ලිපිය: චාමර සම්පත් ගෝතම් හැරුනම CW ලගේ ලෝ බජට් සීරිස් ටිකට එහා ගිය දෙයක් දකින්න සැහෙන දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. බොරු කියන්න ඕන නැහැ මම නම් එහෙමයි. අන්න එහෙම දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලැස්ති වෙන්න එහෙනම් SYFY නාලිකාවේ අලුත්ම අලුත් පලවෙනි කොමික් කතාමාලාව Krypton රසවිදින…

ලිපිය: චාමර සම්පත්
ගෝතම් හැරුනම CW ලගේ ලෝ බජට් සීරිස් ටිකට එහා ගිය දෙයක් දකින්න සැහෙන දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. බොරු කියන්න ඕන නැහැ මම නම් එහෙමයි. අන්න එහෙම දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලැස්ති වෙන්න එහෙනම් SYFY නාලිකාවේ අලුත්ම අලුත් පලවෙනි කොමික් කතාමාලාව Krypton රසවිදින්න. මොකද මේක ඩීසි කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු කතාවල ලොකු හැරවුම් ලක්ෂයක් වෙන්න පුලුවන්. 2017 වසරේදී පැවති කොමික් කොන් සමුළුවේදී තමයි මේ විදිහට සුපර්මෑන්ගේ Prequel සීරිස් එකක් එහෙම නැත්තම් කැල් එල් පෘතුවියට ඇවිල්ලා සුපර්මෑන් වෙන්න කලින් ක්‍රිප්ටෝන් වැසියාගේ එකම වාසස්ථානය වුනු ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය කලින් පැවති ආකාරය ගැන කතාමාලාවක් නිර්මාණය වෙන බව දැනුම් දුන්නේ. මම විශ්වාස කරනවා මේ වෙද්දීත් ඔයාලා හැම කෙනෙක්ම ක්‍රිප්ටෝන් ලෝකය ගැන දන්නවා ඇති කියලා.
ක්‍රිප්ටෝන් ලෝකය මුලින්ම අපිට බලාගන්න ලැබෙන්නේ ඇමරිකානු කොමික් චිත්‍රකතා ප්‍රකාශිතයන් වුණු DC කොමික්ලගේ 1938 වසරේ ජුනි මාසයේදී නිකුත් වුන Action Comics #1 නම් වූ චිත්‍රකතාව ප්‍රකාශිත කිරීමෙන්. මේ තුලින් ක්‍රිප්ටෝන් ගැන දැනගන්න ලැබුනත් සම්පුර්ණයෙන්ම ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය ගැන දැකගන්න ලැබෙන්නේ 1939 වසරේ ගිම්හාන කාලයේදී නිකුත් වුන Superman #1 චිත්‍ර කතාව තුලින්. කොමික් ඉතිහාසයේ ලොකු සේවයක් කල ජෙරී සීගල් වගේම ජෝ ෂහ්ටර් දෙදෙනා තමයි මෙහි නිර්මාතෘවරුන් වෙන්නෙ. ක්‍රිප්ටෝන් ගැන කතා කරද්දී කැල්-එල්, කාරා සෝර්-එල්, ඉරාඩිකේටර්, ජෝර්-එල්, ජෙනරාල් සොඩ්, ඩූම්ස්ඩේ වගේ චරිත දකින්න ලැබෙනවා.
