එහෙනම් තුන්වෙනි කොටස සමඟින් තමයි මේ එකතු වෙන්නේ. ලහිරු මල්ලිගේ ලිපිය එක්ක මෙහෙම පටන් ගන්න. මේ වෙනකොට හෑන්ඩ් එකේ බලය හීන වෙලා ගිහින් තියෙන බවක් තමයි කතාව බලන් යනකොට තේරෙන්නෙ. නමුත් හෑන්ඩ් එක නැතත් මේ වන විට චයිනාටවුන් වලට හිසරදයක් වෙලා තියෙන කල්ලි දෙකක් තියෙනවා. ඒ හැචට් සහා ගෝල්ඩන් ටයිගර්ස්. ටයිගර්ස…

එහෙනම් තුන්වෙනි කොටස සමඟින් තමයි මේ එකතු වෙන්නේ. ලහිරු මල්ලිගේ ලිපිය එක්ක මෙහෙම පටන් ගන්න. මේ වෙනකොට හෑන්ඩ් එකේ බලය හීන වෙලා ගිහින් තියෙන බවක් තමයි කතාව බලන් යනකොට තේරෙන්නෙ. නමුත් හෑන්ඩ් එක නැතත් මේ වන විට චයිනාටවුන් වලට හිසරදයක් වෙලා තියෙන කල්ලි දෙකක් තියෙනවා. ඒ හැචට් සහා ගෝල්ඩන් ටයිගර්ස්. ටයිගර්ස්ලා හැචට්ලට කල පහර දීමක් නිසා, ඔව් ඔව් මුල්ම කොටසෙ වෙච්ච සීනෙක, හැචට්ලා බොහොම තරහකින් තමයි මේ වෙනකොට පසුවෙන්නෙ. ඉතිං ටයිගර්ස්ලගෙන් මේකට පලිය ගන්න හැචට්ලගෙ නායකයා පියවරක් අරගන්න සූදානම් වෙනවා. ඒකෙ කොටසක් විදිහට තමයි පසුගිය කොටස ආරම්භයෙදිම ගෝල්ඩන් ටයිගර්ස්ලගෙ සාමාජිකයෙක්ව මරලා දාන්නෙ.
මේ දේවල් එක්ක චයිනාටවුන් වැඩිය ගැවසෙන්න හොද තැනක් නොවන ගානට පත්වෙමින් තියෙනවා. ඔය සිදුවීමත් එක්ක ඩැනීට තමන්ගෙ රැකියාව කරගන්න නොහැකිව ආපහු යන්න සිද්දවෙනවා. ඒ යද්දි තමයි ඩැනීට කලින් හම්බවුන මේරිව හම්බවෙන්නෙ. ඉතිං ඩැනි එයත් එක්ක ටිකක් කතා කර කර ඉදලා දෙන්නම පිටත්වෙනවා. එහෙම යද්දි මේරිට කලන්ත ගතියක් එනවා. ඒ නිසා ඩැනි එයාව ඩැනි ඉන්න තැනට එක්ක ගිහින් වතුර එකක් එහෙම දෙනවා. මෙතනදි අපිට දැකගන්න ලැබුනා මේරි කියන්නෙ ටිකක් අමුතු කෙනෙක් බව.
ඔය සිද්දිවාචක අස්සෙ ඩැනි සහා කොලීන් දෙන්නට ඕන මේ කල්ලි දෙක අතර වෙන්න යන යුද්ධය නතර කරන්න. ඒ නිසා තමන් එක්ක හෑන්ඩ් එකට එරෙහිව වැඩ කරපු හැචට්ලගෙ නායකයව හම්බවෙනවා මේක නතර කරන්න කියන්න. ඒත් ඒ කතා බහ සාර්ථක වෙන්නෙ නෑ. එතනදි ඩැනීට තමන්ගෙ ශක්තිය නොසිතු ලෙස පාවිච්චි වෙනවා. ඉතිං මේ යුද්ධය නතර කරන්න වෙන විදිහක් හොයනකොට තමයි හැචට්ලගෙ නායකයගෙ බිරිඳව මේකට අල්ල ගන්නෙ. එයා මාර්ගයෙන් කොලීන් සහා ඩැනී එක්කහු වෙලා හැචට්ලගෙ මේ ක්‍රියාව නතර කරන්න ඒත්තු ගන්වනවා. ඒ වගේම ඒක හරියනවා.
