Watch Trailer

Legion [S02 : E05] Sinhala Subtitles | මිතුරිය සහ සොයුරිය [සිංහල උපසිරැසි සමඟ]

පාරුවේ පුවක් මත සයිකෝ සිරිස් එකේ එපියක් කරන්න සිද්දවුණා ඔන්න. කො යකෝ ලොස්ට් ඉන් ස්පේස් කියල අහන්න එපා ඒකත් අද හෙටම දෙනවා. එහෙනම් මතක ඇතිනේ මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුව කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්…

පාරුවේ පුවක් මත සයිකෝ සිරිස් එකේ එපියක් කරන්න සිද්දවුණා ඔන්න. කො යකෝ ලොස්ට් ඉන් ස්පේස් කියල අහන්න එපා ඒකත් අද හෙටම දෙනවා. එහෙනම් මතක ඇතිනේ මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුව කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබුනා ඩේවිඩ් තමයි මේ භික්ෂුවන් දෙදෙනාගේම ඉලක්කය කියලා. ඒ විතරක් නෙවෙයි ඩේව්ඩ් තමයි මේ වෛරසයට ප්‍රතිකාරයත් කියල. මොකද එයාට පුලුවන් කමක් තියෙනවා වෛසරය වැළදුණු කෙනෙක්ගේ මනස තුල ඔහු ජිවත් වුණ කාලයට ගිහින් ඩේවිඩ්ගේ බලය පාවිච්චි කරලා වෛරසය වැළදුණු අයව සුව කරන්න. ඒ වගේම සිඩ් පොඩි කාලේ කරපු වැඩක් ගැනත් දැනගන්න ලැබුන නොව. ඉතිං ඔය දේවල් වෙන අතරවාරයේ කතාවේ අන්තිමටම ලෙනි එනවා සැබෑ ලෝකයට. මේ වෙනකම් ෆරුක්ගේ හිරකාරයෙක් විදියට හිටිය ලෙනි එක පාරටම මෙහෙම ආවේ කොහොමද කියල දැන් හැමෝටම ප්‍රශ්නයක්. ඉතිං අපි මේ දන්න කියන ඩේවිඩ් කියන්නේ එක්ස් මෙන්ලාගෙන් අපි හොඳට දන්න කියන චාල්ස් එක්සේවියර්ගේ පුතණ්ඩියා. මේ වෙනකොට සිද්දවෙලා තියෙන ෆොක්ස් ගනුදෙනුව නිසාවෙන් වැඩි යමක් ගැන බලාපොරොත්තු තියාගන්න බැරිකමකුත් නැහැ ඉතිං අපිට. ඒ වගේම අද කට්ටිය ඩේවිඩ්ගේ අක්ක ගැන පොඩ්ඩක් සිහියට නගාගන්න කතාව බලන්න කලින්.

ඉතිං අද මේ හමුව ඒ හැටි ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ. මොකද හැමෝම ලෙනිව සැක කරනවා. මේ විදියට ලේසියෙන් ෆරුක්ගෙන් බේරිලා ආව විදිය ගැන. ඉතිං මේ නැවත පැමිණීම ගැන තමයි අද කට්ටිය හොයන්නේ. ඉතිං කියන්න ඕනා මම මේ සීසන් එකේ දැකපු පට්ටම එපිය තමයි මේක. මේක ඇවිල්ල මේ සීසන් එකේ ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඒ වගේම කියන්න කැමතියි මේකේ තියෙන මේ මනස්ගාත ක්‍රමයට සැහෙන කැමතියි. ඔහේ නිකම්ම කතාවක් බලන්නම් වාලේ නොබලා කියන හැම දෙබසක්ම හෙමින් සැරේ හිතන ගමන් ඒ මොහොතේ මේ කතාංගයෙ වාදනය වෙන සංගීතයත් එක්ක තමන්ගේ මනෝමය කතාවත් එක්ක සම්බන්ධ කරවාගෙන කතාවට සම වැදිලා බලන්න හැකි කතාවක් මේක. මේ කතා හදන්න මනෝ විශේෂඥයින් රැසකගේ සේවය දැනුම මතය ලබාගෙන තියෙනව ඉතිං ඒ විදියට තමා අද මේ අරගෙන එන කතාංගයට imdb 9.0 අගයක් ලැබිලා තියෙන්නේ ලිපිය ලියන මේ  මොහොතේ. එහෙමනම් ඉතිං ඔන්න මාවල්ස් ලිජන් 13 වැනි පරිච්ජේදය ඔබට බාරයි! ඒ වගේම කතාව ගැන තව ඉගෙනගන්න දැනගන්න ඕන අය ඉන්නවනම් මෙතනින් ගිහින් දැනගන්න පුළුවන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,749 downloadsDownload Legion-02x05-Chapter-13.-050520181421.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,749 downloadsDownload Subtitles20 KB

15 comments

  1. dsdkavishka

    Thenks sub ekata, arakath ikmanata denna

  2. tharindu gunarathna

    thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. ranga11112

    උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පිස්සු හැදෙන කතාවක්....

  6. V.T.Piyumal

    Thanks bro sub akata,ilaga akath ikamanata denna.!jaya weewa!!!

  7. avishka_shamil

    thanks bro

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Kasun A.

    sabata thuthi shan saho.jaya!

  11. Udara Damith Dissanayaka

    එල
    මා
    රු හිහි

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!