කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kingdom කතා මාලාවේ දෙවැනි සීසන් එක අරගෙන ආවා. මේ සීරීස් එක කරන්න කියලා මට ආරාධනා කළේ කවීෂල් මල්ලි. බොහොම ස්තූතියි මල්ලි මට මේකට ආරාධනා කළාට. මේ දවස් වල රටේ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් වැඩිය ගමන් බිමන් යන්නෙත් නැහැනේ. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ මේ…

කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kingdom කතා මාලාවේ දෙවැනි සීසන් එක අරගෙන ආවා. මේ සීරීස් එක කරන්න කියලා මට ආරාධනා කළේ කවීෂල් මල්ලි. බොහොම ස්තූතියි මල්ලි මට මේකට ආරාධනා කළාට. මේ දවස් වල රටේ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් වැඩිය ගමන් බිමන් යන්නෙත් නැහැනේ. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ මේ කතාව රසවිඳින්න පුළුවන්.
ඉතින් සීසන් 1 එකෙන් පස්සේ සීසන් 2 එක පටන් ගන්නේ අවුරුදු 3 කට කළින් හක් ජෝ විසින් යම් පැළෑටියකින් මළවුන් අවදි කරන්න පුළුවන්ද කියලා කරන ප්‍රශ්නෙකින්. මේ පැළෑටිය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නවද නැද්ද කියලා ඔවුන් සාකච්ඡා කරනවා. අවසානයේදී ඔවුන් මෙය යොදාගන්න එකඟ වෙලා මළවුන් මරණයෙන් අවදි කරනවා. මේ නිසා බිහි වෙන සොම්බින්ගේ විශේෂ ලක්ෂණයක් තියනවා. මුලදී මේ සොම්බින්ට දහවල් කාලයේ එළියේ ඉන්න බැහැ නමුත් දැන් පුළුවන්. මුලදී ඔවුන් සපා කෑවට වෙනත් අයෙක්ට බෝ වෙන්නේ නැහැ. නමුත් දැන් බෝ වෙනවා.
ඉතින් ඔයාලට ආරාධනා කරනවා කුතුහලයෙන් පිරුණු මේ ත්‍රාසජනක කතා මාලාවත් පළවෙනි කොටස මෙන්ම ආසාවෙන් බලන්න කියලා. මම පළවෙනි උපසිරැසිය විතරයි අරගෙන එන්නේ. ඊළඟ කොටස හෙළිලි අක්කා තමයි කරන්නේ. එහෙනම් ආයෙමත් උපසිරැසියකින් හමුවෙමු. 🙂
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
15,638 downloadsDownload Kingdom-S02-E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
28 comments
Dulika_Chamodya
Anonymous
torrent file eka hoya ganna nahane machan
sachintha
නියමයි අක්කේ මේක දෙනකල් තමයි බලන් හිටියේ....
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අක්කේ උපසිරසියට.. ඒ වගේම විශේෂයෙන් ස්තූතියි අහපු ගමන් මේ කතාමාලවට උපසිරසි කරන්න එකතු උන එකට... ජය වේවා.. ❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Anonymous
මග බලාගෙනම හිටපු සීරීස් එකක්
බොහොම ස්තූතියි අක්කේ උපසිරැසියටIshan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Anonymous
Thanx nangi sub ekata
Sandaru Nimsara
Sub ekata tnx Sis
Madhawalakmina
Thank You Sister
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa...........!!!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarusiru
බොහොම ස්තූතියි
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
Princess' man ekatath sub dendako plz....
සචින්ත කල්හාර බෙනට්
පළවෙනි සීසන් එක බලලා ඉවසන්න බැරුව මේක පීක්වලින්ම බාගෙන බැලුවා. පට්ටම කතාවක්...! බොහොම ස්තූතියි සොනාලි අක්කේ සබ් එකට. ජය වේවා...!
MAALNATH
Thanks ............good luck ..................
melinda
thank you
Dewadithya
Thanks for sub!
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nilush Angana
Sub ekata thanx
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sude Sri Wijesena
Kohomada download karanne kingdom 2 with sub
chinthaka.max4
thanks sis
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Sub ekata !!!!
Anith Epi valatath ikmanata sub denna !