හොදයි ඔන්න මාස කිහිපයක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත ආරම්භ කරන්නයි හදන්නේ. කතාව පටන් අරගන මේ වෙනකොට අවුරුදු 4ක් අවසන්, මේ වෙනකොට imdb දර්ශකයේ 8.1 අගයක් ලබාගන සාර්තකව පස්වන වසර දක්වා පියවර තියන්නයි මේ හදන්නේ. සුපුරුදු පරිදි James Spader ගේ අති විශිෂ්ට රංගනයෙන් සහ විචක්ෂණශීලීළි කතාබහින් හැඩ ගැන…

හොදයි ඔන්න මාස කිහිපයක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත ආරම්භ කරන්නයි හදන්නේ. කතාව පටන් අරගන මේ වෙනකොට අවුරුදු 4ක් අවසන්, මේ වෙනකොට imdb දර්ශකයේ 8.1 අගයක් ලබාගන සාර්තකව පස්වන වසර දක්වා පියවර තියන්නයි මේ හදන්නේ. සුපුරුදු පරිදි James Spader ගේ අති විශිෂ්ට රංගනයෙන් සහ විචක්ෂණශීලීළි කතාබහින් හැඩ ගැන්විලා, Megan Boone ගේ සුන්දර රූපශ්‍රීයෙන් සහ ක්‍රියාදාම වලින් ඔපමට්ටම් වෙච්ච කළු ලැයිස්තුවේ පස්වෙනි කතාමාලාවේ ආරම්භයයි මේ සනිටුහන් කරන්නේ. . හොදයි පසුගිය මතකයන් ටිකක් අලුත් කරගනම අද කතාව බලමු එහෙමනම් නේද?
කළු ලැයිස්තුව ආරම්භයේදී රෙඩින්ටන් FBI මූලස්ථානයට ඇවිදගන ඇවිත් බාරවෙනවා එයා කතා කරන්නේ එලිසබත් කීන් කියන කෙනා එක්කම විතරයි කියලා. එදා ඉදන් අපි හැමෝටම තිබුනු සැකයක් තමයි රෙඩින්ටන් සහ කීන් අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. සමහර අවස්ථා වල රෙඩින්ටන් තමයි ලිස්ගේ තාත්තා කියලා අපිට 100%ක්ම විශ්වාස වෙන විදියට කරුණු පෙන්නුම් කලත් සමහර අවස්ථාවල රෙඩ් ලිස්ගේ තාත්තා නම් වෙන්න බැහැ කියලා තහවුරු කරලාම කියන්න පුළුවන් සිදුවීමුත් පසුගිය අවුරුදු 4 කතාවේදී නොඅඩුව දකින්න ලැබුනා. කොහොම උනත් අවසානයේදී රෙඩින්ටන් තමයි ලිස්ගේ තාත්තා කියලා අපිට හරියටම දැනගන්න ලැබුනේ හැරල්ඩ් කූපර් සාක්ෂි පෙට්ටියක අවුරුදු ගනනාවකට කලින් එකතු කරලා තිබුන සාක්ෂියකින් ලබාගන්න DNA සාම්පලයක් පරීක්ෂා කරලා බලලා ලැබුනු වාර්තාවෙන්.
ඒ වගේම තමයි මේ වෙනකොට රෙඩ් බංකොලොත් වෙලායි ඉන්නේ. තුන්වෙනි සීසන් එක අවසානයේදී ලිස් මිය ගියේ බොරුවට කියලා දැනගත්තට පස්සේ ඒකට උදව් කරලා ලිස් ගේ ජීවිතය අනතුරේ දාපු එකට සහ තමන්ව පාවලා දුන්න හේතුවට රෙඩින්ටන් මිස්ටර් කැප්ලන්ව පාළු වනානත්රයකට ගෙනිහින් වෙඩිතියලා මරලා දානවානේ. හැබැයි ඒ අවස්තාවේ ඇත්ටම කැප්ලන් මැරෙන්නේ නැහැ. එයා පණ බේරගන්නවා, ඊට පස්සේ නැවත ඇවිල්ලා රෙඩ් ව නැත්තටම නැති කරලා දැම්මා මතක ඇති කියලා හිතනවා. ඉතිං මේ වෙනකොට රෙඩින්ටන් අන්තිම දුප්පත්. ජීවත් වෙන්න තැනක් නැහැ. එයාගේ ව්‍යාපාර සම්බන්ධතා හැමදෙයක්ම මේ වෙනකොට බිද වැටිලා. එයාට නැවත එයාගේ අපරාධ අධිරාජ්‍ය ගොඩ නගන්න වෙනවා. ඒ වගේම තමයි අර සූට්කේස් එක. මිස්ටර් කැප්ලන් තමන්ගේ ජීවිතය නැති කරගත්තේ, ලිස්ට රෙඩින්ටන් ගැන හැම ඇත්තක්ම එලිවෙන විදියට වැඩ කටයුතු සලස්වලානේ. මේ වෙනකොට ඒ සත්‍ය සැගවිලා තියෙන සූට් කේස් එක තියෙන්නේ ටොම් කීන් ගාව. රෙඩින්ටන් ගොඩක් බයයි ලිස් මේ ගැන දැනගන්නවට. ඒ සූට් කේස් එක ඇතුලේ තියෙන්නේ නම් මිනිස් ඇටකටු ටිකක් බව අපි දන්නවානේ. හැබැයි ඒවා කාගෙද, මොකද්ද ලිස්ට තියෙන සම්බන්ධතාවය කියලා අපි තාම දන්නේ නැහැ.
