Watch Trailer

Inside Edge [S02 : E03] Sinhala Subtitles | තරගාවලිය දකුණු අප්‍රිකාවට..! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් Inside Edge දෙවන කතා සමයෙ 3 වන කතාංගයට උපසිරැසිය ගේන්න පැවරුනේ මට. ඇත්තම කිව්වොත් මං මේ කතාව බලලා නැහැ ඒ නිසා පහුගිය වෙච්ච දේවල් ගැන නම් අවබෝධයක් නැහැ, ඒ වගේම හින්දි ගැනත් දැනුමක්වත් නැති නිසා අඩුපාඩුවක් වරදක් තිබුනොත් සමාවෙන්න ඕන. එහෙනම් මේ කොටස ගැන මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මේ වෙන…

ඔන්න එහෙනම් Inside Edge දෙවන කතා සමයෙ 3 වන කතාංගයට උපසිරැසිය ගේන්න පැවරුනේ මට. ඇත්තම කිව්වොත් මං මේ කතාව බලලා නැහැ ඒ නිසා පහුගිය වෙච්ච දේවල් ගැන නම් අවබෝධයක් නැහැ, ඒ වගේම හින්දි ගැනත් දැනුමක්වත් නැති නිසා අඩුපාඩුවක් වරදක් තිබුනොත් සමාවෙන්න ඕන. එහෙනම් මේ කොටස ගැන මම පොඩි දේවල් ටිකක් කියන්නම්.

මේ වෙනකොට යම් ආරක්ෂක හේතූන් මත ස්වදේශ කටයුතු ඇමති විසින් PPL තරගාවලිය ඉන්දියාව තුල පවත්වන එකට හරස්වෙලා තියනවා. ඒ නිසාම තමයි ICB සභාපති බායිසාබ් මේක දකුණු දප්‍රිකාවට ගෙනියන්න තීරණය කරන්නෙ. හැබැයි මේක ඇතුලෙ වෙනම අරමුණක් තියනවාදො කියලත් හිතුනා බලන් යද්දි නම්. කොහොමත් ඉතිං මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවෙයිනෙ. ඒ වගේම තමයි දකුණු අප්‍රිකාවෙනුත් මේකට ලොකු සහයක් හම්බවෙනවා, නැතුව තියෙයිද සල්ලි ආකරයක්නෙ. ඔය දේවල් ඔහොම සිද්දවෙන අතරෙ බායිසාබ්ව බලයෙන් පහ කරන්න වෙනම කුමන්ත්‍රණයක් සිද්දවෙනවා, මං ඒ ගැන වැඩිය නොකියා ඉන්නම් ඔයාලම බලලා දැනගන්න.

හැමෝම දන්නවා මේ ප්‍රිමියර් ලීග් තරග වලදි ක්‍රීඩකයින් වෙන්දේසි කරන බව. එසේ මෙසේ ගනන් නෙවෙයිනෙ කණ්ඩායමකට ක්‍රීඩකයෙක් අරගන්න ඒකෙ අයිතිකාරයා වියදම් කරන්නෙ. එහෙම වියදම් කරලා ඔහු අවසානයෙබලාපොරොත්තු වෙන්නෙ තමන්ට වියදම් වුන මුදල වගේම තව ලාභයකුත් ලබාගන්නනෙ, ඉතිං මේ වගේ තරග වලදි සල්ලි වියදම් කරපු අය ඕනම දෙයක් කරන්න සූදානමින් ඉන්නවා තමන්ගෙ ටීම් එක ජයග්‍රහණය කරවන්න. මං මෙහෙම කිව්වෙ ඇයි කියලා කතාවෙ අවසානය වෙනකොට පැහැදිලි වෙයි. එහෙනම් හැමෝටම කතාව රසවිදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.ජය වේවා!

ප.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

AMZN WEBRip x264 AAC 5.1 MSubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

3,151 downloadsDownload Inside-Edge-S02E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,151 downloadsDownload Subtitles23 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. lucifer94

    බොහොම ස්තුතියි උපසිරැසියට සහෝ.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Suranjan

    Thanks jayawewa....!

  5. Chandima Prasad

    sub ekata thankz......

  6. Pradeep Hashan Kumara

    sub ekata thank you

  7. නිරෝෂ්

    ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා!

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  9. Anonymous

    Thanks bro

  10. MAALNATH

    Thanks.........good luck.........