Watch Trailer

Killjoys [S02 : E08] with Sinhala Subtitle | පුර්ණ හරිත යතිවරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටසයි. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. ඩවින් නිසා සබීන් කියන්නෙ හය වැන්නෙක් කියල killjoys ල හොයාගන්නව. ඒ වගේම ඩවින්ට හය වැන්නන් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවත් හොයාගන්නවා. ඩච් සබීන්ගෙන් ප්‍රශ්න කිරීම පටනගන්නව, ඒ වගේම ඇය පවසනවා ඇයව එහි එව්වේ ඛ්ලයන් බවත්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටසයි. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. ඩවින් නිසා සබීන් කියන්නෙ හය වැන්නෙක් කියල killjoys ල හොයාගන්නව. ඒ වගේම ඩවින්ට හය වැන්නන් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවත් හොයාගන්නවා. ඩච් සබීන්ගෙන් ප්‍රශ්න කිරීම පටනගන්නව, ඒ වගේම ඇය පවසනවා ඇයව එහි එව්වේ ඛ්ලයන් බවත්, ඒ ඩවින්ව ඩච් ගෙන් ආරක්ෂා කිරීමට බවත්. නමුත් ඩච් නම් එය පිළිගන්න බවක් දකින්නට ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඩවින් තීරණය කරනවා ඇයව ටියුරින් වෙත රැගෙන යන්න. ඒ වගේම එහිදී පොඩි කරදරයකුත් වෙනවා. ඒ වගේම ජොනී සොයා ගන්නවා හය වැන්නන් සෑදී ඇති ආකාරය සහ සබීන් ඩවින් සමග ලිංගිකව එක්වීම නිසා එය තාවකාලිකව සබීන්ගෙන් ඉවත්වී ඇති බවත්, එය නැවත ඉක්මනින්ම ඇතිවන බවත්. එබැවින් සබීන් ඔවුන්ට උදව් කරන්නට තීරණය කරනවා. ඔහු ඩවින් සමග එකතුවී පැරණි නගරය තුළ සිටින හය වැන්නන් සොයා දෙනවා. ඒ වගේම ඇය එහිදී කාටත් හොරෙන් තවත් යමක් සොයා ගන්නවා.

ඒ වගේම ඩච් සහ ජොනී පැරණි නගරය වෙතට යනව සබීන් පැවසූ දේ සත්‍ය ද බලන්න. එය සත්‍ය බව සොයාගන්න ඔවුන් දෙදෙනා, දෙදෙනාටම හොරෙන් දෙදෙනාගේ පුද්ගලික කාරණාත් සොයා බලනවා. ඒ වගේම ඩච් හෝටලය තුළ සබීන් ගේ කාමරය තුලට යනවා හා එහිදී ඇය Black Root කෙනෙකුගේ පහර දීමට ලක්වෙනවා හා ඇය දැනගන්නවා සබීන් ද Black Root කෙනෙක් කියා. ඒ වගේම සබීන් එවා ඇත්තේ ඛ්ලයන් නොවන බවත්, සබීන් ඔවුන්ගේ මාර්ගයෙන් ඛ්ලයන්ව සොයන බවත් ඇය සොයා ගන්නවා. ඒ වගේම ජොනී සෙන්බෙක් ගෙන් දන ගන්නවා පවුර ගැන විස්තර. එසේම සබීන් මායම් දාල ඩවින්ව රවට්ටලා ඔවුන්ගේ යානයෙන් පැනගන්නවා. නමුත් ඩවින් මෝඩයෙක් නම් වෙන්නෙ නැහැ. ඔහු සබීන් තුළ සොයාගැනීමේ උපකරණයක් තබනවා. ඩච් ඒ පසු පස ලීත් වලට යනවා ඇයව සොයාගෙන. ඒ වගේම ජොනී සෙන්බෙක් කියූ පරිදි ස්ප්‍රින් හිල් හි ජෙල්කෝගේ කාර්යාලයට යනවා. නමුත් එය හසු කිරීමක් වෙනවා හා ජෙල්කෝ ඔහුව අල්ලාගෙන හිර කරනවා. ඒ වගේම ඩච් සබීන් ට වෙඩි තබා මරාදමනවා. (අපි දැනට එහෙම හිතමු. මොකද The Last Ship S03 E01 කොටසේ “ප්‍රණීත් චින්තක” සොයුරා කිව වගේ මේ දවස් වල මැරන අය මැරුණ කියල විශ්වාස කරන්න එක අමාරු දෙයක්.) ඒ වගේම ඇයට එහි ඛ්ලයන්ගේ ආරක්‍ෂිත නිවහනක් තුළින් නැවතත් රතු පෙට්ටියක් හමුවෙනවා සහ එහි හය වැන්නන් මරණයට පත්කරන උපකරණයක් සහ අනීලා යන නමක් ඇතුළත් කර තිබෙනවා.

අද කොටසේ මුලින්ම කියන්න ඕනෙ ගිය සතියේ ජොනී කරන දේ නිසා කණ්ඩායම දෙකට බෙදෙනවා. ඒ වගේම ජොනී පව්ටර් සමග එකතුවී සමාගම පැරණි නගරයට කරන්න යන දේ ගැන සොයනවා. ඒ වගේම ඩච් ඕලන්ගේ කීම පරිදි අර්ක්‍යන් වෙතට යනවා අනීලා ගැන විස්තර හොයාගෙන. ඒ වගේම සමාගම කුමක්ද පැරණි නගරයට කරන්නේ කියලත් අද දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් අද කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් 9 වැනි කොටසින් හමු වෙමු.
සුබ දවසක්……!!!!!!

Killjoys (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Killjoys.S02E08.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

446 downloadsDownload Killjoys-S02E08.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                              All Episodes                                  Next Episode>>

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

446 downloadsDownload Subtitles36 KB

9 comments

  1. praneeth madu

    ela bn

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Thilinã Nűwań Mălsăra

    බොහොම ස්තූත්යි උපැසිරසියට ..

  4. Udara Damith B\K

    COLONEY tv eke anthima kotas dekata kawru hari sub dendako....

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    තවම පහුගිය කොටස් බලන්න වුනේ නැහැ.
    ඉක්මනටම බලන්න ඕනේ.සබට ස්තුතියි

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති රසිත ප්‍රදීප් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    9 වෙනි කොටසෙන් හමු වෙමු

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. දිලා

    ඊළඟ එපිය කවදද බන් දෙන්නෙ