මේ හැමදේම පටන්ගත්තේ මෙතනින්… .. 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා…

මේ හැමදේම පටන්ගත්තේ මෙතනින්… ..
10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ පහර දීමෙන් ඔහු මිය යාමත් එක්ක.මේ සිදුවීමෙන් පස්සේ එස්තර් එයාගේ මායාව පාවිච්චි කරලා මයිකල් ඇතුළු එයාගේ පවුලේ හැම කෙනෙක්වම වැම්පයර්ලා බවට පත් කරනවා. නිකන්ම නිකන් වැම්පයර්ලා නෙවෙයි මේ අය තමයි මුල්ම, බලගතු වැම්පයර් වර්ගයා වුණේ. මේ නිසාමයි මේ මයිකල්සන් පවුලේ ඕනෙම කෙනෙක්ට ඔරිජිනල් කෙනෙක් කියලා කියන්නේ. පවුලේ වැඩිමලා ෆ්‍රේයා මයිකල්සන්, ඊලගට තමයි එලයිජා මයිකල්සන්, රෙබෙකා බයිකල්සන්, ක්ලවුස් මයිකල්සන්, ෆින් මයිකල්සන්, කෝල් මයික්ල්සන් ඔය විදිහට තමයි මයිකල්සන් පවුලේ පුරුක ගාලා යන්නේ. නමුත් ක්ලවුස් විශේෂිත කෙනෙක් වුණා. මොකද ක්ලවුස්ගේ අම්මා එස්තර් වුණා එයාගේ තාත්තා වුණේ ඇන්සෙල් කියන වෙයවුල්ෆ් කෙනෙක්. මේ නිසා මයිකල් ක්ලවුස්ට හුගක් අඩම්තේට්ටම් කලා ඔහු අවජාතකයෙක් කියලා.ක්ලවුස් විශේෂයි කිව්වනේ. එයා විශේෂ වෙන්නේ මොකද එයා හයිබ්‍රිඩ් කෙනෙක්. ඒ කිව්වේ වෙයවුල්ෆ් + වැම්පයර් = හයිබ්‍රිඩ්. මේ පවුලේ අනික් අයට මායා බලය පිහිටුවත් කිසිම කෙනෙක් හයිබ්‍රිඩ් කෙනෙක් නම් වුණේ නැහැ. තමන්ගේ දරුවන් වැම්පයර්ලා වෙලා ලේ බිබී මිනිස්සු මරන්න ගත්තම මයිකල්ට ඒ අයව දැක්කේ මෘගයෝ හැටියට. මේ අතරවාරේ එස්තර් මිය යනවා. මේකට වරද පටවන්නේ මයිකල්ට. නමුත් ඇත්තටම එස්තර්ව මරලා දැම්මේ ක්ලවුස්. මේ ගැන හුග කාලයක් යනකන් කිසිම කෙනෙක් දැනගන්නේ නැහැ. රෙබෙකා, ක්ලවුස් හා එලයිජා එස්තර්ගේ මිනීවල උඩ ඉදගෙන එකිනෙකාට පොරොන්දු වෙනවා “සැමවිටම හා සදහටම” කියලා. පස්සේ කාලෙක මයිකල් මේ අයව දඩයම් කරලා මරලා දාන්න පස්සෙන් පන්නන නිසා මේ අය හැමදමාත් පැනලා ගියපු තමයි කලේ. මොකද වෙන කිසිම විකල්පයක් මේ අයට ඉතිරි නොවුන හන්දා. පළමු නගරය වෙච්චි නිව් ඔර්ලින් තමන් කැමති විදිහට නිර්මාණය වෙන්න හැරලා පාලනය තමන් අතට අරන් නිව් ඔර්ලින් තමාගේ අතවැසියා වෙච්චි මාසෙල් නොහොත් මාසෙලස්ට බාර දීලා ක්ලවුස් මිස්ටික් ෆෝල්ස් වලට යනවා.