මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ කතා මාලාව…

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ කතා මාලාව කොහොම හරි අහම්බෙන් වගේ ආයෙත් බලන්න අරගෙන පිස්සු වැටෙන තැනට ඇවිත් තියන මොහොතක මෙහෙම අවස්ථාවක් ලැබුණ එක ගැන ඇත්තටම සතුටුදායකයි. ඉතින් ෂාන් වගේම සතිය ඇතුළේ ඔබ වෙත කොහොම හරි උපසිරස ලබා දෙන්න පොරොන්දු වෙන්නම් මමත්.
කලින් කොටස –
කලින් කොටස රුදුරු භුමියේ සැබෑ තත්වය හොදින්ම කියා පෑව කොටසක් බව මතක ඇති. විශේෂයෙන්ම පිස්සු මායාකාරිය සොයා යන සනී සහ බාජි මගදී හමුවෙන අන්ධ අමුත්තෙක් නිසාවෙන් කරදරේ වැටෙන හැටි මතක ඇති කියල හිතනවා. ඔවුන්ගේ ආහාරයට බෙහෙතක් එක්කල ඔහු සනීගේ දරු පැටියා පැහැරගෙන ගිය හැටිත් ඔහු ලබාගන්න ගිය මිතුරු දේපල අන්ධ මිනී කන්නන්ගේ මීළග ආහාර වේල වශයෙන් අහුවුණා හැටිත් අමතක නැතුව ඇති කියල හිතනවා. මේ සියල්ල එක්ක නතානියෙල් කපොල්ල වෙත එන්නෙ ඔහුත් නොදන්නා අලුත්ම රීජන්ට් කවුදැයි බැලීමට. ඒ සනී බවට ඔහුගේ සැකය ඔප්පු වුණා වගේම ඔහු මුරපොළෙන් ඉදිරියටත් යන්නට සමත් වුණා. මේ අතරවාරයේ වැන්දඹුවගෙ ග්‍රහණයෙන් මිදුන M.K. වගේම ටිල්ඩා නැවතත් සරණාගත කදවුරට ආව හැටිත්, සනී සොයා ගොස් ඔහුගෙන් පළිගන්නට M.K.සතුව තිබ්බ සැලසුමට ටිල්ඩා විරුද්ධ වුණ හැටිත් දකින්න ඇති නෙව, නමුත් පළිගැනීමේ චේතනාව නිසාවෙන් පිස්සු වැටුණ M.K. ඔහුගේ මග යන අතරේ වැන්දඹුවට අලුත් ප්‍රශ්නයක් මතුවෙන හැටි දකින්න ඇති නෙව.
ඉතින් ඒ ප්‍රශ්නය වෙනුවෙන් සෘජු පිළිතුරක් ලබාගන්නට වැන්දඹුව තමුන්ගේ දෙවනියා එක්ක පිල්ග්‍රිම් වෙත කෙළින්න ගිය හැටිත් මතක ඇති. නමුත් ඒ හමුවට චාඕගෙන් එල්ල වුණ බාධාව නිසාවෙන්ම ඔවුන් අතර නොසිතූ එකගතාවක් ඇතිවුණ හැටිත් දකින්න ඇති. නමුත් මේ සියල්ල එක්ක චාඕ තමුන්ගේ සහෝදරයා අහිමි කරගත්තාවත් ද? නමුත් ඉතින් ඇයට නම් එය වාසියක් වේවි… කොහොම නමුත් මේ සියල්ල අස්සෙ නවතම සිරකරු වුණ නතානියෙල් හා එක්ව සනී සහ බැජි අන්ධ මිනී කන්නන් පරාජය කරන්නට සමත් වෙනවා වගේම අවසානය අපිට සටනක් නෙමෙයි සැබවින්ම ගෞරවය හිසමත තියාගත් මිනිසුන් දෙදෙනෙකුගෙ කතා බහකින් තමයි අවසාන කරන්නට යෙදුණෙ.
