Watch Trailer

The Walking Dead [S09 : E12] Sinhala Subtitles | ආරක්ෂකයෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ආපු දවසෙම මම මාර කට්ටක් කාල ඔන්න මේක බලන කට්ටිය මළවුන් එක්ක සංචාරෙ යවන්න හදන්නෙ. ඉතිං මහලොකුවට විස්තර ලියන්න ඇත්තටම බෑ. දැන් ඉස්සර වගේ දවල්ට නෙවෙයි ඉංග්‍රිසි සබ් පිටපත නිකුත් වෙන්නෙ. අදත් හවස 6ට විතර මේක ආවෙ. ඒ වෙලාවෙ ඉඳල තමයි මේ වෙලාව වෙනකං මේකට සබ කෙටුවෙ. කොහොමහරි ඉතිං ඔන්න පර…

ආයුබෝවන් යාළුවනේ..!

ආපු දවසෙම මම මාර කට්ටක් කාල ඔන්න මේක බලන කට්ටිය මළවුන් එක්ක සංචාරෙ යවන්න හදන්නෙ. ඉතිං මහලොකුවට විස්තර ලියන්න ඇත්තටම බෑ. දැන් ඉස්සර වගේ දවල්ට නෙවෙයි ඉංග්‍රිසි සබ් පිටපත නිකුත් වෙන්නෙ. අදත් හවස 6ට විතර මේක ආවෙ. ඒ වෙලාවෙ ඉඳල තමයි මේ වෙලාව වෙනකං මේකට සබ කෙටුවෙ. කොහොමහරි ඉතිං ඔන්න පරක්කු නොකර වැඩේ කළා. කලින් කොටස ගැන පොඩ්ඩක් කියල අද කොටසක් පොඩ්ඩක් බලමු.

පසුගිය කොටසින්..

ඉතිං ඩැරල් අල්ලගත්ත ලිඩියා කියන කෙල්ල ඇල්ෆා කියල තමුන්ව හඳුන්වා ගන්න මළවුන් එක්ක, මළවුන් වගේ ඇඳගෙන තැන් තැන් වල ඇවිදින කණ්ඩායමක නායිකාවගෙ දුව. ඇය ඇල්ෆා ගැන ගොඩාක් දේවල් හෙළි කළා. ඉතිං මේ ඇල්ෆා තමන්ගෙ දුව බේරගන්න එනව හිල්ටොප් වලට. එන්නෙ හිස් අතින් නෙවෙයි හුවමාරුව කරන්න ඇල්ඩන් සහ ලූක් දෙන්නවත් අරගෙන. මේ අතරෙ අපි දැක්ක හෙන්රි, ලිඩියා අරගෙන ගිහින් කොහෙද හැංගිලා. නමුත් එනිඩ් ගිහින් ආපහු දෙන්නව එක්කගෙන ආව. නමුත් මේ සිද්දිය වෙන අතර ඇල්ෆා ඉන්න තැනට ඇත්තම මළවුන් ටිකක් එනව. ඒ එන්නෙ අඬන බබෙක්ගෙ සද්දයක් ඇහිල. ඇල්ෆා මොන තරම් දරුණුද කියන්න, ඇය කියනව බබාගෙ අම්මට බබාව මළවුන්ට ගොදුරු වෙන්න බිමින් තියන්න කියල. හැබැයි බබාව ගොදුරු වෙන්නෙ නෑ කොනී ඇවිල්ල බබාව බේර ගන්නව. ඊට පස්සෙ ඇල්ෆට එයාගෙ දුව බාර දෙනව. මේ අතරෙ කින්ඩම් වල අය සල්පිලට සූදානම් වෙනව. එසිකීල්ගෙ මෝඩ අදහසකට කට්ටිය ප්‍රොජෙක්ටර් එකක් හෙව්ව මතකයිනෙ. කොහොමහරි ලොකු කට්ටක් කාල ඒ වැඩෙත් කරගත්ත. මේ අස්සෙ තමයි හෙන්රි මහ රෑ හිල්ටොප් වලින් පැනල යන්නෙ ලිඩියා හොයාගෙන. මේක දැනගන්න ඩැරල් යන්න හදනව හෙන්රිව හොයාගෙන. ඔන්න එතකොට තමයි කොනීත් ඩැරල් එක්ක බලහත්කාරෙන් මේ ගමනට එකතු වෙන්නෙ.

