අපි හැමදාම කරන්නෙ කතා මාලාවක නම් පහුගිය කොටස ගැන පුංචි හැදින්වීමක් කරලා ලිපිය අවසන් කරන එකනෙ. ඉතිං පුංචි වෙනසකටත් එක්ක වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුනා. ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු න…

අපි හැමදාම කරන්නෙ කතා මාලාවක නම් පහුගිය කොටස ගැන පුංචි හැදින්වීමක් කරලා ලිපිය අවසන් කරන එකනෙ. ඉතිං පුංචි වෙනසකටත් එක්ක වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුනා. ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු නිසානෙ. මේක අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි චරිත වල ඇදුම් ආයිත්තම්. මොකද කිව්වොත් කොමික් එකත් එක්ක සසදලා බලද්දි සම්පූර්ණයෙන්ම වෙනස් ඇදුම් තමා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් ලෝ බජට් කොස්ටියුම්ස්.

හැමෝම දන්නවනෙ මේ කතාවත් අර අයන් ෆිස්ට් එක විනාස කරපු ස්කොට් බක්ගෙ කෙරුවාවක් කියලා. අයන් ෆිස්ට්ට කලා වගේ තමයි මේකටත් කරලා තියෙන්නෙ. ඇයි මාවල්ලා මේකත් මූටම දුන්නෙ කියලා මං දන්නෙ නම් නෑ.
දැන් මම බ්ලැක් බෝල්ට් ගැන ටිකක් කියන්නම්, ඔයාලා සසදලා බලන්න ටිවි සීරියස් එකෙයි කොමියි වලයි වෙනස කොහොමද කියලා.
සැබෑ නම: Blackagar Boltagon
බ්ලැක් බෝල්ට්ගෙ බලය තමයි එයාගෙ හඩ. එයාගෙ කඩ හඩ පාවිච්චි කරලා ලොකු විනාශකාරි බලයක් මුදා හැරීමෙ ශක්තියක් මෙයාට තියෙනවා. කතාවෙත් ඒකනම් අපි දැක්කා. [මතකනෙ මෙයාගෙ දෙමව්පියො වාෂ්පවෙලාම යනවා.] මෙයා යන්තමට කෙදිරි ගෑවත් ඒ බලය මුදා හැරෙනවා. [පොලිස් කාර් එක මතකනෙ.] මේ හේතුවම නිසා බෝල්ට් බොහෝ වෙලාවට නිශ්ශබ්ද කෙනෙක් විදිහට තමා ඉන්නෙ. මේ කෑගැසීමෙන් ඇති වෙන ශබ්දය “uasi-sonic” scream බ්ලැක් බෝල්ට් අවට පරිසරයෙන් ඇද ගන්න ඉලෙක්ට්රෝන ශක්තියෙන් තමයි බලවත් වෙනවා කියලා කියන්නෙ. උපරිම ශබ්දයෙන් කෑගැහුවොත් ඒක න්යෂ්ටික අවියක් පිපිරීමෙන් ඇති වෙන බලයට සමාන බලයක් තමා එන්නෙ. අනික් දේ තමා මේ සන්නද්ධ වෙන ඉලෙක්ට්රෝන වලින් electron energy blasts එකක් වුනත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමා පියාසර කිරීමෙ හැකියාව, වැඩි දියුණු කල හැකි ශක්තිය,[සුපර් හියුමන් පන්ච්], අභ්යවකාශයේ නොනැසි සිටීමෙ හැකියාව, ඒ වගේම පදාර්ථ විශ්ලේෂණයට හා මෙහෙයවීමට ඇති හැකියාව. අද කතාවෙන් තවත් දේවල් දැනගන්න ලැබෙයි.
දැන් හිතයි යකෝ මූට පියාබන්නත් පුළුවන්ද කියලා. ඒක තමා ටිවි සීරියස් එකේ ඇදුමෙ අඩු පාඩු තියෙනවා කිව්වෙ. කොමික් වල බැලුවොත් පියාසර කරන්න මෙයාගෙ ඇදුම නිර්මාණය කරලා තියෙනවා. ඕං බලාගන්නකො එහෙනං.
තව දෙයක් තමා බ්ලැක් බෝල්ට්ට පොඩි කාලෙ ඉදල එයාගෙ බලය පාලනය කරගන්න බැරුව හිටිය කෙනෙක්. මෙයාව හුදකලාව කුටියක දාලා පුහුණු කලා කියලා තමා කියවෙන්නෙ. ඒ වගේම තමා මෙයාගෙ බලය පාලනය කරගන්න පොඩි කාලෙ ඉදන්ම නළලට ඉහලින් දෙබලක හැඩයෙ ඇන්ටනාවක් පළදිනවා. ඒකත් අපි ටිවි සීරියස් එකේ දැක්කෙ නැ. අනික තමා වෙස් මූණ,බ්ලැක් බෝල්ට් වෙස් මූණක් පැලදන් ඉන්නවා. තාම නම් කතා මාලාවෙ දැක්කෙ නෑ. ඉස්සරහටවත් තියෙයිද බලමු.

