ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 21 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම. මතකනෙ පහුගිය කොටසෙදි සෙවණැලි ගණනය ග්‍රන්ථයෙ තවත් පිටපතක් ගැන දැනගන්න…
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 21 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.
මතකනෙ පහුගිය කොටසෙදි සෙවණැලි ගණනය ග්‍රන්ථයෙ තවත් පිටපතක් ගැන දැනගන්න සෙඩ්, රිචඩ් සහ කෙයිලන් සමඟ බ්‍රයමොන්ට් වලට යනවා. බ්‍රයමොන්ට් වල පුස්තකාලයෙ පාලිකාව ලිවියා සතුව තිබෙන ලියවිල්ලක තමා මේ ග්‍රන්ථය තිබෙන තැන ගැන සඳහන් වෙන්නෙ. ඒත් මේ ලියවිල්ල තේරුම්ගන්න ඇයටත් හැකියාවක් ලැබිලා නෑ. පුස්තකාලාධිපතිනිය මේ ලියවිල්ල කියවා තේරුම්ගන්න උත්සහ කරමින් ඉන්නැද්දි ඔත්තුකාරයෙක් මගින් මේ ගැන දැනගන්න ඩාර්කන් රහ්ල් සෙබලුන් සමඟ තමන්ම පැමිණෙනවා ග්‍රන්ථය ලබාගන්න. ජේම්ස් කියන්නෙ ලිවියා ගැන අදහසක් හිතෙ තියාගෙන ඉන්න චිත්‍රශිල්පියෙක්. මෙයත් පුස්තකාලයෙන් හොයාගන්න පොතකින් අරුම පුදුම මායාමය චිත්‍රයක් නිර්මාණය කරනවා. ඒ තමා චිත්‍රයක් තුල ලෝකයක් නිර්මාණය කරන්න හැකි මායාවක්. මෙයා අඳින සියළුම වස්තු ඒ චිත්‍රය තුලට යනවා. මුලින්ම ලිවියාගෙ පුතා එයිඩන් ඊට පස්සෙ ලිවියා ව ඔහු චිත්‍රයට ඇතුල් කරන්නෙ ආරක්ෂා කරන්න. ඊට පස්සෙ පුස්තකාලයත් ඇතුල් කරනවා ඒ වෙනකොට ඒ තුල ඉන්න ඩහරානුවො සහ අදෘශ්‍යමානව ඉන්න සෙඩ් එක්කම. මේ චිත්‍රය තුල ලෝකයෙ මායාවන්
නිෂ්ක්‍රීයයි.ඉතින් සෙඩ් අහුවෙනවා. මේ අයව බේරගන්න සීකර් යනවා චිත්‍රය තුලට.කෙයිලන්වත් චිත්‍රය තුලට යවන ජේම්ස් හදන්නෙ තමන් නිර්මාණය කල ලෝකයෙ මෙයාලව සදහටම තියාගන්න. ඒත් ඩාර්කන් රහ්ල් චිත්‍රය හොයාගෙන ගිනිබත් කරනවා. අන්තිම මොහොතෙ පුස්තකාලයත් එක්කම සියළු දෙනාවම චිත්‍රයෙන් පිට කරන ජේම්ස් මියයනවා. සීකර් ඇතුළු පිරිස ලියවිල්ල කියවලා සෙවණැලි ගණනය ග්‍රන්ථය හොයාගන්නවා. එහි සඳහන් වෙනවා සීකර්ට රහ්ල් පරාජය කල හැකි එකම ක්‍රමය නම් ඕර්ඩන් බලය ලබා ගැනීම බව.