ඒ වගේම තමයි ඩොනල්ඩ් රෙස්ලර් ගැනත් මතක් නොකරම බැහැ. මේ වෙනකොට ලෝර්ල් හිචින් ඩොනල්ඩ් රෙස්ලර්ගේ අතින් මියගිහින්නේ. ඒක හැබැයි හිතා මතා කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අනතුරක්. එයා කරපු පව් පලදීමක් වෙන්නත් පුලුවන්. මේ කතාවේ හිටපු දුෂ්ට කාන්තාව, රෙවන් රයිට්ව මරලා දාපු මායා කාරිය වන ලෝරල් හිචින් මෙලෙස සමුගනීවි කියලා නම් අපි බලාපොරොත්තු උනේ නැහැ. කොහොමහරි රෙස්ලර් රෙඩින්ටන්ගේ උදව්වෙන් රේවන් රයිට්ගේ මළ සිරුර හොයාගත්තා මතක ඇති කියලා හිතනවා. හැබැයි අවසානයේදී රෙස්ලර් රේවන් රයිට්ගේ මළ සිරුර සඟවන්න ලෝරල් හිචින්ට උදව් කරපු පුද්ගලයාගේ උදව් ගන්න වුනා ලෝරල් හිචින්ගේ සිරුර විනාශ කරලා දාන්න. මීට අමතරව සතුටුදායක කොටස, අපි පුල පුලා බලා සිටි අරාම් සහ සමාර් යුවළගේ එකතුවීමත් මෙතන සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි.
හොදයි, එහෙම නම් ඉතිං අද කතාව බලන්නකෝ. අද කතාවෙදී ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා රෙඩින්ටන් සහ ලිස් එකතුවෙලා අපරාධකාරයෙක්, නීතියෙන් පලා යන්නෙක් අල්ලගන්න කරන උත්සාහය ගැන. ඒ වගේම ලෝර්ල් හිචින්, ආරම්-සමාර් ගැනත් අලුත්ම තොරතුරු දැනගන්න ලැබේවි.
මීළඟ කොටසින් හමුවන තුරු ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
5,263 downloadsDownload The-Black-list-S05E01.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
35 comments
indunil
Mudith Madusanka
ela ela machn. thnk for sub ekata, serma baluva, dn se 5 balumu ahem nam
රුවින් අමින්ද
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
නියමයි සුරේනි අක්කේ
මේක දෙනකල් තමයි බලන් හිටියේ...ටොම් ට ලැබුන ඇට සැකිල්ල ලීස්ගෙ අම්මගෙයි කියලයි මම හිතන්නේ...
රෙඩින්ටන් ඔච්චරම බය ලීස් හොයා ගනියි කියලා රෙඩ්ගෙ අතින් එයාගෙ අම්ම මැරුනු බව....උදාර දිල්ශාන්
තෑන්ක්ස් සබ් එකට
Jeewantha
කාලෙකින් ආසාවෙන් බලන කථාවක උපසිරසි ගෙන අවාට ගොඩාක්ම ස්තුතියි. දිගටම සබ් දෙන්න අපි ආසාවෙන් බලා ඉන්නවා. නැවතත් අපි වෙනුවෙන් කරන මේ සේවයට ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Akalanka
Thnx...........
udara
thanx
කවීන් ලහිරු
සබ් එකට තුති
එලමඩිලාන් හසිත
සිංහල සබ් එකට ස්තුතියි අක්කේ
ඊලග කොටසත් පුලුවන් ඉක්මනට දෙන්නSachintha
Thanks
MALINDU
THANKS FOR SUB
Bobby
බොහෝම ස්තුතියි සුරේනි උප සිරස යෙදුවාට
chameera
sthuthi obta.........
Supitha
thank you sureni akke
chandrasena
සිංහල සබ් එකට ස්තුතියි
Sudheera Kasun
Thanks sis...!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක එනකම් හිටියේ...Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ...
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...කවිදු
සබ් එකට බොහෝම ස්තුතියි.ජය...
podda
ambo me thiyenne balagena hitiya ekaka. podi bayakuth thibba sub 1 wena kawuru hari karaida kiyala. e unata me dila thiyenneeee. thanks sis!!!!!!!
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~C. R. ජයලත්
Niyamai Sureni Akka Jaya Wewa!!!!!
Devaka Sadaruwan
ස්තුතියි සුරේනි අක්කා.......
dinuka madumal keerthirathne
great to see you again sureni
Supitha
dewani epiya ada denawadoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan viraj
thanz sureni akka
amila
thanks for all subs
Gayan
torrent link 1k nadda machan
danithniwanthaka
thanks bro. jaya wewa
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Tikka123
aluth eka 06 01 denna beri weida??
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E01] with Sinhala Subtitles | දුම්බොන පට්නම් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




thanx saho sub ekata