ඉතින් යාළුවනෙ ඔන්න අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළවෙනි කතා මාලාවෙ අවසානයට ඇවිදින්. 2013 අගෝස්තු 9 වෙනිදා හවස හතේ කණිසමට අසරණ පීඩිත වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් නැගී සිටින වීරයා රිචඩ් සයිපර් නැත්නම් සීකර් බයිස්කෝප් අඩවියට හා හපුරා කියලා ගොඩවැදුනෙ කෙයිලන් ඇම්නෙල් කියන පාපොච්චාරණය කරන්නියත් සෙඩිකස් සුල් සොරැන්…

ඉතින් යාළුවනෙ ඔන්න අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළවෙනි කතා මාලාවෙ අවසානයට ඇවිදින්. 2013 අගෝස්තු 9 වෙනිදා හවස හතේ කණිසමට අසරණ පීඩිත වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් නැගී සිටින වීරයා රිචඩ් සයිපර් නැත්නම් සීකර් බයිස්කෝප් අඩවියට හා හපුරා කියලා ගොඩවැදුනෙ කෙයිලන් ඇම්නෙල් කියන පාපොච්චාරණය කරන්නියත් සෙඩිකස් සුල් සොරැන්ඩර් කියන මායාකාරයත් එක්ක. ඉතින් පුරා මාස තුනක් ආසන්න වෙනතුරු අප හා රැඳුනු ඔවුන් යන්නයි මේ සූදානම. ඒත් සදහටම නම් නෙවෙයි. නැවතත් ඔබ සැම හමුවීමට එන බලාපොරොත්තුවෙන්.
ඉතින් අනිවැකියක් තුලින් බිහිවන සීකර් ගමනෙ අවසනානය තමා ඒ අනාවැකියෙන් කියවෙන පරිදි දුෂ්ට ක්‍රෑර පාලකයෙක් වන ඩාර්කන් රහ්ල් පරදවලා කෘර පාලනයෙන් ජනතාව බේරාගැනීම. ඉතින් මේ ගමන ලෙහෙසි පහසු ගමනක් වුනේ නෑ. හාර්ට්ලන්ඩ් වලදිම ඩහරානුවන්ට එරෙහිව සටන් කරමින් ආරම්භ වුන වීර ගවේශණය විටෙක ත්‍යාග දඩයම්කරුවන් බිහිසුනු මිත්‍යා සත්වයින් හා රුදුරු අඳුරු මායාවන්ට එරෙහිව වගේම මිත්‍ර වෙසින් එන පාවා දෙන්නන්ගෙනුත් ආරාක්ෂා වෙමින් ගෙනයන්න රිචඩ්, කෙයිලන් සහ සෙඩ්ට සිදුවුනා. විටෙක සතුරන් අතරින් මිතුරන්ද මිතුරන් අතරින් සතුරන්ද ඔවුන්ට නැති වුනේ නෑ. කිසිදා එක්වීමක් නොමැති රිචඩ්-කෙයිලන් ආදරය, තමන්ට ලැබෙන අවස්ථාවනුත් අනුන් වෙනුවෙන් කැප කෙරෙමින් ආත්මාර්ථකාමී නොවූ ආදරයක් මේ සියළුම සිදුවීම් අතරෙ රිදී රේඛාවක් වගේ කැපිලා පෙනුනා. එයටත් වඩා හැඟීම් වලට වඩා තම අරමුණට කැපවීමේ ගුණයත් අපට මේ තුන්දෙනා පෙන්වලා දුන්නා. තෝරාගැන්මකදි තමන්ගෙ කියන හැඟීම නොදැනෙන්න සෙඩ් එහෙම නැත්නම් රිචඩ්ගෙ සීයා හැමවෙලාවෙම ඔහුගෙන් නෑ කම පවා වසන් කරගෙන ඉන්න උත්සහ කලා. ඉතින් ඔන්න ඔය වගෙ විහිදිලා ගිය ලස්සන කතාමාලාවක පළමු අදියරෙ අවසානයයි මෙසේ සටහන් කරන්නෙ.
ගිය සතියෙ මතකනෙ, රිචඩ්ගෙ නංගි ජෙන්සන්ව අල්ලගන්න ඩාර්කන් රහ්ල්, සියල්ල අමතක වෙලා ඉන්න ඇයගෙ මොළය සෝදලා රිචඩ්ට එරෙහිව එවන හැටි. ඒත් ඩාර්කන් රහ්ල්ගෙ කූටෝපාය වැඩ කරන්නෙ නෑ. රිචඩ්ගෙ පැහැදිලි කිරීම් හමුවෙ ජෙන්සන්ට සියළු දේ මතක් වෙනවා. මායාමය ගිනි උණ වසංගතයට ඖෂධයත් ලැබෙන නිසා ගම්වැසියන් බේරගන්නත් හැකිවෙනවා වගේම ගම්වැසියන්ට උදව් කරන්න ගිහින් වසංගතයට ගොදුරු වන සෙඩ් සහ කෙයිලන්වත් සුව කරගන්නවා. ඉතින් සියල්ල වැරදුන තැන ඩාර්කන් රහ්ල් අවසන් සටනට සැරසෙනවා මෝඩ්-සිත් බලකායත් එක්ක.
