Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E11] Sinhala Subtitles | ඔබ නැතුව ඔබ එක්ක..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන්න ආපහු අවස්ථාවක් ලැබිල තියෙනව. තුන්වන කතා සමයේ මුල් අදියර ඉවර වෙද්දි මම පොරොන්දුවක් වුණා 3B විකාශය වුණාම උපසිරැසි ලබා දෙන්නම් කියල. මේ තමයි ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම. මේ වෙලවෙත් මුල් කාලීනව මම උපසිරැසිකරණයට ප්‍රවිෂ්ට වෙමින් ඉ…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන්න ආපහු අවස්ථාවක් ලැබිල තියෙනව. තුන්වන කතා සමයේ මුල් අදියර ඉවර වෙද්දි මම පොරොන්දුවක් වුණා 3B විකාශය වුණාම උපසිරැසි ලබා දෙන්නම් කියල. මේ තමයි ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම. මේ වෙලවෙත් මුල් කාලීනව මම උපසිරැසිකරණයට ප්‍රවිෂ්ට වෙමින් ඉඳපු වෙලාවෙ මම ගැන විශ්වාස තියල මේක කරන්න කියල මට බාර දුන්නු සැමී සහ විමා ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ. ඒ වගේම මුල් කතා මාලා දෙකට උපසිරැසි ලබ දුන්නු ලහිරු ප්‍රසාද් සහෝවත් මේ වෙලාවෙ ලෙංගතුව සිහිපත් කරනව. ඉතිං සීසන් 3B විකාශය වෙලා සතියක් ගතවෙන්න ඇවිල්ල තිබුණත් මේ වෙනතෙක් කිසිදු ආකාරයක උපසිරැසියක් අන්තර්ජාලයට මුදාහැරල නැහැ. මේ උපසිරැසිය පවා මම ලබාගත්තෙ PSARips තුළින් ලබාගත්ත HDTV පිටපතකින් වෙන් කරගෙන. මේ කතා මාලාව බලපු ඉතාම අතලොස්සක් දෙනාටත් දැන් කලින් වුණේ මොනවද කියල අමතක ඇති. එහෙනම් ඉතාම කෙටියෙන් ඒවත් මතක් කරගෙන මොකද වෙන්නෙ කියල බලමු.

පසුගිය කතා සමයෙන්..