නින්ද අතරවාරයෙ කතා කරයි කියන බයට නිදා නොගෙන භාවනා කරන්න තමා බෝල්ට් පුරුදුවෙලා ඉන්නෙ. ඒකෙන් එයාගෙ හැකියාවන් තවත් වැඩි දියුණු වෙන එකත් සිද්ද වෙනවා.දැන් තේරෙනවනෙ කතා මාලාවෙ බ්ලැක් බෝල්ට්ගෙ චරිතයෙ තියෙන අඩුපාඩු මොනවද කියලා. කොමික් එක්ක බැලුවාම තමා හොදට පේන්නෙ. තව දේවල් තියෙනවා.
ඉදිරියටත් මේ වගේම කතාවෙ ඉන්න චරිතයක් පිළිබඳව පොඩි විස්තර ටිකක් කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක රදා පවතින්නෙ ඔයාලා මත තමයි. මේවා කියවලා යමක් අලුතින් දැනගත්තනම්, ඒ වගේම කොතන හරි මං වැරදිනම් ඒවත් කියන්න. තව ඔය අය දන්න දේවලුත් අනික් අය එක්ක බෙදා ගන්න. කොහොමත් කලින් බලපු කොටස නිකන් බොරුවට මතක් කරනවට වඩා මේ විදිහ හොදයි කියලා මට හිතුනා. ඒකයි මෙහෙම දෙයක් කරන්න පෙළඹුණේ.
දැන් ඉතින් පුරුදු විදිහට පසුගිය කොටස ටිකක් මතක් කරන්නම්,
ඉන්හියුමන්ලගෙ නිවහන වෙච්ච ඇලැන් හදේ තමා පිහිටලා තියෙන්නෙ. තවත් පැහැදිලි කරනවනම් හදේ නිපැහැති කොටසෙ තමා තියෙනවා කියන්නෙ. ඉතින් පෘථිවියෙන් හදේ පර්යේෂණ කරන්න ගන්නවත් එක්ක තමා ඇට්ලැන් වල ප්රශ්න මතුවෙන්නෙ. මොකද ඉන්හියුමන්ලා මිනිස්සුන්ගෙන් ඈත්ව තමා ජීවත් වෙන්නෙ. ඉති මිනිස්සු දැනගත්තොත් මේ අය හදේ ඉන්නවා කියලා මොනා වෙයිද? මොකද ශීල්ඩ් එකේදිත් ඉන්හියුමන්ලව දඩයම් කරන පිරිසක් හිටියා. කොහොම වෙතත් බ්ලැක් බෝල්ට් කිසිවක් නොකර ඉන්න තීරණය කලත් ඔහුගෙ මලයා වෙච්ච මැක්සිමස් මේ තීරණයට කැමතිවෙන්නෙ නැ. ඒ හේතුව නිසාම මැක්සිමස් ඇට්ලන් අල්ල ගන්න කැරැල්ලක් ගහනවා.
ඔය කැරැල්ලෙ කොටසක් තමා පහුගිය කොටසෙ ට්රයිටන් මරන එකත්. ඉතින් මේ කැරැල්ල නිසාම රාජකීය පවුලෙ අයව ලොක්ජෝ මාර්ගයෙන් පෘථිවියට එවනවා. හැබැයි ඉතින් එකම තැනකට නම් නෙවෙයි. විවිධ ස්ථාන වලට. ඒ වුනත් ක්රිස්ටල් සහා ලොක්ජෝට පැනගන්න බැරිවෙනවා. ඒ වගේම තමා ඇට්ලැන් වලින් පැනගන්න කලින් මැක්සිමස් මෙඩූසගෙ කොන්ඩෙ කපලා දානවා. ඔය අතරෙ වාරයෙ බ්ලැක් බෝල්ට්ව පොලිසියෙන් අල්ල ගන්නවා. තවත් කියනවනම් ගෝර්ගාන්ට අලුත් යාලුවො ටිකක් හම්බෙනවා වගේම කර්නාක්ට එයාගෙ හැකියාව නිවැරදිව භාවිතා කරන්න බැරුව යන්න ගන්නවා. ඉතින් අද කොටස ඔයාලට බාරයි.
කණගාටුවෙන් වුනත් දෙයක් කියන්න ඕන, මෙච්චර මහන්සිවෙලා මගේ අධ්යාපනයට වැය කරන්න තියෙන්නෙ කාලයෙන් පැය 6,7 මේකට වැය කරලා තමයි මේ උපසිරැසි කරන්නෙ. ඒ වගේම කලින් කොටසටත් හොද විස්තරාත්මක ලිපියක් අපෙ තිසර අයියට කියලා ඔයාලට ලබා දෙන්න කටයුතු කලා. ඒත් අපි මේ වෙන මහන්සිය තඹ සතේකට ගනන් නොගෙන ඔයාලත් උපසිරැසිය අරන් යනවා. සල්ලි දෙන්න කියනව නෙවෙයිනෙ පොඩි අදහසක් දක්වලා යන්න කියලා විතරයි ඉල්ලන්නෙ. හැබැයි මේ උපසිරැසි වල තියෙන ගුණාත්මක බව හොයන්න කට්ටිය නම් ඉන්නවා. මෙච්චරයි ඉල්ලන්නෙ මේ වෙන මහන්සියට පුංචි හරි වටිනාකමක් එක් කරන්න පුළුවන් ඔය අයට විතරයි. ඉතිං පුංචි අදහසක් දක්වලා තවත් ශක්තිමත්ව ඉදිරියටම මේක කරන් යන්න හයියක් වෙන්න කියලයි ඉල්ලන්නෙ. එහනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,557 downloadsDownload Marvels-Inhumans-S01E03.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
81 comments
Kasun Widusha
sachintha
Thanks bro...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකන් හිටියේ....
කියන තරම් නරක නැ කතාව.රයන් ද සිල්වා
සබ් එකට තුති ලහිරු සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේඋදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
04 වෙනි කොටහත් අරන් ලබන සතියේ අඩවිය පැත්තේ ගොඩ වෙමු
#ජයවිමා
ඔක තමා හරි සිද්දිය. කතාවෙ චරිත වලට හානි කරල. ඒත් අයන් ෆිස්ට් එක කතාවක් වශයෙන් අසාර්ථකයි කියන එක පිලිගන්නෙ නෑ බන්. අයන් ෆිස්ට්ගෙ හැකියාවන් අඩු කිරීමක් ඒකෙත් කරල තිබ්බ. චරිතයට අසාධාරණයක් කරාට කතාව හොදට කොමික් එක්ක ගැලපිලා යන්න තිබ්බා. බලමු මේක එහෙමවත් වෙයිද කියල. සබට තුති මචෝ.
ඩිලාන් හසිත
ස්තූතියි සබට මචෝ
ඊලග කොටසත් මේ වගේ ම ඉක්මනට අරන් එමුneo dilshan
සබ් එකට thnq broh
කවින් ලහිරු
තෑන්ක්ස් සබට ලහිරු සහෝ
පටන් ගත්ත වැඩේ ගෝඩාක් හොදායි හැමදාම මේ වගේ කොමික් චරිතයක් ගැන විස්තර කෑල්ලක් අරන් එන්න
ජය වේවාHimaru
Thanks For Sub
මලිත් සංදීප
නියමයි සහෝ සබට තෑන්ක්ස්
ඒකතමයි බන් මමත් හිතුද තරම් කතාව හොද නැතුවට ඔයිට වඩා සවුත්තු ඒවා බලලා තියන නිසා ගානක් නෑ...
සබ සුපිරියටම කරලා තියනවා...
ඔය එක එක හාල් පාරුවෝ කියන ඒවා ගනන් ගන්න එපා බන්...කනිශ්ක ලක්මාල්
ලහිරු සහෝ ගෝඩාක් ස්තූතියි ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය කැප කරමින් මේ කරන්නා වූ සේවයට...
ඔය අඩු පාඩු හොයන උන් ගැන එච්චර හිතන්න එපා බන්
මම සහෝ කරපු පලමු සබ් එක වන shadowhunters එපියේ ඉදලා ඔයා කරපු හැම උපසිරැසයක්ම බලල තියනවා.. ඒක නිසා මම කියන එක පිලිගනින් බන් උබ උපසිරැසියට උපරිම සාධාරනයක් ඉටු කරනවා...Nadeera
Thanks sahooo
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
RuchiMax
**-__Tnx__-**
**-__For__-**
**-__Sub__-**
iDT
සබට බොහොම ස්තුතියි
Hashen
Ela machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Carlton Bandara
තෑන්ක්ස් සහෝ.....
Dulan randika
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකන් හිටියේ….
කියන තරම් නරක නැ කතාව.charuka
thank you saho
Dushmantha
Thanks for the Sub brother.....
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට........!
Sandheep
Thanx sub ekata macho
kasun chaturanga
බොහොම ස්තූතියි සහෝ
Iraj Asela
ela Thanks
Udara Damith B/K
ලිපියනම් නියමයි
දෙපාරක් කියෙවුවා
උපසිරසට් ස්තුතියි
ඊලග කොටස
එනකල් බලෙගෙන
බලාගෙන ඉන්නවාNirodhauthpala
Niyamai bro thx for sub digatama denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
D.Chamara
lipiyanam kiyawanna une naha . etha bohoma sthuthi sahooo jaya...
