Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E01] Sinhala Subtitles | 1ක් ඉවරයි… 33ක් ඉතුරුයි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ… ඔන්න නමෝ විත්තියෙන් මාත් අත්පොත් තිව්වා ටෙලි කතා සමයකට උපසිරැසි ලබා දෙන්න. මේක ඉතිං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්.. ඒත් ආසවක් තිබුණු නිසාත්, මේ කතා සමය මඟ නතර වෙලා තිබුණු නිසාත් මම හිතුව මෙකට සබ් දෙන්න ඕන කියල.. ඉස්සර වෙලාම කියන්න ඕනෙ, අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි ලහිරු…

ආයුබෝවන් යාළුවනේ… ඔන්න නමෝ විත්තියෙන් මාත් අත්පොත් තිව්වා ටෙලි කතා සමයකට උපසිරැසි ලබා දෙන්න. මේක ඉතිං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්.. ඒත් ආසවක් තිබුණු නිසාත්, මේ කතා සමය මඟ නතර වෙලා තිබුණු නිසාත් මම හිතුව මෙකට සබ් දෙන්න ඕන කියල.. ඉස්සර වෙලාම කියන්න ඕනෙ, අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි ලහිරු ප්‍රසාද් සහෝදරයට නතර වෙලා තිබුණු මේ කතාව, කතා සමයන් දෙකක් දක්වා අරගෙන ආපු එක ගැන. බොහෝම අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඒ තරමට කතාවක් අරගෙන එන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනෙ.. මම ලහිරු ප්‍රසාද් සහෝදරයගෙ ඒ අප්‍රතිහත කැපකිරීම බොහෝ ඉහළින් අගය කරනව… මම මේ අරගෙන එන්නෙ ඒ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමය…

පරණ කතාව ටිකක් මතක් කළොත්, කට්ටියට මතක ඇතිනෙ වැලන්ටයින් මරණීය මෙවලම් තුනම හොයාගෙන ඒවා භාවිතා කරල රසීයෙල් කියන සුරදූතය නැවත කැඳවනව.. වැලන්ටයින්ගෙ පුතා ජොනතන් කට්ටිය රවට්ටල මරණීය මෙවලම් ගැන හැම රහසක්ම වැලන්ටයින්ට ලබා දෙනව විතරක් නෙවෙයි ඒව හොයලත් දෙනව.. වැලන්ටයින්ගෙ අරමුණ වුණේ පහළ ලෝක වාසීන් සමූල ඝාතනය කරල උසස් පන්තීන් වල ජීවීන් විතරක් ඉතිරි කර ගන්න එක සහ එම නව ලෝකයේ පාලන බලය තමා සතු කර ගන්න එක.. මේ අවසාන සටන වෙලාවෙදි ජේස් මැරුම් කෑව කට්ටියට මතක ඇතිනෙ.. ඒකට මළ පැනපු ක්ලැරී තමන්ගෙ පියා ඒ කියන්නෙ වැලන්ටයින්ව මරල දැම්ම.. ඒත් ඒ වෙනකොට රසීයෙල් කියන සුරදූතයට කැඳවීම ලැබිල ඇවිල්ල ඉන්නෙ.. ඉතිං ක්ලැරීට අවස්ථාව ලැබෙනව එකම එක ඓතිහාසික වරයක් ලබන්න.. එකම එක වරයක් ඉටු කරන්න සුරදූතය බැඳිල ඉන්නව.. හැබැයි බොහෝ ප්‍රාර්ථනාවන් කරන්න අවස්ථාව තියෙද්දිත් ක්ලැරී ඉල්ලන්නෙ ජේස්ව නැවත මරණයෙන් කැඳවල ජීවිතය ලබා දෙන්න කියල.. ඉතිං සුරදූතය එම වරය ඉෂ්ට කරනව.. ජේස්ට ආපහු ජීවිතය ලැබෙනව.. හැබැයි ජේස් ක්ලැරීව පොරොන්දු කරව ගන්නව තමන්ගේ මේ මරණයෙන් නැඟී සිටීම ගැන කිසි කෙනෙක් එක්ක කියන්න එපා කියල…

ඒ වගේම ජොනතන් මෝර්ගස්ටන් ඒ කියන්නෙ ක්ලැරීගෙ මැරිල කියල හිතාගෙන හිටපු මල්ලි, යක්ෂ ලේ වලින් හැදුණු තවත් අමනුස්සයෙක් කියල හොයාගන්නව. හැබැයි ක්ලැරී, ජේස් එක්ක වෙන සටනකින් බරපතල තුවාල ලබල ජොනතන් ගඟකට වැටිල පාවෙලා යනව.. කෙසේ හෝ ඔහුට හැකියාව ලැබෙනව මාර්ගයක් විවර කරල අමුතු ජාතියේ ජීවීන් පිරිසක් මනුස්ස ලෝකෙට ගෙන්වන්න.. ඒ වගේම එතන ජොනතන්ගෙ අම්ම කියල කියන යක්ෂණියකුත් ඉන්නව..එයා මේ ලෝකෙට ඇවිත් ජොනතන් ලඟට ආව අවසාන කොටසෙ දැක්කනෙ..

