සුභ දවසක් හැමෝටම! ඔන්න එහෙනම් ක්‍රම ක්‍රමයෙන් අවසානයටත් ලගා වුනා. මම කාලෙකින් බලපු සුපරිම සිරීස් එකක් කියන්න පුළුවන් බය නැතුව. ඔය හැමෝටමත් එහෙම ඇති කියලා හිතනවා. සිරීස් එක ඇවිල්ලා මාසෙකට වැඩියි. සමාවෙන්න ඕන මෙච්චර පරක්කු වුනාට. කාර්‍ය බහුලත්වය නිසා ටිකෙන් ටික මේක පස්සට ගියා. විශේෂයෙන් අපේ බයිස්කෝප්…

සුභ දවසක් හැමෝටම! ඔන්න එහෙනම් ක්‍රම ක්‍රමයෙන් අවසානයටත් ලගා වුනා. මම කාලෙකින් බලපු සුපරිම සිරීස් එකක් කියන්න පුළුවන් බය නැතුව. ඔය හැමෝටමත් එහෙම ඇති කියලා හිතනවා. සිරීස් එක ඇවිල්ලා මාසෙකට වැඩියි. සමාවෙන්න ඕන මෙච්චර පරක්කු වුනාට. කාර්‍ය බහුලත්වය නිසා ටිකෙන් ටික මේක පස්සට ගියා. විශේෂයෙන් අපේ බයිස්කෝප් පවුලේ හෙළිලි අක්කවත්, මලිත් මදුෂාන් අයියවත් මතක් කරන්න ඕන උදව් කලාට. එහෙනම් මෙතෙක් කතාව ගැන කෙටියෙන් බලමු.
පෙර මතකයන්…
මේ ඔක්කම පටන් ගත්තේ හන්යන්ග්වල රජතුමා මිය ගිහිල්ලා ඔහුට පණ දීම සදහා යොදාගත්ත පුනර්ජීවන එහෙම නැත්තම් මලවුන්ට පණ දෙන්න පුලුවන් ශාකයක් නිසා. ඒ ශාකය ලබාදීලා රජතුමාව නැවත පණ ගන්න උත්සහ කරනවා. නමුත් ඒ ශාකයෙන් නැගිටින්නේ රාක්ෂයෙක්, මෘගයෙක්, මස් ලේ පිපාසිත පිසාචයෙක් කෙලින්ම කිව්වොත් සොම්බියෙක්. ඒ රජතුමා තමයි පල්වෙනි ආසාධිතයා. එතනින් පස්සේ මේ වෛරසය රට පුරා පැතිරෙනවා. දහස් ගානක් මිනිස්සු මේකට ගොදුරු වෙනවා. මේ අතරේ රටේ සිහසුන ගන්න උපක්‍රම කරපු කුමාරයාව රාජ්ද්‍රෝහියෙක් විදිහට සලකලා අත් අඩංගුවට ගන්න ක්‍රියාවලියක් සිද්ද වෙනවා. නමුත් කුමාරයා සහ ආරක්ෂකයා මේවගෙන් බේරිගෙන යනවා. රාජ මාලිගාවේ ප්‍රධාන අමාත්‍යවරයගේ කූට සැලසුම් මේ අතරේ ගලාගෙන යනවා. ඔහුට අවශ්‍ය රටේ පාලනය ඔහු අතට ගන්න සහ කුමාරයාව මරලා දාන්න. මෙහෙම යනකොට ද්‍රෝහීකම්, භීෂණයන්, සටන්, යුද්ධ අතරේ ක්‍රම ක්‍රමයෙන් මේවා ගලාගෙන යනවා. හන්යන්ග් වලට පස්සේ ලොකුම නගරය වෙන සොන්ග්-ජූ වල තමයි ගිය කොටස වෙනකොට කුමාරයා ඇතුළු පිරිස හිටියේ. ඒ වගේම රටේ වැඩබලන රජු විදිහට රැජිණියව පත් කරපු නිසත්, ඇය ඇයගේ පියා එහෙම නැත්තම් ප්‍රධාන ඇමතිගේ රූකඩයක් නිසාත් රටේ සියළු පලාත්වල දොරටු මුද්‍රා තබනවා. එක අතකින් වෛරසය වේගයෙන් පැතිරගෙන යනවා.
