Watch Trailer

Inhumans [S01 : E04] with Sinhala Subtitles | තම පවුලේ සාමාජිකයන් සොයා [සිංහල උපසිරැසි සමඟ]

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛෝපබෝගී, විනාශ කරන්න බැරි ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට. මෙයා සාමාන්‍යයෙන් අතින් ප…

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛෝපබෝගී, විනාශ කරන්න බැරි ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට.

මෙයා සාමාන්‍යයෙන් අතින් පයින් ගහ ගන්න කෙනෙක් නෙවෙයි, මොකද සටනකදි අතින් පයින් ගහනවට වඩා ඇස් පිය ගහන ක්ෂනයකින් සතුරන්ව බිම දාන්න මෙයාගෙ රතු කොන්ඩයට පුළුවන්.

මම කලින් සතියෙ කිව්වනෙ බ්ලැක් බෝල්ට්ගෙ ඇදුමෙ අඩුපාඩු ගැන. ඒ වගේම තමා මෙඩූසගෙත් ඇදුම වගේම එයාගෙ කොන්ඩෙ එහෙම නැත්නම් පාවිච්චි කරපු විග් එකෙත් අවුල් තියෙනවා. ප්‍රේක්ෂකයෝ අහලා තිබුනෙ ” මාවල් ඔහෙලා මොන මගුලක්ද ඕයි මේ කරන්නෙ” කියලා. මොකද මෙඩූසගෙ විග් එක ඒ තරම් අවුල් එකක්. “Wearing what looks like a Party City wig. Marvel, what the fuck is going on?”.

මම හිතන්නෙ ඒක දිහා හොදින් බැලුවොත් ඒක බොරු එකක් බව ඕනවටත් වඩා හොදට පේනවා.

Serinda Swan දක්ෂ නිළියක්කියලා පිළිගමුකො. ඒත් එයාගෙ ඔලුවට දාලා තියෙන විග් එක ඇත්තටම රාජකීය පවුලට ගැලපෙන එකක් නම් නෙවෙයි. පාවිච්චි කරලා තියෙන කොන්ඩෙ තනිකරම කෙලින් තියෙන්නෙ. ඒකෙ කිසිම දරුණුපෙනුමක් දකින්න නෑ. මොකද කොමික් එක්ක සැසදුවාම වෙනස්ම කොන්ඩ දෙකක් කිව්වැකි. මට නං හිතෙන්නෙ ඇත්තටම මේ අයගෙ පවර්ස් ඇදුම් ගැන අධ්‍යක්ෂකවරයා වැඩිය හිතලා නෑ කියලා. හරි දැං කට්ටිය හිතන්න පුළුවන් කොමික් වල තියෙන ඒවා ගෙඩිය පිටින්න රූපවාහිනිතිරයට ගේන්න අමාරුයි කියලා. හරි ඒත් මේ කප් කරන කෙනාට පුළුවන්නෙ ගැලපෙන මේකප් එකක්, ගැලපෙන විග් එකක් පාවිච්චි කරන්න. ඉතුරු හරිය ඇනිමේෂන්වලට බාරයි.

අපිදැන් මෙඩූසා ගැන පෝඩ්ඩක් බලමු මෙඩූසගෙ කොන්ඩෙ ගත්තොත් ඝනව වැවුනු, ආතන්‍ය බලයක් සහිත, වගේම කොන්ඩ ගහකුයි ඒ ඝනකමම තියෙන යකඩ වයර් එක්කුයි ගත්තොත් මෙයාගෙ කොන්ඩෙ ඊටත් වඩා හයියයි. තවත් දෙයක් තමයිමෙඩූසගෙ කොන්ඩෙ සාමාන්‍ය දිග වගේ දෙගුණයක් දිග් කිරීමෙ හැකියාවත් තියෙනවා. මෙඩුසගෙ කොන්ඩෙ ලිහිල්ව තියෙන වෙලාවට සාමාන්‍ය දිග ආසන්න වශයෙන් අඩි6 විතර වෙනවා (1.8m). ඒ වගේම තමා මෙයාගෙ කොන්ඩෙ පාවිච්චිකරලා ටොන් 1.6 බරක් ඉසිලීමෙ හැකියාව තියනවා. තව ඕන තරම් දේවල් තියෙනවා මෙයාගෙ කොන්ඩෙට කරන්න පුළුවන් ඒත් ඉතිං මෙතන කියන්න ගියොත් ලිපිය සෑහෙන්න දිග් වෙනවා. ඒ හින්දා ඔය ඇති.

