කලින් කොටස් දෙක බැලුවා නම් අද තමයි පිටසක්වල ආක්‍රමණයේ අවසානය සිද්ධ වෙන දවස. තුන්වෙනි කොටස හරහා දැකගන්න ලැබෙන්නේ ඊට අදාළ කතාවයි. එහෙනම් පලවෙනි කොටස් දෙක ගැන සුළුවෙන් මතක් කරලා මම තුන්වන සහ හතරවන කොටස් ගැන කියන්ම්. 1 සහ 2 කොටස් සම්බන්ධයෙන්… අඟහරු වල පරීක්ෂණ වල නියැලෙන ගගන ගාමින්ඇ දෙදෙනෙකුට අඟහරු මතුප…

කලින් කොටස් දෙක බැලුවා නම් අද තමයි පිටසක්වල ආක්‍රමණයේ අවසානය සිද්ධ වෙන දවස. තුන්වෙනි කොටස හරහා දැකගන්න ලැබෙන්නේ ඊට අදාළ කතාවයි. එහෙනම් පලවෙනි කොටස් දෙක ගැන සුළුවෙන් මතක් කරලා මම තුන්වන සහ හතරවන කොටස් ගැන කියන්ම්.
1 සහ 2 කොටස් සම්බන්ධයෙන්…
අඟහරු වල පරීක්ෂණ වල නියැලෙන ගගන ගාමින්ඇ දෙදෙනෙකුට අඟහරු මතුපිට තිබෙන යන්ත්ත පාෂාණයක්ට ඉවත්ම කිරමට යාමේදී යම් දෙයක් සොයාගන්න ලැබුනා. එක්තරා විදිහක සිරගෙයක් කිව්වොත් නිවැරදියි. නොදැනුවත්කම නිසා එක ගගන ගැමියෙක් වූ කාටර් විසින් ඒ සිරගෙය විවෘත කරනු ලබනවා. ඒ සමඟින් එහි සිරකර තිබුණු පිටසක්වල ජීවින් කාටර්ගේ සිරුරට ඇතුළු වෙනවා. එහෙම තමයි පිටසක්වල ආක්‍රමණය ආරම්භ වෙන්නේ. මුල් කොටසේදී දකින්න ලැබුනා සුපර්මෑන් සහ බැට්මෑන් දෙන්නට පර්යේෂණාගාරයක් තුල සිද්ධ වෙන රහසිගත යමක් පිළිබඳව. නමුත් වැඩිදුර යමක් මේ දෙන්නට හොයාගන්න ලැබුනේ නැහැ. පසුව කාටර් සෙනෙට් සභිකයෙක් වෙලා සුපර්මෑන් හට ලෝකය ආරක්ෂා කරන වගකීම ලබාදී ලෝකයේ තියෙන සියලු න්‍යෂ්ටික ආයුධ බල රහිත කරවනවා. ඔන්න ඊට පස්සේ තමයි ආක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි අවසානයේ දැක්කා මාෂන් හෙවත් ජෝන් ජෝන්ස් ගැනත්. ජෝන් සමඟ ඔහු සිරකරපු තැනින් ඔහු මුදවාගෙන පැන යන අවස්ථාවේඩි තමයි පළමු කොටස අවසන් උනේ.
දෙවන කොටසේදී තමයි අපට මුලින්ම වොන්ඩර්වුමන් ජස්ටිස් ලීග් එකට සම්බන්ධ වෙනවා දකින්න ලැබෙන්නේ. ඒ වගේම පෘතුවියට සිද්ධ වෙන පිටසක්වල ආක්‍රමණය හිතනවටත් වඩා ලොකු සහ දරුණු එකක්. ජෝන් සමග පැන යන සුපර්මෑන් සහ බැට්මෑන් දෙදෙනාට පිටසක්වල ජීවින් දිගින් දිගටම පහර දෙනවා. ඒ අවස්ථාවට ග්‍රීන් ලැන්ටර්න්, හෝව්ක්ගර්ල් සහ ෆ්ලෑෂ් පවා සම්බන්ධ වෙනවා. අවසානයේදී අපි දකිනවා තෙමිස්කිරා කුමරිය ඩයනා හෙවත් වොන්ඩර්වුමන් ඒ සටනට එකතු වෙනවා. ඒ වගේම ජස්ටිස් ලීග් එකට සිද්ධ වෙනවා ලෝකයේ තැනින් තැන සිද්ධ උන මේ ආක්‍රමණයට එරෙහිව සටන් කරන්න සහ මේ උවදුර නැති කරන්න. අවසානයේ ජෝන් සහ ජස්ටිස් ලීග් කණ්ඩායම හොයාගන්නවා පිටසක්වල ජිවින්ගේ ප්‍රධාන මෙහෙයුම් සිද්ධ වෙන ස්ථානය එහිදී අපි දැක්කේ අවසානයට ප්‍රධාන බලසැපයුම් හරය විනාශ කරන්න ගිය ජෝන්, වොන්ඩර්වුමන් සහ බැට්මෑන් තිදෙනාගෙන් බැට්මෑන්ට පිටසක්වල යානයේ හිරවෙන්න. තෙවන කොටස ඇරඹෙන්නේ එතැන් පටන්. ඒ කොටස බලන්න ඔයාලට තියන අතර හතරවන කොටස වෙනම කතාවක ආරම්භයක්. ඒ කොටස සම්බන්ධ වෙන්නේ ජෝන් ස්ටුවර්ට් හෙවත් ග්‍රීන් ලැන්ටර්න් සාමාජිකයාට. ඔහුව අත් අඩංගුවට ගන්න පිරිසක් එනවා. එහෙනම් ඒ කොටස බලන්නත් ඔයාලටම බාර දීලා 5 සහ 6 කොටසින් හෙට මුණ ගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,631 downloadsDownload JLS01E0304.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
7 comments
Ishan Madusha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
madhawa_max
thank u for sub
Hashan M. Priyadarshana
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා අපි වෙනුවෙන් මේ කරන උදව්වට.... ජය වේවා...
Vidun Kemsara
බොහොම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E03 & E04] Sinhala Subtitles | ආක්‍රමණයක අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Common.jpg)


බොහොම ස්තූතියි සහෝ