ඔන්න අද කතාවෙදි දැකගන්න පුළුවන් ජොනතන්ගෙ අම්ම කවුද කියල.. ඒ වගේම එයාට මොනවද කරන්න පුළුවන් කියලත්.. මේ අතරෙ දිවාචරයා සයිමන් සිලී රැජිණ එක්ක පැටලැවිල ඉන්නෙ මායාගෙ ජීවිතේ බේර ගන්න.. ඒ වගේම සිලී රැජිණ අද කොටසින් සයිමන්ට යමක් කරනව.. ඒකත් බලාගන්න පුළුවන්.. අදත් ක්ලැරීට අමුතු විදියෙ යකෙක් එක්ක හැප්පෙන්න වෙනව.. බලන්නකො එතන මොකද්ද වෙන්නෙ කියල.. ඒ වගේම ඔන්න ඇලෙක්ට අවස්ථාවක් ලැබෙනව ඊඩ්‍රිස් ගිහින් ලොකු තනතුරක් ලබා ගන්න. මැග්නස් ඒකට කොහොම ප්‍රතිචාර දක්වාවිද? ඔයාලම බලාගන්නකො…

එහෙනම් ඊලඟ කොටසින් හමු වෙනකල් ඔයාල හැමෝටම ආයුබෝවන් කියල කියනව.. ඉක්මනින්ම ඊලඟ කොටසත් අරන් එන්නම්…

බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,740 downloadsDownload Shadowhunters-S03E01.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,740 downloadsDownload Subtitles26 KB

33 comments

  1. Nadeesha rox alahakoon

    Tnx bro. Mewage wadak karanawata. Mn me tv series aka balannathi unath tnx godak pansla nathi me wage series akakatath sub denawata.

  2. M.R.Insaf

    Thank you saho..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    කොටස් 10 ටම උපසිරැසි ලැබෙයි කියලා හිතනවා...
    එහෙනම් ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      Shadowhunters ෆෑන්ස්ලා සෙට් එක comment එකක් දාලා කොල්ලට සප් එකක් දෙන්න ඕනා හොදේ....

    2. sachintha

      ඒවගේම ලහිරු සහෝටත් ස්තූතියි කතාසමයන් 2ක් පුරාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන්...
      ජය

  4. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි යාළුවනේ.. මේක කිසිම ඇගයීමක් බලාගෙන කළා නෙවෙයි.. බොහොම සීමිත පිරිසක් ඉන්නවනෙ ආසාවෙන් මේක බලන්න.. ඒ නිසා කළේ.. මේකෙ සබ් ඔක්කොම දෙනව.. බලල මඟ නවත්තපු අය ඉන්නව නම් මේ කතා සමය බලන්න.. මේ කතාව හිතාගන්න බැරි තරම් සර්ථකයි.. කතාව මාරම ලස්සනයි.. කොමෙන්ටු වලට ස්තූතියි යාළුවනේ..

    1. Sineth Rashmika

      මේකට කවුරුම හරි සබ් දෙයි කියල බලන් හිටියෙ දැන් ඒකත් හරි... බොහොම ස්තූතියි සහෝ උපසිරසියට ❤️ දිගටම කරගන යමු ❤️

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. suren123

    ela ela ithuru tikath deepan

  7. Udara Damith Dissanayaka

    නියමයි නියමයි
    ඔක්කොම ඉවර වේගෙන යන වෙලාවේ බලන්ඩ එකක් සෙට් උනා

  8. nirodha uthpala

    Niyamai bro mekata sammadan vunata thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  9. Bhathiya gamage

    thanks sub ekata........

  10. Randi

    උපසිරැසියට ගොඩක් ස්තූතියි. කතාව මාර ලස්සනයි. උපසිරැසි එනකම් බලාගෙන හිටියෙ. ගොඩක් සාර්ථක කතා මාලාවක්. අනිවා බලන්න ඕනෙ. මුලින් සබ් ඒක නැතුව බැලුවේ. දැන් සබ් එකත් තියෙන නිසා ආයිත් බලන්න ඕනේ. එච්චරට කතාව ලස්සනයි. අනිත් කොටස් වලටත් ඉක්මනටම දෙන්න. ජය වේවා!

  11. geeganagamage

    බොහොම ස්තුතියි මේ කථාව ගොඩාක් ආසාවෙන් බලපු එකක් බොහොම ස්තුතියි .

  12. Lahiru Rasadun

    ජයවේවා

  13. shashini disanayaka

    thanks sub ekata mekata sub danakam balagena hitiye.... digatama kathawa genna....

  14. Hashboy

    ela ela bro.. waiting for this sub. keep it up

  15. lahiru sadaruvan

    meka denakan balan hitiye. thank you so much aiye.

  16. dileepa dilshan

    thnz mchn sub ekta

  17. Chandima1998

    hh.

  18. Chandima1998

    Ftttt ela baiscope

  19. bavantha78

    Jaya

  20. Chamil Mihiran

    Mekata sub deepu ekata thanx

  21. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක ආයේ කරන්නේ නැති වෙයි කියල හිතුවේ...
    සුපිරි වැඩක්...දිගටම දෙමු සබ් එක මුළු සීසන් එකටම....

  22. suranuwan

    thanks bro...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Snake_Eye

    බොහොම ස්තූති බ්‍රෝ...

  25. ishara@

    Thank you bro

  26. Hasidhuanjana

    Thanks for sub. Ane machan menna me "Assassination Classroom" ekatath sub eka diyanko. please ban.

  27. mmadhushankha

    ela

  28. MAALnath

    Thanks ..................good luck ....................

  29. lliioonn

    ele

  30. Sandarunimsara

    Sub ekata thanks bro