අද කොටස ගැන ඉගි කිහිපයක් විතරක් මම දෙන්නම්. අද තමා කතාමාලාවේ හොදම කොටස මට හැගුන විදිහට නම්. අපි කවුරුත් දන්නවා මෙ වෙනකොට සොම්බිලා දවල් කලෙට නිද්‍රා වෙනවා. රෑට විතරයි සක්‍රිය වෙන්නේ කියල. ඒත් ඒක බොරු වෙනවා අද කොටසින් එතකොට ඒ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද. ඒ වගේම රැජිණියගේ ලොකුම ලොකු රහසක් අද අපිට දැකගන්න පුලුවන්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. එහෙනම් අරගෙන බලන්නකෝ. බය වෙන්න එපා දෙවැනි සීසන් එකත් මේ අවුරුද්දේ එනවා කියලා නෙට්ෆ්ලික්ස් සමාගම කන්ෆර්ම් කරලා ඉවරයි. එහෙනම් දෙවැනි කතා සමයෙන් හම්බු වෙමු. අදහසක් දක්වගෙන යන්නකෝ එහෙනම්. ජය වේවා….!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
14,725 downloadsDownload Kingdom-S01-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
43 comments
sachintha
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Niranga.lakshitha
Thanks ගොඩක් ......
Dasun
මං බලපු සුපිරිම කොරියන් සීරීස් එක.. මේක ගැන කියන්න වචන මදි.. සබ් දීපු හැමෝටමත් ජයවේවා...
sarangi123
thank you
chamil madushanka
Rampant 2018 movie eke story eke scenes ma thiyenawa neda meke?
thanujamilandi
thank you sub dipu hamotama... dewani kotasa enakam balan innawa... Jaya wewa!! BS!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sadeeshmanuja
Thanks for sub.kathawa nm patta igawa season ekt ikmantama dennaa...
Kulanjana Maduranga
subata thanks
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි..... සුපිරි කොරියන් සීරියස් එකක්...... ජයවේවා..........!!!!!!!!!!
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Chamodvishwantha
Thx bro sub ekata.secret garden ekata sub denda puluwanda?
Eranda Malith 2.0
Thanks mcn
Ramil
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milind@
Thanks saho
Kala karu12
Thanks
Nilush Angana
Sub ekata thanx
samithanilaKSH
The kingdom TV series eka download krnna link ekk denna puluwanda
123sachithra123
elama s2 ekatath aawaama daanndooo
nilusha707
HARIMA LASSANA KATHAWAK....SEASON 2 ENAKAL INNAWA...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) දෙවනි සීසන් එක ආවම ඒකටත් සබ් ගේන්න..
ජය වේවා.!000012
පට්ට බං තෑම්ස්,
Dulan_kavinda
Thanks bro...
Lahiru Shashika
Thanks brother
දේව්
Season 02 එක ඇවිත් .. ඉක්මනින් සබ් එක දෙන්නකෝ...
Sandarunimsara
Sub ekata tnx bro
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි.
සචින්ත කල්හාර බෙනට්
අම්මෝ, පට්ටම කතාවක්. පළවෙනි සීසන් එකම දවසින් බැලුවා. බොහෝම ස්තූතියි සහෝ සබ් කින්ඩම් සබ් කළාට. දෙවෙනි එකත් බලන්නම්. ජය වේවා...!
melinda
kathawa eka digatama balla puluwan niyama kathawak..subtitles okkoma labadunnata siyaludenatama sthuthi....
Dewadithya
Thanks for sub!
lakmal
thanks for the subs
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!
Isuru Ishara
Thank you very much
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
sthuthi
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Ediya
Sub tikata thanks machan. ❤️
Buddhika laKMal
මේකෙ පළවෙනි සීරිස්එකට සබ් ගේන්න මහන්සිවුන හැමෝටම බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය