ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Killjoys හය වන කොටසයි. මේ කොටස නම් ගිය සතියට වඩා ටිකක් පරක්කුයි ඉතින් ඔන්න. පසුගිය සතියේ උපසිරසේ ගුණාත්මක භාවය ගැන කියන්න නම් දන්නෙ නැහැ ඉතින්. මොකද ඉතින් කාගෙන්වත් කොමෙන්ටුවක් තියනවනම් දැක්කෙ නැහැ හොද හෝ නරකයි කියල. ඉතින් පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. පව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Killjoys හය වන කොටසයි. මේ කොටස නම් ගිය සතියට වඩා ටිකක් පරක්කුයි ඉතින් ඔන්න. පසුගිය සතියේ උපසිරසේ ගුණාත්මක භාවය ගැන කියන්න නම් දන්නෙ නැහැ ඉතින්. මොකද ඉතින් කාගෙන්වත් කොමෙන්ටුවක් තියනවනම් දැක්කෙ නැහැ හොද හෝ නරකයි කියල. ඉතින් පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්.
පව්ටර් සහ ජොනී, පව්ටර් ගේ නිවසට යනවා ඇගේ මව ව හමුවීමට ඇයට නිකුත්කර ඇති පරණ නගරයෙන් පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කරන්න යැයි ඉලිමට. ඉතින් එහිදී පොඩි කරදරේකට මුහුණ දෙන්න වෙනව මේ දෙන්නට. පොඩි කීවට පොඩිමත් නැහැ. ජීවිතයත් මරණයත් අතර කරදරයක්. එනම් ඇගේ මව විසින් අත් හදා බලන වෛරසයක් කවුරුන්හෝ නිදහස් කරනවා. එමගින් මීදුමක් සමග යම් දෙයක් ඇතිවී එයට නිරාවරණය වන්නා අයිස් බවට පත් වී මිය යනවා.
ඒ වගේම ඛ්ලයෙන් ජෙකෝබිගේ ග්‍රහලෝකය වන ටෙලන් වෙතට යනවා ඔහුගේ පියාව අල්ලා ගැනීමට. මම හිතනවා කට්ටිය දන්නව ඇති කියල ඛ්ලයෙන් සොයමින් සිටිනවා ඩවින් කෙසේද ප්ලාස්මා වලට ප්‍රතිශක්තිකයෙක් වුණේ කියල. ඒ වගේම ඔවුන් සොයා ගන්නව එය ඔහුගේ පියාගෙන් නොපැමිණි බව. ඉතින් ඔහුගේ මව සිටින්නේ කොහෙද කියා දැන ගැනීමට ඛ්ලයෙන් නැවතත් ඩවින්ගේ සිත තුළට යනවා. නමුත් ඩවින් එයට එරෙහිව සටන් කරන බැවින් ඔවුන් දෙදෙනා මනෝමය වශයෙන් ශරීර දෙක මාරු වෙනවා
ඒ වගේම පව්ටර් ගේ සහෝදරියත් එම මීදුමට නිරාවරණය වනවා. පව්ටර් ට සිදුවෙනවා ඇයව බේරාගැනීමට ඇගේ අත කපා දැමීමට. ඒ වගේම පව්ටර්ගේ මව මිය යනවා එයට ප්‍රතිකාරයක් සෙවීමට එම වෛරසයට ඇයම නිරාවරණය වීම නිසා.
එසේම ඩවින්ගේ ශරීරය ඛ්ලයෙන්ගේ පැමිණීම බලාපොරොත්තු නොවන නිසා ඔහුගේ තත්වය අවධානම් අතට හැරෙනවා. ඒ වගේම ඩච්, ජොනීගේ උදව්වෙන් ඛ්ලයෙන් හා ඩවින් ගේ විඥානයන් නැවතත් මාරු කිරීමට සමත් වෙනවා. ඒ වගේම පව්ටර් සහ ජොනී ක්‍රමයක් සොයාගන්නවා මීදුම සමග වෛරසය විනාශ කිරීමට. එනම් ගෑස් නළ පුපුරවා හැර වෛරසය ගිණි තබා විනාශකිරීමට. එසේම ජොනී සොයාගන්නවා එම වෛරසය මුදා හැරියේ වෙන කවුරුත් නොවේ පව්ටර්ගේ සොයුරියගේ පෙම්වතා බව. ඉතින් එහිදී පව්ටර්ගේ සොයුරියගේ පෙම්වතා ඔවුන්ගේ බෝම්බයේ දුරස්ථව ක්‍රියා කරන කොටස කඩා දමන බැවින් එය වෙඩි තබා පිපිරවීමට සිදුවනවා. එය සදහා පව්ටර්ගේ පියා ඉදිරිපත් වනවා. එමගින් ඔහුද මිය යනවා. ඒ වගේම පව්ටර් භූමියේ කාන්තාව බවට පත් වෙනවා. එසේම ඛ්ලයෙන් සොයාගන්නවා ඩවින් කෙසේද ප්ලාස්මා වලට ප්‍රතිශක්තිකයෙක් වුණේ කියලත්. ඒ ඔහුගේ මොළය හමුදාමය අත්හදා බැලීමකට භාජනය කර ඇති නිසා කියා.
ඉතින් කියන්න ඕනෙ පසුගිය කොටසේ ප්‍රධාන තැන් ටික විතරයි පොඩ්ඩක් මතක් කරේ. මොකද මම දන්නව ඔයාල පසුගිය කොටස බැලුව කියල. පොඩ්ඩක් විතර පැටලිලි ගතියක් ආවොත් ගන්නන් ගන්න එපා ඉතිං.
අද කොටස ගැන යමක් කිවොත්, කිල්ජොයිස් ලා අද හරිත ප්ලස්මා සොයාගෙන සැන් රොම්වෙල් නම් පුද්ගලයෙක් වෙතට යනවා. එතනින් ඔහුගෙන් එම හරිත ප්ලස්මා ලබා ගැනීමට උත්සහ කරන අන්දම ගැන තමයි ඉතින් අද කොටසෙන් පෙන්වන්නේ. ඒ වගේම අද කතාව අවසාන හරියේදී හරිත ප්ලස්මා නිසා ඩවින් ට නොසිතන අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඉතින් අද කොටස 18+ අය බලනවනම් තමයි වඩා සුදුසු. ඊළග කොටසින් හමුවෙමු…
සුබ දවසක්……!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV.x264 පිටපත් සඳහා ආදාළ වේ.
450 downloadsDownload Killjoys.S02E06.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
10 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
nishan
බොහොම ස්තූතියි සහෝ bt
page eke 1k parat add lord wen natnam hodi bro... :-(රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදාර දිල්ශාන්
ස්තූතියි රසිත ප්‍රදීප් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴මිතුල් ලක්ශිත
තෑන්ක්ස් බ්‍රෝ එපි 7 ත් ඉක්මනටම දෙමු...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