Jujutsu Kaisen [S02 : E19] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 19 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 19 කින් සමන්විත Shibuya Incident Arc හි දහ හතරවෙනි කොට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 19 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 19 කින් සමන්විත Shibuya Incident Arc හි දහ හතරවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. පසුගිය කොටස වගේම මේ අරන් එන කොටසත් Jujutsu Kaisen රසිකයන්ට කණගාටුදායක කොටසක්. ඒ ඇයි කියල බලන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.
රියොමෙන් සුකුනා ෂිබුයා නගරයෙන් කොටසක් අළු බවට පත් කළායින් පස්සෙ යූජිගේ ශරීරයේ පාලනය ආපහු යූජිටම දෙනවා. සිද්ධවුනු විනාශයන් වුනේ තමන් නිසයි කියන අදහසින් ඉන්න යූජි ෂිබුයා දුම්රිය නැවතුම්පළ මැද්දෙන් එනවා. ඒ එන අතරෙදි ජෝගෝගේ ගින්නෙන් පණ බේරගත්තු නනාමි කෙන්ටෝ, ආයෙත් මහිතෝ අතින් පරිවර්තනය වුනු මිනිස්සු එක්ක සටන අරඹනවා. මේ හැම සටනක්ම දැන් නනාමිට ඇති වුනු තත්වෙකයි නනාමි හිටියෙ. ඒ විදිහට සටන් කරන අතරෙදි හැංගිලා හිටපු මහිතෝගේ අතේ ස්පර්ශයට නනාමි අහු වෙනවා. මහිතෝගෙ අත ගෑවුනා කියන්නෙ ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියල jujutsu kaisen රසිකයො හැමෝම දන්නවා. ඉතින් හැම වෙලාවකදීම අනුන් ගැන හිතපු, කොටින්ම තමන්ගේ ගෝලයෝ වගේම අනාගත පරපුරේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතපු පරාර්ථකාමී ශක්තිමත් ජුජුට්සු මන්තරකාරයෙක් ගැන කියනවා නම් ඒ “නනාමි කෙන්ටෝ” තමයි හොඳම උදාහරණය. තමන්ගේ අවසාන මොහොතෙදීත් තමන්ගෙ ශිෂ්‍ය මන්තරකාරයින්ගෙ ආරක්ෂාව ගැන හිතමින්, තමන්ගේ අවසාන වචන කිහිපයෙන් මීළඟ වැඩ කොටස ඉතදොරි යූජිට පවරමින් මහිතෝගේ ස්පර්ශයෙන් නනාමි කෙන්ටෝ කියන මන්ත්‍රකරුවා අවසන් ගමන් යනවා. ඒ මොහොත jujutsu kaisen රසිකයින්ට මහත් දුකක් ගෙන දුන්නු මොහොතක් කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි. මොකද ඒ තරමටම “නනාමි කෙන්ටෝ” කියන චරිතය fan favorite බවට පත් වුනු, හැමෝම ආදරය කරපු ගරු කරපු චරිතයක්.
ඉතින් ඒ කණගාටුදායක මරණයත් එක්ක යූජිගේ ඇස් ඉදිරියේ මරණය අත් කරගත්තු නනාමි වෙනුවෙන්ම යූජි මහිතෝ එක්ක සටන අරඹනවා. ඒ සටන සිද්ධ වෙද්දි තවත් පැත්තකින් තවත් මහිතෝ කෙනෙක්ව නොබරා කුගිසකිට මුණ ගැහෙනවා. ඒ මහිතෝත් අර මහිතෝගේම කොටසක් කියල අපිට දැනගන්න ලැබුනා. දැන් මහිතෝට එරෙහිව යූජි සටන සහ මහිතෝට එරෙහිව නොබරා සටනත් සිද්ධ වෙනවා. මේ සටන් දෙක මොන විදිහට සිද්ධ වෙයිද? සටනෙදි මොකක් වේවිද? මම මුලදිම කිව්වා මේකත් කලින් කොටස වගේම කණගාටුදායක කොටසක් කියලා. ඉතින් කලින් කොටස ඒ අදාළ කෙනාට ගැලපෙන්න මම නම් කළා. ඉතින් මේ කොටසත් එහෙමයි. “Resonance”… සිංහලෙන් ගත්තොත් “අනුනාදය” මගින් හැඟවෙන්නෙ කවුද මොකක්ද කියල ඔයාලා දන්නවා. තවත් කියන්න දෙයක් නෑ, නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි පහළොස්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 20 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Right and Wrong – Part 2
Air Date : 2023.11.30
Runtime : 24 min.
IMDB Rating : 9.2
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,185 downloadsDownload Jujutsu-Kaisen-S02E19-Sinhala-Subtitles-Baiscopelk.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E19] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Akila Dilhara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E19] Sinhala Subtitles | අවසාන අනුනාදය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




Thanks Brother...