Watch Trailer

Jessica Jones [S02 : E09] Sinhala Subtitles | ඇය නමින් අම්මාය.. [සිංහල උපසිරසි සමඟ]

ලිපිය: චාමර සම්පත් ජෙසිකා හොයාගෙන ගියානේ කොහොමහරි අර ගෑනු කෙනා ඉන්න දිහාවටම. එතැනදී එයාට එයාගෙ අම්මගේ කතාවක් වගේම තවත් එක එක දේවල් ගැන දැනගන්න ලැබුණා. හැබැයි ජෙසිකා පහුගිය කොටසෙ නැගිටිද්දී එයා හිටියෙ ඇලීසට පාවිච්චි කරපු දම්වැල් වලින් ඇදට තියලා හිරවෙලා. මොකද හත්වැනි කොටසදී අපිට දකින්න ලැබුණා ජෙසිකාග…

ලිපිය: චාමර සම්පත්

ජෙසිකා හොයාගෙන ගියානේ කොහොමහරි අර ගෑනු කෙනා ඉන්න දිහාවටම. එතැනදී එයාට එයාගෙ අම්මගේ කතාවක් වගේම තවත් එක එක දේවල් ගැන දැනගන්න ලැබුණා. හැබැයි ජෙසිකා පහුගිය කොටසෙ නැගිටිද්දී එයා හිටියෙ ඇලීසට පාවිච්චි කරපු දම්වැල් වලින් ඇදට තියලා හිරවෙලා. මොකද හත්වැනි කොටසදී අපිට දකින්න ලැබුණා ජෙසිකාගෙ අම්මා එයාගෙ කතාව කියලා ඉවර කරද්දීම ජෙසිකා එයාට ඇදගෙන වැටෙන්න ගැහුවා. මේ වගේ ත්ත්යක් ඇති වෙයි කියලා තමයි ජෙසිකව ඇදක තියලා මාංචු දාලා තිබුණේ. ත්‍රිෂ් වගේම මැල්කම් අතරේ කලින් දා රෑ ලොකු හුටපටයක් උනා. ත්‍රිෂ්ට ශක්තිය ලැබෙන ඉන්හේලර් එක පාවිච්චි කරපු නිසයි එයාට ඒ වගේ පාලනය කරගන්න බැරි දැඩි හැගීම් වගයක් ඇවිල්ලා මැල්කම් එක්ක එහෙම හැසිරුණේ. කොහොම පහුවදා උදේ උනාම පස්සේ මේ දෙන්නා හොයන්න ගත්තා ජෙසිකා ගැන කිසිම ආරංචියක් නැතිම නිසා. එතකොට මේ දෙන්නටත් ජෙසිකා බොරු කියලා පැත්තකට කරලා තියන්න උනා. ජෙසිකාගේ මාංචු ගැලෙව්වට පස්සෙ එයාට අවස්තාවක් ලැබුණා එයාගේ අම්මව මුණගැහෙන්න. ඒත් ඒ වෙනුවට එයා මුලින්ම කලේ එයා අදුරන පොලිසියේ වැඩ කරන නිලධාරියට මේ අය ඉන්න තැන ගැන වාර්තා කරපු එක. පොලිසියේ අයට අහු උනොත් කාර්ල්ව ලොකු අමාරුවක වැටෙන නිසා ජෙසිකගෙ අම්මා ඇලීසා ජෙසිකට යන්න නොදී තියාගත්තා මොකද එතකොට එයාට පුලුවන් වෙනවා කාර්ල්ට පැනගන්න වෙලාවක් අරන් දෙන්න. කාර්ල් නම් එතනින් පැනගන්නවා. එතනින් පස්සේ ඒ කාමරේ තනිවෙන ජෙසිකාවත් ඇලිසාවත් අතර තියෙන්න ඕන අම්මා-දූ සම්බන්ධය නම් ඒ හැටි හොද එකක් වුණේ නැහැ. කොටින්ම ජෙසිකා කැමති නැහැ ඇලීසා කියන්නේ එයාගේ අම්මා කියලාවත් පිළිගන්න. ටික වෙලාවක් යද්දී ඇලීසා ජෙසිකාගේ පොඩි කාලේ සිදුවීම් මතක් කරනවා. මොන නපුරු දේ කලත් තමන්ගේ අම්මා මතකයන් ගැන කියද්දී කාටද ඉවසන්න පුලුවන්. ඉතින් ජෙසිකට දුක හිතිලා එයා තීරණය කරනවා පොලිසියෙන් එන්න කලින් එතනින් ඇලීසාවත් අරගෙන පැනගන්න. ජෙසිකා එයාගෙ අම්මගේ තත්වය ගැන දැනම දැනමත් එයාව එක්කන් ගියෙ ජෙසිකා නැවතිලා ඉන්න තැනටයි. 

