කොහොමද හැම කෙනෙක්ටම. මේ තමයි ලංකාවේ වෙබ් අඩවියකින් සිංහල උපසිරැසි ලබාදුන්නු මුල්ම ඉන්දියන් වෙබ් සිරිස් එක. අපි ඉන්දියන් මෙගා නාට්‍යය වලට හිනා වේවි ඉන්නකොට ඉන්දියන්කාරයෝ විවේක් ඔබ්‍රෝයි වගේ බොලිවුඩ් නළුවෙක් ප්‍රධාන චරිතකයට දම්මලා ගහනව එපිසෝඩ් 10ක සුපිරිම සිරිස් එකක්. ඒක IPL කියන සල්ලි පිටුපස දිවෙන ක…

කොහොමද හැම කෙනෙක්ටම. මේ තමයි ලංකාවේ වෙබ් අඩවියකින් සිංහල උපසිරැසි ලබාදුන්නු මුල්ම ඉන්දියන් වෙබ් සිරිස් එක. අපි ඉන්දියන් මෙගා නාට්‍යය වලට හිනා වේවි ඉන්නකොට ඉන්දියන්කාරයෝ විවේක් ඔබ්‍රෝයි වගේ බොලිවුඩ් නළුවෙක් ප්‍රධාන චරිතකයට දම්මලා ගහනව එපිසෝඩ් 10ක සුපිරිම සිරිස් එකක්. ඒක IPL කියන සල්ලි පිටුපස දිවෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රභන්ධයක් විදියට ගොතපු PPL තුලින් තමයි ඔබට සමීප කලේ. තරඟ පාවාදීම්, මුදලට කළහැකි දේවල්, ලිංගිකත්වයෙන් කරගන්නාවූ පොළඹවා ගැනීම් ආදී නොයෙකුත් දෑ. වැඩේ කොයි තරම් සාර්ථක වුණාද කිව්වොත්, ජීවිතේට හින්දි සබ් එකක් නොකරපු අපේ සමීර කරුණාරත්න සහෝදරයා එක දිගට එක පිම්මට එපිසෝඩ් 10ටම සිංහල උපසිරසි අරගෙන ආව විතරක් නෙමෙයි මෙන්න මේක බලපන් කියල පාඩුවේ පැත්ත හිටිය මං වගේ අයවත් ඇවිස්සුවා. නිකමට එපි දෙක තුනක් ඩව්න්ලෝඩ් කරගෙන බැලුවට පස්සෙන් වැඩේ තේරුනේ මේකේ රහ. ඉතිං ඒ රහ වැටිල්ල කොයි තරම්ද කිව්වොත් දෙවැනි සීසන් එකට සිංහල උපසිරැසි අරගෙන එන වැඩේට අත ගැහුව. හැබැයි තනියම නම් නෙමෙයි. මාත් එක්ක තව 9 දෙනෙක් ඉන්නව.
කතාවේ අධ්‍යක්ෂණය Karan Anshuman ගෙන්, තිරයේ දකින මුහුණු වෙන්නේ Vivek Oberoi, Richa Chadha, Angad Bedi, Tanuj Virwani, Sarah-Jane Dias, Sayani Gupta, Natasha Suri වගේ පිරිසක්. IMDB 8ක අගයක් ලබාගත් මේ ටෙලි කතා මාලාව Drama, Sport කාණ්ඩ නියෝජනය කරනවා. කතාවක් මිනිත්තු 45 වගේ තුල අවසන් වෙනව.
මතක ඇතිනේ පහුගිය කතා මාලාවේ අවසාන මහා තරගය. තරග පාවා දෙන පිලේ වික්‍රාන්ත්, සරීනා, වායූ වගේම කණ්ඩායමේ තවත් භාගයක් හිටියා. අර්වින්ද් හා රෝහිණී විතරයි අනික් පැත්තේ හිටියෙ. වික්‍රාන්ත්ගේ අරමුණ අමතක නොවෙන අවසාන මහා තරගයක් නිර්මාණය කිරීම අවසන් වෙච්ච විදිය මතක ඇතිනේ, එයාගේ පිටපත ගැස්සිලා ගිහින් පෙරලියක් වෙලා තමයි ඔක්කොම ඉවරයක් උනේ. මෙදා පොටේ වැඩේ පටන් ගන්නේ වෙච්ච දේවල් හැම දේම හරිගැස්වීමේ පොරොන්දුවක් මත. හැබැයි මෙදා පොටේ වැඩේ තියෙන්නෙ කලින් වතාවටත් වඩා මජර විදියට කියලයි මට නම් හිතෙන්නෙ. අර්වින්ද් ආපහු PPL එකට එනවා. ඒ සූරිගේ මිනී-මරුවන්ව නිතිය ඉදිරියට අරගෙන එනවා කියල එයාට ලැබෙන පොරොන්දුවක් උඩ. සරිනා තමන්ගේ බලය තහවුරු කරගැනීමේ සෙල්ලම තවමත් කරගෙන යනව. මෙදා පොටේ වැඩේ කලින්ටත් වඩා ඉහලින් කරගෙන යනවා සරිනා, වායුත් මැව්රික්ස් කණ්ඩායමේ නායකයා වීමේ සිහිනයත් එක්ක. බලමු එහෙනම් වැඩේ කොහොම වෙයිද කියල. දෙවැනි කොටස මයුර සුරාජ් සහෝ අරගෙන ඒවී, එහෙනම් මම ගියා.
ප.ලි.
මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
AMZN WEBRip x264 AAC 5.1 MSubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,395 downloadsDownload Inside-Edge-S02E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
15 comments
Anonymous
සනිඳු ලක්ඛිත
බෝම ස්තූති සහෝ උපසිරසට..සීසන් එක ආව දවස්වල.ඩවුන්ලෝඩ් නොකරම තියාගත්තේ සබ් දෙයි කියලා ලොකු සුවර් එකක් තිබ්බ නිසා. ඉවසීමේ ප්‍රතිපල ලැබුනා ඒනම්...ඊලග එපි ටිකත් ඉක්මනට ගේමු ඈ..ජය වේවා...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nirosh C
ස්තුතියි විමා.ජයවේවා!
rihan
Thanx macho.java veva.
Chandima Prasad
denakan balan hitiya sub ekak meka..thankz mekata sub denna hithuwata..jayawewa..
Randy
බොහොම ස්තූතියි සහෝ.පුලුවන් නම් ඕහොම්මම X files එකටත් සබ් දීලා ඉවර කරන්න තව පොඩ්ඩයිනේ තියෙන්නේ❤
විමා
දෙනව සහෝ
තව ටික දවසයි.
Isuru Senadeera
Ammo godak kal balan hitiya series ekak. Sinhala sub ekakam hitiye. Download karala sehena kal. Ikmanta sub tika dendoooooooooooo
Pradeep Hashan Kumara
sub ekata thank you
Rasindu Perera
අම්මෝ...නියමයි…සබ් එකට තැන්ක්ස්…
බලපු සුපිරිම කතා මාලාවක්....
ආපු කලේ Season 2 එකට link හෙවුවත් හම්බුනේ නැ...
ඉත්රු එපි ටිකත් ඉක්මනටම අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DnK
Tnq සහෝ
Anonymous
Thanks bro
MAALNATH
Thanks............good luck..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Inside Edge [S02 : E01] Sinhala Subtitles | දෙවැනි ඉණිම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Inside-Edge-2017.jpg)


Thnx bro❤✌