සහෝදර සහෝදරියෝ අතරේ එකමුතුව නැති වෙලා එකිනෙකා විරසක වීමත් එක්ක ක්ලවුස් හැම කෙනෙක්ගේම පපුව කිනිස්සක් බස්සලා මිනි පෙට්ටියක තැම්පත් කරලා දානවා. එලයිජාව හැර. ක්ලවුස් මිස්ටික් ෆෝල්ස් යන්නේ ලොකු අරමුණක් ඉෂ්ට කරගන්න. එයාට දැනගන්න ලැබෙනවා එයා අවුරුදු ගානාකට කලින් දැනන් හිටිය කැතරින් පියර්ස් වගේ තවත් කෙනෙක් වර්තමානේ ජීවත් වෙනවා කියලා. ඒ කිව්වේ ද්ව්ත්වකායක්. එයාගේ නම එලේනා ගිල්බර්ට්. ඔන්න ඔතන ඉදන් තමයි අපිට වැම්පයර් ඩයරිස් හා ඔරිජිනල්ස් සම්බන්ධ වෙන මුල් තැන. ඒ කිව්වේ වැම්පයර් ඩයිරිස් දෙවන කතාමාලාව. ක්ලවුස්ට ඕනේ කරන්නේ මේ එලේනා (මනුස්සයකේ නමුත් ද්ව්ත්වකායක්.), තවත් ගැහැණු වැම්පයර් කෙනෙක් හා තවත් සාමාන්‍ය ගැහැණු කෙනෙක්ව අරන් ඇවිල්ලා මයාකාරියක් ලවා අවශ්‍ය මායාකර්ම කරලා මේ තුන්දෙනා මැරෙනකන්ම ඒ අයගේ ලේ බොන්න. එහෙම කරන්නේ එයාට ඕනේ කරනවා එයාගේ ලේ වලින් වෙයවුල්ෆ්ලට එයාගේ ලේ දීලා තවත් හයිබ්‍රිඩ්ලා හදන්න. නමුත් සැලසුම් අසාර්ථක වීමත් එක්ක එයා ආපහු නිව් ඔර්ලින් එනවා. නමුත් මිස්ටික් ෆෝල්ස්වල ඉන්න අතරවාරේ එයා එක්ක හිටිය හෙයිලි මාෂල් කියන වෙයවුල්ෆ් ගැබ් ගන්නවා. ක්ලවුස්ට මේ දේවල් දැනගන්න ලැබෙන්නේ ආයෙමත් නිව් ඔර්ලින් ආවහම. එයා හෙයිලිව ප්‍රතික්ෂේප කරනවා.
පළමු කතාසමය
ක්ලවුස්ගේ තියෙන මාන්නය නිසා හෙයිලිව බාරගන්න මුලදී ප්‍රතික්ෂේප කලානේ. නමුත් ආයෙමත් පස්සේ එයා හෙයිලිව වගේම එයා දරාගෙන ඉන්න දරුවව බාරගන්න කැමති වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ක්ලවුස් නිව් ඔර්ලින් අතහැරලා ගියාට පස්සේ මාසෙල් ටවුම එයාගේ විදිහට හදාගෙන, එයාගේ විදිහට නීති වලින් කරගෙන යනවා. නගරේ ඇතුලේ මායාකාරියන්ට අනවසරෙන් කිසිම මායාවක් කරන්න බැහැ. එහෙම කරලා අහු වුනොත් ඒකට දඩුවම වෙන්නේ මරණය. පස්සේ ක්ලවුස් එයාලා ඉදලා මාසෙල් අල්ලගෙන හිටිය තැන ආයෙමත් අරගන්නවා. දන්නවනේ නිකන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ලොකු සටන් ගොඩක් සිද්ද වෙනවා. ක්ලවුස්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනයන්න ඕනේ නිසා එයා හෙයිලිවත් බාරගන්නවා. මාසෙල් මායාකාරියන්ට නගරේ ඇතුලේ ඉඩ නොදුන්නත් එයා හොර රහසේ දෙව්මැදුරක ලස්සනම ලස්සන මායාකාරියක්ට කන්න බොන්න දීලා බලාගන්නවා. ඇය නමින් ඩවීනා ක්ලෙයාර්.මේ අතරවාරේ හෙයිලි වෙයවුල්ෆ් කෙනෙක් වෙලා ඉද්දි එයාව ඇත්තටම බදින්න හිටිය වෙයවුල්ෆ් කොල්ලා ජැක්සන්වත් හමුවෙනවා. හෙයිලි දරාගෙන ඉන්න දැරුවා තර්ජනයක් හැටියට දකින මායකාරියෝ වගයක් එයාව දරුවව බිල්ලකට තියන්න හදනවා දැරුවා ඉපදුනත් එක්කම. මෙතනදී හෙයිලි මිය ගියත් නැවත ඉපදීමක් සිද්ද වුණා.හෙය්ලිගේ දරුවව බේරගන්න ක්ලවුස්, එලයිජා, ඩවීනා, රෙබෙකා මේ හැමදෙනාම ලොකු සටනක් කරනවා.