ඉතින් එහෙනම් අද කතාව තුළ මොන වගේ සිදුවීම් සිද්ධ වේවිද කියල පොඩි ඉගි ටිකක් ලබාගෙන ඉම්මු…
අද කොටස –
මේ වෙනකොටත් පිස්සු මායාකාරිය සොයා යන ගමන ආරම්භ කරල තියන සනී සහ බාජි අද ඇයව හමුවෙන්නට තරම් වාසනාවන්ත වෙනවා, ඒ වගේම ඇය තමුන්ට හැකි දේ කරන හැටි වගේම ලොකු රහස් කිහිපයක් හෙළි කරන හැටිත් දැකගත හැකි වේවි. මේ සියල්ල අස්සෙ M.K. නුපුරුදු තැනක අවදි වෙනවා වගේම ඔහුටත් නොදත් දේ දැනගන්නට හැකි වෙනවා. එතනින් ගිහාම අද ලොකුම සටන සඳහා හේතු පාදක වෙන්නෙත් නව ලොවක් ඉල්ලා සිටින පිල්ග්‍රිම්ම තමයි. ඔහු නිසාවෙන් අද දැනට ඉතිරිව සිටින සිටුවරියන් දෙදෙනා අතර තමුන්ගේ හමුදා යොදාගෙන කරන සටනක් දැකගත හැකි වේවි. මේ සටන නිසාවෙන් අලුත් මිතුරන් ඇති වෙනවා වගේම, මිතුරන් යැයි සිතා උන් පිරිසක් ගැන ඇත්ත අවබෝධ වෙනවා… නමුත් අද කථාවේ ලොකුම දේ මේ කිසිවක් නෙමෙයි ඒ තමයි ප්‍රධන පුජකතුමියගේ සිතුවමත් එක්ක හෙළි වෙන රහස… ඒක මට හිතෙන හැටියට නම් කතාවට බොහොම බලපෑමක් ඇති කරයි වගේ…
ඉතින් මේ කිව්ව දේ විස්තර ඇතිව සටන් එක්ක ඔබම දැකබලා ගන්නකෝ, එහෙනම් ඊළග කොටසින් ලබන සතියේ හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!
පා.ලි.
මෙම කතා මාලාවේ 6 වැනි කොටස වන Black Wind Howls මේ සතියේ විකාශන නොවන බවත්, 2018 ජුනි මස 3 වැනිදා විකාශය වන බවත් කරුණාවෙන් සලකන්න…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
49 comments
supun madushanka Fernando
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Ostin_Gunathilaka
thnx bro. sub enakan bln innawa. asama 1.
Chathukandy
Thanks sub ekata....
sachintha
අනිවා ගින්දර වගේ සබ් ටික ලැබෙයි කියලා දන්නවා...
උදාර සහෝටත් කතාසමයන් 2ක් පුරාවට උපසිරැසි ලබා දීමට ස්තූතියි සහෝ...
එහෙනම් ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChamodsathsara
Mage ekhh..adareii..gindara wage sub eka denn one kana palenn.. .......udara sho ubtah jain jaya..karnkota sub ek gant supiriyta dunna....welwta...samira brdh wade demu thitatama...apita meka baluwe natnm kawe na wage...hinda dan uba tmaii apiwa jiwt krwnne....
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි උදාර.. සමීර ජය වේවා...!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
ela
Dinesh Buddika
Thanks wewa............................................
Iroshan Kumar
Thanks bro
Thisal
thanks
Nimesh sasanka
thanx saho
Kasun A.
upasiresiyata thuthi sameera saho.jaya!
Gathsara Umesh
Denkm idyee..bhoom sthuuthito
Dilruk lahiru
ELzz දිගටම subtitles දෙන්න
Kawi Jayasinghe
Tnx mcnn
suranuwan
ela thanks.....
Ayesh Prashan
Thank You
Suranjan
Thanks bro.......jayawewa......!
Bobby
Thank you very much
wwkasun
තෑන්ක්ස්
darshana100
tanks bro jaya wewa
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
lakmal chathuranga
tank you bro supiri ela elazzz.....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Buddi
Thanks................
Lakshan
Thanks Bro.
s.s.m
tz sub ekata.....
sdanushka
sab ekata
sub download wen nane bro.DiIanka Sandaruwan
Thanks bro
ushan@hett
thankx brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
booza
Thanx bn
darshana100
ela machan thnks
Danushka63
ela ela thanx bro
Gpg
Thanku bn..
DilanDilshan
elamaa..jaya wewa.digatama sub dennaa.
Milinda Sadaruwan
digatama sub denna. jayawewa. oyala me karana de godak hodai.
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
podda
thanks bro
pushpakumara
බොහොම ස්තූතියි
lordzoom
thx bn
/////
ninini-3
Sub akata Thanks...
Sajithlakshan
thanks ...................
Kapila4499
thank for sub
Neranjana Udaya
thank u boss...
melinda
thanks...
Anonymous
Download not allowed කියලා වැටෙනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro sub ekata.. ilaga eka mitath kalin denna try karanna bro,aasawen balana ekak meka..