ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා. අද ඉඳන් මේ ආරම්භවන කතා මාලාව කොටස් 26 කින් සමන්විතයි. කොටස් දෙක බැගින් ඔයාලට මමයි රොයිලි ප්‍රනාන්දු සහෝ දෙන්නා අද ඉඳන් ලබා දෙනවා. පළමු කතා මාලාවේ මැද බාගයේදී ඔහු ඔයාල එක්ක මුණ ගැහේවි. ඉතින් මේ කතා…

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා. අද ඉඳන් මේ ආරම්භවන කතා මාලාව කොටස් 26 කින් සමන්විතයි. කොටස් දෙක බැගින් ඔයාලට මමයි රොයිලි ප්‍රනාන්දු සහෝ දෙන්නා අද ඉඳන් ලබා දෙනවා. පළමු කතා මාලාවේ මැද බාගයේදී ඔහු ඔයාල එක්ක මුණ ගැහේවි. ඉතින් මේ කතා මාලාව ගැන ටිකක් කියලම අද වැඩ පටන් ගම්මු.
ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave and the Bold හි 28 වන කලාපයෙන් මේ කණ්ඩායම මුල් වරට එලි දක්වනු ලැබූවා. සුපිරි වීරයින් කීප දෙනෙක් එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ක්‍රියා කිරීමක් තමයි මේකට පාදක වෙන්නේ. ඉතින් මේ හඳුන්වලා දීපු කණ්ඩයමේ ආරම්භක සාමාජිකයින් 7 දෙනෙක් හිටියා. එයාල තමයි,
- Batman
- Superman
- Aquaman
- Wonder Woman
- The Flash
- Green Lantern
- Martian Man hunter
ඉතින් මේ හත්දෙනාගෙන් ඇරඹුණු කණ්ඩායම පසුකාලීනව විවිධ වෙනස්කම් වලට ලක් වෙලා විවිද ආකාරයට ගොඩනැගුනා. ඉතින් පසුකාලීනව The Atom, Big Barda, Black Canary, Cyborg, Green Arrow, Elongated Man, the Flash/Wally West, Green Lantern/John Stewart, Hawkgirl, Hawkman, Metamorpho, Plastic Man, Power Girl, Orion, Red Tornado, Stargirl, Captain Marvel/Shazam සහ Zatanna වැන්නවුන් සහ තවත් බොහෝ දෙනා එකතු වෙනවා. පසු කාලීනව ඔයාලට දැකගන්න ලැබේවි ජස්ටිස් ලීග් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වල වොච් ටවර් එකේ සුපිරි වීරයන්ගෙන් පිරුන තැනක් බවට පත්වෙනවා. මුලින් කොටස් 26 බැගින් කතා මාලා දෙකින් සමන්විත වෙලා පසුව තවත් කොටස් 13 බැගින් වූ කතා මාලා තුනක් 2014 ජුලි 31 සිටJustice League Unlimited නමින් විකාශය උනා. ඉතින් ඒ කතා මාලා ඔබට මුලින් විකාශය උන එනම් 2001 නොවැම්බර් 17 සිට ආරම්භ උන මේ කතා මාලා දෙකෙන් පසුව ඔබට දිගටම ලැබේවි.
අද පටන් ගන්න කතා මාලා පහ ගැන ඔබට වෙන වෙනම කිව්වොත් ඒවා මෙසේ දක්වන්න පුළුවන්.
Justice League
පළමු කතා සමය – කොටස් 26 – විකාශය ආරම්භ උන දිනය 2001 නොවැම්බර් 17
දෙවන කතා සමය – කොටස් 26 – විකාශය ආරම්භ උන දිනය 2003 ජුලි 05
Justice League Unlimited
පළමු කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2004 ජුලි 31
දෙවන කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2005 පෙබරවාරි 05
තෙවන කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2005 සැප්තැම්බර් 05
මේ කතා මාලාව ආරම්භය ගත්තොත් මේ වනවිට ජස්ටිස් ලීග් හෙවත් සුපිරි වීරයන් ඒකරාශී වී කණ්ඩායමක් පිහිටුවාගෙන අවසන්. ඊට අර මුලින් කියූ කණ්ඩායම් සාමාජිකයන් හත් දෙනා එකතු වී තිබෙනවා. කතාව ආරම්භ වන්නේ මේ කණ්ඩායමට ලැබෙන පිටසක්වල කුමන්ත්‍රණයක් සම්බන්ධවයි. පෘතුවිය අප නොදන්න පිටසක්වල ජීවින් කොට්ඨාශයක් ඔවුන්ගේ පාලනයට ගන්න කරනු ලබන ආක්‍රමණයකට එරෙහිව සටන් වදින්නයි ජස්ටිස් ලීග් කණ්ඩායමට ලැබෙන අභියෝගය. ඉතින් පළමු කොටස් තුන දක්වාම දිවෙන්නේ ඒ සම්බන්ධවයි. එහෙනම් 3 සහ 4 වෙනි කොටස් වලින් ඉක්මනින්ම මුණ ගැහෙන්නම්. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,824 downloadsDownload JLS01E0102-2.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
22 comments
Hasinth
Ravindu Rukshan
Tx
madhawa_max
thank u ayye
tharindugds
නියම වැඩක්
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
parindyabopage
thanks aiye,,,puluwan nm young justice seson 03 eket sub 1 denna
Ishan Madusha
නියමයි.DC හොදම Animated Series එකකට උපසිරැසි කරලා දෙනවට බොහොමත්ම ස්තූතියි
සහොලට.ජය වේවා!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයbat1234
plz young justice season 3 eke sub deela innakoooooo??????????????????
BLACK_RACER
sub 1ta thanks young justice s03 sub dennako ewagema nawaththan nathuwa sub denna
gamindu
Asterix The Secret Of Magic Potion 2018 film eketh sub eka hadala danna puluwanda
Kaushan Rasanga
Tnx bro
NisalaRandeniya
godak sthuthi aiye.. torrent link ganna plwan site ekk danna plwan nam thwath hndai aiye..
Hashan M. Priyadarshana
Thank you bro
denizshulz
thanks bro.
manoj934
thankz bt download karanna puluwan site ekat dunnam tama honda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sayuru_tharanga
ගොඩාක් ස්තූතීයී සහෝ උපසිරැසියට...........ඔයාලා තමන්ගේ කාලය වැයකරගෙන අපි වෙනුවෙන් මෙහෙම මහන්සිවෙනවට ආයෙමත් ගොඩාක් ස්තූතීයී.......
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එක ට ...එල ..
kalya
thanks
PahasaraDv
Thankz....
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා.... මේකට සබ් දීලා නැතුව ඇති කියලා හිතලා බලන්නැතුව අතාරින්න හැදුවේ.... ඒත් සර්ච් කල්ලා බැලුවට පස්සෙ සබ් තියෙයි කියලා දැක්කම පට්ටම සතුටක් ආවේ.... ජය වේවා....❤️
Advertisement
![Justice League [S01: E01 & E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Common.jpg)

ස්තූතියි ♥