හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ පස්වන කොටසයි. පසුගිය සතියෙන්…. රෑන්ක්ලස් මෙහෙයුම අසාර්ථක වීම හා රෑන්ක්ලස් මිනිසුන්ගේ ඇති වුන ප්‍රතිචාරයට පිළිතුරක් ලෙසින් වොයිස් ඔෆ් රාඕ ඉහල නිලයක සිටින කෙනෙක්ට එහි වරද පටවා දඬුවම් කරන ලෙස ඩැරන් වෙක්ස්හට නියෝග කර සිටිනවා. ඒ අනුව ක…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ පස්වන කොටසයි.
පසුගිය සතියෙන්….
රෑන්ක්ලස් මෙහෙයුම අසාර්ථක වීම හා රෑන්ක්ලස් මිනිසුන්ගේ ඇති වුන ප්‍රතිචාරයට පිළිතුරක් ලෙසින් වොයිස් ඔෆ් රාඕ ඉහල නිලයක සිටින කෙනෙක්ට එහි වරද පටවා දඬුවම් කරන ලෙස ඩැරන් වෙක්ස්හට නියෝග කර සිටිනවා. ඒ අනුව ක්‍රියාත්ම වෙන ඔහු ලයිටා සෝඩ් මෙහි වගඋත්තර කාරිය ලෙස සිරබාරයට ගෙන ඇයට රාජද්‍රෝහී චෝදනා එක්ක කර සිටිනවා. මෙය දැනගන්නා සෙග් ඇයව බේරාදෙන ලෙස නයිසාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව නයිසා මේ පිළිබඳව සොයා බලා ලයිටා යනු නිවැරදිකාරියක් බව දැනගෙන තමන්ගේ පියාගෙන් ඇයව සිරබාරයට ගැනීමට හේතු කාරනා විමසා සිටිනවා. හේතු කාරනා දැනගත් පසු නයිසා පවසන්නේ යම් හෙයකින් ලයිටාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත්,ජෙයිනාගේ සහය තමන්ට නැතිව යන බවයි. ජෙයිනාගේ සහය නැතිව වොයිස් ඔෆ් රාඕ පරාජය කර බලය ලබා ගත නොහැකි නිසාවෙන් නයිසා ජෙයිනාට කොන්දේසි සහිතව සහය දැක්වීමට කල්පනා කරනවා. ඒ ජෙයිනා තමන්ගේ සහය තමන්ගේ පියාට ලබා දෙන්න පොරොන්දු වුවහොත් ලයිටාව මරණ දණ්ඩනයෙන් ගලවා දෙන බවටයි. මේ අතර වාරයේ වොයිස් ඔෆ් රාඕ විසින් නෝවා සයිකල් නම් උත්සවය සිද්ධ කරන්නේ රෑන්ක්ලස්වරුන් අතරයි. මිය ගිය තම මව වෙනුවෙන් මේ උත්සවයට යන ඕනා එහි දී වොයිස්හට රාඕගේ පිළිරුවක් ලබා දෙනවා. මේ අවස්ථාවේ දී කෙම් පැවසු දේ අසා සිටින වොයිස් ඕනාව තම ගෝලයෙක් කර ගන්නවා. මේ අතර සෙග්ව පැහැර ගන්නා එක්තරා පිරිසක් බ්‍රේනියැක් පරාජය කිරීම සඳහා සෙග්ගේ සහය තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.නමුත් එතනින් පැන ගැනීමට සෙග් සමත් වුනා.අවසාන වශයෙන් දක්කනට ලැබුනේ ඕනා ලබා දුන් රාඕගේ පිළිමය ඇතුලේ සිටි සෙන්ට්‍රි වොයිස්ව තම ධාරකයා කර ගන්නා හැටියි.