Kasun
බොහොම ස්තුතියි සහෝ......
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
එක එකාට කියන්නවත් උබලගේ සබ් වල අඩු පාඩු නෑ බන්. ඔවා සත පහකට ගනන් ගන්න එපා.. කමෙන්ට් දාන එක ගැනනම් කතා කරන්න එපා සහෝ.ඕක ඇවිත් අපේ එවුගේ කුහුකකම සහෝ.එච්චරයි මමනම් දන්නේ..ඕනිනම් උබලා කමෙන්ට් එකක් දාන්නේ නැතුව සබ් ගන්න බැරි වෙන්න සයිට් එක හදහන්කෝ.. ඒහෙම කලත් කමෙන්ට් දාන්නේ නැති එකා දාන්නේ නෑමයි සහෝ. ඒ තරම් කුහක ජාතියක්..අපි උබලා එක්ක ඉන්නවා බන්. කමෙන්ට් එකක් දාලා අනිවා සප් එකක් දෙනවා හැමදාම..ජය වේවා සහෝ!
******************බුදුසරණයි******************Dinuka Wijesinghe
පින් සිදුවේවා
pradeep
Star Trek: Discovery tv series ektat sub demuda
chaminda
thanks sub walata .godaaaak pin
Kps
Ela ela broooo niyamai.... ඇත්ත කතාව කට්ටියගේ පවර්ස් හරියට යොදා නොගෙන කරපු එක තමයි මේ ටිවී සිරිස් එක චාටර් වෙන්න හේතුව.. අපරාදේ නැත්තම් හොඳ ටිවී සිරියස් එකක් වෙන්න තිබුනා......
SUPUN KAVINDA
කොහොම හරි මේ කතාව නම් මගේ හිතට ඇල්ලුවා (සමහර විට කොමික් කතාව දන්නේ නැති නිසා වෙන්න පුළුවන් ) එත් කොහොම හරි මේ චරිත ගැන විස්තරයක් දානවට ගොඩක් පින්. මොකද ගොඩක් අය මේ චරිත වල විස්තර දන්නේ නෑ. (මම හිතනවා අනිත් මේවා බලන හුගක් උනුත් මම වගේම වෙන්න ඇති කියාල :P :P ;-) ) එක එක උන් කියන කතා අහන්න ඕන නෑ. මොකද කට තියන නිසා ඕන එකෙකුට ඕන එකක් කියන්න පුළුවන්. ඒවා තමන්ට අදාල නොවන තාක් කල් ඒවා ප්‍රශ්නයක් කර ගන්න ඕන නෑ. ලිපියටයි සබ් එකටයි තෑන්ක්ස් සහෝ.
Sathsara Jayanga
මටත් හිතෙන්නේ මෙයාලා වැඩේ අනාගත්තේ ලෝ බජට් ගහන්න ගිහින් කියලා. ඒ උනාට අපි කොමික් ඇකියුරසි එක ගැන මොන විදියට කතා කලත් සිනමැටික් යුනිවර්ස් එකකදි කොමික් විදියටම හදන එක අසාර්තක වැඩක්. ඒ උනාට චරිත වල හැකියාවන් මුල් විදියටම නැති වෙනකොට නම් අවුල් තමයි. කොහොම උනත් සබ් එක සහ විශේෂයෙන්ම මේ ලිපියට රොම්බ තැන්ක්ස් මචං. තව තවත් කොමික් පාර්ට් එකතු කරන්න ලිපියට. එතකොට නොදන්නා කට්ටියට උනත් මේ වගේ කොමික් බේස් එවා හරි විදියට රස විඳින්න පුලුවන් වෙයි
VisH
බොහොම ස්තුතියි ම්චං උපසිරසයට වගේම ලිපියටත් :)
isuru
උපසිරැසිය වගේම ලිපියත් පට්ට. වැඩිය නොදන්නා කොමික් චරිතයක් ගැන දැනගත්තා, බොහොම ස්තුතියි සහෝ සබට මෙන්ම ලිපියටත්, ජයවේවා !
Wimukthi Sagara Silva
thanks bro: oyata jaya weeeewaaaaa
Janith
ela kollo
Ajith Priyantha
sub akata thanks wawa
Ravindu Rukshan
Thx
Gayan
Tnx tnx
Asanka
Thanks brooo
HASITHA
Thanks macho sub eka welawata denawata
කවිඳු නුවන් දේශික
සබ් එකට තෑන්ක්ස් වේවා!
Bhagya
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Inhumans [S01 : E03] with Sinhala Subtitles | මැක්සිමස්ගෙ යටිකූට්ටු සැලසුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/inhumens.jpg)


Tnx mchn