Little Mom [E09] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E09] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ අටවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesකීනන්ගේ උදව්වෙන් රෝහල වෙත පැමිණෙන නවුරා දරුවා ප්‍රසූත කරන අතර, තමන් උදව් කලේ කාට දැයි නොදැන කීනන් රෝහලෙන් පිටව ගිය අයුරු අටවෙනි කොටස නරබපු ඔබ දකින්න ඇතිනෙ. නවුරා දරුවා ප්‍රසූත කලත් රෝහලේ වෛද්‍යවරුන් විසින් දරුවාට වහාම ශල්‍යකර්මය කල යුතු බව පවසනවා. මෙහිදී දැඩි ලෙස අපහසුතාවයට පත්වන නවුරාගෙ පවුලට උදව්වට පැමිනෙන්නේ කීනන්. කිසිත් නොදත් කීනන් තමාගේ පියාගේ උදව් ලබාගෙන නවුරාගේ බබාගේ ශල්‍යකර්මයට අවශ්‍ය උපකාර ලබාදෙනවා. මේ අතර යූඩා ගේ මවගේ මලගෙදර බාලි හීදී පැවැත්වෙනවා. යූඩා තම මවට දැඩි ලෙස ප්‍රේම කල අයකු වන අතර ඇයගේ වෙන් වී යෑමෙන් යූද් කෙතරම් දුකකට පත්වී ඇත්දැයි දකින්න ඇතිනෙ.
මේ අතර බාලිවල නිවාඩුවක් ගතකරමින් සිටින සෙලීන්ව සොයාගෙන සෙලීන්ගේ මව බාලිවෙත පැමිණෙනවා. ඒ වගේම යූද් විසින් තමා නිසා නවුරා ගැබිනියක් වූ බවට යූද්ගේ පියා ඉදිරියේ කල පාපොච්චාරනයත් එයින් පසු යූද් මුහුණ දුන් තත්වයත් දකින්න ඇතිනෙ. මෙයින් කලකිරීමට පත්වන යූඩා ගේ පියා නැවත ජපානය වෙත යාමට පිටත් වන අතර ගුවන්තොටුපල වෙත යන අතරමගදී බිහිසුණු අනතුරකට මුහුණ දෙනවා. එයින් යූද් ගෙ පියා දැඩි පිලිස්සුම් තුවාල ලබා මරනයට පත්වනවා. අටවෙනි කොටස අවසන් වන්නේ කීනන්ගේ පියා කීනන් උදව් කලේ නවුරා හර්යත්මාට බවට පවසන කොටසෙන්..
අද කොටසෙන්,
නවුරා පිළිබද ඇත්ත දැනගන්න කීනන්ගේ හැසිරීම හා කීනන් නවුරාගෙන් හා කිකීගෙන් ප්‍රශ්න කරන ආකාරයත් , මේ නිසා කීනන් නවුරාගෙ වෙන් ව නැවත ජාකර්තා වෙත පැමිණීමත්.. නවුරාගේ පාසල් ගමනේ නැවත ආරම්භයත් දකින්න පුලුවන්.. ඒ වගේම නවුරා අතින් සෙලීන්ගෙ මව අනතුරකට ලක්වීම නිසා ඇය තව තවත් නවුරා කෙරෙහි වෛරයෙන් බැදෙනවා. ඉතින් රසවත් සිද්ධි රාශියකින් සමන්විත නවවෙනි කොටසත් නොවරදවාම නරබන්න.
එහෙනම් අපි දහවෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
480 downloadsDownload Little-Mom-E09-Sinhala-Subtitles.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E09]
- #Little Mom [E09] Sinhala Sub
- #Little Mom [E09] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal
baiscopelk ishu
තෑන්ක්ස් සහෝ ඔයාගෙ කමෙන්ට් වලට.. සබ් එක උපරිම දෙන්න සෑහෙන්න මහන්සි වුනා. කවදහරි මේ සීරීස් එක මිනිස්සු අතරට යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා..
Buddhika Lakmal
අනිවා මචං..
මේක පට්ට රොමෑන්ස් සීරිස් එකක්...
භාශාව හින්දා සමහරක් විට මිනිස්සුන්ට මේ සීරිස් එක මගඇරිලා ඇති...
ඔයාගේ සබ් නැත්නං ඉතිං අපිටත් මේක මග ඇරනෙව ඉතිං....
ඔයාගේ පෞද්ගලික කාලය වැය කරල සබ් එක දුන්නට පිං මචෝ....
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං.... ♥♥♥♥
ජය වේවා....♥♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





ස්තූතියි සහෝ උපසිරැසියට...
මේක ලස්සන සීරිස් එකක්....
සබ් දුන්නට පිං හොදේ........