හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ දෙවන කොටසයි. ගිය සතියේ චාමර සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය කියෙව්වනම් දන්නවා ඇතිනේ මේ කතා මාලවේ මුලික තේමාව මොකක්ද කියලා. නොකියවපු අය ඒක කියවලාම මේක බලන්න පටන් ගත්තොත් හොඳයි. වැඩිය කතා ඕනේ නෑ. අපි ගිය සතියේ කොටස දෙසට හැරෙමු. පසුගිය සතියෙන්… ක…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ දෙවන කොටසයි. ගිය සතියේ චාමර සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය කියෙව්වනම් දන්නවා ඇතිනේ මේ කතා මාලවේ මුලික තේමාව මොකක්ද කියලා. නොකියවපු අය ඒක කියවලාම මේක බලන්න පටන් ගත්තොත් හොඳයි. වැඩිය කතා ඕනේ නෑ. අපි ගිය සතියේ කොටස දෙසට හැරෙමු.
පසුගිය සතියෙන්…
කතාව පටන් ගන්නෙම වැල් එල්ගේ,එහෙම නැත්තම් කතා නායකයා වන සෙග් එල්ගේ සීයාව රාජද්‍රෝහී වරදට මරණ දණ්ඩනයට නියම කරන අවස්ථාවෙන්. මේත් සමගම එල් වංශයේ සියලු තානාන්තර,නම්බුව ,ගෞරවය නැති වෙලා යනවා. කාලයක් ගත වුනාම තරුණයෙක් වෙන සෙග් එල් සල්ලිවලට ගහගන්න කෙනෙක් වෙලයි ඉන්නේ. ඒ ඔහුට ඇඩම් ස්ට්‍රේන්ජ් නම් පෘථිවි වාසියා මුණ ගැසෙනකම් පමණයි. ඒ හමුවෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඇඩම් සෙග් එල්ට පවසන්නේ අනාගතයෙන් පැමිණෙන බ්‍රේනියැක් නම් සතුරා ක්‍රිප්ටෝන් ග්‍රහ ලෝකය විනාශ කලොත් එහි බලපෑම පෘතුවියටත් ඉතා දරුණුව බලපාන බවයි. එම නිසා ඔහුව නැවත්වීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සන්ස්ටෝන් එකක් ලබා දෙන්නේ බලකොටුවට ඇති යතුර එය ලෙස පවසමින්. නමුත් මේ සන්ස්ටෝන් එක දකින සෙග්ගේ දෙමාපියන් එය ඔහුගෙන් ලබා ගන්නවා. මන්ද සෙග් නොදන්නා කතාවක් ඔවුන් දන්නා නිසා. හැබැයි සෙග් හොරා වගේ ඒක ආයෙත් හොරකම් කරනවා. මේ අතරවාරයේ රාඕ හෙවත් ක්‍රිප්ටෝන්හි අධිපතියා ඝාතනය කිරීමේ තැත සෙග් විසින් වලක්වන නිසා මහේස්ත්‍රාත්වරයා ඔහුට නැවත තානාන්තර ලබා දීමට එකඟ වෙනවා. ඒ ඔහුගේ වෙක්ස් නම් නමයි. එමෙන්ම ඔහුගේ දියනින් හා එක් වීමට ඔහු අවසර ලබා දෙනවා. හැබැයි මේ වෙද්දීත් සෙග් සෝඩ් වංශයේ ලයිටා සෝඩ් එක්ක ආදරයෙන් බැඳිලා හමාරයි. කෙසේ හෝ දිනක් රාත්‍රියේ මාවතක ගමන් කරමින් සිටින සෙග්ව අල්වා ගැනීමට හමුදා සෙබළුන් පැමිණෙන මොහාතේ ඔහුගේ සහයට එන්නේ ඔහුගේ මවයි. පැහැරගත් යානයකින් පැමිණෙන ඇය සෙග්ව පිටස්තර භූමියක පිහිටි බලකොටුව කරා රැගෙන ගොස් ඔහුට සත්‍ය පවසනවා. අවාසනාවකට යානය හඹා එන හමුදා සෙබළුන් සෙග්ගේ මව අල්වා ගනු ලබනවා. ඇය පිලිබදව විනිශ්චය කිරීමේ දී ඇය සමග සිටි අනිත් පුද්ගලයා ගැන විමසා සිටින විට සෙග්ගේ පියා තම පුතාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇය සමග සිටියේ තමන් බව ප්‍රකාශකර සිටිනවා. මෙහි දී සිද්ධ වුන ආරාවුලක දී ජෙයිනා සෝඩ් විසින් සෙග්ගේ දෙමාපියන් දෙපලම මරා දමනවා. මේ සියල්ල අවසානයේ සෙග් නැවත වරක් තම සීයාගේ බලකොටුව බලා යනවා. එහි දී නැවත වරක් ඇඩම් මුණ ගැසෙන සෙග්ට තම මුණුබුරාගේ කබාය දක්නට ලැබෙනවා. කබාය ක්ෂය වූ විට කාලයද අවසන් වන බව පවසන ඇඩම් එය වීමට පෙර ක්‍රිප්ටෝන් බේරාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මේ සතියෙන්…
බ්‍රේනියැක් ගැන වැඩීමක් දේ ඇඩම් සෙග් හට පවසා සිටිනවා. නමුත් සෙග්ගේ හිතේ කැකෑරෙන්නේ තමන්ගේ දෙමාපියන්ට කළ දේ පලිය ගැනීමේ කෝපයයි. මේ අවස්ථාවේ ඇඩම් සේග්ට නැවත නැවතත් පැහැදිලි කරන්නේ මුලික දේ මේ සතුරා පරාජය කිරීම මිසක පුද්ගලික කරණා ගැන සැලකිල්ලක් දැක්වීම ගැන නොවන බවයි. එසේනම් සෙග් කුමක් කරාවිද? තමන්ගේ දෙමාපියන් ඝාතනයේ පලිය ගනීවිද? ඇඩම් කී දේ පිළිගෙන ඔහු හා එක්ව සතුරා පරාජය කිරීමට සුදානම් වේවිද?
ගිය සතියේ කොට්සාටනම් හොඳ ප්‍රතිචාරයක් ලැබුනා. ගොඩක් දෙනෙක් භාගත කරගෙන තිබුනා. ඉතින් පුළුවන් හැමෝම මේ කොටස භාගත කරන ගමන් අඩුපාඩු එහෙම තියෙනවනම් ඒවා හරිගස්ස්වන මෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඇරෝ කතා මාලාවෙන් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
46 comments
විමා
දිල්ශාන් සචින්ත
පට්ට බන්
S.K. Ruchiranga
supiri storyak ..sub ekta thz
dsdkavishka
Fattama saho, thenks
TharakaWAS
Thanks bro..
Hirunaprabodha
ස්තූතියි සහෝ .. ඔබට ජය
geeganagamage
බොහෝම ස්තුතියි දෙනකම් බලාගෙන හිට්යේ සුපිරි වෙනස්ම කථාවක් නියමයි .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ashan Maduranga
thanks for the sub liyo brother keep it up and good luck
Nuwandika Dil
Ela
Nilush Angana
Sub ekata thanx
sachintha
Sub ekata thanks sahoo
JayaNaveen Rangana
Sub1 Thanks......................
එල්.සී. දමැල්
Thanks Bro
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Isaac
Supiri aiya me series eknm. Sub eka denwata thank you very much...
oshanda
niyama kathawak..digatama yamu ..thanks sahoo
Maliduasanka11
Thnx
prcsb
ela…………thnx sub 1 brooooooooooo……
praveen bagya
aiyandee mama patta wahawatuna kathawata ,man hithanne krypton series aka loku wenasak karai dc lage tv series galayama..further thanks for sub.. and keep it up jaya weewa aiyee............................................................................
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....පට්ට වගේ කතාව.....kelumchathuranga
thanks
rasangarasanga7
සබට තුතී ❤️
පපුවට අත තියලා පරක්කු හින්දා මතක් කරම්නේ
Deception සබ් එක ටිකක් පරක්කුයි වගේ නේKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Amila_Max
Thanx bro!
Dulzz
Thank you bro!!
sudesh nimantha
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Thanks
HgGHSalinda
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Priyankaharshana
Thanks yaluwa
Nilupul Madukapriya Perera
බොහොම ස්තුතියි ලියො..
සබත් සුපිරි කතාවත් එල.❤ ..
බ්‍රේනියැක් එනවා කියන්නෙ හොද ගේමක් තියෙයි..
ඊළග කොටහෙන් හම්බ වෙමු.Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
macrocomlk
Thanks Brother Sub Ekata.....!!
#MaduHirunika97
ස්තූතියි බ්‍රෝ
isurulk
thanks
Chameen Vimukthi Hendahewa
Thanks bro
ගයාන් ද සේරම්
thanks.
100
Sub eakata thanx
sasala
thanks
Tharu
Tnq
wajira
thanks for sub
Tharindu07
Thanks Machooo.......!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සුපිරි හොඳේ
ඇරෝ ෆ්ලෑෂ් ගැට්ට කඩමු :D
සබට තුති ආ මෙන්න ගන්නෝ
සබ දෙනකම් උන්නේ