හැමෝම දන්නා සුපුරුදු කාරණය තමයි ක්‍රිප්ටෝන් කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් ජිවත් වුනු මනකල්පිත ග්‍රහලෝකයක් හැටියට. ඒවගේම තමයි එදාමෙදා කාලය අතරතුර අපි දන්නා කියන කාරණය ක්‍රිප්ටෝන්වල ඉහල යුරේනියම් වලින් යුත් හරය අස්ථාවර වෙලා පුපුරලා කෑලි වෙලා ගියා කියලා. හැම කෙනෙක්ම මේකෙන් මැරිලා යනවා. ඒත් කැල්-එල්ව යානාවක දාලා ජෝර්-එල් එයාව පෘතුවියට පිටත් කරපු නිසා කැල්-එල් පිපිරීමෙන් බේරිලා පසුකාලීනව පෘතුවිය තුල සුපර්මෑන් කියන සුපිරි වීරයකුගේ චරිතය බවට පත්වෙනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මේ විනාශයෙන් බේරුණු තව අය ඉන්නවා. උදාහරහයක් හැටියට ක්‍රිප්ටෝ කියන සුපර් ඩෝග්, සුපර්ගර්ල් වගේ අයත් ඉන්නවා. ඒත් මේක ඒ ඒ කතාවන් වලට අනුව වෙනස් වෙනවා. ඉතින් කිව්ව විදිහටම ක්‍රිප්ටෝන් වලත් හුගක් අනුවාදයන් බිහි උනා. The Golden Age Krypton, Silver Age Krypton, Modern Krypton ඒ අනුවාදයන් හැටියට නම් කරන්න පුලුවන්. ඔය අපි බලපු MoS චිත්‍රපටයට පාදක කරගෙන තිබුණේ Modern Krypton. ඒ වගේම මේ සංස්කරණයේ තමයි ඉහල තාක්ෂණයක් තියෙන්නෙත්. විනාශයෙන් පස්සෙ ඒකෙන් බේරෙන මේ චරිත සුපිරි වීරයො වෙනවා දැක්කා මිසක් වෙනින් දෙයක් දකින්නම ලැබුණේ නැහැනෙ. ඒත් මේ අලුතින් පටන් ගත්ත කතාමාලාව ඊට හාත්පසින්ම වෙනස් විදිහේ මුහුණුවරක් තමයි අරගන්නෙ.
මේ කතාමාලාව තුලින් කතාවට ලක් වෙන්නේ MoS චිත්‍රපටයට වසර 200 කට පෙර ක්‍රිප්ටෝන්වල කතා පුවතයි. ඒ කියන්නේ කතාමාලාව තුල ප්‍රධාන තැනක් අරගන්නෙ කැල්-එල්ගෙ සීයා වෙච්චි සෙග්-එල් ගැනයි. ඒ කියන්නේ අපිට මේකෙන් සුපර්මෑන්ව නම් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි සුපර්මෑන් ගැන පුංචි පුංචි ඉගි ටිකක් දකින්න ලැබේවි.ඒවගේම තමයි මේ කතාමාලාව කිසි සේත්ම චිත්‍රපට විශ්වයට සම්බන්ධ වීමක් නම් නම් නැහැ. ඒ නිසා ඉතින් පදනම් වෙන්නේ මොකක්ද කියලා හර්හැටි විස්තර කරලා කියන්නම් අමාරුයි මොකද මේ ලිපිය ලියන්නේ කතාව නිකුත් වෙන්නත් කලින් නිසා. අනික් කාරණාව තමයි ක්‍රිප්ටෝන් නමින් මේ කතාමාලාව නිකුත් වුවත් සමගම මේ වෙද්දී 2018 වසරට නවතම කොමික් චිත්‍රකතාවක් නිකුත් වුණා The World of Krypton කියලා. බොහෝදුරට මේකත් කතාමාලාව ඉවර වෙන තාක්ම ඇදීගෙන යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන කතාමාලාව ඇතුලේ අපිට දකින්න ලැබෙනවා විවිධ කොට්ටාශ. ඒවා නම් කරලා තියෙන්නේ “House of“කියලා. මේ වෙද්දී ඔයාලා “එල්” කට්ටිය ගැන නම් දන්නවා ඇති. ඒත් මේ විදිහට කොටස් හතරකින් කතාව තුලින් දකින්න ලැබෙනවා. ඒ හතර මොනාද කියනවනම්,