ඉතින් අද සෙවණැලි ගණනය ග්‍රන්ථයෙ කියවෙන පරිදි ඕර්ඩන් බලය සහ පාපොච්චාරණය එකවිට සූදානම් කරනවා. ඒත් අවසන් මොහොතෙදි මෙතනට මෝඩ්-සිත් කඩා වදිනවා. මේ බලයන් දෙකට එයිජිල් බලය එකතු වීම තමයි එතනින් සිදුවන්නෙ. සෙඩ් මායා බලය මෝඩ් සිත්ට විරුද්ධව පාවිච්චි කරන්න උත්සහ කරනවා. දන්නවනෙ එහෙම වුනොත් ප්‍රතිඵලය.. අන්තිමට එතන මායාමය පිපිරීමක් සිදුවෙනවා. ඩාර්කන් රහ්ල් එතනට සේන්දු වෙද්දි පිපිරීමෙන් ….. ඉතින් කතාව රසවිඳින්න අවසන් කොටසත් ඒ අයුරින්ම ඔන්න මම ඉතුරු කලා. ඒක ඉතින් වෙනදා වගේම ඔයාලට. 🙂
තවත් දෙයක් කියන්න තියෙනවා. කොටස් 22 ක් කරනවා කියන්නෙ ලෙසි පහසු වැඩක්ද නැද්ද කියලා ඔයාලා දන්නවා. මම මේක කරන්න පටන් ගනිද්දිම විකිය සහෝ මතක් කලා ‘වැඩේ ලෙහෙසි නෑ සහෝ’ කියලා. ඉතින් කොහොමහරි අද අපි අවසානයට ඇවිදින් තියෙනවා. මේ වෙනුවෙන් මම මුලින්ම ස්තුති කරන්න ඕනි වෙබ් අඩවිය හා සම්බන්ධ වෙලා උපසිරැසි ලබා ගන්න ඔයාලට. පළවෙනි කොටසෙ ඉඳලා හැමකොටසක් සඳහම අදහස් එකතු කරපු ඔයාලට. මොකද, ඒ අදහස් නිසා තමා අපට ඉදිරියට යන්න පන්නරය ලැබෙන්නෙ. ඇත්තෙන්ම හදවතින්ම ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි! ඒ වගේම බයිස්කෝප් අඩවියෙ සංස්කාරක/පරිපාලක සහෝදරයින්ටත් මේ කතාමාලාව වෙබ් අඩවිය ඔස්සෙ ලබා දුන්නට වගේම කොටස් 22 ක් වෙනුවෙන් මා ගැන තැබූ විශ්වාසයටත් ස්තුතියි!
එහෙනම් කතාමාලාවෙ දෙවැනි අදියරත් සමඟ ඉක්මණින්ම දවසක ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔබට සැමදා ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,192 downloadsDownload Legend-of-the-Seeker-S01E22.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
86 comments
tharanga
mihin ලංකා
ජය වේවා!!!
quik
thanks
kalana
ela macho palamu wadey iwarayi :D
zumo man
elazzz thnxzzz
vee
maxxa saho
Ranjith
str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
ඩෙලා
මේක නියමයි.
හැබැයි මේක ගැන බයිස්කෝප් එකේ මීට කලින් කිව්වා..
ආ.. මේ තියෙන්නේ..
http://www.baiscopelk.com/?page_id=1863ඔන්න ඔයාගේ වීඩියෝ එකත් එතන දාලා දැන්.. ඒක මරු..
yasas
aniwa dan aka para s1 akama balanwa
Hasitha prasad
supiri saho digatama denna
namal
thanks
ccnp
Thanks
Achintha sameera
Thanks sab ekata mama eka wage
isuru
bohoma pin
shani
thanks.
digatama sub dunnata thank u very much......
season 2 amathaka nokara denna.dana
thanx saho mahansiyata....ikmanin 2 ekath denna..
හර්ෂ ලහිරු
නියමයි කැලුම් සහො :D
අපි වෙනුවෙන් කතා සෙට් එකම අතරමග
නතර කරන්නැතුව දුන්නු එකට බොහොම පිං
එහෙනම් දැන් 2ත් දෙන්නයි තියෙන්නෙ ජය ;)me
Thanks
danushka
ela machan ohoma sthuthi,,,
mahima
niyamaaaaaaaaaaaaaa anith tikatath denna
mn firstdaNuwna
Thankz patta ! Seson 2 tath sub denwda ?