මේ සතියෙන්…
තමන් පැහැර ගත් පිරිසෙන් පැනගත් සෙග් බලකොටුව බලා ගමන් කරන විට මඟ දී එක්තරා කාන්තාවක් මුණ ගැසෙනවා. ඇයද සිරකාරියක් බව වටහා ගන්න සෙග් ඇය සමග එතනින් පලා යනවා. මේ අතර වාරයේ රාජද්‍රෝහී චෝදනා ලබා සිටි ලයිටා හට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා, එසේනම් සේග්ට හමුවන කාන්තාව කවුද? තම පවුල වෙනුවෙන් ජෙයිනා සෝඩ් වංශයේ ගෞරවය පාවා දෙවි ද? සෙග්ව පැහැර ගත් ඒ පුද්ගලයා කවුද? සෝඩ් වංශය ගැන කියවෙන මේ කොටස රස විඳින අතරම ඉහල ප්‍රශ්න ටිකත් විසඳ ගන්න අද කොටසින් හැමෝටම අවස්තාව ලැබෙනවා.
මේ වෙනකම් කතාව බලපු අයට ක්‍රිප්ටෝන්හි වංශ ගැන දැනුමක් ඇති කියලා හිතනවා. පලවෙනි ලිපියෙනුත් අපේ චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කලානේ. ඉතින් කතාව බලන අයට පොඩි ප්‍රශ්නයක් ඇති වොයිස් ඔෆ් රාඕ කියන්නේ කවුද කියන එක ගැන .මොකද තාම හරියට මෙයාගේ මුණ පෙන්නුවේ නෑ. වොයිස් ඔෆ් රාඕ කියන්නේ ඇත්තෙන්ම නමක් නෙවෙයි. තනතුරක්. එහෙම නැත්තම් ක්‍රිප්ටෝන්හි දෙවියන් වන රාඕ නියෝජනය කරන කෙනා තමා මේ නාමයෙන් හඳුන් වන්නේ. උපසිරසේ වොයිස් ඔෆ් රාඕ කියලා එහෙම්ම තිබ්බේ ඒ නිසයි. ඒ වගේම මේ කතාවේ යම් වංශයකට අයත් නොවන,නම්බු නාම නැති, පහත ගණයේ අය හඳුන්වන නම තමා රෑන්ක්ලස් කියන්නේ. උපසිරසේ ඒකත් ඒ විදියටම තියලා තියෙන්නේ ඒ නිසයි.
එසේනම් මේ සමුගන්න අවස්තාව.හෙට දිනයේ දී ඇරෝ කතා මාලාවේ පසුගිය සතියේ කොටසින් මුණ ගැසෙමු එසේනම්.
~ජය ශ්‍රී~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,693 downloadsDownload Krypton-S01-E05.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
32 comments
Ashan Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ද සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුlakmal16304
Ela budu saranayi
naughty
සිංහල උපසිරැසියට ස්තූතියි
Mr.pamz
Thank you bro..........
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
Amal_indika
thank you bro fatta
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...ජයවේවා............!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උදයංග සම්පත් හතරසිංහ
උපසිරැසියට ස්තූතියි සහෝ
darshana100
thanks a lot machan
S.K. Ruchiranga
thzz brother
podda
thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කතාව එන්න එන්න පට්ට වෙනවා....TharakaWAS
Thanks bro..
Chathura Abesiriwardhana
ජය ශ්‍රී
HgGHSalinda
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Thilina Chamara
thank you
Avishka Shyaman
thanks bro
tasheela
Krypton ep6 sub eka tawama nadda hoyaganna bahne..........
Tharu
tnq
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
nishannw
Elaz mcn thank u
wenuralakmal
DOwnload wenne nane
wajira
thanks for sub
Tharindu07
Thanks Machooo.......!!!!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Krypton [S01 : E05] Sinhala Subtitles | සෝඩ් වංශය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Krypton-syfy-1.2.jpg)




bohoma thank you liyo saho keep it up good luck baiscope set ekatama jaya wewa