ඉතින් අද කොටසෙදි රිචඩ්, සෙඩ් සහ කෙයිලන් යන්නෙ ඉතුරු ඕර්ඩන් පෙට්ටි දෙක ලබාගන්න. මතක ඇතිනෙ ඒ දෙක ආරක්ෂා කරන්න බාර දුන්නෙ රිචඩ්ගෙ නංගි ජෙන්සන්ට. හැබැයි රිචඩ්ට කලින් ඩහරානුවො ජෙන්සන් හොයාගෙන එනවා. තව ඒ ගම්මානය තුල රහ්ල් උණ වසංගතයක් පතුරවනවා. මෙයින් මිනිස්සු මියයනවා. රහ්ල් වසංගතයට ඖෂධ වෙනුවෙන් මිල නියම කරන්නෙ සීකර්ගෙ හිසට. ඉතින් බලමු ඕර්ඩන් පෙට්ටි දෙකට සහ ජෙන්සන්ට මොකද වෙන්නෙ? වසංගතයට පිලියමක් හොයන්න සීකර් අතුළු වීරයන්ට පුළුවන් වෙයිද? සීකර්ට හිස බේරගන්නත් සිද්ධවෙයිනෙ නේද? 😉
එහෙනම් ඉතින් 22 කොටසත් එක්ක ම්ම්ම්ම්.. 🙂 නැත්නම් ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතාමාලාවෙ අවසාන කොටසත් එක්ක ඉක්මණින්ම අපි ආයෙත් හමුවෙමු. සූදානම්ව ඉන්න එහෙනම් දුෂ්ට මායාවන්ට ක්‍රෑර පාලනයට එරෙහි වීර චාරිකාවේ පළමු අදියරෙ අවසානයට.
ඔබට ජය…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,017 downloadsDownload Legend-of-the-Seeker-S01E21.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
39 comments
shann
chamath cafe
ජය වේවා මාත් සබ් එක ගන්නවා
yasas
thanks lot
nipuna prasad
bohoma pin aka digata dena akata meyka :)
venura
ela wadak machanla
sds
niyama tv kathawak
was
එල මේ කොටසත් එනකම් අපි හිටියේ ජය!
ccnp
Thanks
vee
maxxa kalum
darshana
Thanks kolla.
Meka denakan balagena hitiye.
Ilaga ekath ikamanatama demu.........NCJD
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්.
lk
loweth na patta katahwak
dana
thanx sahoooooo
NTH
Thankz bro......
Nice job.....හර්ෂ ලහිරු
පට්ට කැලුම් සහො දෙන එක ඉවරයක් වෙන්නම දෙනවානේ
මේකේ සීසන් 2ත් දෙන්න අදහසක් එහෙම තියනවද? :Dකැලුම් රණවක
ඔහො සහෝ...අනිවාර්යයෙන්ම දෙනවා... :)
sarath
thanks kalum
සංජය
thanx saho...
දිල්ෂාන් කාලිංග
අම්මෝ...
දැන් අගේ කර කර නොවැ කැලුම් සහෝ මේක දෙන්නේ..
සෑහෙන්න දවස් බලන් ඉන්ට ඕනා එකක් ලැබෙනකම්.
කමක් නෑ කමක් නෑ.
වැඩ රාජකාරි එක්ක වෙන්න ඇති නොවැ කරන්නේ.
තව එකයි ඕන්.
ඒකත් දීලා දෙකට බහිමු නේ.කැලුම් රණවක
පලවෙනි සීසන් එක නම් ඉවර කරලා තියෙන්නෙ සහෝ...
ඔයාලට ඉක්මණින්ම ඉතිරි කොටසත් ලැබෙයි.. :)
me
Thanks
danushka
thanks machan,,,
Achintha sameera
කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.සීසන් 2ත් ඉක්මනටම පටන් ගන්න
කැලුම් රණවක
බයවෙන්න එපා..මඟ නවත්වන්නෙ නෑ..
ඒකත් දෙනවා සහෝ..
shani
thanks
nalaka
මෙන්න බඩු දීලා තෑන්ක්ස් කැලුම් සහෝ
Nuwan
පිං ! ඉලග එක කවද්ද දෙන්නේ අයියේ ?
කැලුම් රණවක
ඒකත් බාර දීලා තියෙන්නෙ..
ඉක්මණින්ම ලැබෙයි මල්ලි..
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
“චූටී මල්ලි”
එල එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය....................රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
හරි කොල්ලො.
තව ටිකායි.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!naveen
eka week ekakata sub 3k vithara daanna saho.thanxxx
dev
bohoma stuti saho.... .
darshana
Kawadda machan season2 denne. Ane ikmanta dennako plz.........
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kawshan98
thanx
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම පින් තව 1 යි