01) House of EL
- මේ අය තමයි කැන්ඩොරියන් විද්‍යා ශ්‍රේණියේ ප්‍රාරම්භකයන් හැටියට සලකන්නේ. මේ El (එලස්ලා) තමයි ක්‍රිප්ටෝන්වල පැරණිම අය වෙන්නෙ. ඒවගේම මේ අය තමයි වඩාත් සාර්ථකම වගේම සුපර්මෑන්ගේ මුතුන්මිත්තන් ඉන්න එකම අය වෙන්නෙත් එල්ස්ලා. ඒවගේම තමයි වෙනින් කිසිම දේකට වඩා මේ අය දුෂ්ට හො කෘර පාලනයට එරෙහිව නැගී සිටින තමන්ගේ අරමුණ ගැන හොදාකාරවම දන්නා කොට්ටාශයක් හැටියට සලකන්න පුලුවන්. වඩාත් යහපත් හෙට දවසක් දේ තුල තමයි මේ අයගේ දැඩි විශ්වාසය තියෙන්නේ. ක්‍රිප්ටෝන්වල හිටිය අති දක්ෂම විද්‍යාඥයින්ගෙන් කෙනෙක් තමයි වැල්-එල් කියන්නේ එයා කරපු රාජද්‍රෝහී ක්‍රියාවක් නිසාම එයාට මරණ දණ්ඩනයට ලක් වෙලා තියෙනවා. මේ නිසාම “House of EL” අපකීර්තියට පත්වෙලාත් තියෙනවා. දැන් සෙග්-එල් (ඒ කියන්නේ සුපර්මෑන්ගේ සීයා) තමන්ගේ පවුලේ නැතිවුනු ගෞරවය ආයෙමත් ලබාගන්න ක්‍රියා කරන එකයි ඉස්සරහට කරන්නේ.
- සොඩ්ලා තමයි ක්‍රිප්ටෝන්වල පුරාතන අය වෙන්නෙ. ඒවගේම මේ අය තමයි ක්‍රිප්ටෝන්වල ආරක්ෂකයො වෙන්නෙත්. මේ අයගේ විශ්වාසය තියෙන්නේ ගෞරවය මතයි. සොඩ් පවුල්වල හැම දරුවෙක් පාසාම ගෞරවය ගැන කරන පරික්ෂාව ඉවසා දරාම සිටීම අනිවාර්යයයි. ඉවසීම වගේම පක්ෂපාතිත්වය තියෙනවනම් එයාලගේ පවුල්වල තැන හිමි වෙනවා. ඔවුන් මේ සියල්ලම ඔප්පු කරලා නියම තැන හිමි කරගත්තට පස්සේ කිසිම කෙනෙක්ට දණ නවන්නේ නැහැ.
- වෙක්ස්ලා තමයි ව්‍යවස්ථාදායකින් වෙන්නේ. ඒවගේම මේ අයම තමයි ක්‍රිප්ටෝන්වල වඩාත් බලගතුම දේශපාලනික පවුල් වලට හිමිකම් කියන්නෙත්. මේ අය ක්‍රිප්ටෝන්තුල කිසිම ලෝභ කමක් නැතුව ජිවත් වෙනවා. ඒවගේම ක්‍රිප්ටෝන් තුල ඉන්න වඩාත් බලගතුම පවුල් එක්ක සම්බන්ධකම් පවත්වනවා වගේම ඒ වගේ සම්බන්ධකම් රැකගෙන ඒ වගේ අය එක්කම විවාහ කරගන්නවා. වෙක්ස්ලා ප්‍රයෝගකාරී විදිහට දක්ෂයි. ඒ කියන්නේ හුගක් කපටියි. මේ අයට තියෙන්නේ හුගක් කෘර මෙහෙයවීමක්. කොටින්ම කියනවනම් ඩැරෝන්-වෙක්ස් මතයක් දරලා තියෙනවා එයා තමයි දැක්මක් තියෙන එකම කෙනා වගේම කැන්ඩෝර් මෙහෙයවන්න පුළුවන් ශක්තියක් තියෙන එකම කෙනා කියලාත්.