ඇත්තම කියනව නම් මම නම් මෙඩුසගෙ චරිතයෙ ලොකු යමක් කතාව ඇතුලෙ දැක්කෙ නෑ. ඇත්තටම ලොකු රගපෑමක් දැක්කෙත් නෑ. කෙසේ වෙතත් අපිට දකින්න ලැබුනා කොමික් වලදි වගේම මෙඩූසගෙ කොන්ඩෙ කපලා දානවා. හැබැයි කොමික් වලදි මෙඩූසගෙ කොන්ඩෙ කපන්නෙ මැක්සිමස්ගෙ අතින්මද කියලා මම දන්නෙ නැ. කෙසෙ වෙතත් කොන්ඩෙ කපනවා. හැබැයි මැෂින් එකෙන් නෙවෙයි හොඳේ. කොමික් එකෙයි ටිවි ෂෝ එකෙයි සෑහෙන්න වෙනස් කම් තියෙනවා. මේකෙ විතරක් නෙවෙයි ඇරෝ, ෆ්ලෑෂ් ගත්තත් එහෙම තමා. ඒක නිසා මැෂින් එකෙන් කොන්ඩෙ කැපුවද නැත්තං කතුරෙන් කැපුවද කියන එක මහවට හිතන්න ඕන දෙයක් නෙවෙයි. දැකලා නැති අයට බලාගන්න පින්තූරයක් එකතු කරන්නම්.

ලොකු විස්තරයක් කියන්න තරම් වෙලාවක් නෑ. ඒ නිසා ඔය කිව්ව බොහොම සුළු විස්තරයෙන් සෑහීමකට පත්වෙන්න වෙනවා ඔයාලට. කතා මාලාවෙ ඉදිරි කොටස් 4ත් මේ වගේම කතාවෙ ඉන්න චරිතයක් ගැන කියන්න හිතන් ඉන්නවා. ඔයාලගෙ සහය මත තමා ඒක රදා පවතින්නෙ. හරි ඊලගට කියන්න ඉන්නෙ GOT වල වගේම මේ කතාව තුලත් සුපිරි රංගනයක නිරත වෙන Iwan Rheon ගැන නෙවෙයි Iwan Rheon රංගනයෙන් දායක වෙන මැක්සිමස් ගැන. ඉතිං ඔය කාටහරිමේ චරිතෙ නැතුව වෙන කෙනෙක් ගැන යමක් දැන ගන්න ඕන නම් කියන්න. සලකා බලන්නම්.

දැං ඉතින් සුපුරුදු පරිදි කලින් කොටසින් මතක් කරන් ඉමු..

මහාචාර්ය ඩික්ලන් කියලා කෙනෙක් දැනගන්නවා බ්ලැක් බෝල්ට්ට තියෙන බලය වගේම එයා කවුද කියන එකත් කොහොම වෙතත් බෝල්ට් ඒ වෙනකොට රැදවුම් මධ්‍යස්ථානයක රදවලයි තියෙන්නෙ. ඒ අතරෙ මැක්සිමස් ක්‍රිස්ටල්ට කියලා ප්‍රවේණි කවුන්සිලය ඉදිරියෙ කතාවක් කරවන්න හදන්නෙ. ඔය පල හිලව් අස්සෙ ගොර්ගාන් සටනකට සූදානම් වෙනවා.

මෙඩූසා මැක්සිමස්ව හොයාගෙන යන ගන්නවා. එයාගෙ ඇදුම් පැලදුම් සේරම වෙනස් කරගන්නවා. ඔය අතරෙ ගෝර්ගාන්ව හොයාගෙන ඔරාන් ඇතුළු පිරිස එනවා. එතනදි නම් ලොකු සටනක් ඇති වෙනවා. ඒ නමුත් මොර්ඩිස් නිසා කට්ටිය පහු බහිනවා. කොහොම වෙතත් ගොර්ගාන්ගෙ ටීම් එකෙ කෙනෙක් එතනදි මැරෙනවා. ක්‍රිස්ටල් ප්‍රවේණි කවුන්සිලය ඉදිරියෙ කතාව කරන්න කැමති වුනත් එතනදි හැමෝටම කොකා පෙන්නලා ලොක්ජෝ එක්ක ඇට්ලැන් වලින් පැනගන්නවා. ඔය අතර වාරයෙ බ්ලැක් බෝල්ට්ට කදවුරේ දි හමුවුනු මිතුරත් එක්ක එතනින් පැන ගන්නවා. එයාලගෙ සහයට මහාචාර්ය ඩික්ලන් එතනට එනවා. ඔය වෙලාවෙම මෙඩූසත් එතනට ආවත් එතකොටත් බෝල්ට් ඇතුලු පිරිස එතනි පිටවෙලා. ඔතනදි තමා ලුවිස් මෙඩූසත් එක්ක එක්කහු වෙන්නෙ. ක්‍රිස්ටල් පෘථිවියට ආවත් ලොක්ජෝ නම් හොදින් නෙවෙයි. ඒ මදිවට තව බයික් එක්කුත් එයාගෙ ඇගේ හැප්පෙනවා. තවත් නම් මොකූත් කියන්න බෑ. මගෙ ඇගිලි දහයම රිදෙනවා. ආ, ඔයාලා වෝට් එකක් දානකොට කතාවට නෙවෙයි උපසිරැසියෙ ගුණාත්මක බවට වෝට් කරන්න. එහෙනං මං ගියා.