මේ වෙද්දී ත්‍රිෂ් වගේම මැල්කම් ජෙසිකව හොයන්න අරන් තිබුණේ. ඒත් මේ දෙන්නාගෙන් කාටවත් එයාව හොයාගන්න ලැබුනෙම නැහැ. ඒවගේම තමයි ජෙරී ලග නතර කරපු IGH එකේ හෙදිය අමුතුම කතාවක් කිව්වා සුව කරන්නෙක් ගැන. ඇලීසා IGH එකේ හිටිය හෙදියන් දෙන්නෙක්ටම පහර දීලා පැනගත්ත වෙලාවේදී ඊනස්ට හුගක් තුවාල වෙලා තිබුනා. ඒ ඇතිවුණු තුවාල සුව කරන්න පුලුවන් අසීමිත හැකියාවක් තියෙන කෙනෙක් ඉන්න බවත්, ඒ කෙනා මේ වෙද්දී හිරගත වෙලා ඉන්නේ කියලත් කියනවා. ගිලෙන්න යන මනුස්සයා තියෙන මොකක හරි එල්ලෙනවා කියනවනේ. ඒ වෙලාවේ ඉතින් ජෙරී හිටිය තත්වෙත් එක්ක එයා මේ ගැන විශ්වාස කරලා අර මනුස්සයව මුණ ගැහෙන්නත් ගියා. ඒ කෙනා ජෙරීගෙ ඇත අරගෙන හැසිරුණු විදිහට ජෙරී විතරක් නෙවෙයි බලන් හිටිය කෙනෙක් උනත් විශ්වාස කරනවා. ඉතින් ජෙරී ඒ ගැන විශ්වාස කරලා හිරේ ඉන්න කෙනාව කොහොම හරි එලියට ගන්න පරමාර්ථයෙන් තමයි එලියට බහින්නේ. අද කොටසින් බලාගන්න පුලුවන් වේවි ජෙසිකා එයාගේ අම්මා එක්ක කතා කර කර ඉද්දි මේ අයට වෙඩි තිබ්බ මනුස්සයා ප්‍රයිස් චැන්ග්ව අල්ලාගෙන මොකද කරන්නේ කියලා. ජෙසිකා එදා කිව්වනේ ත්‍රිෂ්ට IGH එක ගැන හොයන එක නවත්තලා තියෙන්නේ කියලා. මේ නිසාම ත්‍රිෂ් තනියම වැඩට බහිනවා මේ ගැන හොයන අරමුණින්. එයාට ශක්තිය ලැබෙන ඉන්හේලර් එක පාවිච්චි කරගත්ත ගමන්ම ඉන්න ත්‍රිෂ් මොන වගේ පිස්සුවක් ඉස්සරහට නටාවිද? එතකොට මෙච්චර දවසක් තිස්සේ නීතියෙ රැහැනෙන් හැංගි හැංගි හිටිය ජෙසිකාගෙ අම්මව මොනවයින් මොනවා වේවිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්. 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,573 downloadsDownload Marvels-Jessica-Jones-S02E09.zip26 KB

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධීර මාලන්

Subtitles

2,573 downloadsDownload Subtitles26 KB

14 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  2. sachintha

    Sub ekata thanks sahoo
    Elamaa

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. ruwanjeewac

    sub ekata thanks, lethal weapon tv series sub penannane?

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න....

  7. Udara Damith Dissanayaka

    ජෙසිකා ජෙසිකා ජෙසිකා

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  14. nilanka_baiscop

    thanks