Watch Trailer

Krypton [S02 : E03] Sinhala Subtitles | බල අරගල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය. ඉතිං මේ වෙනකොට පේනවනෙ කට්ටිය තැන් තැන් වලට බෙදිල විසිරිලා ඉන්නෙ. ඒ වගේම නිදහස් වෙලා ඉන්න ඩූම්ස්ඩේ ස්කිමර් දෙකකට පහර දෙන හැටිත් අපි දැක්ක. පහුගිය කතාංගයේදි අපි දැක්ක, ඩෲ-සොඩ් නීසව අල්ලගෙන, කෝර්-වෙක්ස් නීසාගෙන් වෙන් කළා. එහෙම කළේ ය…

ආයුබෝවන්…!

මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය. ඉතිං මේ වෙනකොට පේනවනෙ කට්ටිය තැන් තැන් වලට බෙදිල විසිරිලා ඉන්නෙ. ඒ වගේම නිදහස් වෙලා ඉන්න ඩූම්ස්ඩේ ස්කිමර් දෙකකට පහර දෙන හැටිත් අපි දැක්ක. පහුගිය කතාංගයේදි අපි දැක්ක, ඩෲ-සොඩ් නීසව අල්ලගෙන, කෝර්-වෙක්ස් නීසාගෙන් වෙන් කළා. එහෙම කළේ යටි අරමුණක් ඇතුව. නීසා, කෝර්-වෙක්ස් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව සොඩ් හොඳටම දැනගෙන හිටියෙ, ඒ නීසාම තමයි ඩැරන් වෙක්ස් පාවිච්චි කරල නීසව කැරලි භූමියෙන් එළියට ගන්නෙ.කොහොමහරි මේ අතරෙ වැල් ඇතුළු පිරිස යනව වෙග්තෝර් වලට. එහේ ගිහින් කැරැල්ලක් දියත් කිරීම තමයි කට්ටියෙ අරමුණ. මේ අතරෙ අපි දැක්ක ඩෲගෙ රහස් ඔත්තුකාරියක් විදියට නීසව වෙග්තෝර් වලට එව්ව. ඒ වගේම සැපයුම් ගැන රහසකුත් නීසා අරගෙන ආවෙ. මේකත් සොඩ්ගෙ සැලැස්මක්. නීස ඇත්තටම් කාටද වැඩ කරන්නෙ කියන එක තාම පැහැදිලි නෑ. මොකද ඩැරන් වගේම, නීස කියන්නෙත් ලේසි පහසු චරිතයක් නෙවෙයි නිසා. මේ අතරෙ තමයි සෙග්, ඇඩම් දෙන්න, ලෝබෝට අහුවෙන්නෙ. ලෝබෝ හොයන්නෙ බ්‍රෙනියැක්ව. කොහොමහරි සෙග් කියනව එයා බ්‍රෙනියැක්ව මැරුව කියල. එහෙම කරල බ්‍රෙනියැක් මරපු තැනට ලෝබෝව එක්කගෙන යනව. නමුත් එතකොට තමයි වැඩේ පත්තු වෙන්නෙ. බ්‍රැනියැක් දැන් ඉන්නෙ සෙග් ඇතුළෙ. කොහොමහරි ඇඩම් ලෝබෝට වෙඩි තිව්වට, ලෝබෝ මැරෙන්නෙ නෑ. කෑලි ආයෙත් හැදෙනව. බ්‍රෙනියැක් ඉන්නෙ සෙග්ගෙ ඇතුළෙ නිසා සෙග්, ඇඩම්ට කියනව ක්‍රිප්ටොන් වලට යන්න බෑ, එයාව මරල දාන්න කියල. ඔහොමයි දේවල් වුණේ.

අද කතාංගය තනිකරම බලය ලබා අත්පත් කර ගැනීම වටා එතුණු කතාංගයක්. බ්‍රෙනියැක් සෙග් තුළ ඉඳගෙන, සෙග්ගෙ ශරීරය අත්පත් කරගන්න අරගල කරනව. වැල් වෙග්තෝර් වල ඉඳගෙන කැන්ඩෝර් වලට සාමය ගේන්න උත්සාහ කරනව. ඩෲ-සොඩ් කැන්ඩෝර් වල තමන්ගෙ බලය තහවුරු කරගන්න උත්සාහ කරනව. ලෝබෝ බ්‍රැනියැක් මරල තමන්ගෙ පළිය ගන්න උත්සාහ කරනව. මේ ඔක්කොම එක්ක ලෝබෝ මරන්න ක්‍රමයක් තියෙනවද කියල සැක හිතෙන තරම්, ලෝබෝගෙ හැකියාව මොනතරම් ද කියල ඔන්න අද බලාගන්න පුළුවන්. ඒ වගේම නීසා තමන්ගෙ යටිකූට්ටු වැඩ හෙමින් කරගෙන යන හැටිත් හොඳහැටි බලාගන්න පුළුවන් වෙයි. තව විස්තර කියන්නෙ නෑ. බලය බෙදාගන්න කට්ටිය දත කන හැටි එහෙනම් බලන්නකො. ඊලඟ සතියෙ කතාංගය හසායිය අරගෙන එයි. මම ආයෙත් එන්නෙ පස්වෙනි කතාංගය අරගෙන. එහෙනම් ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

3,908 downloadsDownload Krypton-S02-E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,908 downloadsDownload Subtitles29 KB

14 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජයවේවා!!!

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

    1. Kosala116

      Thanks Bro

  4. Ayesh Prashan

    Thank You

  5. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  6. Sdilshan

    thankz boo

  7. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks for the sinhala sub!

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...!

  9. wajira

    Thanks for sub

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  12. MAALnath

    Thanks ................good luck ...................

  13. chinthaka.max4

    thankx machan