කැලුම් රණවක
ඔව් දෙනවා යාළු
subash
ela ela niyamai season 2 ekath demuneda
“චූටී මල්ලි”
මේ වෙනුවෙන් වෙච්ච මහන්සිය අගය කරනවා සහෝ
ගොඩක් අය මේක රසවින්දා
සීසන් 2ත් ඉක්මන්ටම දෙමු
සබට තුති
ඔබට ජය.........සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ... දෙවන කතා මාලාවත් ඉක්මනටම දෙන්න ශක්තිය සහ කාලය වැඩි වැඩියෙන් ලැබේවා...
asanka
ජය වේවා සහෝ.... 2 වෙනි එකත් ඉක්මනට දාමු නේද
Thusitha
thanx thanx ildaga seson akath devi kiyala bala poroththuwen innawa.good luck.all the best saho............
nalaka
බොහොම ස්තූතියි සහෝ ඔබ අප වෙනුවෙන් කරන මේ මහගූ සේවයට
AMA
නියමයි කැලුම් සහො :D
අපි වෙනුවෙන් කතා සෙට් එකම අතරමග
නතර කරන්නැතුව දුන්නු එකට බොහොම පිං
එහෙනම් දැන් 2ත් දෙන්නයි තියෙන්නෙ ජය ;)dilan
thanks
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
isanka.dilshan
ඉවරවෙනකම් සබ් දුන්නට බෝහෝම ස්තුති ඔබට ජයෙන් ජය
mudiya / මුදියා
නියමයි නියමයි කැලුමෝ.
කොච්චර ආසාවෙන්ද හිටියෙ මේක බලන්න.
කොටස් ටිකත් හරි.
සබ් ටිකත් හරි.
දැන් ඉතිං දෙයියනේ කියල බලන්න පටන් ගන්නවා.
සීසන් 2ත් ඉක්මනට ඕනි හොඳේ.
අපි හැමෝගෙම විශ්වාසය රැකලා මේ කරපු වැඩේට පිං හොඳේ.
තවත් එකක්.
හොඳ හොඳ ෆීල්ම් ටිකකුත් ඔය අස්සෙම දීපං මචෝ.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!darshana
Elaz... dan season1 balnna puluwan.. thanks...
dimuthu123
api 2th ban inne saho sub tika ikmanata denna ko bala n innawa ethakan
das
elzzz
ක්‍රිෂාන් දේවක
Thanks for Giving a nice story
Ishara
season 1 iwra una kiyala dnneth na....season 2k ikmnta denna
NCJD
ඇත්තටම කොහොමවත් බලාපොරොත්තු වුනේ නැහැ මේකට සිංහල උපසිරැසි ලැබේවි කියල. කතාවේ නියම ලස්සන දකින්න පුළුවන් වුනේ සිංහල උපසිරසත් එක්ක බව නොකියම බැහැ. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වෙනුවෙන්.
කැලුම් රණවක
හැමදාම දිරිමත් කරමින් මා එක්ක උන්න ඔයාලා
හැමෝටම ආයෙමත් ස්තුති කරනවා යාළුවනෙ.
දෙවැනි කතාමාලාව ඉක්මණින්ම අරගෙන එනවා,
දැනට එකේ උපසිරැසි නිර්මාණය කෙරෙනවා.
ඉක්මණින්ම ඔයාලට කොටසින් කොටස ලැබේවි දිගටම.. :)Download Manager
Obage mahansiya agaya karanawa Bro
Obata samadaa jaya
Keep it up!!!
Buddika
Thanx... Bro...
naveen
meka denakan balagena hitiye macho.thankxxx.
s2 denna patan ganna saho.elaදිල්ෂාන් කාලිංග
කතාව අවසාන වෙනකම් රැඳී උන්නු රසිකයෙක් විදියට පට්ටම සතුටුයි සහෝ...
නියමයි.
සුබ පතන්න තමයි ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ.
දෙවැනි එකත් ඉක්මනට අරගෙන ඒමට සහ ඉවර කිරීමට ලැබේවා!!Lakmal
එල මචං තැන්ක්ස් සහෝ සුපිරි කතාව මචං Season 2ත් බලන්න ආසාවෙන් ඉන්නේ
herry
නියමයි පළමුවෙනි කතා මාලාව ඉවර නේ 2 ත් දෙමු
Gayashan
ගොඩක් ස්තූතියි.. 2 එකත් දෙන්න.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
pavith
thankz.........sub walata...........season 2th ikamanata danna.......
Download Manager
2nd season ekatath sub demu ne!! ;-)
thanks bro
obata jayaලහිරු චානක
බොහෝම ස්තුතියි කැලුම් සහෝ
සීසන් 2 එකටත් සබ් දෙමු
ජය!!! :)pavith
season 2 ikmanatama damu neda............!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි පළමුවෙනි කතා මාලාව ඉවර නේ 2 ත් දෙමු