Watch Trailer

One Strange Rock [ S01 : 05 – Survival ] Sinhala Subtitles | මිහිකතේ ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භුමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් ඒවා ඇත.” එතුමා අපට සුභ පතන අතර මිත්‍රත්වයේ දෑත ද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැතිබව අපදනිමු එහෙත් එතුමාන්ගේ කාරුණික භාවය අපි…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භුමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් ඒවා ඇත.” එතුමා අපට සුභ පතන අතර මිත්‍රත්වයේ දෑත ද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැතිබව අපදනිමු එහෙත් එතුමාන්ගේ කාරුණික භාවය අපි අගය කරමු. කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක් නිසාද යත් මේ භුමිය අප ඔබට විකුනන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භුමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත්, පොලාවේ උණුසුමත්, විකිණීම හෝ මිල දී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළගේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීම හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. මේ මිහිතයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධවූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තකම, වැලි තලාවලින් පිරි ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම, මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පුජනිය වූ වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩි පාරක්ම මිනිසා පිලිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මවුබිම අමතක කොට දෙවි ලොව සැරි-සරති. මහපොළව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මලගිය ඇත්තෝ මේ සුන්දර මිහි තලය අමතක නොකොට මෙහිම රැදෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නේය.

සුගන්ධවත් පුෂ්පයේ අපගේ සොයුරියෝ ය, පිණිමුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද, තණ බිම්වල තෙතමනය ද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම ද යන මේ සියල්ලම එකමපවුලකට අයත් වන්නේය. වොෂිංටනයේ ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ භුමිය මිලට ගැනීමට කැමැත්ත පළකරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්‍රේෂ්ඨ නායකයාණෝ අපට සුව පහසුවෙන්, සැනසිල්ලෙන් ජිවත් වීමට අස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමානන් අපගේ පිතෘවරයා වනු ඇත. එවිට අප ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භුමිය මිලදී ගැනීම පිලිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායි කාර්යයක් නොවන්නේ මේ භුමිය අපට පුජනිය වස්තුවක් වන බැවිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භුමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක් ව තිබු බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජාල තලාවේ පතිත වන සෑම අඳුරු ජායාවක්ම කියා පාන්නේ මගේ වර්ගයාගේ ජිවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිණුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬ වන්නේය. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරු ද පාරු ද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භුමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන් හටද එය කියාදෙනු මැනවි.

එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි. ගිරි ශිඛර වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යානා සේ සුදු මිනිසාගේ ආක්‍රමණ ඉදිරියේ රතු මිනිසා හැම විටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පුජනිය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පුජනිය වන්නේය. එහෙයින් මේ කඳු, මේ තුරු-ලතා සහ මේ බිම අපටම කැප වූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් ටහ්වත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්‍රී කාලයේ පැමිණ භුමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොලව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භුමිය අත්පත් කර ගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කර ගනිමින් ඉදිරියට ඇදෙති. ඔව්හු තම පියවරුන්ගේ සුසන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔව්හු දරුවන්ගෙන් පොළවද උදුරා ගනිති. ඔව්හු තම පියවරුන්ගෙන් සුසානද තම දරුවන්ගේ ජන්ම ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත් සහෝදරයාටත් මහපොලවටත් ඔහුගේ අහස තලයටත් සලකන්නේ මිලට ගත හැකි, කොල්ල කෑමට හෝ විකිනීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි.

ඔවුන්ගේ කෑදරකම විසින් මේ භුමියෙහි සාරය උරාබොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලා වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනා ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරෝ මිලේච්චයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතා වල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘති සතුන්ගේ පියාපත් වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත් හිරිහැරයක් ම වන්නේය. මට එසේ හැඟෙන්නේ මගේ නොතේරුම් කම නිසා විය හැකිය. මිලේච්ජයන්ට එබඳු දේ වටහා ගැනීම අපහසු වන්නේ ය. එහෙත් උලමා ගයන හුදෙකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑද ඇසීමට නොලැබෙන ජිවිතයේ හරයක් ඇත්තේද? මම නුගත් රතු ඉන්දියානුවෙක් වෙමි, එනිසා මට මේවා තේරුම් ගත නොහැකිය.

සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනෙන් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපගේ සියළු දෙනාම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගනිමු. ඔබගේ මිනිස්සු තවමන් ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළගේ සුවඳ නො දනිති. අප අපගේ භුමිය ඔබට විකුණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නො කල මැනවි. අපගේ මුතුන් මිත්තන්ට ජිවය ලබා දුන් සුළඟ ම ඔවුන්ගේ අවසාන හුස්ම ද ආපසු ලබා ගත්තේය ඒ සුළඟම අපගේ දරුවන්ගේද ප්‍රාණ වායුව වන්නේය. ඔබ ඒ ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කල යුතුය. තණ පත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මද සුළගේ පහස විඳීමට ඔබටද හැකිවන නො-අනුමානය.

එසේ නම් අපගේ භුමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දෙසිඅක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භුමියේ ජිවත් වන සියලුම සතුන් ඔබගේ ම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය. මම වනචාරි මිලේච්ජයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්‍රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත. තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජිවත් විය හැක්කේද? සියලු තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජිවිතයේ දැඩි හුදකලා බැවින් මිනිසා ද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන්නේ කුමක් වුවත් ඒ දේම මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලු දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි. !

ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්-මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භුමිය අපගේ මාතාවයි, මව් බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජිවත් වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමන්ටම කෙළ ගසා ගැනීමකි. අප දන්නා පරිදි මේ මහා පොලව මිනිසාය අයිති නැත. එහෙත් මිනිසා මහා පොලවට අයත්ය. පවුලේ සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු. ජීවිතය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නුල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරගත හොත් ඒ තමාටම කර ගන්නා උපද්‍රවයකි. අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන රක්ෂිත භූමියට යාම පිලිබඳ අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සමයෙන් ජිවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජිවත් වුවද අපට කම් නැත.අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිව නැත.තව ශිත සෘතු කිහිපයක් ගෙවී ගිය කල මේ මහා පොලවේ ඔබ මෙන් බල සම්පන්න වීර ගෝත්‍රිකයින් වෙනුවෙන් වැළපීමට අප පරපුරේ කුඩා දරුවෙකු හෝ ජිවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක් වන්නේ ඇයි? ගෝත්‍ර සෑදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිසුන් ජිවත් වී මිය යති. අන්තිම රතු මිනිසාත් මේ පොලෝ තලෙන් අතුරුදහන් වූ විට ඔවුන්ගේ මතකය තණ බිම් හරහා පාවෙන වළාකුලක ජායාවක් බවට පත් වූ විට මෙම තැනිතලා වන පෙත මාගේ මිනිසුන්ගේ ජිවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අපගේ මිනිසුන් මේ භුමියට ආදරය කලේ කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,069 downloadsDownload one.strange.rock_.s01e05.survival-2.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,069 downloadsDownload Subtitles21 KB

23 comments

  1. Vimukthi

    sthuthi saho.

  2. Lasa_Sadaru

    elamaa

  3. Krishan NiShalya

    බොහොම ස්තූතී bro
    අවුරුද්දට කලින් ඔක්කොම දෙයි වගේ

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. krishanmadusanka

    thanks bro.ewagema post ekatath thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. pryantha gallage

    ELA ELA THANKS TO SUB

  9. dush135

    ela

  10. Waruna Kamalawansha

    කියන්න වචන නෑ... බොහෝම ස්තූතියි මේ කතා මාලාවට සිංහල උපසිරැසි ගෙනාවාට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lahiru Lakshan

    thanks machn....

  13. Milinda Sadaruwan

    thank you bro

  14. sam fisherr

    ස්ක්තුති මාවි තුමනි

  15. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  16. suranuwan

    thanks bro..

  17. sampath n perera

    thanks

  18. Nirosha Nirosha

    thanks

  19. Lahiru Lakshan

    thanks....

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  21. Amila Mudalige

    Sub ekata Thanks

  22. Waruna Wijerathna

    Thanks

  23. Manu

    Godak sthuthi..Jaya wewa!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.