Dushan
thanks sub ekata. jaya wewa!
භාෂිත් උඩවත්ත
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MENUWAN
JAYA WEWA!!!
Madusanka
Thanks bro
MAALnath
Thanks .............good luck ............
Dilshan Pushpakumara
Thnks bro❤️
Lasith manuja
Thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Asanjana_Lahiru
tnq saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Bohoom sthuthiy shoo drya..ikmnt ithuru kotas 9 demu
.