දෙවන කතාසමය
හෙයිලිගේ හා ක්ලවුස්ගෙයි දැරුවා එසේ මෙසේ කෙනෙක් වුණේ නැහැ. ඇය ඊට වඩා හුගක් බල සම්පන්න කෙනෙක් හැටියට අපිට දැකගන්න ලැබුණා. නම වුණේ “හෝප් (බලාපොරොත්තුව)” මුල් සීසන් එකේ අවසාන හරියේ එස්තර්ගේ මුවාවෙන් කෝල් හා ෆින් මයිකල්සන් සහෝදර ඩබල කතාවට අවතීර්ණ වීමක් වුණා. ඒ විතරක් නෙවෙයි මයිකල් හා එස්තර් පවා කතාවට අවතීර්ණ වුණා. මයිකල්ව නම් බල්ලෙක් ගානට අරන් ඩවීනා වැඩ ගත්තා මායාබලය පාවිච්චි කරලා. එස්තර් කෝල් හා ෆින් දෙන්නව එයාගේ පැත්තට නම්මගෙන එලයිජාට හා ක්ලවුස්ට විරුද්ධව හුගක් නපුරු වැඩ කලා. මයිකල් ලග තමයි ඔරිජනල් කෙනෙක්ව මරන්න පුළුවන් “ඕක්” ගහේ අත්තක් උලක් විදිහට හදාගත්ත එකම ආයුධය තිබුණේ. මට මුලදී කියන්න බැරි වුණා. මයිකල්ගෙන් බේරිලා පැනයන්න කලින් ක්ලවුස් ඕක් ගහ ගිනි තියලා විනාශ කලා. මේ කොටසේදී තමයි එස්තර්ව මැරුවේ ක්ලවුස් කියලා දැනගන්න ලැබුනෙත්. ඒ විතරක් ඈ හෙයිලි හා ජැක්සන් දෙන්නා ඇත්තටම විවාහ වුණා වෙය්වුල්ෆ්ලා හා වැම්පයර්ලා අතර ඇති කරගන්න ගණුදෙනුවක් හැටියට. ප්‍රධාන හතුරා බවට අවසානයේදී පත්වුණේ එස්තර්ගේ සොයුරිය වන ඩාලීයා.
