ඔන්න එහෙනම මේ අරගෙන එන්නේ Killjoys දෙවන කථා මාලාවේ 5 වැනි කොටසයි. කට්ටිය බලනව ඇති හදිස්සියෙම මොකද මධුකප්‍රිය සහෝදරයා මේ කථා මාලාවට උපසිරැසි දෙන එක නතර කළේ කියල නේද? මේ කථා මාලාවේ පළමු කථා සමයට හා දෙවන කථා සමයේ කොටස් හතරකටම උපසිරැසි ගෙන ආවේ මධුකප්‍රිය සහෝදරය. නමුත් මම හිතනව කට්ටිය දන්නව ඇති කියල මේ…

ඔන්න එහෙනම මේ අරගෙන එන්නේ Killjoys දෙවන කථා මාලාවේ 5 වැනි කොටසයි. කට්ටිය බලනව ඇති හදිස්සියෙම මොකද මධුකප්‍රිය සහෝදරයා මේ කථා මාලාවට උපසිරැසි දෙන එක නතර කළේ කියල නේද? මේ කථා මාලාවේ පළමු කථා සමයට හා දෙවන කථා සමයේ කොටස් හතරකටම උපසිරැසි ගෙන ආවේ මධුකප්‍රිය සහෝදරය. නමුත් මම හිතනව කට්ටිය දන්නව ඇති කියල මේ කථා මාලාවට අමතරව Dark Matter හා Zoo කථා මාලාවන්ටත් උපසිරැසි දෙන්නේ මධුකප්‍රිය සහෝදරයමයි කියල. ඉතින් මේ කථා මාලා තුනම වගේ පෙන්වන්නෙ සතියේ එක ළග. ඒ නිසා එය අපහසු කාර්යයක් බැවින් ශාන් විමුක්ති (විමා) සහෝදරයා එයට උපසිරැසි ලබාදෙන මෙන් මගෙන් පොඩි ඉල්ලීමක් කරා. ඒ වගේම අපි අපේ ස්තූතිය පුදකරන්න ඕනේ මධුකප්‍රිය සහෝදරයට මේ තාක් දුරට මේ කථා මාලා තුනම Balance කරගෙන කොහොම හරි නොකඩවා උපසිරැසි ලබා දීම ගැන.
ඉතින් 12 Monkeys දෙවන කථා මාලාවත් අවසන් වූ නිසා කුමක්ද කරන්නෙ කියල හිත හිතා ඉන්න කොට තමයි හිතපුවත් නැති කථා මාලාවකට උපසිරැසි ලබා දීමට සෙට් වුණේ. ඒ වගේම කියන්න ඕනෑ මධුකප්‍රිය සහෝදරයා දුන්න වගේ හොද උපසිරැසියක් නම් ලබාදෙන්න මට නොහැකි වේවි. ඒ වුණත් මේ කථා මාලාවට උපරිම සාධාරණය කරන්න මම උත්සහ කරන්නම්. මොකද ඇත්තම කිවොත් මේ කථා මාලාව මම මීට පෙර නරඹලා නම් නැහැ. ඉතින් ඒ නිසා අද කථාව ගැන මොකුත් නොකියා ඉන්න එක හොදයි කියල හිතනවා. මොකද නොදන්න දේවල් නොකිය ඒ ගැන දැනගෙනම කියන එක හොදයි කියල හිතනවා. ඔයාලට හොද උපසිරසක් ලබාදෙන්න ඕනෙ නිසා මේ දවස්වල මම මේ කථාමාලාව නරඹමින් ඉන්නවා. ඉතින් ලබන සතියෙ ඉදලම කථාව ගැන යමක් කියන්නම්. ඒකටනම් සමාවෙන්න. ඒ වගේම වැරදි අඩුපාඩු තිබුණොත් ඒකටත් සමාවෙන්න ඕනෙ ඉතින්. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහි එන නම්, ප්‍රදේශ වගේ දේවල් තාම හුරු නොමැති නිසා වැරදි ඇති. ඒකටත් සමාවෙන්න.
එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ඔබ සැමට සුබ දවසක්…….!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV.x264 පිටපත් සඳහා ආදාළ වේ.
467 downloadsDownload Killjoys.S02E05.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
7 comments
Kulanjana Maduranga
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ බැහැයි
නොකියා වැඩේ බාර ගත්තට. ඒක ලොකු උදව්වක් මේ වෙලාවේ.
එහෙමනම් ඔන්න මාත් අද ඉදන් කතාව බලන්නේ ඔයාගේ
උපසිරැසිය එක්ක.ඔයාට පුළුවන් විදිහට කරගෙන යමු.
කෘතඥ වෙනවා කළ උපකාරයට. ඔබට ජය.Rasitha Pradeep Somasiri
ඕක මොකක්ද ...... සුළු දෙයක් නේග් සහෝ........
Eranga Sandaruwan
බබෝම ස්තූතී උප සිරැසියට.. ජය වේවා
Udara Damith B\K
ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dhanuka
thanks man .......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…denakm unne.thanks RASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……