ඔය අතරෙ තමයි ඩාවෝස් කාරයා හැචට්ලාගෙ නායකයව හම්බවෙන්නෙ. ඒ යම්කිසි දෙයක් ගෙන්න ගන්න හැචට්ලට මෙයා මුදල් දුන්න නිසා. නමුත් හැචට් ප්‍රධානියා ඩාවෝස්ට ආපහු ඒ මුදල් ලබා දෙනවා. ඒ කෝපය නිසාම ඩාවෝස් යම්කිසි නිල පහර දීමක් වැනි දේකින් හැචට් ප්‍රධානියව මැරෙන තැනට පත් කරනවා. අවසානයෙ ආයෙත් අපිට මේරිව දකින්න ලැබුනා මතක ඇති. මේරි ඩැනීට කෝල් කරන සීන් එක. හැබැයි එයා ක්ෂණිකව ෆෝන් එක කට් කලා. හැබැයි ඔයාලට මුල ඉදන් දකින්න ලැබෙන්න ඇති මෙයා ඉන්න තැන් වල ස්ටිකි නෝට් එකක් කවුරු හරි කෙනෙක් අලවලා තියෙනවා, විවිධ දේ කියලා. පසුගිය කොටසෙ තිබ්බෙ “ඩැනීගෙන් ඈත්වෙලා ඉන්න” කියන පණිවිඩය. ඉතිං මේ නෝට් තියන්නෙ කවුද? මේරි එන්නෙ මොකාටද කියන තාම ප්‍රශ්නයක් සහා ඩාවෝස් ජෝයි එක්ක එක්කහු වෙලා නටන්න යන නාඩගම මොකක්ද කියන එක තාම පැහැදිලි නෑ. මොකද කලින් කොටසෙ දකින්න ලැබුනා ඩාවොස් පැරණි බදුනක් හොයනවා. හොයනව නෙවෙ ඒක තියෙනවා, එයාට අරගන්නයි වුවමනා. ඉතිං ඕක තමයි කලින් කොටසෙ සාරංශය.
අද කොටස ආරම්භය වෙනස් ටිකක්. පැරණි සම්බන්ධතා අලුත් කරගන්න ඕන වෙනවා වෝඩ්ට. ඉතින් ඒ සඳහා තෝරාගන්නේ ඩැනීව. මේ දෙන්නා අද සූදානම් වෙන්නේ ජෝයි සහ වෝඩ් දෙන්නගේ නෝක්කාඩු බේරුමක් කරගන්න. ඒ වගේම දන්න කියන අමුත්තෙකුත් එන්න නියමිතයි. අවසානයේ ඩැනීට සිද්ධ වෙනවා යැන්ග් නෝනා සහ ටයිගර් කල්ලිය අතර සිද්ධ වෙන හමුවකට ආරක්ෂාව සපයන්න්නත්. ඒ එක්කම කවුද කෙනෙක් ඩැනී සහ කොලීන් ගැන ඔත්තු බලන්න අරගෙන. එහෙනම් ගිහින් එන්නම්. මීලග කොටසට උපසිරස නුවන්ත දුලාන් හෙට දිනයේදී ලබා දෙයි. එහෙනම් හැමෝටම ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,015 downloadsDownload Iron-Fist-S02E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
43 comments
Ayesh Prashan
Ravindu Rukshan
Thx
dsdkavishka
Thenks aiya elama
Kanchana
Thanx sahoo
Hasindu1999
Thnq ikmanata sub denawata
Kasun A.
upasiresiyata thuthi hasantha saho,jaya!
darshana100
thanks saho mehama sub denawata
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවාlucisaithan
thanx me magnum p.i eka apuwahama ekatath sub eka denna hada
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChathura_sam
බොහොම ස්තුතියි හසන්ත සහෝ!! ජය!
Mr.pamz
thanks brother
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
එල
තාම
දෙවෙනි එක ගත්තෙත් නෑ
දෙකම බලනවා එකටමKulanjana Maduranga
subata thanks saho....keep it up....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මෙහෙමම දවස ගානේ සබ් එක දෙමු...
සුපිරි වැඩක්...suranuwan
thanks bro..
Ashen Sangeeth
4 episcode eka open wenne nane protected kiyala watenawa ne
lahiru sadaruvan
thank you so much saho
V.T.Piyumal
Thanks bro sub ekat
V.T.Piyumal
Thanks sub ekat
s.s.m
tz sub ekata....
Bhathiya gamage
thanks
futureomega
thax sub ekata
Lakshan
Thanks Bro.
dush135
ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sasala
thanks mlli sub ekata
priyan99
thanks bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
kelumchathuranga
thanks
Thilesh De Silva
බොහෝම ස්තුති උපසිරැසිය ලබා දුන්නට .. ඔබට ජය
Dave
Thanx broh
Sherlock holmes
Elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ............................
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...
Ara N Madhu
Thanks alot Hasantha may sub ekata
Naveen Rangana
Thank you very much for the Subtitle.................
Anu
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Sandun
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You