තෙවන කතාසමය
පෙර කතාසමයේදී ක්ලවුස්ගේ සැලසුම් නිසා හුගක් ප්‍රතිවිපාක ඇතිවුණානෙ. මේ නිසා හෙයිලි ඇතුළු එයාගේ වෘක රංචුව නැවතත් වෘකයෝ බවට පත්වුනා. එයාට මාසේ පුරහද පායනකන් ඉන්න වුණා හෝප්ව බලන්න. ක්ලවුස්ට වචනයකින් හරි උදව් කරන්න හිටිය හැම කෙනෙක්ම එයා එක්ක අමනාප වුණා මේ ඇති කරපු ශාපය නිසා. මේ අතරේ වෘක දඩයම වෙන්න අරන් තිබුණා. මේකට වගකිව යුත්තා වුණේ ලූෂියන් නම් ක්ලවුස් විසින් මිට අවුරුදු ගනණාවකට පෙර වැම්පයර් කෙනෙක් බවට පත් කරපු කෙනෙක්. කතාමාලාව තුල වැඩි හරියක්ම මේකේ තුරන්ගේ චරිතේ මුල් තැන හිටිය එක් අයෙක් හැටියට එයාව නම් කරන්න පුළුවන්. අනික් කෙනා තමයි ඔරෝරා. මේ දෙන්නා එකතු වෙලා මයිකල්සන් පවුලේ හුග දෙනෙක්ව මරලා දැම්මා. ක්ලවුස්ගේ අවසන් ආදරය වෙච්චි කැමිල්වත් මැරිලා ගියා. ක්ලවුස්ගේ ගැති රේඛාව ඩවීනා කඩලා දැම්මා. ඒ නිසාවෙන් තවදුරටත් කිසිම කෙනෙක් ක්ලවුස්ට ගැති වුණේ නැහැ. ෆින් වගේම කෝල් දෙන්නම නැති වුණා. සිරම් එකකින් ලූෂියන් මාරකයක් බවට පත්වුණා. එයාව මරලා දැම්මත් මේ සිරම් එක හදපු වෙලාවේ වින්සන්ට් තවත් එකක් ලග තියාගෙන ඉදලා ඒක මාසෙල්ට දුන්නා ලොකු තර්ජනයක් වෙලා තිබුණු මයිකල්සන්ලගෙන් මිදෙන්න කියලා. මාසෙල්ට ලැබුණු බලය නිසාවෙන් හුගක් ලොකු මාරයක් වුණා. එයා කිසිම කෙනෙක්ට පොඩි හරි අනුකම්පාවක් දැක්වුවේ නැහැ. ක්ලවුස් එයාගේ ජිවිතේ කැප කරලා ෆ්‍රේයා, එලයිජා වගේම රෙබෙකාව ෆ්‍රේයාගේ මායවනේ බේරාගත්තා. හෙයිලි හෝප්වත් අරගෙන ෆ්‍රේයා, එලයිජා වගේම රෙබෙකාව මිනි පෙට්ටි තුනක දාලා කන්ටේනර් එකකින් යන්න ගියා. මාසෙල් ක්ලවුස් එයාගෙම පහල කොටසේ ගල් තියලා බැන්දා. වින්සන්ට්පස්සේ තේරුම් ගත්තා දැන් පත්වෙලා ඉන්න මේ මාසෙල් නම් ලොකු මාරකයක් විතරයි කියලා.
හතරවැනි කතාසමය
පවුලේ අනික් හැමෝවම බේරගන්න කල්වුස් තමන්ගේ ජිවිතේ කැප කරලා ආධාරකයක් උනා. මයිකල්සන් පරපුර එක්ක සටන් වැදිලා ක්ලවුස් මයිකල්සන්ව පරාද කරලා අවුරුදු පහකුත් ගතවෙලා. මේ අතරේ හැමෝගෙම හිත දිනාගෙන, හදවතක් නැතත් ක්‍රැර පාලකයෙක් හැටියට නිව් ඔර්ලින්ස් පාලනය කරන් යන්න මාසෙල්ට හැකියාවක් ලැබුණා. ෆ්‍රේයා, එලයිජා, රෙබෙකා වගේම කෝල් මේ හතරදෙනා ආයෙමත් මුහුණ දීලා හිටිය ඛේදවාචකයෙන් බේරගන්න හෙයිලි ලොකු කැප කිරීමක් කරලා ලොකු වෙහෙසක් දැරුවා. ඉන් පස්සේ මේ කට්ටියම ගියා ක්ලවුස්ව බේරගන්න.