ජය වේවා!!

Inhumans on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Marvels.Inhumans.S01E04.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,491 downloadsDownload Marvels.Inhumans.S01E04.Baiscopelk.com_.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

5,491 downloadsDownload Subtitles25 KB

40 comments

  1. D.Chamara

    bohoma sthuthi sahooo

  2. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  3. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  4. Thanusha

    Supiri bro

  5. Kalana

    Supirima lipiyak bro. Kathawata thanks

  6. SUPUN KAVINDA

    sub akata thanks bro.... awagema lipiyatath

  7. thanula

    sub walata thnks sahooo

  8. Deshan_Rathnayaka

    Thanks bro.....
    දිගටම sub දෙන්න...

  9. Ajith Priyantha

    arrow sub aka naththa ai
    suba akata thanks wawa

  10. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  11. Sachintha

    Thanks For Sub

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  13. උදාර දිල්ශාන්

    සබට තෑන්ක්ස් බ්‍රෝ
    එලම

  14. Malindu

    Thanks

  15. මලිත් සංදීප

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස්

  16. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  17. Malith Weeramuni

    සබ් එක සුපිරි බ්‍රෝ වරදක් කියන්න නෑ.... සුභපැතුම්...

  18. Malith Weeramuni

    මට නන් මේ කතාවේ ලොකු අවුලක් පේන්නේ නෑ... අපිත් පොඩි උත්සහයක් දැරුවොත් imdb එකේ ratings වෙනස් කරන්න බැරි වෙන එකක් නෑ. මොකද ලන්කවෙත් මේ සීරීස් එක දාහකට වඩා බලනවනේ. කතාවට ආස කට්ටිය පොඩ්ඩක් උත්සහ කරල බලමු...

  19. DILUSHA

    THANKS SAHO

  20. geeth

    බොහොම ස්තුතියි

  21. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  22. Dasu

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.....

  23. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ.....

  24. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ලිපියත් නියමයි සහෝ..ඊලග ලිපියෙන් මේකේ තව චරිතයක් ගැන මේ වගේ හැදින්විමක් ලැබුනොත් නියමයි හොදේ..ජය වේවා..
    ******************බුදුසරණයි******************

  25. විමා

    ඔව් බන් ඔය අඩුපාඩු ටික නොතිබ්බනම් කතාව හොඳ කතාවක්
    සබට තුති වෙන්න ගන්නවා

  26. Nüwäñthå Dúlån

    ස්තූතියි මචං
    මෙන්න ගත්තා.

  27. Ravindu

    සබ ගැන කියන්න කිසිම අවුලක් නැ..එලටම තියනවා..නියමයි සහෝ...සබට thanx...

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. hashan

    thanx bro...

  30. Udara Damith B/K

    ලිපියනම් නියමයි
    අරු මෙඩුසගේ කොන්දේ කැපුවට ඇයි එක වැවෙන්නේ නැද්ද
    ආයි වවුනොත් එකොන්ඩේට බලේ ඇති නෙ නැත්තම් කතාව ගෙනියන්ඩ වෙන්නේ නැනේ නෙ
    මාත් හිතුවා කොන්ඩේ ටිකක්වත් බයානක වෙයි කියලා ඇට්laන්ටිස් එකේ වගේවත් වෙයි කියලා හිතුවා එත් එහෙම නෑනේ
    ඊලග කොටසෙන් හමුවෙමු......

  31. Viraj tharuka

    Thanks bro sub akata!!! digatama me wage wistharayak denna!!!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Sandun

    Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….

  34. layanga

    Thanks bro

  35. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  36. Ravindu Rukshan

    Thx

  37. Aruna

    ගොඩක් ස්තුතියි ,ජයම වේවා

  38. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  39. chinthaka.max4

    thankx bro

  40. Nadeesha rox alahakoon

    Tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.