ඉතිං ශැඩෝහන්ටර්ස් කතා මාලාවෙ තුන්වැනි කතා සමයේදී ඔවුන්ට මෙතෙක් ඔවුන්ට මූණ දෙන්න වුණු දරුණුතම යක්ෂයා එක්ක තමයි කට්ටිය හැප්පුණේ. ඒ තමයි “සියළුම යක්ෂයින්ගේ මව” නැත්තං “ලිලිත්.” කොහොමහරි ලිලිත්ගෙ ඒකායන පරමාර්ථය වෙලා තිබුණෙ, තමන්ගෙ මියගිය පුතා ජොනතන්ට නැවත පණ ලබා දෙන්න. ඒකට ඇයට ක්ලැරීගෙ රුධිරය වගේම වැලන්ටයින්ගේ අස්ථි ඕන වුණා. මේ ඔක්කොම ලබා ගන්න පහසුම ක්‍රමය විදියට ලිලිත් දැක්කෙ “ජේස්ව.” ඉතිං ඇය ජේස්ව බන්ධනය කරගෙන හැම වැඩක්ම කර ගත්ත. මේ අතරෙ සිලී රැජිණ කරපු පූජාකර්මයක් නිසා සයිමන් “දිවාචරයෙක්” වුණා. ඒකෙන් ඔහුට අසීමිත බලයක් ලැබුණ. ඔහුට පහරදෙන්න කිසි කෙනෙකුට බෑ. නළලෙ තියෙන “කේන්ගේ සලකණ” නිසා ඔහු ආරක්ෂා වෙනව. කේන්ගේ සලකුණ ගැන විස්තර හොයාගන්න සයිමන්ට උදව් වෙන්නෙ ජෝර්ඩන්. කොහොමහරි මේ ජෝර්ඩන් සහ මායා අතරෙ හුටපටයක් තිබ්බ මතකනෙ. ඒ නිසා මායා සයිමන්වත් දාල ටවුමෙන් යන්න යනව. මේ ගියාට පස්සෙ රෆායෙල් දිවාචර පරීක්ෂණ කරන්න යොදාගත්ත “හයිඩි” කියන කෙල්ල පැනල ඇවිත් සයිමන් ලව්වා දරුණු වැඩ ටිකක් කරවනව. මතකයිනෙ සයිමන්ගෙ අම්ම ඉස්සරහම ඇය සයිමන්ගෙ සහෝදරී බෙකීගෙ ලේ සයිමන්ට බොන්න සැලැස්සුව. ඔහොම දේවලුත් වුණා. ඒ වගේම “බකමූණා” විදියට ඉඳපු ජේස් ඔලී ඇතුළු පිරිසක් ලිලිත්ගෙ අනුගාමිකයන් කළා. මේ හැමදේකටම විසඳුම විදියට එක විසඳුමක් දැක්ක “මැග්නස්” ඊඩම් වලට ගිහින් තමන්ගෙ පියා “අසමෝඩියස්” එක්ක ගණුදෙනුවකට ඇවිල්ල ජේස්ව බකමූණු බන්ධනයෙන් මුදවා ගන්නව. ඒ මුදවාගැනීම නිසා ඔලී ඇතුළු පිරිසත් බන්ධනයෙන් මිදෙනව. නමුත් ඒකට මැග්නස්ට කැප කරන්න වුණු දේනම් සුළුපටු නෑ. ඔහු ජේස්ව ගලවගන්න ඕන නිසා, ඔහුගේ සියළුම මැජික් බලයන් තමන්ගෙ පියාට ලබා දෙනව. මේ ඔක්කොම අස්සෙ අවසාන මොහොතෙ ක්ලැරීගෙ ඉල්ලීමට සයිමන්, ජොනතන්ට නැවත පණ ලබාදෙන්න සූදානම් කරල තිබුණු පෙට්ටියට පහර දෙනව. මේක දැක්ක ලිලිත් සයිමන්ට පහර දෙනව. නමුත් සයිමන්ගෙ නළලෙ තියෙන සලකුණ නිසා සයිමන්ට හානියක් වුණේ නෑ. නමුත් ඒකෙන් ලිලිත්ගෙ ශරීරය බෝම්බයක් වගේ පුපුරල යනව. මේ පිපිරුම වෙන්නෙ ක්ලැරී සහ ජොනතන් ඉන්න කාමරේ. ඉතිං අපි දැක්ක වගේ පිපිරුම නිසා ජොනතන් හෝ ක්ලැරී බේරුණු බවක් පේන්න තිබුණෙ නෑ.

ඉතිං අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල. මොකුත් කියන්න ඕන නෑනෙ. ක්ලැරී නැති ජීවිතේ කොහොමද එක එක්කෙනාට බලපාල තියෙන්නෙ කියල බලන්නකො එහෙනම්. මේ කතා සමයත් කලින් කතා සමයට සම්බන්ධ නිසා ඉතිං ඒක බලල නැති කෙනෙක් මේක බලනවනම් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා ඒක බලල මෙකත් බලන්න.එහෙනම් ඕං අපි පොරොන්දුව ඉෂ්ට කරන්න පටන් ගත්ත. ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,632 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E11.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,632 downloadsDownload Subtitles27 KB

21 comments

  1. Darshana_dissanayake

    Tq machn .godk asawen blna tv series ekak

  2. lahiru sadaruvan

    thank you so much brother..

  3. Thamira

    Digatama sub onee

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Sahan Sulakkhana

    thankuyi ummmmaaaaaaaaaaa...........................!!!!!!!!!!!

  6. dsdkavishka

    Thenks bro super

  7. nirodha uthpala

    Amboooo thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  8. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

  9. Hasidhuanjana

    Ohoma Karan yanna macho.meka nam super series ekak. Puluwannam thawa. "Assassination Classroom" kiyana Animation series ekatath sub karanna ko. Please machan.

  10. Mr.pamz

    thanks bro
    jaya wewaaaa

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක ඉවර වෙනකම්ම දිගටම සබ් දෙමු....
    මේ Season එක විතරනේ..

  12. Deshani

    thank you

  13. suranuwan

    thanks bro...

  14. Shashi

    උපසිරැසියට ස්තුතියි උදේ.....
    ජය වේවා!

  15. Kulanjana Maduranga

    subata thanks

  16. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Bhathiya gamage

    Thanks

  19. MAALnath

    Thanks .......................good .................luck .

  20. chinthaka.max4

    thankx machan

  21. Sandarunimsara

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.