මේ වෙද්දී නිව් ඔර්ලින්ස්වල මායකරුවන් අමුතුම විදිහේ සලකුණු තියන්න අරන් කියලා වින්සන්ට් හොයන්න අරන් තිබුණේ. මාසෙල් නිව් ඔර්ලින්ස්වල පාලකයා හැටියට කටයුතු කරද්දී නගරේ ඉන්න මායාකරුවන් අතර සාමයක් ඇති කරලා කිසිම හානියක් නොවෙන්න වග බලාගත්තෙ වින්සන්ට්. මේ කතාසමයෙන් තමයි අපිට හොප්ගේ දෙවැනි ළමා අවධිය දැකගන්න ලැබුණේ. Summer Fontana කියන පුංචි කෙලි පොඩිත්තව. ඒ කතාසමයේ ප්‍රධාන හතුරා වුණේ “හොලොව්” කියන පෞරාණික වගේම හුගක් හැකියාවන් තියෙන කෙනෙක්. එයාට ඕන වුණේ සෑහෙන දෙනෙක්ව බිලි අරන් තමන්ගේ කුසගින්න පුරවගන්න. හොලොව් නොහොත් ඉනාඩු කියන්නේ වෘක පෙළපත් දෙකක විවාහයකින් ඇතිවුනු දරුවෙක්. මේ දරුවට අසීමිත හැකියාවන් තියෙන කෙනෙක් කරන එක ඒ කාලයේ වැඩිමහල් මායාකාරියන් උත්සහ කලත් ඒකෙන් ඇතිවුන ප්‍රතිවිපාක නිසාම තමයි ඇය නපුරක් බවට පත්වෙන්නේ. ඉනාඩුව ඒ කාලයේ මැජික් පොරවකින් මරන මොහොතදී එයා සාප කරලා තියෙන නිසාම තමයි වෘක ශාපයත් පටන් අරන් තියෙන්නේ. ඉතින් තරහ මරහ හැමදේම පැත්තක තියලා මයිකල්සන් පවුලට වගේම මාසෙල්, වින්සන්ට් එහෙම එක්කාසු වෙලා පුංචි කෙල්ල හෝප්ගේ ජිවිතේ බේරගන්න මේ අය සෑහෙන දුෂ්කරතා වලට මුහුණ දීලා හොලොව්ව නවත්තනවා. හැබැයි හොලොව්ට නැවතත් ජිවය ලැබෙන එකෙන් නවත්තන්න නම් හොලොව්ගේ ඇටකටු වෙන වෙනම තියන්න සිද්දවුණා. මේ නිසාම ක්ලවුස්, රෙබෙකා, කෝල් වගේම එලයිජා හතරදෙනාට සිද්දවුණා වෙනවෙනම තමන්ගේ පාරවල්වල යන්න. ෆ්‍රේයා ඒකට විසදුමක් හොයාගන්නකන් තාවකාලික විසදුමක් හැටියට තමයි එහෙම කරන්න වුණේ. රෙබෙකා මාසෙල් එක්ක නිව් යෝ(ර්)ක් වලට ගියා. කෝල් ඩවීනා එක්ක ජිවත් වෙන්න සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ගියා. TVD වල එලාරික් අන්තිම කොටසදී විශේෂිත ළමයින්ට ආරම්භ කරපු පාසලට හෝප්වත් අරන් හෙයිලි මිස්ටික් ෆෝල්ස් යන්න ගියා. එලයිජාගේ මතකය වින්සන්ට් ලවා අයින් කරගැනීමත් එක්ක එලයිජා ප්‍රංශයේ තියෙන බාර් එකක පියානෝ වාදනය කරන්නෙක් හැටියට වැඩ කරනවා. අඩුම තරමේ තමන්ගේම සහෝදරයා වෙච්චි ක්ලවුස් එයා ලගට ඇවිත් ටිප් එකක් දීලා ගියත් ඒ කවුද කියලා අදුර නොගෙන මුකුත් නොදන්න ගානට හිනාවෙලා ඉන්න හැකියාව එයාට ලැබුණා.