අද කොටසින්..

ලිඩියා හිප්ටොප් වලින් බේරගෙන එන ගමන් ඇල්ෆා හිල්ටොප් ගැන ගොඩාක් විස්තර අහනව ලිඩියගෙන්. ලිඩිය තමන් දන්න ඒවට උත්තර දෙනව. ඉතිං හිල්ටොප් වලින් පැනල ගියපු හෙන්රි මේ අල්ලපනල්ලෙ ඇල්ෆගෙ අතටම අහු වෙනව. මේ අතරෙ මිශෝන් යටතේ තියෙන ඇලෙක්සැන්ඩ්‍රියාව ඇතුළෙත් අභ්‍යන්තර පරිපාලන ගැටළු හටගෙන තියෙන්නෙ. වැඩේ කියන්නෙ මේ ඔක්කොම නීගන් දන්නව. ආහ්.. නීගන් ගැන කිව්වම පැනල ගියපු නීගන් ගිය පයින් ඔන්න ආපහු ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇවිල්ල. කොහොමහරි මිශෝන් බලනව නීගන් කොහොමද මේ විස්තර ඔක්කොම දන්නෙ කියල. ඉතිං හොරේ අතටම අහු වෙනව. මේ අතරෙ ලිඩියා ලබාගන්න ගිහින් ඇල්ෆා තමන්ගෙම ප්‍රතිපත්ති කඩ කරනව. මේක ඇගේ රැළේ ප්‍රශ්න කිරීමට ලක් වෙනව. බලන්නකො ඒකාධිපතියෙක්ගෙන් ප්‍රශ්න කරන එක මොනවගේ ඉරණමක්ට ගොදුරු වීමක්ද කියල. වැදගත්ම දේ ඒක නෙවෙයි, අද අවසාන විනාඩි කීපයේ වෙන දේ. එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.

11,218 downloadsDownload The-Walking-Dead-S09-E12.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,218 downloadsDownload Subtitles24 KB

45 comments

  1. kdelshan

    thanks blgna hitiya

  2. manjularathayake

    Thankzzzzz machooooo...

  3. dulitha hashan

    Thankz Thankz Sub ekata... Sub eka enakammai Hitiye.. Digatama karamu. jaya weewa

  4. Sanath Indika

    THX BROO

  5. New day

    සුපිරි මචං

  6. C.R.Jayalath

    Thanks for sub

  7. sinhalasub

    THX mcn...

  8. dil_shan

    tnz bro sub ekata

  9. Nuwandika Dil

    Elama kollo

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  11. Nadeesha rox alahakoon

    Tnx bro. Meke suba denakan hitiye.

  12. 100

    Sub eakata thanks

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. sachin a.

    THNKZZ...SUB EKATA BRO....

  15. gagulinu

    Thanks

  16. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  17. Banukaisuru

    Thanks brother

  18. Ayesh Prashan

    Thank You

  19. Asela Indrajith

    බොහොම ස්තූතියි.

  20. kavindaru

    thanks saho...

  21. Kulanjana Maduranga

    subata thanks

  22. sandha1218

    thanks bro...

  23. suranuwan

    thanks bro..

  24. dhanuk heshan

    tnx bro

  25. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  26. Marline

    පරක්කුයි බන් sub එක, ඒත් වැඩේ හොඳයි

    1. උදයංග සම්පත් හතරසිංහ

      කොහෙද යකෝ පරක්කු. ඕක ආපු දවසෙ රෑමයි දුන්නෙ. මගුලක් කියනව ඉතිං..

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  29. chamithvimantha

    thanx 3>

  30. SihanSithara

    thankz bro

  31. wajira

    Thanks for sub

  32. randeera madusanka

    thanks bro

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  35. Shehan putha

    thanks

  36. honda

    Video eka download karanna web site eka

  37. chamithvimantha

    13 awilla ekatath puluwannam ikmanata denna aaaa

  38. Randiv

    13 oneeeeeeee

  39. chandikaranaweera

    thanks bro godak pin mewa api wenuwen katta kala denawata 13 ikmanata denna balanna

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  41. Nimasha_set

    Thanx udayanga aiya.....all the best

  42. sasindu kavish

    Niyamai bro

  43. Sajithlakshan

    thanks ................

  44. Pramukmili

    Thanxx bro......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.