- මෙහි ප්‍රාරම්භ පියා නැති වුණේ ඔහු සොඩ් අයත් එක්ක ඇතිවුණු මාරාන්තික තරගයකදී පරාද වෙලා. මේ අය සොඩ් හවුස් එකට ගෞරව කරනවා කියන යෝජනාවක් ඉදිරිපත් කරපු දා ඉදලම මේ දෙගොල්ලොම එකට එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එම් පවුලේ අය තමයි හමුදාමය උපකරණ බලාගන්නේ. අතුලාන්තර සංහිදියාව ඇති කරගන්න එක තමයි මේ අයගේ අරමුණ වගේම රාජකාරිය වෙන්නේ.
Georgina Campbell – ලේටා සොඩ්,
Ian McElhinney – වැල් එල්,
Elliot Cowan – ඩැරෝන් වෙක්ස්,
Ann Ogbomo – ඇලූරා සොඩ්,
Rasmus Hardiker – කෙම් යන අය ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා… මේ වගේ සුපිරි නිර්මාණයක් කරන්න ඩේවිඩ් එස් ගෝයර් ලග අවුරුදු හත අටක ඉදලා මේ වගේ කතාමලාවක් කරන්න සැලසුම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ The Dark Knight (2008) චිත්‍රපටය නිකුත් වුන කාලයේ වෙන්න ඕන. මෙහි රූගත කිරීම් කටයුතු බැල්ෆාස්ට්, උතුරු අයර්ලන්තයෙදී වගේම යුරෝපය තුලත් වෙලා තියෙනවා. මෙතෙක් DC කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු කතාමලාවන් වලට වඩා කතාව ගලාගෙන යන විදිහෙන්, කතාවේ රූපරාමුවල පවා වෙනස්කමකින් යුක්ත වෙනවා. ඒ බව හොදාකාරවම තේරෙන්න ඇති පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම්. මොකද ඒක නිර්මාණය කරලා තිබුනෙත් හරියට චිත්‍රපටයක වගේමයි. මේ වෙද්දී කොටස් දහයකට සීමා වුණු කතාමලාවක් හැටියටයි මේක නම් වෙලා තියෙන්නේ. කොටස් දහය නෙවෙයි කීයක් උනත් අනුරුද්ධ සහෝ මේක ඔයාලට අඩුවක් නැතුව බලන්න පුළුවන් විදිහට ඉදිරියේදී උපසිරැසි අරගෙන ඒවි. එයාගේ ඉල්ලීම මත තමයි මේ ලිපිය පුලුවන් විදිහට ලිව්වෙත්. එහෙනම් ඉහින් ඉදිරියේදී එයාගේ උපසිරැසි රස විදින අතරතුරේදීඅදහසකුත් පල කරලා පොඩි සහයෝගයක් ලබාදෙන්නයි කියලා හැම කෙනෙක්ගෙන්ම ඉල්ලනවා. එහෙනම් ඉතින් මම මෙතනින් නවතිනවා. ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,017 downloadsDownload Krypton-S01E01.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
61 comments
sachintha
Chamil Mihiran
Sub ekata thanx.
nimanaka
thanks machan. alutma akaka sub dunnata thanks admin..
Kanchaka
Thanks bro.......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
downlaod කරා විතරයි....
මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල හිතුවෙත් නැ.සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. චාමර සහෝගෙ ලිපියත් ගොඩක් වටිනවා..මෙච්චර ඉක්මනට සබ් දේවි කියලානම් හිතුනෙම නෑ. දිගටම කරන් යමු.. බුදුසරණයි..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
patta lipiyak ne...elazzz...
Kaushan
Tnx mcn
Maleesha pathirana
Mm marvel..but meka balanawa..