මෙවර පස්වැනි කතාසමයෙන්.. . .ඔන්න එහෙනම් අවුරුද්දකට පස්සේ ආයෙමත් මුණගැහෙන්න ආවා ඔරිජිනල්ස් පවුලේ කතාවේ අවසාන කතාසමයත් අරගෙන. කරන්නේ නැහැ කියලා හිතන් හිටියත් කතාවෙයි උපසිරැසිකරණ ජිවිතේ අවසාන කාලෙට ලං වෙලා තියෙන නිසාම මේකත් කරලා දානවා කියලා හිතුවා. කොහෙන් ගියත් මේ අය වැම්පයර් ඩයරීස් කතාමාලාව නම් අතහරින්නෙම නැහැ වගේ. කොහොම එහෙම කරන්නද ඉතින්?! ගිය කතාමාලාවේ එලාරික් ආවා වගේ මෙවර කතාමලාවට වැම්පයර් ඩයරීස්වල කැරොලයින් සම්බන්ධ වෙනවා කියලා කලින් ඉදන්ම දැනුම් දීමක් කරලා තිබුනා. ඒකට හොදම පාරත් වැම්පයර් ඩයරීස් අවසාන කොටසේ අවසාන මිනිත්තු කිහිපය තුල කැරොලින්ට ක්ලවුස්ගෙන් ලැබුණු ලියමනත් එක්ක මේ වතාවේදී වෙන්න යන දේ හොඅටම පැහැදිලි වෙනවා. මොකද ක්ලවුස් කෙලින්ම සදහන් කරලා තිබුණේ කැරොලයින්ව මුණගැහෙන බව. බාගේවිට ඒ ලියමනේ සම්බන්ධෙ මේකෙන් හෙළි කරගන්න හැකියාව ලැබෙයි.
ඒවගේම තමයි මෙවර කතාසමයෙන් හෝප්ගේ තෙවැනි අදියර දැකගන්න ලැබේවි. හෝප් මයිකල්සන්ගේ තරුණ අවධිය සදහා රංගනයෙන් දායක වෙන්නේ Danielle Rose Russell නම් නිළියයි. මෙවර කතාසමයත් කොටස් 13කින් සමන්විතයි වගේම පෙර දැනුම් දීලා තිබුණු විදිහටම මේක තමයි මයිකල්සන්ලගේ කතාවේ අවසාන කතාසමය. අද කොටසේ වෙන්නේ මොනාද කියලා කියනවනම් මේ වතාවේ කතාව ආරම්භ වෙන්නේ වසර හතකට පස්සේ කාලයෙන්. පවුලේ අය බෙදිලා ගිය තැන්වලමයි. ක්ලවුස්ට හිතෙන හිතන අයව මරන්න අරන්. මේ කොටසෙ දැනගන්න ලැබෙන විදිහට නම් එයාට අලුත් ලිස්ට් එකක් තියෙනවා. මම කිව්වනේ වැම්පයර් ඩයරිස්වල කැරොලයින් එනවා කියලා. ඔන්න එහෙනම් එයාවත් අද කොටසින් දැකගන්න හැකියාව ලැබේවි. මේ අතරේ මාසෙල් රෙබෙකාට විවාහ යෝජානාවක් කරනවා. රෙබෙකා ඒකට කැමති වේවිද? කොච්චර උනත් තමන්ගේ සහෝදරයාව අමතක කරන්න බැරි ක්ලවුස් එලයිජාව මුණගැහෙන්න ගිහින් ආපහු හොලොව්ව ඇවිස්සෙන්නත් යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
6,477 downloadsDownload The-Originals-S05E01-1.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
42 comments
T-Originals
Lushan Tharinda
Subata thanks...
T-Originals
thanx bro
Supun Buddika
මේකත් කට්ටිය බලනවා අඩු ඇයි කියලා තමයි අහන්න තියෙන්නේ.
නියම කතාවක්.ෆැමිලි බොන්ඩ් එක ගැන කියවෙන.
එහෙනම් ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.
පුළුවන් විදිහට සබ් එක දෙමු.ජය වේවා !!!
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි චාමරයො උපසිරැසියට,
තවත් ආසාවෙන් බලන කතාවක් තමා ඉතිං ඔරිජිනල්ස් කියන්නෙ. බලමුකො මෙදා පාර මයිකල්සන්ලා මොන නාඩගමක්ද නටන්න යන්නෙ කියලා.