TharakaWAS
thanks
Yasas Indrakantha
උපසිරැසි සඳහා ස්තුතියි සහෝදරයා :)
Lahiru Chinthaka
Lucifer, Timeless, iZombie, Jessica Jones, Fear The Walking Dead, Arrow, මේ ඔක්කෝගෙම සබ් දාන එක අතරමඟ නතර වෙලා. තව තිබුනා මතක නෑ. මේ Series එකටවත් එහෙම නොකරාවි කියලා හිතනවා. Thanks!
Subhash13
Supiri bn... ftt bkh
prasanna1245
thanks saho
geeganagamage
බොහෝම ස්තුතියි නියමයි සහෝ මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිට්යේ . සුපර් මෑන් කථාවක් අනිවාර්යෙන්ම බලනවා
M.R.Insaf
Thanks machan...
Iresh Umayanga
good work Bro ! thks !!! ikmnata dunnata.. arrow ekath immanata dendo
Luke A
elma..bro...
wajira
thanks ...niyamai
Nilush Angana
Sub ekata thanx
subodha
Thanks
Naveen Rangana
සබ් එකට තැන්ක්ස්...............
Sanjeewa2010
thanks
pradeep hashan
sub walata tnks
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Shakthibandara
Thanks bro
oshanda
සබ් එකට තැන්ක්ස්………
Thisal
තැන්ක්ස්
kelumchathuranga
thanks
උදයංග සම්පත් හතරසිංහ
නියමයි... මං English වලින් බලන්නගත්. දැං ඉතින් අවුලක් නෑ.. සිංහල එනවනෙ.. තෑන්ක්ස් ආහ්.. Good Job dude... :D
Nuwandika Dil
Elahhh
Udara Damith Dissanayaka
යන්තන් ඇති වෙනස් විදිහක එකක් ගෙනාවා dc ලා
මන් ඕක ගොඩක් කලින් හිතුවේ මේවගේ එකක් හැදුවොත් හොදයි කියලා
මට එහෙම නෙමෙයි මෙහෙම හිතිනේ හොදේUdara Damith Dissanayaka
ලිපියත් නියමයි
Sakila geethaka
arrow s6e16 eke sub ekath dennoo
Anuruddha Leo
ආපු නැති ඒවට සබ් දෙන්න බෑ බන්
futureomega
thax for sub
Isurusky
great work..digtma sub denna..thank you.jaya.
HgGHSalinda
Thnx
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
විමා
සබට තුති බන්
අනිවා බැලිල්ලක් තමා
දිගටම දීපන් ආ
ඇරෝ ෆ්ලෑෂ් ගැට්ට කැලේThilina Chamara
thank you...
Nilupul Madukapriya Perera
සුපර්මෑන් කියන්නෙ ඉතින් අපි කවුරුත් කැමති
සුපිරි වීරයෙක් නොවෑ.. මෙච්චර කාලයක් දැනන් උන්නේ
මිනිහා ක්‍රිප්ටෝන්වලින් මෙහාට කඩාපාත් උනා කියන කාරණේ
විතරයි නොවෑ. දැන් ඉතින් එල් වංශයේ මුලාරම්භයේ පටන්ම දැක
බලාගන්න පුළුවන් වගේ. බලමුකෝ SYFYලා මේක කරන නිසාවත්
කතාව හොදට තියෙයිද කියලා. ආයේ නෑ සාමරයා ලිපියනම් ලියලා
තියෙනවා මල් හතයි ඈ... ලියෝගේ සබ් එකත් ඇති ඉතින් ජාඩියට මුඩිය වගේ..
දෙන්නටම තැන්කු ආ..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
mranil
elama
Hard Rock
elama tama. apith aaasama. thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Denuwanjay
සබට තුති
Hirunika97
ස්තූතියි බ්‍රො. Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Krypton [S01 : E01] Sinhala Subtitles | මේ එල් වංශයේ කතාවයි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Krypton-syfy.jpg)




Sub ekata Thanks sahoo
Elama