(ඔය මොක්කටත් වැඩිය මම ආසා හෙයිලිව බලාගන්න.)
වැඩිපමාවක් නැතුව උපසිරැසි ටික දෙන්න ලැබෙන්න ඕන.
හරි එහෙනම් ඔන්න උපසිරසිය අරගත්තා,
ජය වෙවා!!!!Udara Damith Dissanayaka
............ස්තුතියි සහෝ උපසිරසියට................
nk1
thanks sub denakanma balan hitiye digata denna season eke sub tika good luck
Madu
plzzzz mach tvd eke sub diyanko..den aurudu ganaka idan illanne machn,plzzzzzzzzzzzz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
supernatural එකෙන් හමු වෙමුRavindu Rukshan
තැන්කූ බලාගෙන හිටපු එකක් සීසන් කම්ප්ලීට් වුණාම බලනව
KGSILVA
හම්මේ සබ් එක කොයි වෙලේ එයිද කියලා බලන් හිටියේ මචන්.බොහොමත් ස්තුතී සබට..දිගටම කරගෙන යමු..ජයෙන් ජයම වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anuruddha Leo
ලිපිය කියවලා මේ සීසන් එකේ ඉඳන් බලන්න පටන් ගන්නවා...
rrandika
Thanks
Bhathiya gamage
thanks
viraj harsha
Thanks bro...oya gemmatama THE VAMPIRE DIARIES
ekatath sub demuko.............plzzzzzzzzxsachintha
Thanks For Sub....
johnnysand
තෑන්ක්ස් මචං සබට..
dil_shan
tnz bn sub ekata. digatama deepan. api mula edalama asawen balana series ekak meka.
tharindu gunarathna
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ටම වැම්පයර් කතාවක්....
හැබැයි ඉවර වෙන එකත් හොදයි දිගට දිගට අදින්නේ නැතිව....Thusitha Jayathilaka
eeellllllllllllaaaaaaaaaaaaaaaa
raviz
Thank you..........!
ආසිරි ප්‍රියන්ත
නැවත්තුවනේ ඒයි, ආයේ බලන්න ඕන ඕන හිතුනත් අමතක වෙනවා අප්පා,
කැරොලයින් එනවලු නෙහ්. හම්මේ ක්ලවුස්ගෙයි කරෝලයින්ගෙයි ලව් එක.
ඉස්සර ප්‍රෝ පික් එකටත් දාන් උන්නා මං.
කැරොලයින් එන නිසා මේ සීසන් එක බලන්නොන.
උඩ මුළු ලිපියම කියෙව්වා නේ, ඒ නිසා කලින් සීසන් ඔහොමම ඇරිච්චාවේ.
තැන්ක්ස් චමු සබට. ඔන්න මාත් සෙට්වෙනවා එහෙනම් ඈ.
ජය වේවා!Dilshan94
thanks bro meke sub eka krnwata.. digtma krmu jaya
MC
thanxx broooo
Recon
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilanDilshan
hammme eeka awillaa..balan hitye thankzz..digatama sub dennaa..
Visal123456
Thankz kollo digatama dapan
Nilupul Madukapriya Perera
බොහොම ස්තුතියි සාමරයෝ සබට..
බලමුකො වෙන් වෙන් උණු කට්ටිය දැන්
මොනවද කරන්නේ කියලා?sandaruwansilva
බෝහොම ...ස්තුතියි සහෝදරයා ......
sandaruwansilva
බෝහොම ...ස්තුතියි සහෝදරයා ......ඔහොම යන්....
shaleen55
thanks saho
AMM
ela bro
suranuwan
thanks....
කෞශල්‍ය දුෂ්‍යාන්
දැනුයි බලන්නේ සාමර.උපසිරසට තුති වේවා.සදා ජය.
Ramindu_Anashka
Thank you very much.....
Milinda Sadaruwan
Thank you bro
Hiran
Thnx mchn
Isurusadaruwan
Tanx mchn
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



adoooooo thanxxxxxxxxxxxxxxxx